බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කුසල් වඩමු - අකුසල් දුරලමු


    579430_591440567552320_789145828_n.jpg




    ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති. සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය ද මේ සඳහා නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය.

    ‘කුසලය’ නම් යහපත්, හොඳ ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවයි. ‘අකුසලය’ නම් අයහපත් , නරක ක්‍රියාවය. කුසල් වර්ධනය කර ගත යුතු අතර අකුසල් සහමුලින්ම නැති කර ගත යුතු වෙමු. මේ සඳහා ඉවහල් වන්නේ පුද්ගලයාගේ සිත, කය, සහ වචනයයි. බුදුදහමෙහි ‘තිදොර’ නමින් හඳුන්වන්නේ මේවාය.
    පළමුව කුසලයෙහි ස්වභාවය හඳුනා ගත යුතුවෙමු. තමන්ටත් අනුන්ටත්, වැඩදායක වන්නේ, හිත සුව පිණිස පවතින්නේ යමක්ද එය කුසල ක්‍රියාවකි.

    මෙලෙස ලෝවැඩ පිණිස හේතුවන මෙවන් ක්‍රියා සිදු කිරීම, දුෂ්කර, අමාරු දෙයක් බවද බුදුපියාණෝ වදාළහ. කෙසේ නමුදු දුෂ්කරතාවය, අපහසුව නොතකා, ‘යහපත’ ක්‍රියාවට නැංවීම සත්පුරුෂ ලක්‍ෂණයක් බව කාටත් පැහැදිලි විය යුතු කරුණකි. බුදුරදුන්ගේ ඉගැන්වීමෙහි ‘දස අකුසල්’ ලෙස දක්වා ඇත්තේ මේවාය. සත්ව හිංසාව ,නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචනයෙන් බැණ වැදීම, ඕපා දූප හෙවත් හිස් වචන කතා කිරීම, අභිධ්‍යාව හෙවත් අන් සතු වස්තුව කෙරෙහි හට ගන්නා ආශාව, ව්‍යාපාදය හෙවත් අනුන් නැසේවා යි සිතෙන ද්වේෂ සහගත සිතිවිල්ල සහ මිථ්‍යාදෘෂ්ටිය හෙවත් වැරදි දැකීම යනුවෙනි. දස කුසල් ලෙස පෙන්වා දී ඇත්තේ ඉහත දැක්වෙන එක් එක් අකුසලයෙන් වැළකී සිටීමයි. දස අකුසලයන්හි කයින් සිදුවන වැරදි තුනක්ද, වචනය තුළින් සිදුවන වැරදි හතරක්ද, සිතින් සිදුවිය හැකි වැරදි තුනක්ද ඇති බව විමසුම් ඇසකින් යුතුව ඒවා කියවීමෙන් දැන ගත හැකිවනු ඇත.

    අකුසලයෙන් වැළකී සිටීම දියුණුවේ පළමු අදියරයයි. මෙලෙස සංයමය කොට කුසලයට නැඹුරු කරගන්නා සිත පිනට දහමට යෙදවීම දෙවන අදියර වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ‘ දස පුණ්‍ය ක්‍රියා’ හෙවත් ‘දස පින් කිරිය වත්’ අපට උගන්වා තිබේ. එනම් දාන, ශීල, භාවනා , පින්දීම, පින් අනුමෝදන් වීම, වත් පිළිවෙත්හි යෙදීම , වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම, ධර්ම දේශනා හෝ ධර්ම සාකච්ඡා පැවැත්වීම හා දහම් පොත්පත් බෙදා හැරීම ධර්ම ශ්‍රවණය හෙවත් බණ ඇසීම සහ දෘෂ්ටිය ඍජු කර ගැනීම හෙවත් නිවැරදි දැකීම දියුණු තියුණු කරගැනීම යනාදියයි. මෙහි නිවැරදි දැකීම නම් කුසල ක්‍රියාවන්හි හොඳ ප්‍රතිඵල ඇති බව යන විශ්වාසය තහවුරු කරගැනීම හෙවත් තවදුරටත් ශක්තිමත් කරගැනීමය.

    ගෘහස්ථ බෞද්ධයාගේ නිත්‍ය ශීලය ‘ පන්සිල්’ වේ. මේ එක් එක් සිල් පදයෙහි අංශ දෙකක් නිරූපණය වේ. එනම් විරමණය සහ සමාදානයයි. උදාහරණයක් ලෙස පළමුවැනි සිල් පදය සලකා බලමු. මෙහි සත්ව හිංසාවෙන් හා පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම ‘විරමණය’ යි. ඒ වගේම හිංසාවට හෝ මරණයට නියම වී සිටින සතෙකු ඉන් මුදා ගැනීම ‘සමාදානය’ වේ. දෙවන සිල් පදය ගත් කල්හි නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටීම හා අනුන් සතු දෑ, අයිතිකරුවන් නොමැති විට වුවද ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම මේ අවස්ථා දෙකයි.
    ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති. සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය යනාදිය ද මේ සඳහා නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත් කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය. ඕපාදූප කතා කිරීම, දුම්බීම, මත්පැන් ගැනීම, අවේලාවේ වීථි සංචාරය සහ සූදුව යනාදිය මීට නිදසුන්ය.

    බුදුරදුන් අප උනන්දු කරවා ඇත්තේ ‘පටිසෝතගාමී’ ප්‍රතිපදාව අනුව දිවි පැවැත්වීමටය. ජීවත්වන්නන් වාලේ ජීවත්වීම, එනම්, ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පසිඳුරන් පිනවමින් ,කම්සුව පසුපස ලුහු බඳිමින් රැල්ලට හසුව සිටීම අනුසෝතගාමී පිළිවෙතය. ඉන් මිදී විමුක්තිය සලසා ගන්නෝ පෙර කී පරිදි පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නෝය. මෙය උපමාවකින් දක්වතොත් ගඟ ගලන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමක් වැන්නය. එනම් පංචේන්ද්‍රියන්හි තත්ත්වාකාරය මැනවින් අවබෝධ කරගනිමින් අනලසව දිවි ගෙවීමය. මේ ආකාරයට කුසලයට නැඹුරු වීමටත්, අකුසලයෙන් වැළකී සිටීමටත් අවශ්‍ය වන්නේ වීය¸ය හෙවත් උත්සාහයයි. මෙම මාහැගි ගුණාංගය ඇති කර ගත හැකි ආකාර හතරක් දහමෙහි දක්වා ඇත. නූපන් අකුසල් එලෙසම මතු නූපදවීම, උපන් අකුසල යළි නූපදවීම, නූපන් කුසල් උපදවා ගැනීම හෙවත් මතු කර ගැනීම සහ උපන් කුසල් වඩා වර්ධනය කරගැනීම යනාදිය ඒ සතරයි.

    වෙනත් වචනවලින් කිවහොත් තම ජීවිතයේ සිත, කය සහ වචනය මුල් කරගෙන සිදුකොට නොමැති යම් පාපි ක්‍රියාවක් ඇත්නම් එය එපරිද්දෙන්ම අනාගතයේ සිදු නොකර සිටීමටත්, කිසියම් පාපි ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එය නැවත වරක් කිරීමෙන් වැළකී සිටීමටත්, කිසිදා අත්හදා බලා නොමැති යම් පුණ්‍යවන්ත ක්‍රියාවක් කවදා හෝ සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීමටත් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ක්‍රියාවට නංවන ලද යහපත් ක්‍රියාවන් නැවත වරක් සිදුකොට ප්‍රගුණ කරගැනීමටත් උත්සාහවන්ත විය යුතුය.

    අකුසලයෙන් මිදීමට ගන්නා පළමු ප්‍රයත්නය හෙවත් වෑයම බොහෝ විට අසීරු වන්නට පුළුවන. ඒ මන්ද, පෘථග්ජන මිනිස් සිත ස්වභාවයෙන් පවට නැඹුරු වන සුළුය. එබැවින් මුළාව හෙවත් නොදන්නාකම හේතුවෙන් දිගු කලක් නැත්නම් කෙටි කලක් සිදුකළාවූ පාපය මකා දැමීම හෙවත් නැති කරගැනීම, සිතන තරම් හෝ කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.කෙසේ නමුත් එම අකුසලය දුරු කරගැනීමට නැත්නම් අස් කරගැනීමට වීය¸ දැරීම සත්පුරුෂ ගුණාංගයක් වන බව කිව යුතුය. මෙම කර්‍තව්‍යය උපමාවකින් මෙලෙස පෙන්නුම් කළ හැකිය. දවස් ගණනාවකින් අතු ගා නැත්නම් පිරිසුදු කර නොමැති මිදුලක කොළ විශාල ප්‍රමාණයක් වැටී තිබෙනු දැක ගත හැකිය. එය අතු ගා පිරිසිදු කරනු ලබන පළමු අවස්ථාවේදී මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවනු ඇත. නමුත් පෙර පරිදි කොළ බොහොමයක් වැටෙන්නට කලින් නැවත එය පිරිසුදු කිරීමේදී එතරම් වෙහෙසක් දැරීමට සිදු නොවේ. මක්නිසාද ඉවත් කළ යුතුව තිබෙන කොළ ප්‍රමාණය සාපේක්‍ෂව අඩුවන බැවිනි.

    මෙපරිද්දෙන්ම බොහෝ කාලයක් සිත කිලිටි කරමින් පැවැති අකුසලය දුරු කර ගැනීමට වෑයම් කරනු ලබන පළමු අවස්ථාව අභියෝගාත්මක සහ අසීරු වන බවත් ඊළඟ අවස්ථාවන් තරමක් පහසු සේම පි‍්‍රයජනක වන බවත් කිව හැකිය.
    යම් කුසල ක්‍රියාවක් සඳහා සිතෙහි ඇතිවන කැමැත්ත, උනන්දුව නැත්නම් ඕනෑකම හඳුන්වන්නේ ‘කුසලච්ඡන්දය’ ලෙසය. මෙසේ හොඳ ක්‍රියාවක් සිදුකිරීමේ නිපුණත්වයක් අප විසින් ගොඩනඟා ගත යුතුය. කරනු ලබන ක්‍රියාවන් සිතට බලපාන අන්දම ධම්මපදයේ එන ගාථා යුගලයක මෙලෙස පිළිබිඹු වේ. යමක් කොට පසුතැවිලි වීමටත්, එහි විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව විඳ දරා ගැනීමටත් සිදුවේ නම් එවැනි දෑ කිරීම යහපත් නොවේ.
    තවද පසුතැවිලි නොවීමටත්, සතුටින් පිනා යෑමටත්, තුඩුදෙන යහපත් ක්‍රියාවන් ක්‍රියාවට නැංවීම සාධු චර්යාවකි. තවත් ධම්මපද ගාථාවක අකුසලය දුරලීමේත්, කුසලයෙහි පිහිටා සිටීමේත් වගකීම තමන් සතුව පවතින බව පැහැදිලි කර ඇත්තේ මෙසේය. පව් සිදුකරනු ලබන්නේ තමන් විසින්මය. එමඟින් කිලිටි වන්නේ තමන්මය. ඒ හැරත් පවින් වැළකී සිටීමෙන් පිරිසුදු වන්නේ තමාමය. පිරිසුදුවීම හෝ අපිරිසුදුවීම පවතින්නේ තමා තුළමය. වෙනත් කෙනෙකුට තවත් කෙනෙකු පාරිශුද්ධත්වයට පත්කිරීමට හෝ පිරිසුදු කිරීමට නුපුළුවන යනුවෙනි.
    මේ අයුරින් කුසල වඩවන තැනැත්තා තම ජීවිතය සරු කරගනියි. කෙමෙන් දියුණුවට පත්වේ. කාටත් පි‍්‍රයශීලි වේ, කාගේත් ප්‍රශංසාවට ලක්වේ.
    මේ අනුව කුසල් දහමින් පෝෂණය වීමට සිත් සතන් පුබුදුවාලීමටත් අප කවුරුත් උත්සුක වෙමු.

    ‘සියලු පවින් දුරුවන්න – සියලු කුසල් දහම්, රැස් කරන්න
    තම සිත පිරිසුදු කරන්න – මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි ‘

    කුඹුකේ විසුද්ධි චිත්ත හිමි

    උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )
     
    • Like
    Reactions: juroshan

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,359
    769
    113
    තොපිට මොකෑ ඒක
    නත්ථි මේ සරණං අඤ්ඤං
    බුද්ධෝ මේ සරණං වරං

    නත්ථි මේ සරණං අඤ්ඤං
    ධම්මෝ මේ සරණං වරං

    නත්ථි මේ සරණං අඤ්ඤං
    සංඝෝ මේ සරණං වරං


    තෙරුවන් සරණයි
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    64266_157248484440239_1014848301_n.jpg



    ධර්ම කරුණු ගැන කතා කළ නො හැකි පස් දෙනා

    නුගවෙල දීපාලෝක හිමි

    තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ දුක්කටා සූත්‍රයේ දී වදාළ, පුද්ගලයන් පස් දෙනකු සමග ධර්ම කථා පවත්වන්න බෑ කියලා. එසේ කළොත් ඒ කථාව දුෂ්කර කථාවක් වනවා. එය කිපෙනවා, නොසතුටමයි පළ කරන්නේ, කියලා උන්වහන්සේ වදාළ.

    01. අස්සද්ධස්ස භික්‍ඛවේ, සද්ධා කථා දුක් කටා

    ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කථා කරන්න බෑ. ඒක දුෂ්කර කථාවක් වනවා. ශ්‍රද්ධාව කියන්නේ පොඩි දෙයක් නොවේ. මනුෂ්‍යයකුට තිබෙන උතුම්ම ධනය ‘ශ්‍රද්ධාව බව‘, භාග්‍යවතුන් වහන්සේ ආලවක සූත්‍රයේ දී වදාළහ. ආලවක යක්ෂයාගේ භවනට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේගෙන් ආලවක ඇසූ මුල්ම ප්‍රශ්නය තමා,

    කිංසුධ විත්ථං පුරිසස්ස සෙට්ඨං
    පුරුෂයකුට ඇති උතුම්ම ධනය කුමක් ද? යන්න.
    භාග්‍යවතුන් වහන්සේ වදාළා
    සිද්ධීධ විත්ථං පුරිසස්ස සෙට්ඨං
    ශ්‍රද්ධා ධනයයි, පුරුෂයකුට උතුම්ම ධනය වන්නේ, කියලා.

    බලන්න, ලෝකයේ මේ උතුම්ම ධනය වන ශ්‍රද්ධාව ගැන, එය නැති කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එයා කිපෙනවා. (කුජපති)

    ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාරන්නට යෙදුණු මෙම බුද්ධ ශාසනය ‘මන්දිරයක් නම්, ඒ මන්දිරයට ඇතුළු වන දොරටුව තමා, ශ්‍රද්ධාව.

    යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාවට පැමිණියහොත්,

    සබ්බේ තේ සග්ග පරායණා

    ඒ සියල්ලෝම සුගතියේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

    02.දුස්සීලස්ස සීලකථා දුක්කටා,

    දුස්සීල කෙනෙක් එක්ක ශීලය ගැන කථා කරන්න බෑ. එයා අප්‍රසාදයත්, නොසතුටත්, පළ කරනවා, ඒක දුෂ්කර කථාවක්,

    ශීලය කියලා කියන්නේ සියලු යහපත් ගතිගුණ වලට අම්ම කෙනෙක් වගේ මුල් වන පිළිවෙතටයි. ඒ නිසා, ශීලය පිරිසුදුව තබා ගත යුතුයි.

    ඒකෝ මග්ගෝ නත්තඤ්ඤු දස්ස නස්ස විසුද්ධියා කියා ය.

    කෙළෙසුන්ගෙන් පිරිසුදු වීමට තිබෙන ඒකායන මාර්ගය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි යන්නයි එහි තේරුම. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, ප්‍රඥා වශයෙන් පිළිවෙළින් වැඩිය යුතු එකක්, මහා පරි නිබ්බාණ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි, සීලයෙන් ප්‍රගුණ කරන ලද සමාධිය මහත්ඵලයයි. මහානිශංසයි. සමාධියෙන් ප්‍රගුණ කරන ලද ප්‍රඥාව, මහත්ඵලයි, මහානිශංසයි, ඒ ප්‍රඥාවෙන් තමා, මනා කොට ආශ්‍රවක්ෂය කරන්නේ කියලා.

    ඉතින් ඒ තරම්ම වැදගත් වූ සීලය ගැන, දුස්සීල අයත් එක්ක කථා කරන්න බැරි බවයි භාග්‍යවතුන් වහන්සේ දුක්ඛටා සූත්‍රයේ දී වදාළේ,

    03. අප්පස්සු තිස්ස බාහුසච්ච කථා දුක්කටා

    ධර්මඤාණය නැති කෙනෙක් එක්ක විස්තර ඇතිව දහම් කරුණු කථා කරන්න බෑ. ඒක දුෂ්කර කථාවක් වනවා. පඨම නාථ කරණ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා, බහුශ්‍රැත බව, කෙනකුට, අනාථ නොවන, සනාතන රැකවරණයක් සලසන ධර්මයක් කියලා. යම් කෙනෙක් තුළ හොඳින් අසා දරාගත් ධර්මයක් නැත්නම් එය අනාථ වූ කෙනෙක්. මේ යුගයේ අපට මුණ ගැසුණු ශාසනය තමා ගෞතම බුද්ධ ශාසනය. අපි බහුශ්‍රැත නොවුණොත් අපට අනාථව තමා වාසය කරන්න වන්නේ. අනාථ වූ කෙනකුට සිද්ධ වන ඊළඟ කාරණය තමා දුකින් වාසය කරන්නට සිදුවීම.

    දැන් අපට තේරෙනවා බහුශ්‍රැත බව පොඩි දෙයක් නොවන බව. නමුත් මේ ගැන අල්ප දහම් දැනුමක් ඇති කෙනෙක් එක්ක කථා කිරීම දුෂ්කර බවයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

    04. මච්චරියස්ස චාග කථා දුක්කටා

    මසුරු අයත් එක්ක ත්‍යාගය ගැන (දීම/ගැන) කථා කිරීම දුෂ්කරයි. ඒක දුෂ්කර කථාවක්.

    නිවනක් සොයන කෙනකුට මේකත් හරිම වැදගත්, මොකක්ද? අත් හැරීම පුරුදු කිරීම, ටික ටික හරි අපි පුරුදු වන්න ඕන අත්හරින්න. නියම අත් හැරීම නම් කෙළෙස් අත් හැරීම කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

    අපි ධනය අත්හරිනවා වගේ අපට පුළුවන්නම් මේ ඇස අත හරින්න, කණ අත හරින්න, නාසය, දිව, කය, මනස අත් හරින්න, අන්න හැබෑම අත් හැරීම.ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඇස අත හරින්න නම් ඇස ගැන කලකිරෙන්න ඕන. ඇස ගැන කලකිරෙන්නේ නම් ඇසේ හැබෑම වැඩ පිළිවෙළ අවබෝධ වෙන්න ඕන ඇසයි, රූපයි, විඤ්ඤාණයයි. (ඇසින් රූප දැනැගනීමේ ස්වභාවය) එකතු වෙලා සංසාරයේ පැවැත්ම වෙනුවෙන් (පටිච්ච සමුප්පන්නව) දුක හදල දුන්නා. ඇසේ ඇතිවීම දුකයි. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “පින්වත මහණනි, යම් තැනක ඇස ඉපදුනා නම් ඉපදුනේ දුකයි” කියලා.

    අපි කවුරුත් දුකට කැමැති අය නොවේ. අපි සැපට කැමැති අය. එහෙනම් අපි අකැමැති දුක හදලා දෙන ඇසටත් අපි කැමැති නොවෙන්න ඕන. අන්න එදාට තමා අපි ඇස කෙරෙහි නිබ්බිදාව (කළකිරීම) ඇතිකර ගන්නේ. කළකිරුණු දවසට අපිට, ඇස අවබෝධයෙන්ම එපා වෙනවා. අන්න එදාටයි අපි හැබෑවටම ඇසෙන් නිදහස් වෙන්න මහන්සි ගන්නේ. ඇස අත හරින්න මහන්සි ගන්නේ. ඉතින් මේ කෙළෙස් අතහැරීමට කලින් අපි ධන ධාන්‍යා අතහැරලා (දන්දීලා) මේකට පුරුදු වෙන්න ඕන. ඒ වගේම අපට ආර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අනිවාර්යයෙන්ම පින උපකාර වෙනවා. ත්‍යාගයෙන්, දන් දීමෙන් අපට ඒ නිවනට උපකාර කරන පින අප්‍රමාණ ආකාරයෙන් රැස්කර ගැනීමේ අවස්ථාව උදාවෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දන් දීම හරිම ලස්සනයි. මහාකච්චාන මහ රහතන් වහන්සේ මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රයේ දී වදාළා.

    අමතස්සදාතා
    බුදුරජාණන් වහන්සේ තමා අමෘතය (ඒ අමා මහ නිවන) දන් දෙන කෙනා කියල අත්හැරීම පුරුදු කරපු භාග්‍යවතුන් වහන්සේගේ හැටි කොහොමද බලන්න.

    නත්ථානන්ද තථාගතස්ස ආචරිමුට්ටී

    පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට නොකියන, රහසේ තබා ගන්නා ධර්මයක් නැහැ කියලා.

    මෙවන් අත්හැරීම ගැන මසුරුකෙනෙක් එක්ක කොහොම කථා කරන්නද? ඒක එයත් එක්ක දුෂ්කර කථාවක්.

    05. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්ඛටා

    ප්‍රඥාව නැති කෙනෙක් එක්ක ප්‍රඥාව ගැන කථා කරන එක දුෂ්කරයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්‍ෂණය දකින, මනා කොට දුක් ක්‍ෂය කරන ලද ආර්ය වූ කලකිරීමෙන් යුත් නුවණයි ප්‍රඥාව කියන්නේ. ඒ ආර්ය ප්‍රඥාවට පුළුවනි, මනා කොට දුක් ක්‍ෂය කරලා දාන්න, දුක ප්‍රහීණ කරන්න. ඒ ප්‍රඥාවට පුළුවන් නම්, ප්‍රඥාව කොතරම් වැදගත්ද කියන්න අටුවාටීකා අවශ්‍ය නැහැ. අපව සතර අපායෙන් පමණක් නොවෙයි මේ තුන් භවයෙන්ම සදහටම නිදහස් කරන ඒ ප්‍රඥාව ගැන ප්‍රඥාව නැති කෙනෙක් එක්ක කථා කරන්න බෑ කියලයි භාග්‍යවතුන් වහන්සේ දුක් කථා සූත්‍රයේ දි වදාළේ. අපි මෙවැනි පුද්ගලයන් වන්න හොඳ නැහැ. ශ්‍රද්ධාව, ශීලය, බහුශ්‍රැත භාවය, ත්‍යාගය, ප්‍රඥාව ගැන කථා කරන්න පුළුවන් ඒ ගැන කථා කරනවාට කැමැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් පිරිසක් බවට, සැබෑම ශ්‍රාවක දියණියන් පිරිසක් බවට අපි පත් වන්න ඕන. —


    https://www.facebook.com/photo.php?...52307446.22046.111582889006799&type=1&theater
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    Lord-Buddhas-Life-4.jpg


    බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

    ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

    එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

    එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

    එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

    ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

    ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

    එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

    මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

    එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

    මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.

    (සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය)

    source-www.dinamina.lk
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    Main-Image.jpg


    බුදුරජාණන් වහන්සේ තුළ පැවති අතිශයින් ම විස්මිත වූ අවබෝධය ගැන ඔබ තුළ ශ‍්‍රද්ධාවක් ඇති වෙන්නට නම් ඔබ අනිවාර්යයෙන් ම බුද්ධ දේශනා කියවිය යුතු යි. එවිට ය බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කවර ධර්මයක් ද යන කරුණ පිළිබඳ ව යම්කිසි වටහා ගැනීමක් ඇති කරගත හැකි වන්නේ.

    ධර්මයෙහි ගුණ හයක් තිබේ. පළමුවෙනි ගුණය ස්වාක්ඛාත ගුණයයි. අක්ඛාත යනු ප‍්‍රකාශ කිරීමයි. ස්වාක්ඛාත යනු ‘මනාකොට දේශනා කරන ලද්දේ ය’ යන්නයි. සැබැවින් ම එහි තේරුම කුමක් ද? එනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ආරම්භයත් කල්‍යාණ වූ දෙයකි. එහි මැදත් කල්‍යාණයි. එහි අවසානයත් කල්‍යාණයි. පැහැදිලි අර්ථයෙන් යුක්ත යි. පැහැදිලි වචනවලින් යුක්ත යි. ජීවිතාවබෝධය පිණිස, නිවන පිණිස, ඍජු ව ම යොමු කරවන ගමන් මාර්ගය පිළිබඳ ව පැහැදිලි විග‍්‍රහයකින් යුක්ත යි. එනිසයි තථාගත ශ‍්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන්නේ. එය කොතරම් සත්‍යයක් ද කියා ඔබට තේරුම් ගත හැකි වන්නේ උතුම් බුද්ධ දේශනා කියවා ඒ ගැන නුවණින් විමසන්නේ නම් පමණි.

    එමෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය සන්දිට්ඨික ගුණයෙන් යුක්ත යි. සන්දිට්ඨික යනු ඉහාත්මය හෙවත් මේ ජීවිතයේ දී ම ප‍්‍රතිඵල ලබා ගත හැකි බවයි. මේ ධර්මය සන්දිට්ඨික ගුණයෙන් තොර නම් ලොව කිසිවෙකුට කිසි කලෙක මාර්ග ඵල ලැබිය නො හැකි ම ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැතිරුණු සෑම දේශයක ම මග ඵල ලාභීන් පහළ වූයේ ධර්මයෙහි ඇති සන්දිට්ඨික ගුණය නිසා ම ය. මේ සන්දිට්ඨික ගුණය ගැන බුදු මුවින් වදාරණ දෙය ගැන බලන්න.

    ‘‘පින්වත් රාජකුමාරය, එක් ? දවාලක් තිබේවා. මේ පංචපධානීය අංගවලින් සමන්විත වූ භික්ෂුවක් සිටිනවා නම්, ලොවට නායකත්වය දෙන තථාගතයන් වහන්සේ නමකගේ ඇසුර ලබන ඒ භික්ෂුවට සවසට අනුශාසනාව ලැබෙනවා. පසුව දා උදේ වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා. උදේ අනුශාසනාව ලැබෙනවා. සවස් වන විට විශේෂ අධිගමයකට පත්වෙනවා.”
    - බෝධිරාජකුමාර සූත‍්‍රය (ම.නි. 2)

    අද වන විට එම සන්දිට්ඨික ගුණය ගැන කතා කිරීම පවා නින්දා ලබන තත්ත්වයට පත් වී ඇත. සසුනෙහි පිරිහීම කොතරම් ද යන්න එයින් මැනැවින් පෙනී යයි. අඩු ගණනේ මෙම ධර්මයෙහි සන්දිට්ඨික ගුණය ගැන ශ‍්‍රද්ධාවවත් තිබිය යුතු ය. මහා සතිපට්ඨාන සූත‍්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උන්වහන්සේ වදාරණ අයුරින් යම් භික්ෂුවක් ප‍්‍රතිපත්තියෙහි යෙදුණහොත් සත් දිනක් ඇතුළත දී අරහත්වයට පත්වීම හෝ අනාගාමී බවට පත්වීම හෝ සිදුවන බවයි. බෝධිරාජකුමාර සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ උදේ වරුවේ උපදෙස් දෙන සේක. සවස් වන විට ඒ උපදෙස් ලැබූ භික්ෂුව මාර්ගඵලාවබෝධය ලබයි.

    මේ සඳහා අනිවාර්යෙයන් ම තිබිය යුතු කුසලතා පහක් ගැන එම සූත‍්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ වදාරණ සේක. එනම්, භික්ෂුව තුළ ශ‍්‍රද්ධාව තිබිය යුතු ය. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව පහන් සිතින් යුතු අදහාගැනීමක් තිබිය යුතු ය. එමෙන් ම නීරෝග කෙනෙක් විය යුතු ය. එමෙන් ම සට කපට, මායා නැති තමන්ගේ සැබෑ ස්වභාවය සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ විවෘතව කතා කරන කෙනෙක් විය යුතු ය. එමෙන් ම අකුසල් ප‍්‍රහාණය කිරීමටත්, කුසල් උපදවා ගැනීමටත් අවබෝධයෙන් යුතු වූ අධිකතර වීරියක් තිබිය යුතු ය. එමෙන් ම විදර්ශනා ප‍්‍රඥාව මුහුකුරවා ගත හැකි ආකාරයේ තියුණු යෝනිසෝමනසිකාරයක් තිබිය යුතු ය. මෙවැනි ලක්ෂණයන්ගෙන් යුත් පුණ්‍යවන්තයන් අද නැතැයි කීම මිනිස්කමට කරන නිගාවකි. මෙවැනි අය ස්වල්ප වශයෙන් හෝ සිටිය හැකි ය. එවැනි අයට පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නො ලැබුණහොත් ඔවුන් ද පිරිහෙනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළේ,
    ‘‘සන්ති භික්ඛවේ අප්ප රජක්ඛ ජාතිකා. අස්සවණතෝ ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”
    ‘‘පින්වත් මහණෙනි, කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුන් හට චතුරාර්ය සත්‍ය ප‍්‍රකාශිත ධර්මය අසන්නට නො ලැබුණහොත් ඔවුහු පිරිහී යන්නාහ. ඔවුන් හට ධර්මය අසන්නට ලැබුණහොත් ඔවුහු අවබෝධ කරන්නාහ.”
    වශයෙනි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි යම් ශ‍්‍රාවකයෙකු තුළ සැබෑ ගෞරවයක් තිබේ නම්, එම ශ‍්‍රාවකයා විසින් කළ යුත්තේ ඒ ධර්මයෙහි ඇති ගුණාත්මක වටිනාකම ඉස්මතු කොට පෙන්වීම නො වේ ද? එම නිසා සද්ධර්මය තුළ තිබෙන සන්දිට්ඨික ගුණය කුමක් ද යන්න ගැන දැනගැනීමට ඔබට බෝධිරාජකුමාර සූත‍්‍රය ම ප‍්‍රමාණවත් ය.

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ගුණයෙන් යුක්ත ය. කෙනෙකුට එම ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වුවහොත් ඔහු තුළ ධර්මයෙහි හැසිරෙන්නට කැමැත්තක් ඇති වේ. එවිට කලණ මිතුරන් සොයාගෙන යයි. කලණ මිතුරන්ගේ ඇසුරින් ධර්මය අසයි. ධර්මයේ හැසිරෙන්ට වීරිය කරයි. එවිට ඔහු දුසිල් බවින් අත්මිදෙයි. අකුසලයෙන් මිදෙයි; පස්පවින් මිදෙයි; සිල්වත් වෙයි; කුසල් වඩයි. දාන, ශීල, භාවනා ආදි පුණ්‍යක‍්‍රියාවල යෙදෙයි. මෙය ධර්මයෙහි ඇති අකාලික ගුණයක් නො වේ ද? එමෙන් ම පින්වත් කෙනෙකුට කාමයෙන් වෙන්ව, අකුසලයෙන් වෙන්ව, විරාගී ප‍්‍රීතියෙන් යුතු ව සමාධි සැපයක් පවා උපදවා ගත හැකි ය. එමෙන් ම පින්වත් කෙනෙකුට විදර්ශනා ප‍්‍රඥාව තුළින් හේතු ඵල දහම විනිවිද දැක්ක හැකි ය. ඒ සියල්ල ධර්මයෙන් ලැබිය හැකි අකාලික ගුණයන් නො වේ ද?

    එවැනි සන්දිට්ඨික, අකාලික ගුණ තිබෙන මේ ධර්මයට කෙනෙක් හිතා මතා නින්දා අපහාස කළහොත්, ගැරහුවහොත්, එම ගුණයන් හෑල්ලූ වන ආකාරයට හෙළා දුටුවහොත් ඔවුන්ට බොහෝ පව් සිදුවීම වැළැක්විය නො හැකි යි. එමෙන් ම උපනූපන් ආත්මවල දී අහේතුක ප‍්‍රතිසන්ධිය ලබන්නටත් හේතු වනු ඇත. එමනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැරහීම යනු බලවත් පාපයක් බව අප තේරුම් ගත යුතු ය.

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්ත යි. ඒහිපස්සික යන්නෙහි තේරුම ‘ඇවිත් බලන්න’ යන්නයි. ඇවිත් බැලිය හැකි ධර්මයක් තේරුම් ගැනීමට ‘‘අපට පින් මදිය, අපට පින් නැත. ඒ සඳහා සසරේ බොහෝ ඇවිද යා යුතු ය. අනන්ත වාරගණනක් ඉපිද ගිය පසු අපට ධර්මය අවබෝධ වන්නේ ය” කියා අප පසු වුවහොත් එය අයත් වන්නේ බුදු දහමට නො වේ. ඒ මක්ඛලී ගෝසාලගේ මතය යි. එම මතය දරන බොහෝ උදවිය දැන් හිරි ඔතප් කිසිවකින් තොරව එය කියනු අපට අසන්නට ලැබේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිරු සඳු දෙකටත් වඩා ප‍්‍රභාෂ්වර දෙයකි. උන්වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය බබළන්නේ විවෘත වූ විට බවයි. සැඟවුණ විට නො වන බවයි. මෙම ධර්මය තුළ රහසේ උපදෙස් දීම, රහසේ උපදෙස් ගැනීම නැත. එසේ තිබුණා නම් එය අයිති වන්නේ උපනිෂද් ධර්මයටයි. උපනිෂද් ධර්මය යනු වේදාන්තයයි. එනම් වේදයෙහි අවසාන කොටසයි. බ‍්‍රාහ්මණයින් තම ශිෂ්‍යයන්ට ගුරු මුෂ්ටි වශයෙන් සඟවාගෙන උගන්වන ධර්මය උපනිෂද්වල ඇතුළත් වේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගුරුමුෂ්ටි කිසිවක් නැති දෙවි මිනිසුන් ඉදිරියෙහි ඉතා පැහැදිලිව එළිපෙහෙලි කරන ලද පරම ප‍්‍රභාෂ්වර ධර්මයකි. එසේ නො වන්නේ නම්, ධර්මය සංගායනා කළ හැකි ද? රහස් බණ සංගායනා කළ නො හැකි ය. වාචනා කිරීම ද කළ නො හැකි ය. අන් අයට ඇසෙන බැවිනි. එනිසා යම් තැනක රහස් බණක් ඇද්ද, රහස් උපදෙස් ඇද්ද, රහසේ උපදෙස් ගෙන පිළිපැදීමක් ඇද්ද එය සැක කළ යුතු දෙයකි. බුද්ධ දේශනාවේ තිබෙන්නේ ඇවිත් බලන්න යැයි කිව හැකි, ඕනෑ ම කෙනෙකු ඉදිරියේ නිර්භයව පෙන්වා දිය හැකි යථාර්ථවාදී ධර්මයකි. ඒ බව සූත‍්‍ර දේශනා තුළින් ඔබට ම මැනැවින් පසක් කරගත හැකි ය.

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕපනයික ගුණයෙන් යුක්ත යි. එනම් ධර්මයෙහි විස්තර වන්නා වූ යම් සීලස්කන්ධයක් ඇද්ද, එය තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නා වූ යම් සමාධි ස්කන්ධයක් ඇද්ද, එය ද තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නා වූ යම් ප‍්‍රඥා ස්කන්ධයක් ඇද්ද එය තමා තුළට පමුණුවා ගත යුතු ය. ධර්මයෙහි විස්තර වන්නේ ප‍්‍රගුණ කළ යුතු දෙයක් පිළිබඳ ව යි. එය තම තමා විසින් ප‍්‍රගුණ කිරීම කළ හැකි වන්නේ එහි ඇති ඕපනයික ගුණය නිසා ය.

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයෙන් යුක්ත යි. එනම් මේ ධර්මයට විවිධාකාර පුණ්‍යගුණයන්ගෙන් යුතු අය පැමිණෙති. ඔවුන් තුළ ධර්මයෙහි හැසිරීමෙහිලා විවිධාකාර කුසලතාවයන් ඉස්මතු වේ. ඒ හේතුව නිසා එකම ධර්මය අසන සමහර කෙනෙක් සෝවාන් වෙති. ඇතැම් කෙනෙක් සකෘදාගාමී වෙති. ඇතැම් කෙනෙක් අනාගාමී වෙති. ඇතැම් කෙනෙක් අරහත්වයට පත්වෙති. එයින් පැහැදිලි වන්නේ ධර්මයෙහි අවබෝධය ඇති වන්නේ එක එක්කෙනා තුළ වෙන වෙනම බවයි. බුද්ධිමත් උදවිය විසින් තම තම නැණ පමණින් එම ධර්මය අවබෝධ කරගත යුතු බව පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයයි.

    මෙබඳු ගුණයෙන් සපිරි උතුම් බුද්ධ වචනය මෙවැනි යුගයක දී තමන්ගේ භාෂාවෙන්, තේරෙන වචනවලින් අවබෝධ කරගන්නට ලැබෙන්නේ නම් එය කොතරම් වාසනාවක් ද? එනිසා මේ උතුම් බුද්ධ දේශනා සුලභ වීම යනු මිනිස් ලොවට ඇතිවන ලාභයක් ම ය. එහි අර්ථ මැනැවින් තේරුම් ගත හැකි වීම මිනිස් දිවියට ආලෝකයක් ම ය. මජ්ඣිම නිකායෙහි ඒසුකාරී සූත‍්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ ‘‘පින්වත් බ‍්‍රාහ්මණය, මනුෂ්‍යයා හට තමන්ගේ ම ධනයක් හැටියට මා පණවන්නේ ආර්ය වූ ලොව්තුරා දහමයි” යනුවෙන් වදාළ සේක. එසේ නම් මනුෂ්‍යයාට ස්වකීය ධනයක් ලෙස ආර්ය වූ ලෝකෝත්තර ධර්මයක් ලබාගත හැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මිස වෙන කුමකින් ද?

    http://mahamegha.lk/featured-articles/sebaa-danaya-lowthura-dahamai/
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    16107_597653340264376_2060510728_n.jpg



    නොදිරන සිරුරු

    ඇමරිකාවේ පීරු රාජ්‍යයේ (වයඹදිග) පි‍්‍රවාදෝ රනෙස් ඇන්ඩිනෝස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අගල් 20 ක් උසැති සුපිරි හිස්කබල පිටසක්වළ ජීවියෙකුගේ යැයි විශ්වාස කෙරේ. එහි ඇති තවත් අගල් 12 ක් උසැති අසම්පූර්ණ හිස් කබලේද දෑස් ‍විවර අසාමාන්‍ය ලෙස විශාල වේ. මෙබඳු දේ දකින සක්වළ සක්මනේ 20 වෙනි දැක්මයි මේ.

    රාවණා වගේ සිහිමුර්ජා වූ හෝ මෘත ශරීර ලෙස හෝ දේහයන් (සිරුර) සුරක්‍ෂිතව තියෙන්නේ වෙන කාගෙද?

    මීට වසර 3300 පෙර මිසරයේ විසූ ටූටන් කාමන් අධිරාජ්‍යයාගේ ආරක්‍ෂිත මෘත ශරීරය (Mummy) 1922 වසරේදී සොයා ගනු ලැබුවා. 2012.09.23 දිනපතා පුවත්පතක තවමත් නරක් නොවූ එම මෘත ශරීරයේ ඡායාරූපයක් පළ කර තිබුණා. ටූටන් කාමන් රජුගේ මළ සිරුර අදටත් එලෙසින්ම තියෙනවා යැයි වාර්තාවෙනවා. වසර 3500 ක් පැරණි දෙවන රම්සේස් රජුගේ මෘත ශරීරයත් (Mummy) එලෙසම සුරක්‍ෂිතව ඇති බව වාර්තා වෙනවා. චීනයේ මාවෝ සේතුන්ගේ මළ සිරුරත් මතු පරපුරට දැක බලා ගැනීම සඳහා සුරක්‍ෂිතව තියා ගන්න ඔවුන් උත්සාහ කරනවා. චීන, මිසර, ඊජිප්තු හා අපි‍්‍රකානු රටවල වැසියන් මෙලෙස මෘත ශරීර ආරක්‍ෂිතව තබා ගැනීමට සමත්කමක් දක්වනවා.

    එතකොට අපේ කෝට්ටේ යුගයේ විසූ තොටගමුවේ රාහුල හිමියන්ගේ සිරුරත් තවමත් සුරක්‍ෂිතව තියෙනවා නේද?

    ඔව්. දැනට අවුරුදු 650 කට ආසන්න කාලයක් ගත වුණත්, තාමත් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ යැයි සලකනු ලබන දේහය සජීවි වගේ තියෙනවා. හිස කෙස්, නියපොතු වැවෙමින් උන්වහන්සේගේ දේහය අසල්වැසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට යාබද ගෝවේහි පිහිටි (කෞතුකාගාර) යේදී අදටත් ඉතා සුරක්ෂිතව ඇති අයුරු දැකගන්න පුළුවන්.

    අපේ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ දේහය ඉන්දියාවේ ගොවේට වැඩම වුණේ කොහොමද?

    ගාල්ලේ තොටගමුවේ විජයබා මහ පිරිවෙන්පතිව උන්වහන්සේ දීර්ඝ කාලයක් වැඩ විසුවා. රාහුල මාහිමියන් ජීවිතේ සිය පශ්චිම යාමයේ වන වාසීව භාවනායෝගීවයි වැඩ විසුවේ. දිග්වැල්ල, මොනරාගල හා අම්බන ඉදුරුගිරියේ තමයි අන්තිමට වනවාසීව වැඩ සිටියේ. එහිදී ගල්ලෙනක වැටී තිබී දිරා නොගිය අරුම පුදුම උන්වහන්සේගේ දේහය ,දේව පුත්‍රයකුගේ සිරුරක් යැයි සිතා පෘතුගීසින් විසින් ඉන්දියාවේ ගෝවේ වෙත රැගෙන යාමට කටයුතු කළා.

    එලෙස ගෝවේ වෙත රැගෙන යාමට පුරෝගාමි වූ සර් ෆැන්සිස් සේවියර් නමැත්තා එම කටයුත්ත අතර තුරදී පාචනය ඇතුළු මාරාන්තික රෝගකාරක වැළදී මියගොස් තිබෙනවා. කොහොම වුණත්, සිද්ධාලෝක රසය නම් ඖෂධය පමණ ඉක්මවා වැළදීම නිසා සිරුර නොදිරීමටත් හිසකෙස්, නියපොතු වැවීමටත් හේතුවූ තිබෙනවා. අවශ්‍ය නම්, කාබන් 14 හෝ ඩී.එන්. ඒ. පරික්‍ෂණයක් මගින් මේ අසිරිමත් සිරුර අපේ රාහුල හාමුදුරුවන් ගේද නැතිනම් දේව පුත්‍රයකුගේ හෝ වෙනයම් කෙනෙකුගේ ද යන්න සැක හැර දැන ගත හැකියි.
    රාහුල හාමුදුරුවන්ගේ දේහය වගේම උන්වහන්සේ ඉටු කළ සාහිත්‍ය සේවාවත් අමරණීයයි නේද?

    ඔව්, වසර 1412 දී දෙමටාන ගමේ උපන් මෞර්ය රාජ කුලයට අයත් මේ කුමරු කුඩා කළ කෝට්ටේ 4 වෙනි පැරකුම්බා රජු සෙවණේයි. හැදී වැඩී තිබෙන්නේ. පසුව බුදුගුණඅලංකාරය, ලෝවැඩ සඟරාව හා ගිරා, හංස, සංදේශ ලියූ වීදාගම මහා මෛත්‍රිය මාහිමියන්ගේ ප්‍රඥාලෝකය ලැබීමට උන්වහන්සේට භාග්‍යය ලැබුණා. ඒ අනුව, තොටගමුවේ රාහුල හාමුදුරුවන් භාෂා සාහිත්‍යාලෝකය අමරණීය ලෙස වැඩිදියුණූ කරගෙන තිබෙනවා.

    සිංහල භාෂාව වගේම, සංස්කෘත, ප්‍රාකෘත, මාගධී හා පෛශාචි ආදි භාෂා ගණනාවක් පරතෙරට දැන ඉගෙන ගනු ලැබුවා. මේ නිසා උන්වහන්සේ ෂඩ්භාෂා පරමේශ්වර යන උපාධි නාමයෙන් පවා පුද ලැබුවා. ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් ලියූූ පොත්පත් අදටත් එකසේ ජනපි‍්‍රයයි. බුද්ධගජ්ඣය (1930) වෘත්තමාලා සංදේශය (1935) පරවි සංදේශය (1445) සැළලිහිණි සංදේශය (1447) කාව්‍ය ශේඛරය, මහා කාව්‍යය පංදිකා ප්‍රදීපය (1457), බුද්ධිප්‍රසාදිනී (1480) සහ සකස්කඩ ආදී ග්‍රන්ථ ඒ අතර කිහිපයකි. මේසා විශාල අසහාය දැනුමක්, මතක ශක්තියක් උදෙසා ඖෂධය පරිහරණය කිරීම සත්‍යයක් විය හැකියි.

    එහෙමනම් ඇමරිකාවේ ඒරියා Aria 51 අධි ආරක්‍ෂිත කලාපයේ සුරක්‍ෂිතව ඇති පිටසක්වළ ජීවී මළසිරුරත් සත්‍යයක් විය හැකිද?

    ඔය කියන පිටසක්වළ ජීවීන් පිළිබඳව පවතින විශ්වාසයන් අද ඊයේ ඇති වූවක් නොවෙයි. ඒවා අනාදිමත් කාලයක සිට පැවති බව ප්‍රකට කෙරෙන සාක්‍ෂි සාධක පුරා විද්‍යා නටබුන් ආදිය ලොව පුරා ඕන තරම් ශේෂ වී තිබෙනවා. මධ්‍යම ඇමරිකාවේ මායා ශිෂ්ඨාචාරයේ පාකල් වෝල්ටර් රජුගේ දේහය (ක්‍රි.පූ. 7 වෙනි සියවස) පිටසක්වළ ජීවියෙකු විය හැකි බවටත්, නිගමනයන් පවතිනවා. එහි ඇති අසාමාන්‍ය ශරීර ස්වරූපය සහ එම සොහොන් ගැබේ කැටයම් චිත්‍රය ඊට සාක්‍ෂි සපයනවා. ඉතා සියුම් ලෙස කළුගලින් මිනී පෙට්ටියක හැඩයට කැටයම් කර ඇති එම චිත්‍රයෙන් පිටසක්වළ සිට කැප්සියුලයක නැගී යන ආකාරයක් නිරූපණය කෙරෙනවා. ඉපැරැණි මායා ශිෂ්ඨාචාරයේ, ආකාශ වස්තු නිරීක්‍ෂණ මධ්‍යස්ථාන ආදි නටබුන් පවා හමු වී තිබෙනවා.

    නූතන Aria 51 කියන රහසිගත කලාපය පිහිටා තියෙන්නේ, ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ නිව් මැක්සිකෝ ප්‍රදේශයේයි. 1947 ජූලි මාසයේ දවසක Aria 51 ප්‍රදේශයට ආසන්න රෝස්වෙල් ප්‍රදේශයේ ගොවිපොළකට පිටසක්වළ ජීවීන් සමඟ පියාඹන පීරිසියක් කඩා වැටුණූ පුවත ලොව පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. නමුත්, ඊට ටික වේලාවකට පස්සේ අයෙමත් ඒක පිටසක්වළ පියාඹන පීරිසියක් නොවේ. එය කාලගුණ බැලූනයක් යැයි නිවේදනය කෙරුණා.

    කොහොම හරි, ඒක එදා නිවේදනයට පත් කළ ලුතිනල් වෝල්ටර් හෝම් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ඔහු මිය ගිය පසු පමණක් විවෘත කරන ලෙස දක්වා තිබූ ලියැවිල්ලෙන් එම රහස මෑතදී අනාවරණය වුණා. එනම් ඔහු පිටසක්වළ යානය පමණක් නොව, එහි සිටි ජීවින්ද සියැසින්ම දුටු බවත්, ඉන් සලිත වූ බවත්, ඉන් දක්වා තිබුණා. මීට ප්‍රථම එවකට මෙක්සිකෝවේ දෙවැනි ආණ්ඩුකාර ධුරය හෙබවූ ජෝෂප් ෂොන්ටෙයා මහතාද සිය අවසන් භාගයේදී ඒ බව කියා සිටියා.

    එහෙමනම් , මේ රහස සොයා ඇමරිකාවේ Aria 51 ප්‍රදේශයට මෙතෙක් කවුරුවත් ගිහින් නැත්තේ ඇයි?

    මීට මාසයකට කලිනුත් (2012.10.15) ඕඕඛ් රූපවාහිනි කණ්ඩායමේ 12 කුත් එහි යන්න උත්සාහ කෙරුවා. ඔවුන් ඊට ඇතුළු වෙන්න උත්සාහ කළ පළමු මාධ්‍ය කණ්ඩායම නොවෙයි. රහසිගතව BBC මාධ්‍යවේදීන් ඊට යාමට හැදුව නිසා, පැය 06 කට අධික කාලයක් අත්අඩංගුවේ රදවා සිට එක් අයෙකුට පවුම් 375 ක දඩමුදලක් ගෙවා නිදහස් කර තිබෙනවා. ඔවුන්ගේ කැමරා හා පටිගත කළ කැසට්පට සියල්ලම එෆ්.බී.අයි. නිලධාරීන් සිය බාරයට ගෙන තිබුණා. නමුත් එම BBC මාධ්‍ය කණ්ඩායම Conspiracy Road Tr.P. Ufos නමින් නිෂ්පාදනය කළ ඊට අදාළ වැඩසටහන 2012/10/area – 51 –bbc.html#ixzz 29al- y6vgj මගින් නැරඹිය හැකියි.

    චේස් බ්‍රැන්ඩන් මහතා ඉකුත්දා (2012 ජූලි) මාධ්‍යයට කියා තිබුණේ, එරටට කඩා වැටුුණු පිටසක්වළ යානයේ සිටි තුවාල ලැබූ ජීවීන් හා මෘත ශරීර ‘ඒරියා 51’ හි ස්ථිරවම රදවා ගෙන ඇති බවයි.

    මේ ලෝකය (පෘථීවිය) හැරුණූ කොට වෙනත් සක්වළවල් හෝ ඒවායේ ජීවීන් හෝ සිටිනවා යන සත්‍යය හෙළිවීම බොහෝ ආගම්වලට පටහැනියි. ඒ නිසා මේ වගේ කාරණා ලෝකයෙන් වසන් කර තැබීමට ඔවුන් උත්සාහ කරනවා. නමුත් අනන්ත වූ ලෝක විෂය තුළ අනන්තවත් ජීවී ප්‍රජා වෙසෙනවා. නැතිනම්, මේක පාළු හුදකලා මළානික සක්වළක් වෙනවා. යටගියාව පුරා ‘සක්වළ සක්මනින’ අප උත්සාහ කළේ, මේ පෙනෙන යථාර්ථය ඔබට පසක් කර දීමටයි.

    අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

    උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    521595_597769623586081_1147038044_n.jpg



    සාගර පරදන ආදර සිතිවිලි

    ප්‍රේමය දිව්‍යමය තිළිණයක් යැයි පැවසේ. එම රමණීය ප්‍රේමය තුළ වුවද මරණීය විසකටු සැඟව නැතුවා නොවේ. එහෙත් සක්වළේ ජීවය පවතින්නේ ප්‍රේමය නිසා බව පෙනෙයි. එවන් උත්තරීතර ප්‍රේමයට අවනත නොවන දෙයක් සැබවින්ම තිබේද ? මෙබඳු බොහෝ දේ අපි සක්වළ සක්මන 32 වෙනි පියවරින් මෙසේ විමසා දකිමු.

    මහානායක හාමුදුරුවනේ,

    ‘ආත්මීය ආදරය’ සඳහා හේතු වන කාරණා පිළිබඳව බුදු දහමේ විස්තර කෙරෙන්නේ, කොහොමද ?

    දැන්, පුද්ගලයන් අතර තදනන්තර ආදරයක් (සිතිවිලි අතර බැඳීමක්) ඇතිවීමට බලපාන කරුණු රැසක් තිබෙනවා. එයින් ප්‍රධාන වන කරුණු දෙකක් ගැන අපේ බුදු හාමුදුරුවෝ මෙසේ දේශනා කොට වදාළා,

    පුබ්බේව සන්නිවාසේන
    පච්චුපන්න හිතේනවා.. යනුවෙන්.

    1. පෙර ආත්ම ( ජාති ) යේදී එකට සිටීම

    2. මේ ආත්මයේදී කිසියම් උපකාරයක් කිරීම යන ආදී හේතු නිසා කෙනෙකු තුළ ප්‍රසාදයක්, ප්‍රිය මනාප බවක්, හිතෛෂීත්වයක් හා ළබැඳියාවක් ඇති වෙනවා. මෙවැනි ධනාත්මක සිතිවිලි ඇතැම් විට ආදරයක් බවට පෙරළෙනවා. මෙලෙස උපදින ආදර බැඳීම්, රාගාධීව හටගන්නා තාවකාලික බැඳීම්වලට වඩා හැම අතින්ම ප්‍රබලයි. ඒ වගේම අව්‍යාජයි. ඒ නිසා මෙබඳු ආදර බැඳීම් බොහෝ කාලයක් තිරසාරව පවතිනවා.

    කාන්දම් වැනි ආදරය

    දැන් අප කාට හරි හදවතින්ම ආදරය කළාම ඒ අයගේ සිතෙත් අප කෙරහි ඇත්තටම ආදරයක් උපදිනවා ද ?

    ඒක සංසාරිකව බැඳී එන ආදර සිතිවිල්ලක් නම්, ඔබ ආදරය කරන කෙනා තුළත් ඔබ කෙරෙහි නිරායාසයෙන් ආදරයක් ජනිත වෙනවා. නමුත් ඒක අලුතින් මතු වූ ආදර සිතිවිල්ලක් නම්, ඒ සඳහා ඔබේ කැප කිරීම් හා ඊට යම් කාලයක් ගතවීමට ඉඩ තිබෙනවා. “ පිරිසුදු චේතනා - ගෙන දේ වාසනා “ වැනි කියමන් වගේ ඔබේ සිතිවිලිවල ප්‍රබලත්වය ඒ සඳහා බලපානවා.

    හැබැයි, ආත්මීය ආදර සිතිවිලි කාන්දම් වගේ ඇදී ළංවී එකට එකතු වෙනවා. එවන් ආදරයන් භවයෙන් භවයට පාරමිතාවක් වගේ සපිරීම නිසා හෝ නිරායාසයෙන් සිදුවීම නිසා සවිමත්ව සසරෙහි පවතිනවා. කුල මල, උස්මිටි කිසිඳු භේදයක් ඊට අදාළ වෙන්නේ නැහැ. බාහිර බාධක, අවහිර හා විරෝධතා බිඳගෙන එබඳු ආදර බැඳීම් ඉක්මනින් ඇති ( ළං ) වෙනවා.

    ප්‍රේමණීය ප්‍රාර්ථනා අමරණීය ද ?

    එතකොට, මේ ආත්මයේදී එලෙස එකතු වෙන්න යම් විධියකින් බැරි වෙලා, ඊළඟ ආත්මයේදී හෝ අපට එකතු වෙන්න ලැබේවා කියලා අප කරන ප්‍රාර්ථනා බොහෝවිට සැබෑ විය හැකි ද ?

    දෙන්නම එහෙම ප්‍රාර්ථනා කළා නම්, ඒ දේ සිදුවිය හැකි ඉඩකඩ ඉතා වැඩියි. දෙදෙනා තුළම සැබෑ ආදරයක් හටගෙන තිබුණත්, නොයෙකුත් හේතූන් නිසා මේ ආත්මයේ දී එකතු වෙන්න පින් මදි වුණත් මතු භවයකදී හෝ එකට එකතු වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ සඳහා තම තමන් කරන කියන දේවලුත් සෘජුවම බලපානවා.

    නමුත්, අධිෂ්ඨානයෙන් තොර ප්‍රාර්ථනාවලට පමණක් සීමා වූ ආදරය බොඳවී යාමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. සංසාරික ආදර සම්බන්ධතාවල වුණත් අතර මග, මගහැරුණු අවස්ථා තිබෙන්නට පිළිවන්. ඒ සඳහා විවිධ කරුණු බලපා තිබෙන බව ඒවා පරීක්‍ෂා කර බලනවිට අපට පෙනී යනවා.

    ප්‍රේමය මග හැරෙන හැටි

    හොඳයි. ඒ සඳහා බලපා තිබෙන හේතු සාධක ඇත්තටම මොනවා ද ?

    ප්‍රධාන වශයෙන් ඒකට මතු දැක්වෙන හේතු බලපා ඇති බව කිව හැකියි. එනම්,

    1. එම දෙදෙනාගෙන් කෙනෙකු කල්ගත වී ඊළඟ භවයේදී උපත ලැබීම නිසා ඒ වනවිට පළමුව උපන් තැනැත්තා හෝ තැනැත්තිය මහලු වී සිටීම හෝ මිය ගොස් තිබීම.

    2. එම දෙදෙනාගෙන් කෙනෙකු වෙනත් රටක හෝ වෙනත් සක්වළක ඉපදීම නිසා එක් වරක් හෝ එම භවය තුළ ඔවුන් හමු නොවීම.

    3. එම දෙදෙනාගෙන් කෙනෙකුට මනුෂ්‍ය ආත්මයක ඉපදීමට නොහැකි වීම වැනි හේතු නිසා ආත්ම කිහිපයක් එකට හමු නොවී සසර ගත වුණොත්, එම ආදර බැඳීම් අප්‍රාණික, අක්‍රීය වෙමින් වෙනත් අලුත් ආදර සම්බන්ධතා හට ගැනීමට ඉඩ තිබෙනවා.

    සීමා බිඳ මතුවන පෙම

    නමුත්, ඔබ වහන්සේ පෙන්වා දුන් ඉහත සමහර හේතු සාධක අතික්‍රමණය කර ආත්මීය ආදර බැඳීම් ඉස්මතු වුණ අවස්ථා පිළිබඳව වාර්තා වෙනවා නේද ?

    ඔව්, දැන් යුරෝපය ආදී විදෙස් රටවල ඉපදුණ විදේශකයින් අපේ රටවලට පැමිණ මෙහේ සිටින ඇත්තන් විවාහ කරගෙන යන අවස්ථා තිබෙනවා. සමහරවිට ඔවුන්ම දන්නේ නැහැ, ඇයි එහෙම දෙයකට කැමති වුණේ කියලා, ඒකෙන් ඒ තැනැත්තාට ලැබෙන සතුටකුත් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම දේවල් ඔවුන් නොදැනුවත්වම සිදු වෙනවා.

    හැබැයි, ධනයට බලයට, නිලයට හෝ දේපළට ගිජුකමින් සිදුවන ව්‍යාජ ප්‍රේම සම්බන්ධතා නොවෙයි මේවා. එහෙම ඉතා පටු අසම්මත ආදර බන්ධනත්, ඒවාට මුවාවී සිදු වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් ඒවාට ඒතරම් පැවැත්මක් නැහැ. වැඩිකල් නොගොස් ඒවා බිඳි යනවා.

    සිතිවිලි

    එහෙමනම්, තිරිසන් සතුන් අතරත් මෙවැනි ආදර බැඳීම් වගේම ආදර සිතිවිලි සන්නිවේදනයනුත් සිදු වෙන්නට බැරිද ?

    දැන්, මේ විශ්වය තුළ ඇති භෞතික පදාර්ථ සියල්ලම එකිනෙකට සියුම් ලෙස බැඳී සක්‍රීයව පවතිනවා. මේ තත්ත්වය සියලු සිතිවිලි කෙරෙහි බලපැවැත්වෙනවා.

    මේ බව ආචාර්ය ලැරීඩොසී සහ ඇමරිකානු විශේෂඥ වෛද්‍ය රැන්ඩොල්ෆ් ඩ්‍රයිච් මෙන්ම ආචාර්ය ජේ. බී. රයින් වැනි පර්යේෂකයන් පවා සිය පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    සමස්ත විශ්වය තුළ වෙසෙන සියලුම සත්වයින් තම තමන්ගේ ආදර සිතිවිලි මගින් එකට බැඳී පවතින බවයි, ඔවුන් පවසන්නේ. එමෙන්ම, කෙනෙක් දක්වන සිතිවිලි අනෙක් කෙනා කෙරෙහි බලපෑමක් හෝ ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට සමත් වන බවත් එම පර්යේෂණවලදී තහවුරු වී තිබෙනවා.

    අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

    උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    good post.
    වෙලාවක් ලැබුනාම කියවන්න හොඳ වටිනා ලිපි පෙළක් දැම්මට පින් හැමදෙනාටම