බුදුපිළිම සහ නිගරුව
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටි අවදියේ, වරක් ආනන්ද තෙරුන් ප්‍රශ්නයක් නැගුවේය.
බුදුරජාණන්වහන්ස ඔබවහන්සේ ළඟ නොසිටනවිට හෝ ඔබවහන්සේ නොමැතිවිට භික්ෂුන්ට සහ උපාසක උපාසිකාවන්ට වන්දනාමාන කරන්නට උවමනාවිට කුමක් කලයුතුද යන්න?
බුදුන් පැවසුවේ, ආනන්ද මාහට පිටදුන්, බුදුවීමට සේවනදුන්, උපකාරීවූ බෝධින්වහන්සේට වන්දනා කරන්න යනුවෙනි.
ආනන්ද තෙරුන් බෝරුකක් පන්සලේ ස්ථාපනය කරනුයේ ඉන් පසුවය.
තවත් අවස්තාවක, අප හොඳින් දන්නා තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන්ට, වන්දනා කරන්නට දුන් කේෂා ධාතුන් කෙසේ තැන්පත් කොට වන්දනා කරන්නද ඇසුවිට. කොටු කැබැල්ලක් ගෙන, තමන්වහන්සේගේ පාත්‍රය මුනින් හරවා, කොටුව මුදුනේ තබා මෙවැනි ස්ථුපයක් කරවන්න එහි තැන්පත් කරන්න යනුවෙන් පවසා වදාරුවසේක.
කිසිම අවස්ථාවක, තමන් වහන්සේගේ පිළිමයක් කරවා වන්දනාමාන කරන්නයි පවසා වදාරා නැත.
ඉන්දියාවේ, ශාක්‍ය කුලයට ඉපිද, ලොවම බැතියෙන් නැහැවූ උන්වහන්සේ ලොව බහුතරයක් බෞද්ධ ජනයාගේ වැදුම් පිදුම් ගරු බුහුමන් ලබන සේක.
චීනය, චීන පුද්ගලයකුගේ හැඩරුවට බුදුපිළිම නෙළයි.
බුරුමයේ, බුරුම ජාතික සම්බවයක් සහිත පුද්ගලයෙක් සේ පිළිමවහන්සේ නෙළයි
තායිලන්තයේ, එම ජාතිකයෙකු සතු හැඩරුවින් පිළිමවහන්සේ නෙළයි
ලංකාවේ, ලංකාවේ පුද්ගලයෙකුගේ හුරුවට පිළිමවහන්සේ නෙළයි
මෙකි, නොකී විවිද ආකාරයට පිළිම වහන්සේලා ලොවපුරා වියාප්තව ඇත.
මෙය නිගරුවක් හැටියට මා දකිමි.
ලංකාවේ, සෑම, ඕන එපා හැමතැනකම පිළිමවහන්සේලා පිහිටුවා ඇත.
සමහර පිළිමවහන්සේලා වැස්සට අවුවට, පින්නට, සම දෙයකටම නිරාවරණය වී ඇත.
කොහෙන්ද ගෞරවය?
ඒ මදිවට, වෙන රටවල බාර්වල, උද්‍යාන අලංකාරයට, මෙකි නොකී නොහොබිනා සෑම තැනකටම පිළිමවහන්සේ ගෙනගොස් ඇත.
සමහරු දිනකැලැන්ඩර් වලට පවා පිළිම වහන්සේලා මුද්‍රණය කොට, ඒවා පසුම්බිවල දමාගෙන ඒමත වාඩිවෙනවාද ඇත.
මෙවැනි කෙතරම්, අපහාසවලට බුදු පිළිමවහන්සේ පාත්රවෙමින් සිටීද?
බුදුන් වහන්සේ මෙය හොඳින් දකින්නට ඇත.
උන්වහන්සේ, බෝධීන් වහන්සේ, ස්තුපයන්ට වන්දනා කරන්නැයි පවසා වදාරන්නේ එම නිසාවෙනි.
බුදුන් වන්දනා මාන කිරිම පිළිවෙලට, භක්තියෙන්, උන් වහන්සේ පවසු ආකාරයටම සිදුකිරීම අපට මග හැරුනේ ඇයි?
ඔබ හරියට දැනුවත් වන්න.
බුදු දහම අනුව යන කෙනා බුදුන් දකී.
පිළිම වහන්සේලා හට සිදුවෙන අගෞරව වලකමු.
වැරැද්ද හදාගන්න සැමොවම පොළඹවන්න.

Last edited: