බුදුපිළිම සහ නිරුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බුදුපිළිම සහ නිගරුව

    බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටි අවදියේ, වරක් ආනන්ද තෙරුන් ප්‍රශ්නයක් නැගුවේය.

    බුදුරජාණන්වහන්ස ඔබවහන්සේ ළඟ නොසිටනවිට හෝ ඔබවහන්සේ නොමැතිවිට භික්ෂුන්ට සහ උපාසක උපාසිකාවන්ට වන්දනාමාන කරන්නට උවමනාවිට කුමක් කලයුතුද යන්න?

    බුදුන් පැවසුවේ, ආනන්ද මාහට පිටදුන්, බුදුවීමට සේවනදුන්, උපකාරීවූ බෝධින්වහන්සේට වන්දනා කරන්න යනුවෙනි.

    ආනන්ද තෙරුන් බෝරුකක් පන්සලේ ස්ථාපනය කරනුයේ ඉන් පසුවය.

    Ananda-bodhi_tree.jpg


    තවත් අවස්තාවක, අප හොඳින් දන්නා තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන්ට, වන්දනා කරන්නට දුන් කේෂා ධාතුන් කෙසේ තැන්පත් කොට වන්දනා කරන්නද ඇසුවිට. කොටු කැබැල්ලක් ගෙන, තමන්වහන්සේගේ පාත්‍රය මුනින් හරවා, කොටුව මුදුනේ තබා මෙවැනි ස්ථුපයක් කරවන්න එහි තැන්පත් කරන්න යනුවෙන් පවසා වදාරුවසේක.

    sanchi-stupa.jpg


    කිසිම අවස්ථාවක, තමන් වහන්සේගේ පිළිමයක් කරවා වන්දනාමාන කරන්නයි පවසා වදාරා නැත.

    ඉන්දියාවේ, ශාක්‍ය කුලයට ඉපිද, ලොවම බැතියෙන් නැහැවූ උන්වහන්සේ ලොව බහුතරයක් බෞද්ධ ජනයාගේ වැදුම් පිදුම් ගරු බුහුමන් ලබන සේක.

    චීනය, චීන පුද්ගලයකුගේ හැඩරුවට බුදුපිළිම නෙළයි.
    බුරුමයේ, බුරුම ජාතික සම්බවයක් සහිත පුද්ගලයෙක් සේ පිළිමවහන්සේ නෙළයි
    තායිලන්තයේ, එම ජාතිකයෙකු සතු හැඩරුවින් පිළිමවහන්සේ නෙළයි
    ලංකාවේ, ලංකාවේ පුද්ගලයෙකුගේ හුරුවට පිළිමවහන්සේ නෙළයි

    1309248_l.jpeg


    d6f8650a5b125284654577471664ccc0.jpg


    51TZp6P6EOL._SL500_AC_SS350_.jpg


    sri-lanka-0037a-500.jpg


    මෙකි, නොකී විවිද ආකාරයට පිළිම වහන්සේලා ලොවපුරා වියාප්තව ඇත.

    මෙය නිගරුවක් හැටියට මා දකිමි.

    ලංකාවේ, සෑම, ඕන එපා හැමතැනකම පිළිමවහන්සේලා පිහිටුවා ඇත.
    සමහර පිළිමවහන්සේලා වැස්සට අවුවට, පින්නට, සම දෙයකටම නිරාවරණය වී ඇත.
    කොහෙන්ද ගෞරවය?

    ඒ මදිවට, වෙන රටවල බාර්වල, උද්‍යාන අලංකාරයට, මෙකි නොකී නොහොබිනා සෑම තැනකටම පිළිමවහන්සේ ගෙනගොස් ඇත.

    832-142514.jpg


    සමහරු දිනකැලැන්ඩර් වලට පවා පිළිම වහන්සේලා මුද්‍රණය කොට, ඒවා පසුම්බිවල දමාගෙන ඒමත වාඩිවෙනවාද ඇත.

    Wall-Calendar-2018-Wisdom-Of-SDL198937893-3-cef75.jpg



    2dc53ff57f3df25334c0137fef73b2c7--buddha-garden-buddha-zen.jpg



    මෙවැනි කෙතරම්, අපහාසවලට බුදු පිළිමවහන්සේ පාත්‍රවෙමින් සිටීද?

    Lovely-Ceramic-Buddha-Statues-For-Sale-Decorating-Ideas-Images-in-Family-Room-Eclectic-design-ideas-.jpg


    බුදුන් වහන්සේ මෙය හොඳින් දකින්නට ඇත.
    උන්වහන්සේ, බෝධීන් වහන්සේ, ස්තුපයන්ට වන්දනා කරන්නැයි පවසා වදාරන්නේ එම නිසාවෙනි.

    බුදුන් වන්දනා මාන කිරිම පිළිවෙලට, භක්තියෙන්, උන් වහන්සේ පවසු ආකාරයටම සිදුකිරීම අපට මග හැරුනේ ඇයි?

    ඔබ හරියට දැනුවත් වන්න.

    බුදු දහම අනුව යන කෙනා බුදුන් දකී.

    පිළිම වහන්සේලා හට සිදුවෙන අගෞරව වලකමු.

    වැරැද්ද හදාගන්න සැමොවම පොළඹවන්න.





     
    Last edited:

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    hmm ow ada budu pilima wala bawithaya anawasha widiyata wenawa. mama nam car ekewath budu pilimayak thiyanna denna na. mokada api kiyana karana hama deyakma budu pilimayak laga tjiyana karanne. api silawanthayo nemene bn. eka hari na.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පිටරටවල මිනිස්සු ( සුද්දෝ අරුන් මෙවුන් ) බුදු පිලිම උන්ගේ ගාර්ඩන්වල, ටේබල් උඩ, දොරකඩවල්වල තියන්නේ උන් අපේ බුදුරජානන් වහන්සේව ඩෝන්ට් කෙයාර් අර්තයෙන් නෙවෙයි , මම දන්න තරමට. උන්ගේ තියනවා බුද්ධ කියලා කන්සෙප්ට් එකක්. බුද්ධ පිලිමයක් තිබ්බාම ඒක සුභයි වගේ කතාවක්. අපේ එවුන් ලාෆින් බුද්ධ තියන්නේ ඒවගේ කතන්දරයක්.
    උන්ට ඒන නිකන් කලාවක් වගේ සීන් එකක්. පොඩ්ඩක් මේගැන දන්න එවුන් කියපල්ල.
     
    Last edited:

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඹ්ව් ය‍‍ාළුව‍ා බුදු හාමුදුරැවෝ පිරිනිවන් පාලා අවුරැදු 600 පස්සේ පිලිම හැදුනේ ගිූක සම්බවයේන්
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කතාව ඇත්ත් අපි ඉතින් ජීවමාන බුදුන්ට වන්දනාමාන කරන විදිහ හිතේ තියාගෙන තමයි බුදුරුවක් වන්දනා මාන කරන්නේ..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    අපි බැන්නට සුද්දෝ බුද්ධ කොන්සේප්ට් එකට බැනල සවුත්තු කරලා නැහැ මම හිතන විදියට. බුද්ධා කිව්වම උන් දකින්නේ සාමය, සමගිය, tranquility වගේ දේවල්. බුද්ධා බාර් ගත්තත් ඒකෙ කොන්සේප්ට් එක අර රොක් හෙවි මෙටල් ප්ලේ කරන බාර් එකක් නෙමෙයි. බොහොම නිස්කලංක පරිසරයක්. බුදු හාමුදුරුවන්ගේ පච්චයක් කෙටුවත් අගෞරවයට නෙමෙයි කරන්නේ. මම මේ කිව්වේ සාමාන්‍ය තත්වය.



    පිටරටවල මිනිස්සු ( සුද්දෝ අරුන් මෙවුන් ) බුදු පිලිම උන්ගේ ගාර්ඩන්වල, ටේබල් උඩ, දොරකඩවල්වල තියන්නේ උන් අපේ බුදුරජානන් වහන්සේව ඩෝන්ට් කෙයාර් අර්තයෙන් නෙවෙයි , මම දන්න තරමට. උන්ගේ තියනවා බුද්ධ කියලා කන්සෙප්ට් එකක්. බුද්ධ පිලිමයක් තිබ්බාම ඒක සුභයි වගේ කතාවක්. අපේ එවුන් ලාෆින් බුද්ධ තියන්නේ ඒවගේ කතන්දරයක්.
    උන්ට ඒන නිකන් කලාවක් වගේ සීන් එකක්. පොඩ්ඩක් මේගැන දන්න එවුන් කියපල්ල.
     
    • Like
    Reactions: Sara531