බුදුන් වහන්සේ මස්‌ මාංශ අනුභවය අනුමත කළෝ&#3503

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    ඔබගේ ශිලවන්ත බව අහාර මත තීරණය නොවේ,
    සරල උදහරණයක්....
    ඔබ භාවනා කරන කෙනෙක්.. ඔබ හිතනවානම් මස් මාංශ ගැනීමට මගේ භාවනාවට බාධාවක් බව එසේනම් මස් මාංශ ගැනීම නවත්වන්න.
    මස් මාංශ ගැනීම ඔබට ඔබගේ භාවනාවට බධාවක් නොවේ කියා හැගෙනාවන් මස් මාංශ ගැනීම ගැන වැඩ නොවන්න

    නමුත් මස් මාංශ ගැනීම ගිජු නොවන්න. ඔබේ ආහාරයට මස් මාංශ ලැබුනද. එළවලු පමණක් ලැබුනද එහි වෙනසක් නොදකින්න. (මස් මාංශ ඇති විට සතුටක්ද එළවලු පමණක් ලැබුණු විට දුකක්ද ඇති නොකරගන්න)

    තමන්ගේ ආහාරය සදහා කිසිවිටක සතුන් නොමරන්න.(ගැටළු සහිතයි නේද...හොදින් කල්පනා කරන්න)
    කොහොම වෙතත් මස් මාංශ නොගෙන ඉන්න පුලුවන්නම් හොදයි ......
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha

    තමන්ගේ ආහාරය සදහා කිසිවිටක සතුන් නොමරන්න.(ගැටළු සහිතයි නේද...හොදින් කල්පනා කරන්න)
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ.. කීපරක් කියන්නද. :dull:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ.. කීපරක් කියන්නද. :dull:

    මස් මාලු නොකන්න හිත හදාගන්න බැරි අයට වටිනා හදාගත්ත තියරියක්...:dull:


     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් gymamal,

    එමෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී මස්‌ මාංශ අනුභවය හේතු කොට ගෙන මිනිස්‌ හදවත තුළ ඇති මහා කරුණා නමැති බීජය සම්පූර්ණයෙන්ම නැති වන්නේ යනුවෙන් දේශනා කර තිබියදී, වර්තමානයේ ඇතැම් සුළුතරයක්‌ වූ අධර්මවාදි ගිහි පැවිදි පිරිස්‌ මස්‌ මාංශ අනුභවය අනුමත කරන්නේ කෙසේද?


    ඇත්තටම මහාපරිනිබ්බාන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp2/126 ] ඉහත සඳහන් "මස්‌ මාංශ අනුභවය හේතු කොට ගෙන මිනිස්‌ හදවත තුළ ඇති මහා කරුණා නමැති බීජය සම්පූර්ණයෙන්ම නැති වන්නේ" ලෙස බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවාද? සූත්‍රය නම් දිගයි. නමුත් මට සිහි වෙන්නේ නැහැ එහෙම දෙයක් පවසා ඇති බවක්. සමහරක් විට මට එම කරුණ මගහැරුනාදැයි සැකයක්, විමතියක් තියෙනවා.

    මෙම කරුණ මහාපරිනිබ්බාන සූත්‍රයේ කවර තැනක ඇත්දැයි දක්වන්න පුළුවන්ද? එසේ ඇත්නම් බුදුරජානන් වහන්සේ කවර අවස්ථාවක කවර වස්තුවක් අරභයා මෙසේ පවසා ඇත්තැයි විමසා බලන්න මම කැමතියී.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනුමත නොකලා නම් බුදුන් වහන්සේ වලඳයිද?
    එසේ නම් දෙව්දත් තෙරනුවන්ගේ ඉල්ලීමට ඉඩ දෙන්න තිබුනානේ ප්‍රතික්ශේප නොකර.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20334957 said:
    අනුමත නොකලා නම් බුදුන් වහන්සේ වලඳයිද?
    එසේ නම් දෙව්දත් තෙරනුවන්ගේ ඉල්ලීමට ඉඩ දෙන්න තිබුනානේ ප්‍රතික්ශේප නොකර.

    බුදුරජානන් වහන්සේ කවදාවත් මස් මාන්ශ වැලඳුවෙත් නෑ.ඊට අනුබල දුන්නෙත් නෑ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අවිහින්සා වාදය ඉතාම අගය කල යුතු දෙයක්. නමුත් බෞද්දයා මිත්යා දෘශ්ටි වල එල්ලන්න හදන්න ඒපා. කෑම වල නිවන නෑ .දැන් එහෙම කිව්වෙ කඩෙන් මස් ගාත් පිටින් ගිලපල්ලා කියල නෙමෙයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බුදුරජානන් වහන්සේ කවදාවත් මස් මාන්ශ වැලඳුවෙත් නෑ.ඊට අනුබල දුන්නෙත් නෑ.


    දන්න බම්බුවකුත් නැහැ, රටම සෝවාන් කරන්න කතාව!


    2. ආමගන්ධ සූත්‍රය


    “බඩහමු, රත්තණ, හීංමුං කොළ වර්ග, අල මුල්, ගස් වැල්වල ගෙඩි, දැහැමින් ලද දෙය යන මෙතෙක් දේ ශාන්තවූ ආර්යයෝ වළඳන්නාහ. කැමති දේ ප්‍රාර්ථනා කරන්නෝ බොරු නොකියත්.
    “යහපත්කොට කරණ ලද්දාවූ මනාකොට නිම කරණ ලද්දාවූ, අනුන් විසින් දෙන ලද්දාවූ, ආදරයෙන් එළවන ලද්දාවූ, ප්‍රණීතවූ යම්කිසි මසක් ඇද්ද, එය අනුභව කරන්නාවූ එසේම ඇල් සාලේ බත අනුභව කරන්නාවූ කාශ්‍යප ගොත්‍ර ඇති සර්වඥය. නුඹවහන්සේ මත්ස්‍ය මාංශය යයි සලකන ආමගන්ධය (කුණප ගන්ධ) අනුභව කරණ සේක්ද?”
    බ්‍රහ්ම බන්ධු නම් ගෞතමයන් වහන්ස, මොනවට ඉදිකරණ ලද්දාවූ පක්ෂි මාංශයෙන් යුක්තවූ ඇල්සාලේ බත වළඳන්නාවූ නුඹවහන්සේ ආම ගන්ධය මට නොකැපයයි මෙසේ කියන්නාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ආම ගන්ධය කෙසේවූ විශෙෂයක් ඇත්තේදැයි” විචාළේය.
    “ප්‍රාණඝාතයද තැලීම, කැපීම, බැඳීම යන මෙයද, සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති අවැඩට හෙතු පොත් කියවීමද, අනුන් අයත් අඹුවන් කරා යාමද, යන මේ ආම ගන්ධ නම්වේ. ත්‍රිකොටික පරිශුද්ධ මාංශය හා භොජනය ආමගන්ධ නොවේ.
    මේ ලෝකයෙහි යම්කිසි පෘථග්ජන කෙනෙක් කාමයන්හි සංවර නැත්තෝද, රසයන්හි ගිජුවූවාහුද, අපවිත්‍ර භාවයෙන් මිශ්‍රද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, විෂමයෝද, කරුණු කියාවත් නොදැක්විය හැක්කාහුද, මේ තෙම ආමගන්ධ නම් වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.
    “යම් පෘථග්ජන කෙනෙක් රජවූවෝද, කුලෑටියෝද, පිට මස් කන්නවුන් වැන්නෝද, මිත්‍ර ද්‍රොහියෝද, කරුණා නැත්තෝද, අධික මාන ඇත්තෝද, නොදෙන සුල්ලෝද, කිසිවෙක් හට ඉල්වන ලදුවත් නොදේද, මේ ආමගන්ධ නම් වේ. මස් මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.
    “ක්‍රොධයද, ජාතිමදාදි මදයද, දැඩිකමද, පසමිතුරුව සිටීමද, මායාවද, ඊර්ෂ්‍යාවද, තමා උසස් කරණ කථා ඇතිබවද, මානය හා අතිමානයද, අසත් පුරුෂයන් හා මිත්‍රත්වයද, යන මෙය ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.
    “මේ ලොකයෙහි යම් පෘථග්ජන කෙනෙක් ලාමක ආචාර ඇත්තෝද, ණය ගෙන නොදෙන්නෝද, කේළාම් කියන්නෝද, අල්ලස් ගෙන නඩු අනඩු කරන්නෝද, අධර්මය කරමින් ධර්මයෙහි හැසිරෙන්නේයයි අඟවන්නෝද, මේ ලොකයෙහි යම් අධම ලාමක සත්ව කෙනෙක් පව් කෙරෙත්ද, මෙතෙම ආමගන්ධය වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.
    “මේ ලොකයෙහි යම් ජනකෙනෙක් සතුන් කෙරෙහි අසංයත වූවාහුද, අනුන්ගේ ධනය හෝ ජීවිත ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරෙත්ද, අන් සතුන්ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරේද, දුරාචාර හා රෞද්‍ර ක්‍රියා ඇත්තාහුද, රළු තෙපුල් ඇත්තාහුද, ආදරයක් නැත්තාහුද මේතෙමේ ආමගන්ධ හෙවත් කුණප ගන්ධ නම්වේ. මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.
    “මේ ප්‍රාණීන් කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙත්ද, ද්වෙෂයෙන් විරුද්ධයෝ වෙත්ද, නුවණින් සැලකීමක් නැතුව යෙදුනාහුද, ඒ සත්වයෝ මේ ලොවින් පරලොවට ගොස් අඳුරට පැමිණෙත්. යට හිස් ඇතිව අවීචි ආදී නිරයට වැටීම් වශයෙන් පැමිණෙත්. මේතෙමේ ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.
    “දුරුනොවූ සැකය ඇති සත්වයා මත්ස්‍ය මාංශයන්ගේ නොකෑම හෝ නොකෙරෙයි. වස්ත්‍ර නොහැඳ කරණ තපසද ශුද්ධ නොකරන්නේය. මුඩු කළ පමණින්ම කරණ තපස්ද දළ මඬුළු හා දූවිලි දැලි දරා කරණ තපස්ද, කුර සහිත අඳුම් දිවිසම් දරා කරණ තපස්ද, ශුද්ධ නොකරයි. ගිනි පිදීම් වශයෙන් සෙවනය කිරීමද, ශුද්ධ නොකරයි. නැවත මේ ලොකයෙහි දිව්‍ය භාවය පතා කරන්නාවූ බොහෝවූ ශරීර තාපයෙන් කරණ තපස්ද ත්‍රි වෙදයද, ගින්නෙහි හොම කිරීමද, අශ්වමෙධාදි යාගද, ඍතු සේවනයද යන මෙකී කරුණු ශුද්ධ නොකෙරෙත්.
    ඉන්ද්‍රිය සය වසන ලද්දේ, ඉන්ද්‍රිය සය දන්නා ලද්දේ වෙත්ද, ධර්මයෙහි පිහිටියේද, ඍජු බැව්හි හා මොළොක් බැව්හි ඇලුනේවේද, රාග ද්වෙෂ සංවෙගයන් ඉක්ම ගියාවූ සියලු ශොක දුක් ප්‍රහාණය කළාවූ නුවණැති පුද්ගලතෙම දැකි ඇසූ ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලේයයි” වදාළසේක.
    “උක්ත ප්‍රකාරවූ මේ අර්ථය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවත නැවත විස්තර කොට වදාළසේක. ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ තෘෂ්ණා දෘෂ්ටීන් නික්මුණාවූ බාහ්‍ය දෘෂ්ටි වශයෙන් මේ ශ්‍රෙෂ්ඨයයි කිසිවකු විසින් නො පැමිණ විය හැකිවූ බුද්ධ මුනිතෙම විසිතුරු ගාථාවෙන් ප්‍රකාශ කොට වදාළසේක. ඒ විසිතුරු දෙශනාව වෙදත්‍රයෙහි පරතෙරට පැමිණි හෙයින් මන්තපාරගු නම් වූ ඒ බ්‍රාහ්මණතෙම අවබොධ කෙළේයි.
    “ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ සියලු දුක් නසන්නාවූ සුභාෂිය නම්වූ ධර්ම දෙශනාව අසා, යටත්වූ සිත් ඇති ඒ තිස්ස නම් බමුණුතෙම බුදුන්ගේ පා යුවල පසඟ පිහිටුවා වැන්දේය. එම අස්නෙහිම හුන් කසුප් බුදුන්ගෙන් ප්‍රව්‍රජ්‍යාව කැමතිව ආරාධනා කළේයි.”
    ආමගන්ධසුත්තං දුතියං නිට්ඨිතං.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ජිංතක ජිල්ලබකිට;20337644 said:
    2. ආමගන්ධ සූත්‍රය
    මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.

    :yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපි ම්ස් නොකන සුද්දවන්ත්යො යැයි කියන්නො එදාඅ දෙව්දත් තෙර කල ක්‍රියාවම කරන්නොය. මොඩ ගිහියන් උලාකොට ලාභ ලැබීමෙ කූට උපාය ඇත්තොය. මන්ස අනුභවය අකැපය, දර්මය නම් නිර්මාන්සී විමයි කියන්නො අගතී ගාමි දෘශ්ටියක් කර පින්නාහ්ගෙන ඉන්නහුය.