බුදුරජු පෙර කල

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බුදුරජු පෙර කල

    මේ පැරණි ගීත අගය කරන අය සදහායි ....

    දසබලධාරී බුදුරජු පෙර කල ගීතය
    1948 වර්ෂයේ මාර්තු මාසයේ දී ලංකාවේ විශිෂ්ඨ ස්වත්‍රන්ත සංගීත අධ්‍යක්‍ෂවරයෙකුගේ කටහඩ අවධි කල ගීතයයි.


    නමින් ඔහු R.A.චන්ද්‍රසේන විය.
    RA-Chandrasena-Photo.JPG

    චන්ද්‍රසේනයන්ගේ ගෝලයන් වන ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, ධර්මදාස වල්පොල තමන්ගේ මගපෙන්නුම්කරුගේ මාර්ගයේ ගොස් තමන්ට අවේනික සංගීත කලාවක් නිර්මාණය කලේය.

    නමුත් චන්ද්‍රසේනයන් ගැන දන්නේ දැන් සිටින සුළු පිරිසක් පමණි. ඔහු නිර්මාණ කල සංගීත නිර්මාණ පරම්පරා ගණනක් රසවින්දත් එහි නිර්මාණ කරුවා ගැන කිසිවෙක් නොදනී.

    http://en.wikipedia.org/wiki/R._A._Chandrasena

    මේ ඔහුගේ පැරණි ජනප්‍රිය ගීත එකතුවක් සහ
    ඔහුගේ මුණුපුරා වන හර්ෂදේව ආරියසිංහ විසින්
    නැවත වසර 65 කට පසුව චන්ද්‍රසේනයන්ගේ කටහඩ අවධි කල ඒ නිර්මාණය ප්‍රතිනිර්මාණය කරමින් ප්‍රාණය දුන් ආකාරයයි.

    පැරණි ජනප්‍රිය ගීත එකතුව Youtube වීඩියෝවේ තිබෙන

    මෝහෙන් මුලා වෙලා - වික්ටර් රත්නායක
    මිනිසා - වික්ටර් රත්නායක
    සෙව්වන්දියකට පෙම් බැන්දා - පුන්සිරි සොයිසා
    පුන් සදෙන් - පුන්සිරි සොයිසා
    ජීවිතේ - ධර්මදාස වල්පොල
    මිහිලියකගේ - W.ප්‍රේමරත්න
    සුවදයි මුවේ මල් පැණි - සුමිත් අහන්ගම
    ලතා - ධනපාල උඩවත්ත
    ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත
    රෝස මලකුයි නෙම්ලු මලකුයි - නිහාල් නෙල්සන්



    දසබලධාරී බුදුරජු පෙර කල ගීතය පැරණි ගීතය



    දසබලධාරී බුදුරජු පෙර කල ගීතය නව ගීතය

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් මචං...
    මං ගැව තියනව ගීතය. පරණ එල්පී තැටියකින් ගත්ත එකක්......

    අනික් අතිශය වැදගත් ම කාරණය උඹ කියල නෑ මචං.
    ආර්.ඒ. චන්දුසේන තමා ලංකාවේ පළමු වරට රෙකෝඩ් ලේබලයක් නිෂ්පාදනය කරන්නේ.....ආර්.ඒ.සී. නමින්.
    මොකද අපේ රෙකෝඩ් ලේබල් ඒ කාලේ 95%ක් පිටරට ඒව.
    HMV(his master's Voice) අපි කම් කියන්නේ බල්ල මාක් කියලා, Philip,වගේ ඒවා.
    සූරිය ලේබලය පවා ආවේ දෙවනුව................
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දස බල ධාරි නව ගීතය පැරණි ගීතයෙ රසය බිඳකින් වත් අඩු නොවන පරිදි විශිෂ්ටව කරලා තියනවා! මෙන්න 'රීමේක්' සිදු කල යුතු අන්දම!
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තෑන්ක්ස් මචං...
    මං ගැව තියනව ගීතය. පරණ එල්පී තැටියකින් ගත්ත එකක්......

    අනික් අතිශය වැදගත් ම කාරණය උඹ කියල නෑ මචං.
    ආර්.ඒ. චන්දුසේන තමා ලංකාවේ පළමු වරට රෙකෝඩ් ලේබලයක් නිෂ්පාදනය කරන්නේ.....ආර්.ඒ.සී. නමින්.
    මොකද අපේ රෙකෝඩ් ලේබල් ඒ කාලේ 95%ක් පිටරට ඒව.
    HMV(his master's Voice) අපි කම් කියන්නේ බල්ල මාක් කියලා, Philip,වගේ ඒවා.
    සූරිය ලේබලය පවා ආවේ දෙවනුව................

    මට ඒක මග ඇරුණා ස්තුතියි සදහන් කලාට.....

    ගෙදර ආච්චිලා සීයලා ඉන්නවානම් මේ ගීතය පෙන්වන්න,
    මොකද ඒ කාලේ මේ දස බල ධාරී ගීතය හැම කෙනාම මිමිණුව ගීතයක් බව මගේ සීයා කිව්වා..
    ඔවුන් අනිවාරයෙන්ම මේ ගීතය අහලා සතුටු වෙයි, පරණ මතකයන් අලුත් කර ගනීවී
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දස බල ධාරි නව ගීතය පැරණි ගීතයෙ රසය බිඳකින් වත් අඩු නොවන පරිදි විශිෂ්ටව කරලා තියනවා! මෙන්න 'රීමේක්' සිදු කල යුතු අන්දම!

    අනිවාර්යෙන්ම නව සංගීත සංයෝජනය ඉතාමත් නිවැරදිව සිදු කරලා තියෙනවා.