ඕක ප්රාතිහාර්යක් නෙමෙය්. බුදු පිලිමෙ හැඩය සහ පලල නිසා රල පහරෙන් වැඩි බලපෑමක් වෙන්නෙ නැහැ. මොන පිලිමයක් උනත් ඔය විදියට හැදුවොත් ඕකම තමය් වෙන්නෙ. කනගාටුව බෞද්ධයන් මේ වගේ දේවල් ගැන මිත්යාදෘශ්ටික විෂ්වාස ඇති කරගෙන බුදු දහමටත් අපහස කරන එක. බුදු දහම කියන්නෙ ප්රාතිහාර්ය මත්තෙ නැහෙන ධර්මයක් නෙමෙය්. බුදු පිලිමයක් හෝ වෙනත් ආගමක පිලිමයක් කියන්නෙ නිකන්ම නිකන් මැටි ගොඩක් මිසක් ඒවට ඇති බලයක් නැහැ. මිනිස්සු පිලිම හදන්නෙ තමන්ගෙ ආගමික නායකව සිහිකරන්න ලේසි වෙන්න. අපිට මතකය්නෙ කාලයක් බුදු රැස් විහිදෙනව කියල කට බලියගෙන බුදු පිලිම දිහා බලන් හිටිය හැටි. බුදු දහම මේ වගේ මෝඩ මිනිස්සුන්ට නම් කීයටවත් ගැලපෙන්නෙ නැහැ