බුදුවෙන්න කලියෙන් තමුන්ගෙ ස්වාමිපුරුෂය&#
බුදුවෙන්න කලියෙන් තමුන්ගෙ ස්වාමිපුරුෂයට මෙච්චර ධාතු තිබුනාද කියා යසෝදරා දේවියත් පුදුම වෙනවා ඇත..!!!
by Admin 01 · June 2, 2015
අම්මගේ බඩෙන් එළියට එන එකා අඬාගෙන එන්නේ ඇයි ද යන්න හරියටම දන්නේ නැත. ඒත් ඒකා ලොකු මහත් වූ පසු ජීවත්වෙන්න මොකක් හෝ රැකියාවක් කළයුතු බව දැනගෙන එය අමතක කිරීමට නොහැකිව අඬනවා ද විය හැක. මොකද ඇටෙන් පොත්තෙන් පනින එකා පවා හැඩ ගැහෙන්නේ සමාජය ගලා යන කලාවට ය. ලතාවට ය. ඒකනේ බහ තෝරපු නැති එකා පවා රටේ රජ්ජුරුවො චෞරයෙක් බව දැන දැනත් එය නොසලකා ‘ජයවේවා‘ ‘ජයවේවා‘ කියන්නෙ.
මොළය එකතැන තියෙද්දි කර දණ්ඩ විතරක් වැඩුනත් ඒකාගේ උස මහත පෙනුම අනුව මිනිහෙක් වෙනවනෙ. එතකොට තමයි ජීවත්වෙන්න ඕන කියල සිහිකල්පනාව එන්නෙ. ලොකු උඩුරැවුලක් තියෙන එකා මහ රජෙක් වෙනවද, මහ රජෙක් වෙන්න නම් ලොකු උඩු රැවුලක් තියෙන්න ඕන ද කියන කතාව කරළියට ආවෙම ජනතාව ඉල්ලුවෙ මොළයක් නෙවෙයි උඩු රැවුලක් නිසානෙ.
ලෝකෙම කොහොම වෙතත් මේ ඉල්ලං-කාවෙ නම් තකට තක එහෙම නැත්නම් ජාඩියට මූඩිය වාගෙ එක බඩවැල කඩාගෙන ආපු රස්සා දෙක තමයි දේශපාලනයයි මහනකමයි. ඒව රස්සාවල් වගේම තමුන්ට ආ-රක‍්ෂාවල් ද වෙනව. ඒ වගේම ඕනම හොරෙකුට තක්කඩියෙකුට අවලමෙකුට සමාජ විරෝධියෙකුට එක එල්ලේ පිවිසිය හැකි ක්ෂේමභූමි දෙකක් ඔය දෙක. පාට, ඇඳුමෙ වෙනස ඇරෙන්න ඇහැට, කනට, දිවට දැනෙන වෙනත් වෙනසක් නෑ වගෙයි. කොටසක් කිරි සුදුපාට වස්ත්‍රයට රිංගන කොට අනෙක් කොටස රිංග ගන්නෙ කහපාට රෙද්ද ඇතුළට. කවුරු හරි කියාවි හැමෝම එහෙම නෙවේනෙ කියල. ඒ වුනාට බහුතරය එහෙමයි කියල හරි හරියට ඔප්පු කරල තියෙන්නෙ ඔය නිහඬව ඉන්න සුද්දවන්තයො මිසක්ක අපි යැ.
දේශපාලුවො ජීවත්වෙන්නෙ මිනිස්සුන්ගෙ දුප්පත්කම වගේම සාසනය විකුණගෙන. විශේෂයෙන් ගෞතම බුදුන්ගෙ සාසනය. තමුන්ගෙ ගතමනාව ලැබෙනව නම් ඕන වෙලාවක සාසනය ගෙඩිය පිටින් විකුණං කන්න ඉඩ දෙන එක චීවරධාරීන් අයිතියක් යුතුකමක් වගකීමක් කරගෙන. ඕන පවුකාරයෙකුට පව් හෝදගන්න තියෙන වෙල්ලාව ඕකනෙ. උපන්දා සිට තමුන් කරපු පව් අරින්න ඉස්සර ගියේ කැළණියට. දැන් අනුන්ට කරපු පව් නිසා චුත වුන දේශපාලුවො පව් අරින්න ඒ කියන්නෙ ‘අභය‘ ගන්න බඩගාන්නෙ ආරාමයට. ඒකට කාන්තා සාසන බාර චීවරධාරියො ඉන්නවනෙ අඳනෙත් නැතිව ලොන්ඩරි වැඩේට සැදී පැහැදී.
ඉතිං දේශපාලූවොයි චීවරධාරියොයි එකතුවෙලා කරන ආගම් වෙළඳාමට දැන් හරි බැරි ගැහිල පෙරමුණ අරං තියෙන්නෙ මාධ්‍ය මුදලාලිල. ඕන අසූචියක් විසිතුරු ලෙස පැකට් කරල ගජරාමෙට විකුණන මේ මාධ්‍ය මුදලාලිලට අම්ම අප්පත් විකුණං කාපු පළපුරුද්ද නිසාම දැන් අතගහල තියෙන්නෙ ආගමට. උන්ගෙ නෙවෙයි අපේ ආගමට. බෞද්ධකම උප්පැන්නෙ තියෙන බෞද්ධයො 75 % ක් විතර ඉන්න නිසා හැම ජාතියෙ එකාලම වෙළඳාමට ගන්නෙ බුද්ධාගම. ඇයි වෙළඳ පොළ ඉහ වහා තියෙනවනෙ. මාධ්‍ය අයිතිකාරය පරංගිය ද, සක්-කිලිය ද, එතනෝල් කාරයද, කුඩු කාරය ද, කියල වෙළඳාමට ගානක් නෑ, ජනතාවටත් ගානක් නෑ.
උදේ පාන්දර කුණු කෙල හෝදගන්නටත් ඉස්සරින් පිරිත් අහල දවස පටන් ගන්න ජනතාවට පුරුදු කරපු මේ මාධ්‍ය මුදලාලිලා දැන් දැන් පැකට් කරල විකුණන්නෙ බුදුන් වහන්සේගෙ ධාතූන්. සාසනය පටන් ගත්තු කාලෙ හිටපු තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගෙන් සමහරු මිය පරළොව ගිහිං, විශ්‍රාම ගිහිං. කපුවන්ගෙන් බේරෙන්න බැරි කමටම දෙවිකම අතෑරල වෙනත් රස්සාවලට ගිහිං. දෙවිවරු ප්‍රමාණය අඩුවෙලා වුනාට මේ ධාතූන් වහන්සේල නම් පැටව් ගහන්නෙ ඇහිපිය ගහන වේගයෙන්. එහෙම වෙන්නෙත් රටේ ජනයාගෙ වාසනාවට වෙන්න ඇති. නැත්නම් හැටහුටාමාරක් මාධ්‍යවලටයි දේශපාලුවන්ටයි චීවරධාරීන්ටයි මේ ධාතු වෙළඳාම කරගන්න පුළුවනැ.
අපේ රටේ බෞද්ධයො කොච්චර භක්තිමත් ද කියල අමුතුවෙන් කියන්න ඕනයැ. අර උපාසක අම්ම කෙනෙක් පන්සල් මිදුල අතුගාන කොට ඒ අසලින් වැඩිය නායක හාමුදුරුවන් දැකල භක්තිය වැඩිකමට උන්වහන්සෙට දණ නමල වඳින්න තියෙන තදියමට අතු ගගා හිටපු ඉදල හාමුදුරුවන්ගෙ ඇඟට හේත්තු කරලනෙ වැන්දෙ. ධාතු කතාවත් එහෙමයි. මාධ්‍යකාරයො කරන්නෙ උපාසක අම්මල වශී කරන එක.
මේ තරම් ධාතුන් වහන්සෙල අපේ බුදුහාමුදුරුවො ළඟ තිබුනද කියලවත් හිතන්න වෙලාවක් නැහැනෙ. මාධ්‍ය ඔස්තාර්ලත් ඔවුන්ගෙ ගිරා පෝතක මයික් ටයිසන් බාල ගෝලයනුත් කියන්නෙ එහෙම හිතන එකත් අපාගත වන පාපයක් කියලයි.
ඇත්තම කියනව නම් බුදුවෙන්න කලියෙන් තමුන්ගෙ ස්වාමිපුරුෂයට මෙච්චර ධාතු තිබුනද කියල යසෝදරා දේවියවත් දැකල නැතුව ඇති.
හෙළයේ කරුමයට බිහිකර ගත්තු හෙළ උරුම සමාගමට සාධු කියමින් කතිර ගහපු උපාසක අම්මලට මේ ධාතු වඳින එක මොන කජ්ජක් ද.? පාරවල් හන්දි ගානෙ තියෙන රේස් බයි රේස් ආයතන දැන්වීමෙ ඉන්න අශ්වයට වඳිනකොට. ඒ, කන්තක අශ්වය නේරංජනාව තරණය කරනව කියලනෙ හිතන්නෙ. ඔය කලාව අපූරුවට හදාරපු
මාධ්‍ය කාරයො හෙට දවසෙදි කන්තක අශ්වයගෙ විතරක් නෙවි නාලාගිරි ඇතාගෙයි මුචලින්ද නාගරාජයගෙයි කියල තිරිසන් ධාතු ගෙනාවත් අපේ උපාසක මෑණියන්ල පොලවෙ පස් කාගෙන වඳින එක නම් ෂුවර්.
සාසනය ඝාතනය කරන්න සැදී පැහැදී සිටින ත්‍රිමූර්තිය වන් දේශපාලූවා, චීවරධාරියා, මාධ්‍ය මුදලාලිලා තමුන්ගේ බඩගෝස්තරය උදෙසා උතුම් වූ බුද්ධාගම විකිණීම අහවර කළ යුතු කාලය එළැඹ ඇත.
රටටම සාපයක් වෙච්ච පරාජිත චෞර දේශපාලුවන් ගමේම මල් කඩාගෙන පන්සල් ගානෙ බඩගාමින් මරුමුස් චීවරධාරීන් කොටසක් සමග කරන අවලම් විගඩම මෙන්ම ධාතූන් යයි පවසන දෑ ප්‍රදර්ශනාත්මකව අළෙවි කරමින් බඩ රස්සාව කරන මාධ්‍ය මුදලාලිලා ද උන්ගේ බාල ගෝලයන් ද හෙළිදරව් කළ යුතුයි. තමුන් නොඅදහන ආගමක් තම වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන ජනයා අවදිවිය යුතුයි.
පහන් කනුව යට ගැහැණිය ගේ තත්ත්වයට පත්කරගෙන ඇති බුදු දහම එයින් මුදවා ගත යුතුයි. රස්සාවට කැමරා ඉදිරියේ බඩ පිණුම් ගැසූ එකෙක් රජා බුදුන් ගේ නෑයෙක් කර රජ කතා නිපදැවුයේය. පසුව රජ කතා බිහිවුනේ එක පැත්තකින් හරකා මැෂිමට ඇතුල් කළවිට අනෙක් කෙළවරින් මස් ටින් පිටවෙන ආකාරයටය. මෙම පාහරයෝ හුදී ජනයාගේ භක්තිය අනියමින් උපහාසයට ලක්කරමින් තම වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන්නෝය.
මොවුන් උජාරුවෙන් අපව සිහිමුර්ජා කරමින් කරගෙන යන මේ ‘ධාතු නාඩගම‘ ගැන පහන් සිතින් හැදෑරිය යුතුයි. ධාතූන් ගැන අප අසා ඇති පරිදි මේවා සත්‍ය ධාතූන් නම් මේවා අතගසන පාපිෂ්ඨ දේශපාලූවන් අගතිගාමි චීවරධාරීන්, අම්ම අප්ප පවා විකුණා කන මාධ්‍ය මුදලාලිලා සහ බාල ගෝලයෝ ඉදිරියේ මේවා වැඩ සිටී ද යන්න සිතිය යුතුයි.
අරයා, මෙයාගේ ධාතු පෙන්වන කොට මෙයා, අරයා ගේ ධාතු පෙන්වමින් රටම හොල්මන් කරමින් උතුම් වූ බුදු දහමටත් බුදුන් ඇතුළු රහතන් වහන්සේලාටත් මේ කරන අගෞරවය අවමානය අපකීර්තිය අපහාසය හෙවත් පාපී ධාතු නාඩගමට කඩිනමින් තිත තැබිය යුතුයි.
ඒ සඳහා ත්‍රෛනිකායික මහනායක හිමිවරුද, දැඩි සමාජ මෙහෙවරක් සිදුකරන සෝභිත නායක ස්වාමින්වහන්සේ ද අවධානය යොමුකල යුතුයි.
පූජනීය වූත් ගෞරවණීය වූත් සැබෑ ධාතූන් වහන්සේලා භක්තිමත් ලෙස සුරැකිය යුතුයි. ලංකාවේ එවන් ඓතිහාසික වූත් පූජනීය වූත් දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩ වාසය කරති. මේ කරන මළ ඉලව් පාපී ධාතු නාඩගමෙන් සිදුවන්නේ දන්ත ධාතූන් වහන්සේ පවා පාච්චල් වීමයි.
පිටරැටියන් පවා දන්ත ධාතුන් වන්දනා කිරීමටම කියා ලංකාවට එන සිරිතක් වේ නම් ඔවුන් දැන් සිතන්නේ ‘අයියෝ ලංකාවේ හන්දියක් හන්දියක් ගානේ ධාතු තියෙනවානේ. දන්ත ධාතුවත් ඒ වගේ වෙන්න ඇති‘ කියා බාල්දුවට ය.
මේ හන්දියක් හන්දියක් ගානේ පෙන්වන ධාතු උතුම් වූ ධාතූන් වහන්සේලා නම් ඒවා එක එකාලාගේ වෙළඳ කටයුතු සඳහා හන්දි හන්දි ගානේ රස්තියාදු නොකල යුතුයි. එතනෝල්, කුඩු, ස්ත්‍රී දූෂක, ජනතා දේපළ මංකොල්ල කන තක්කඩින්ගෙන් උතුම් වූ ධාතුන් වහන්සේලා බේරා ගත යුතුයි.
අප කෙතරම් උස් හඬින් පැවසුව ද මේ ගැන හාවක් හූවක් සිදු නොවන්නේ වැටත් නියරත් ගොයම් කන නිසාය. මෙරට ගිහි ප්‍රධාන බෞද්ධයා යැයි පවසන මහනුවර දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර දළදා මාලිගාවේ රත්තරං සහ ඉඩකඩම් අළෙවි කරගෙන යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ දඬුවම් කිරීමට නොව විමසීමට ඔහුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ගැන උරණ වූ ශතකයට වසර 7 ක් මෙපිටින් වැඩ වදාරන නව අස්ගිරි නායක හිමියන් ගැනත් සඳහන් කළ යුතුයි. රටක් ආගමික පරිසරයට හැඩ ගැස්වීමට නම් ඒ සඳහාම පවතින ආගමික සංස්ථා නායකයින් ප්‍රථමයෙන් පෙල ගැසිය යුතුයි. තමුන්ට ලැබෙන දූෂණ වාසි භාගය සඳහා හෝ තම හිතවන්ත භාවය නිසා හෝ දූෂණ හෙළිදරව් වීම වැලැක්වීමට වදාරනවා නම් එවන් ආගමික නායකයන් මෙරටට අපට කුමකටද? එය සමස්ථ ජනතා පූජනීය පැතුමයි.
අනෙක අස්ගිරි නාහිමි නිලංග දෑල නිළමේගේ සොරකම් වංචාවන් වෙනුවෙන් පෙනී සිටිද්දී ගුරා හිටගෙන කරන දේ මැදගොඩ අභය තිස්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, උඩුවේ ධම්මාලෝක චීවරධාරී ගෝලයන් දුව දුව කරන්නේ මෙරට පමණක් නොව ආසියාවටම බිහිවූ දූෂිතම ඒකාධිපතියා යළි රජකරවන්න වීම පුදුමයක්ද?. මේ සියල්ල උතුම් වූ බුදු සසුනට මුවාවී කරන විගඩම්ය. අද වැනි පොසොන් දිනයක සම්මා දිට්ඨිය පහළ වේවා…!
-ගානි වාසුහේවා විසිනි-