බුදුන් වැඳ කසපහර කෑ, තුන්ගසිරි දිවයිනට
සෞදි අරාබියේ නිවසක සේවය ගොස් බුදුන් වැදීමේ වරදට කස පහර 200 ක දඩුවමක් විඳ යලි ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළ පුද්ගලයෙකු ඊයේ (01) යලි දිවයිනට පැමිණියේය.
අම්පාර - පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි තුන්ගසිරි පේ‍්‍රමනාත් පෙරේරා නමැති ඔහු මීට වසර 4 කට පෙර සෞදි අරාබියට ගොස් ඇත්තේ, රියදුරු රැකියාව සඳහාය.
ඔහු සේවය කල නිවසේ ඔහුට අයත් කාමරයේ ඔහු බුදු පිළිමයක් තබාගෙන වැඳුම් පිදුම් කර තිබුණි.තමන් සෑම දිනකම බුදුන් වැඳීම සිදුනු දුටු නිවෙස් හිමියන්, තමා මන්ත‍්‍ර ජපකරන්නෙකු බවට එරට පොලිසිය වෙත පැමිණිලි කළ බව ඔහු පැවසිය.
ඒ අනුව, අත්අඩංගුවට පත්වී කස පහර 200 ක දඩුවමක් සහ වසරක සිරදඬුවමක් ලබා ඊයේ අලූයම කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.
කෙසේ වෙතත් ඔහු සේවය කල නිවසේ ස්වාමියා ඔහුට පවසා ඇත්තේ ඔහු අන්‍යාගමිකයෙක් බේරාගැනීමේ වරදට සමජයෙන් කොන්විය හැකි බවයි. එහෙත් ප්‍රේමනාත් පවසන්නේ සැබැවින්ම ඔහු තමා බේරාගැනීමට උන්නදුවූවාද නොදන්නා බවයි.

, katha karala wedak ne machan owa... shik...