බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු
කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,
ආචාර්ය චන්දන ජයරත්න
අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?
එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.
විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.
තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.
එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?
මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.
බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි.
එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.
මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි.
ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.
මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.
ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?
මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.