ඔව්. ඕක මාත් දැකලා තියෙන තත්ත්වයක්. අද වෙනකොට ගොඩක් දෙනා බුදු දහම ජීවන දර්ශණයක්, Life Style එකක් ගානට ලඝු කරලා තමයි සළකන්නේ. ශ්‍රද්ධාව තියෙන අයටත් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ආශ්චර්යය, ධර්මයේ ආශ්චර්යය, සංඝරත්නයේ ආශ්චර්යය සාකච්චා කරන්ඩ විදියක් නෑ ඒවා හෑල්ලු කරන පිරිසක් ඉන්නවා. දුකට කාරණය නම් ඒ හෑල්ලු කරන පුද්ගලයෝ කියාගන්නේ තමන් සිංහල බෞද්ධ කියලා. නැවත ඉපදීමක් පිළිගන්නේ නෑ, දිව්‍යලෝක අපාය පිළිගන්නේ නෑ, ආමිස පූජාවෙ ආනිසංස පිළිගන්නේ නෑ, ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය පිළිගන්නේ නෑ, කොටින්ම කිව්වොත් තමන්ගේ ශාස්තෘන් වහන්සේව සැකයි.
ඉර්ධි පාතිහාර්ය කෙරේ මිනිසුන්ගේ සිත පහදවාගැනීම බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළා තමයි. අනුසාශනාවට හිත පහදවිම තමා අනුමත කළේ. ඒ විදියට ශ්‍රද්ධාවෙන් හිත පහදවාගත් කෙනෙක්ට බුදුන්වහන්සේ ප්රමුඛ ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය ගැන සැක හිතෙන්ඩ විදියක් නෑ.
ඊගාව ප්‍රසිද්ධම point එක තමා කාලාම සුත්‍රය අරන් බුදුන්වහන්සේ ගැන සැක කරන එක. ඒ සුත්‍රයේ කියල නෑනේ බුද්ධත්වය සැක කරන්ඩ, තර්ක කරන්ඩ කියලා. මොකද ඒක කරන්ඩ බැරි වැඩක්. නියම ශ්‍රද්ධාවන්තයා කරන්නේ ධර්මය අහලා ඒ ධර්මයේ සත්‍යතාවය දැකලා ගෞතමයන්වහන්සේ ඇත්තටම බුදුවරයෙක් බව සැක නැතිව පිළිගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවෙන සංසාරය, කුසල් අකුසල්, ලෝකතල, ඉර්ධි බල ආදිය ගැන පිළිගන්නේ ශාස්තෘන්වහන්සේ ඒ ගැන කියල දෙන නිසා, උන්වහන්සේගේ බුද්ධත්වය ගැන සැක නැති හින්දා. එහෙම නැතුව කාලම සුත්‍රය වැරදියට අල්ලන් ධර්මය සැක කර කර ඉන්න අය ධර්මය දැකපු අය නෙවේ.
ps: මම මේ උඹ කියපු කරුණු කීපයකට එකඟ උනා විතරයි. මොකද උඹ thread එක දාපු අරමුණ මම දන්නේ නැති නිසා.