බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීම හා නෙස්ටෝ
ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක් සත්ත්වයන්ට ද මනස් ඇත. මේ පිළිබඳව මෙරට සිටින පුහු චණ්‌ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක් දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳව දරන ස්‌ථාවරය ද මෙතෙක් නිරවුල් ව කියා නොමැත. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදු වන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන් ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳව යම් සන්නිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සන්නිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳව සන්නිවේදනයක නිරත වන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල කිනම් ස්‌ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්‌තර මහතා ඇතුළු ඒ පිළිබඳව උනන්දුවක් දක්‌වන බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට අප කියා සිටින්නේ ආසනික් ප්‍රශ්නය පිළිබඳව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස් ලොව සැරිසරන බවත් ය.
බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් නො දැන සිටිය ද ප්‍රාණීන් ගේ ලෝකයකට හා අප්‍රාණ ජෛවීන් ගේ ලෝකයකට බටහිර විද්‍යාඥයන් විසින් ජෛවීන් ලෙස හැඳින්වෙන්නවුන් ගේ ලෝකය බෙදිය හැකි බව බෞද්ධයෝ දනිති. මේ ප්‍රාණීහු සසර සැරසරති. ඔවුන්ට මනස් වෙයි. මනස් තිබීමට මොළය හා කොඳු ඇට පේළිය වැනි අවයව තිබීම අනිවාර්ය නො වේ. පණුවන්ට ද මනස් ඇත. තිරිසන් සත්තු අපා දෙපා සිවුපා බහුපා ලෙස වර්ග කරනු ලැබෙති. බටහිර විද්‍යාඥයෝ ඒ සතුන්ට මනස් ඇති බව විශ්වාස නො කළ ද ඒ සතුන් ඇති බව විශ්වාස කරති. ඒ ඔවුන්ට මිනිසුන් මෙන් ම තිරිසන් සතුන් ද පෙනෙන බැවිනි. ඒ සත්ත්වයන් මිනිසුන් ගේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන බැවින් ඒ සතුන් ගේ පැවැත්ම බටහිර විද්‍යාඥයන්ට, පශු වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නො වේ.
එහෙත් ප්‍රශ්නය වනුයේ දෙවිවරුන් වැනි නො පෙනෙන සත්ත්වයන් ගේ පැවැත්ම ය. බටහිර විද්‍යාඥයන් ගෙන් අති විශාල බහුතරය දෙවිවරුන් ගේ පැවැත්ම විශ්වාස නො කරන්නේ එවැනි සත්ත්වයන් නොමැති බව ඔවුන් ගේ ඊනියා පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බැවින් ද? නැති දෙයක් නැති බව ඔප්පු කිරීමට පර්යේෂණ කිරීමට අවශ්‍ය ඇයි දැයි යමකු ප්‍රශ්න කරනු ඇත. කළ යුත්තේ ඇති බව ඔප්පු කිරීම නො වේ දැයි එවැන්නකු තවදුරටත් කියනු ඇත. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සමඟ ද ගැටගැසෙයි. එහෙත් අද ඒ ගැන ශිෂ්ට යෑයි සම්මත සමාජයේ සාකච්ජා නො කෙරෙයි.
දෙවියන් වහන්සේ නමින් හැඳින්වෙන, ලෝකය නිර්මාණය කළා යෑයි කියන අයකු ඇත් ද නැත් ද යන වග අප දැනගන්නේ කෙසේ ද? මේ දෙවියන් වහන්සේ ගැන ආබ්‍රහමික ආගම් ලෙස හැඳින්වෙන යුදෙව්, කතෝලික, ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් යන ප්‍රධාන ආගම්වල විවිධ නම්වලින් සඳහන් වෙයි. එවැනි දෙවියන් වහන්සේ කෙනකු නැතැයි කීම යම් ආගමකට කරන අපහාසයක් යෑයි කියන්නෝ වෙති. ඒ අතර තවත් අයට අනුව එසේ පැවසීම අන්‍ය ආගම් ඉවසීමට එරෙහි ව යන්නකි. මේ අතර හින්දු භක්‌තිකයෝ ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මන් කෙනකු ගැන විශ්වාස කරති. බ්‍රහ්මන් නැතැයි කීම ද ආගමික සහජීවනයට එල්ල කරන පහරක් යෑයි කියන්නෝ ද වෙති.
එහෙත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුන් ගේ පැවැත්ම ගැන තම තමන්ට කැමැති දෙයක් කීමේ නිදහස මෙරට ඕනෑ ම අයකුට ඇත. ඒ දෙවිවරුන් නැතැයි කීමේ දී ආගමික සහජීවනයට, අන්‍ය ආගමික මත ඉවසීම ආදී සම්මතයන්ට කුමක් සිදු වන්නේ දැයි ප්‍රශ්න කරන කිසිවකු නැත. එහි දී ඊනියා යථාර්ථවාදී බෞද්ධයන් ගේ සහාය ඔවුන්ට ලැබෙයි. මේ යථාර්ථවාදී බෞද්ධයෝ බොහෝ විට බටහිර විද්‍යාව කටගා ගත්තෝ වෙති. මේ ඇතැමුන්ට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නැත. ඔවුන් එසේ කියන්නේ බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට සාක්‍ෂි නැතැයි කියමිනි. මේ සාක්‍ෂි අන් කිසිවක් නො ව එකල, එනම් බුදුන් වහන්සේ වැඩි සමයෙහි ලි�ත සාක්‍ෂි ය. පසු කලෙක ලියූ ලේඛන ඔවුහු නො පිළිගනිති. තවත් සමහර යථාර්ථවාදී බෞද්ධයනට අනුව පුනරුත්පත්තියක් නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මේ ගණයට අයත් වෙති. ඒ පුනරුත්පත්තිය බටහිර විද්‍යාවට අනුව පෙන්විය නො හැකි නිසා ය. පුනරුත්පත්තිය නැත හොත් පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නො වේ ය යන්න එසේත් නැත්නම් ඒ සඳහා ආනුභවික පදනමක් නැත යන්න මේ යථාර්ථවාදී බෞද්ධයන් ගේ මතය වෙයි.
බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීම හා නෙස්‌ටෝරියන් කුරුසය
පැටළුණු අංශු පිළිබඳ තවත් බොහෝ දේ කීමට ඇතත් අපි එය පසුවට කල් දමමු. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෘශ්‍යමානය සත්‍ය ද අසත්‍ය ද යන්නත් අදෘශ්‍යමානය නිසැකයෙන් ම අසත්‍ය ද යන්නත් දැනගැනීම ය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති යන බෞද්ධ නො වන සම්ප්‍රදායක ලියෑවුණු වාක්‍යයක් වැලිකඩ සිරගෙදර තාප්පවල ප්‍රදර්ශනය කෙරෙන අයුරු ඔබ ඇතැම් විට දැක ඇත. ඒ වැකිය බෞද්ධ සම්ප්‍රදායට අයත් නො වුණත්, අප තේරුම් ගත යුතු කරුණ නම් සිරකරුවන් ද මනුෂ්‍ය ප්‍රජාවට අයත් වන බව ය. මිනිස්‌සු ද සත්ත්ව ගණයකට අයත් වෙති. මිනිසුන් පමණක් නො ව තිරිසන් සත්තු ද සත්ත්ව ගණයට අයත් වෙති. මිනිසුන් හැරෙන්නට අනෙක් සත්ත්වයන් ගේ මනස පිළිබඳව බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට ප්‍රශ්න ඇත. ඔවුන් අති විශාල බහුතරයකට අනුව අනෙක් සතුන්ට මනස් නැත.ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක් සත්ත්වයන්ට ද මනස් ඇත. මේ පිළිබඳව මෙරට සිටින පුහු චණ්‌ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක් දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳව දරන ස්‌ථාවරය ද මෙතෙක් නිරවුල් ව කියා නොමැත. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදු වන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන් ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳව යම් සන්නිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සන්නිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳව සන්නිවේදනයක නිරත වන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල කිනම් ස්‌ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්‌තර මහතා ඇතුළු ඒ පිළිබඳව උනන්දුවක් දක්‌වන බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට අප කියා සිටින්නේ ආසනික් ප්‍රශ්නය පිළිබඳව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස් ලොව සැරිසරන බවත් ය.