බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,477
    67,819
    113
    Hema tapparema rupayak saha rupayak dakina mamek ipadenawa.eka tama pancha upadanaskhnada dukhha kivve.eka kchanayaka meka dekkoth aluth karma ekathu wenne ne.
     
    • Like
    Reactions: elakiriaddict

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ප්‍රශ්නය තුළම පැටලිලි සහගත බවක් පෙනෙනවා ඒ හින්දා ප්‍රශ්නය ටිකක් සරල කරගෙන බලමු.
    සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්.
    මේ වචන තුළ තියෙන්නෙ පෙර ජීවිත, ඊළඟ ජීවිත අපිට පෙනෙන්නැති නිසා "සසර බියකරුයි" කියන එක ගැන අපිට විශ්වාසයක් නෑ කියන එක.

    ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ
    කෙනෙක් නිවන් දකින ප්‍රතිපදාව අනුගමනය කිරීමට (ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමට) පෙළඹෙන්න හේතු වන කරුණ ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනස් වෙන්න පුලුවන්.

    ධර්මය හොඳින් අහලා, ඉගෙනගෙන, තමන්ට හැකි පමණින් ප්‍රගුණ කළ කෙනා....
    1. ඒ ධර්මය සත්‍ය බව අත්දකිනවා (උදා: බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනාවක් ප්‍රගුණ කරලා, ඒ භාවනාව තුළින් තමන්ට ලැබෙන සමාධිය, ධ්‍යානය අත්දකිනවා)
    2. මෙවැනි ධර්මයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන්ම සත්‍යයක් බව දැනගන්නවා
    3. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයක් බව දැනගන්නවා
    4. ඒ තුළින් තේරුම් ගන්නවා "එහෙනම් බුදුරජාණන් වහන්සේ සසර ගැන දේශනා කළ දේත් ඒකාන්තයෙන්ම සත්‍යයක්මයි" කියලා

    එහෙම කෙනා තේරුම් ගන්නවා පෙර ජීවිත, ඊළඟ ජීවිත අපිට පෙනෙන්නැති වුණත් "සසර බියකරුයි" කියන එක සත්‍යයක්මයි කියලා.

    ඒ බියකරු, අවසානයක් නැති සසරෙන් නිදහස් වෙන්න ඔහු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වඩනවා.
     
    • Like
    Reactions: neo7x and ChamodhK

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life%2C_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life%2C_Trongsa_dzong.jpg

    මේක සම්පුර්නයේනම මම දන්නෙ නැති නිසා අහන ප්‍රශ්නයක් ඒ හින්දා දන්නා කෙනෙක් මට කියල දෙන්න.

    දැන් අපි කියනවනේ සසර බියකරුයි ඒ හින්ද සසර කෙළවර කරගන්න නම් නිවන් දකින්න ඕන කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා (ඇත්තටම මේක මගෙන් ඇහුවේ අපේ තාත්තා)

    ප්‍රශ්නය: සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්. ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ කියන ඒකයි මට හිතෙන්නේ

    මම හිතන උත්තරේ: සිදුහත් කුමාරයාගේ කාලෙත් මේ සසර කියල එකක් තියෙන බවත් අපි නොයෙක් ආත්ම වල ඉපදිලා සැප/දුක විදින බවත් දැනගෙන ඉදලා තියෙනවා. අනිවාර්යෙන්ම සිදුහත් කුමාරයත් ඒ බව සහ ඒ දුක අඩු කිරීමට/නැති කිරීමට ඒ කාලේ තිබ්බ ක්‍රම දැනගෙන ඉන්න ඇති. එනිසා උන්වහන්සේට එසේ කරන්න වුවමනා වුනානම් ඒවා කරනවා. නමුත් උන්වහන්සේ ට අවශ්‍ය වුණේ මේ භාවයේ අපට ඇතිවෙන දුක් - සතර පෙරනිමිති වල දැකපු මහලු වීම, මියයාම සහ අනිත් දුක්- ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේ ඒවා (ඒවානම් අනිවාර්යෙන් දුකක් කියල අපිට පිළිගන්න වෙනවා වගේම ඒක නැති කරගන්න අපි හැමෝම කැමතියි) නැති කරගන්න. (මොකද අපි කොච්චර තාවකාලික සැප ගත්තත් මේ දුක් අනිවාර්යෙන් එනවා කියල උන්වහන්සේට තේරුම් ගිය නිසා)

    මේ ටික sure නැහැ: උන්වහන්සේ අවසානයේ මේ සියලු දේ වල යතා ස්වභාවය දැනගතත නිසා සිතේ ඇතිවන තන්හාව (ඇලීම ) නැති කළා ඒ හින්ද මේ භඑයේ දුක් වලින් නිදහස් වුණා. නිවන් දැකීම මට අනුවනම් bonus එකක් වගේ එකකට හමුවුන දෙයක්

    ඔයාල මොකද්ද හිතන්නේ. මම වැරදිනම් නිවැරදි කරන්න.

    චායාරූප විකිපීඩියා ගෙනි: https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life,_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life,_Trongsa_dzong.jpg
    හොඳ ප්‍රශ්නයක් නිසා යමක් ලියන්න හිතුන.... :-)

    ඔබතුමාගෙ ප්‍රශ්නය ... බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?, කෙටි පිළිතුර නැහැ... බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි මම දන්නා විදියට බුදු දහමේ එකම අරමුණ ජාති දුක නිරෝධය පමණමයි.

    ඔබතුමාගෙ පිළිතුරේ සඳහන් කල "මේ භාවයේ අපට ඇතිවෙන දුක්" කියල මේ කියන්නෙ ඇත්තටම දුක් නෙමෙයි, ඒවා විඳවීම්... මේ ලෝකෙ දුකක් කියල එකක් තියෙනව නම් ඒ ජාති දුක පමණයි නමුත් ඒක ප්‍රඥා ගෝචර එකක් මිස ඉන්ද්‍රිය ගෝචර එකක් නෙමෙයි. ඉන්ද්‍රිය ගෝචර අමිහිරි වේදනා වලට අපි දුක් කිව්වට ඒවා ඇත්තටම විඳවීම්. සමහර අය මේ දෙක එක ගොඩකට දාගෙන, දන්නා දුකයි නොදන්නා දුකයි කියල දුක් දෙකක් ගැන කතා කරනව, නමුත් මේ තියෙන්නෙත් හේතු සහ ඵල (cause & effect).

    ජාති දුක ... මේක theory එකක් ( ප්‍රඥා ගෝචරයි) - cause
    විඳවීම ... ජාති දුක නිසා ඇතිවෙන දැනෙන දේ, (ඉන්ද්‍රිය ගොචරයි) - effect

    කෙනෙක් කියනව නම් බුදු දහමේ අරමුණ නිවන් දැකීම කියල... මේ කියන්නේ label ගැසීමක්, සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම ගියේ නිවන් දකිනව කියලද? නැත්නම් විඳවීම නැති කිරීමට ක්‍රමයක් හොයන්නද?
     
    • Like
    Reactions: italymad

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life%2C_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life%2C_Trongsa_dzong.jpg

    මේක සම්පුර්නයේනම මම දන්නෙ නැති නිසා අහන ප්‍රශ්නයක් ඒ හින්දා දන්නා කෙනෙක් මට කියල දෙන්න.

    දැන් අපි කියනවනේ සසර බියකරුයි ඒ හින්ද සසර කෙළවර කරගන්න නම් නිවන් දකින්න ඕන කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා (ඇත්තටම මේක මගෙන් ඇහුවේ අපේ තාත්තා)

    ප්‍රශ්නය: සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්. ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ කියන ඒකයි මට හිතෙන්නේ

    මම හිතන උත්තරේ: සිදුහත් කුමාරයාගේ කාලෙත් මේ සසර කියල එකක් තියෙන බවත් අපි නොයෙක් ආත්ම වල ඉපදිලා සැප/දුක විදින බවත් දැනගෙන ඉදලා තියෙනවා. අනිවාර්යෙන්ම සිදුහත් කුමාරයත් ඒ බව සහ ඒ දුක අඩු කිරීමට/නැති කිරීමට ඒ කාලේ තිබ්බ ක්‍රම දැනගෙන ඉන්න ඇති. එනිසා උන්වහන්සේට එසේ කරන්න වුවමනා වුනානම් ඒවා කරනවා. නමුත් උන්වහන්සේ ට අවශ්‍ය වුණේ මේ භාවයේ අපට ඇතිවෙන දුක් - සතර පෙරනිමිති වල දැකපු මහලු වීම, මියයාම සහ අනිත් දුක්- ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේ ඒවා (ඒවානම් අනිවාර්යෙන් දුකක් කියල අපිට පිළිගන්න වෙනවා වගේම ඒක නැති කරගන්න අපි හැමෝම කැමතියි) නැති කරගන්න. (මොකද අපි කොච්චර තාවකාලික සැප ගත්තත් මේ දුක් අනිවාර්යෙන් එනවා කියල උන්වහන්සේට තේරුම් ගිය නිසා)

    සසරෙ සැබැ බියකරු බව ( සුලගට අසුවුන පරඩැලක් අසරනව නිමක් කොනක් නැතිව යන ගමන මෙන්, කර්ම පතයට අසුවුන සත්වයගේ ගමන ) දකින්නෙ මාර්ග පල ලාභියෙක්..

    හැබයි, දර්මයට එන්න කෙනෙ කෙනාට අදාල විවිද හේතු තියෙන්නෙ පුලුවන්...පටාචාර අවේ ඒ ජීවිතයේ තිබුන, අදික දුක නිසා.. තව් කෙනෙක් එන්න පුලුවන් උපරිම සැප විදල කල කිරිල..තව කෙනෙක් එන්න පුලුවන් මේ ජීවිතයේ අර්තය මොකක්ද කියල හොයන අරමුනෙන්..

    මේ ටික sure නැහැ: උන්වහන්සේ අවසානයේ මේ සියලු දේ වල යතා ස්වභාවය දැනගතත නිසා සිතේ ඇතිවන තන්හාව (ඇලීම ) නැති කළා ඒ හින්ද මේ භඑයේ දුක් වලින් නිදහස් වුණා. නිවන් දැකීම මට අනුවනම් bonus එකක් වගේ එකකට හමුවුන දෙයක්

    ඔයාල මොකද්ද හිතන්නේ. මම වැරදිනම් නිවැරදි කරන්න.

    චායාරූප විකිපීඩියා ගෙනි: https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life,_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life,_Trongsa_dzong.jpg

    රාගක්කයෝ නිබ්බානම්, ද්වෙශක්කයො නිබ්බානම්, මෝහක්කයෝ නිබ්බානම්....

    රාග+ද්වෙශ+මෝහ = තන්හා

    ඉතින් තන්හාව ක්ශය කිරීමම නිරිවානය තමයි... අයෙ බෝනස් එකක් නෙවේ..

    හොඳ ප්‍රශ්නයක් නිසා යමක් ලියන්න හිතුන.... :-)

    ඔබතුමාගෙ ප්‍රශ්නය ... බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?, කෙටි පිළිතුර නැහැ... බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි මම දන්නා විදියට බුදු දහමේ එකම අරමුණ ජාති දුක නිරෝධය පමණමයි.

    එතකොට ජාති නිරොදයයි, නිර්වානයයි කියන්නෙ දෙකක්ද?

    ජති නිරොදය කියන්නෙ මොකක්ද? නිර්වානය කියන්නෙ මොකක්ද?
    ------ Post added on Sep 20, 2023 at 10:51 PM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එතකොට ජාති නිරොදයයි, නිර්වානයයි කියන්නෙ දෙකක්ද?

    ජති නිරොදය කියන්නෙ මොකක්ද? නිර්වානය කියන්නෙ මොකක්ද?
    ------ Post added on Sep 20, 2023 at 10:51 PM
    මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි. ජාති කිව්වට. ජාති දුක. ඉතිං ජාති දුක නිරෝධය තමයි නිවන.

    නමුත් යමෙක් එයට වෙන අර්ථයක් දෙනවනම් අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ...
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි. ජාති කිව්වට. ජාති දුක. ඉතිං ජාති දුක නිරෝධය තමයි නිවන.

    නමුත් යමෙක් එයට වෙන අර්ථයක් දෙනවනම් අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ...

    "ඔබතුමාගෙ ප්‍රශ්නය ... බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?, කෙටි පිළිතුර නැහැ... බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි මම දන්නා විදියට බුදු දහමේ එකම අරමුණ ජාති දුක නිරෝධය පමණමයි."

    "මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි."

    :confused:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "ඔබතුමාගෙ ප්‍රශ්නය ... බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?, කෙටි පිළිතුර නැහැ... බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි මම දන්නා විදියට බුදු දහමේ එකම අරමුණ ජාති දුක නිරෝධය පමණමයි."

    "මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි."

    :confused:
    ඔව්, යමෙක් නිවන් දැකීම කියන එකට ජාති දුක නිරෝධය හැර වෙන අර්ථයක් දෙනවනම් (ඔය නැවත ඉපදීම නැති කිරීම වගෙ) අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ... කියන එකයි මම කියන්න උත්සහ කලේ...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව්, යමෙක් නිවන් දැකීම කියන එකට ජාති දුක නිරෝධය හැර වෙන අර්ථයක් දෙනවනම් (ඔය නැවත ඉපදීම නැති කිරීම වගෙ) අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ... කියන එකයි මම කියන්න උත්සහ කලේ...
    ඉතිං "ජාති දුක නිරෝධය" වගේ ජරා දුක, ව්‍යාධි දුක, ⁣මරණ, සෝක, පරිදේව, ....... ඔය සියලු දුක් වල නිරෝධය කියන එක වැරදි නෑනෙ.

    * දුක (අවබෝධ කිරීම)
    * දුකේ හටගැනීම; තණ්හාව (ප්‍රහාණය කිරීම)
    * දුකේ නිරෝධය; තණ්හාව නිරුද්ධ වීම (සාක්ෂාත් කිරීම)
    * දුක නිරුද්ධ වන ප්‍රතිපදාව; ආර්ය අෂ්ඨාංගික මාර්ගය (ප්‍රගුණ කිරීම)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉතිං "ජාති දුක නිරෝධය" වගේ ජරා දුක, ව්‍යාධි දුක, ⁣මරණ, සෝක, පරිදේව, ....... ඔය සියලු දුක් වල නිරෝධය කියන එක වැරදි නෑනෙ.
    ඔහොම දුක් කොහෙද තියෙන්නෙ මහත්තය? ලෝකෙ දුක් තියෙන්නෙ එකයි, එක තමයි ජාති දුක... අනික් ටික ඔක්කොම විඳවීම්නෙ (ජාති දුක නිසා ඇතිවෙන)

    ජාති (දුක) පච්චයා >> ජරා, ව්‍යාධි, ⁣මරණ, සෝක, පරිදේව...(දුක නිසා විඳවීම්)

    * දුක (අවබෝධ කිරීම)
    * දුකේ හටගැනීම; තණ්හාව (ප්‍රහාණය කිරීම)
    * දුකේ නිරෝධය; තණ්හාව නිරුද්ධ වීම (සාක්ෂාත් කිරීම)
    * දුක නිරුද්ධ වන ප්‍රතිපදාව; ආර්ය අෂ්ඨාංගික මාර්ගය (ප්‍රගුණ කිරීම)
    මේ ටික ඉතිං හරි... ඔතන දුක කියන්නෙ ජාති දුක.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔහොම දුක් කොහෙද තියෙන්නෙ මහත්තය? ලෝකෙ දුක් තියෙන්නෙ එකයි, එක තමයි ජාති දුක... අනික් ටික ඔක්කොම විඳවීම්නෙ (ජාති දුක නිසා ඇතිවෙන)
    ජාති'පි දුක්ඛා, ජරා'පි දුක්ඛා, ව්‍යාධි'පි දුක්ඛා, ..... දම්සක් පැවතුම් සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේ, සච්ච සංයුත්තයේ බොහෝ තැන් වල තියෙනවා.
    "ඔය ඔක්කොම දුක් ය" කියන එක තමයි "දුක්ඛ ආර්ය සත්‍යය"

    ජාති පච්චයා >> ජරා, ව්‍යාධි, ⁣මරණ, සෝක, පරිදේව...(විඳවීම්)
    ඉපදීමත් දුකක්.
    ජරා, ව්‍යාධි, මරණ, .... ආදියත් දුකක්.
    * මෙතනදි දුක් විදිහට නෙවේ, පටිච්ච සමුප්පාදයේ අංග 12න් දෙකක් විදිහට ඔතනදි ඔහොම සඳහන් වෙන්නෙ.
    දුක් වශයෙන් සඳහන් වෙන්නෙ අර තැන් වල.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ජාති'පි දුක්ඛා, ජරා'පි දුක්ඛා, ව්‍යාධි'පි දුක්ඛා, ..... දම්සක් පැවතුම් සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේ, සච්ච සංයුත්තයේ බොහෝ තැන් වල තියෙනවා.
    "ඔය ඔක්කොම දුක් ය" කියන එක තමයි "දුක්ඛ ආර්ය සත්‍යය"

    ඉපදීමත් දුකක්.
    ජරා, ව්‍යාධි, මරණ, .... ආදියත් දුකක්.
    * මෙතනදි දුක් විදිහට නෙවේ, පටිච්ච සමුප්පාදයේ අංග 12න් දෙකක් විදිහට ඔතනදි ඔහොම සඳහන් වෙන්නෙ.
    දුක් වශයෙන් සඳහන් වෙන්නෙ අර තැන් වල.
    ඔව් එහෙම කියල තියෙනව තමයි නමුත් ජාති දුක ඇති වුනාට පස්සේ ඔය ඉතුරු විඳවීම් ටික නවත්වන්න බුදුන්ට වත් බැහැනේ , එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි.... ඔබතුමා දැකල තියෙනවද රහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය වල කොහේවත්:

    ජරාව ක්ෂය විය...
    ව්‍යාධි ක්ෂය විය...
    මරණය ක්ෂය විය... යනාදී වශයෙන් තියෙනව?

    තියෙන්නෙ ජාතිය ක්ෂය විය... කියලනෙ. තියෙන හැම එකම අමු අමුවේ ගන්නෙ නැතුව බුද්ධියටත් පොඩ්ඩක් ඉඩ දුන්නොත් නරකද?

    ජාතිය ක්ෂය වුනහම ඔය ඉතුරු ටික අදාළ නැහැනෙ...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව් එහෙම කියල තියෙනව තමයි නමුත් ජාති දුක ඇති වුනාට පස්සේ ඔය ඉතුරු විඳවීම් ටික නවත්වන්න බුදුන්ට වත් බැහැනේ , එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි.... ඔබතුමා දැකල තියෙනවද රහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය වල කොහේවත්:

    ජරාව ක්ෂය විය...
    ව්‍යාධි ක්ෂය විය...
    මරණය ක්ෂය විය... යනාදී වශයෙන් තියෙනව?

    තියෙන්නෙ ජාතිය ක්ෂය විය... කියලනෙ. තියෙන හැම එකම අමු අමුවේ ගන්නෙ නැතුව බුද්ධියටත් පොඩ්ඩක් ඉඩ දුන්නොත් නරකද?

    ජාතිය ක්ෂය වුනහම ඔය ඉතුරු ටික අදාළ නැහැනෙ...
    ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං.
    ඔතන ඔබතුමා කියපු "දුක යනු ඉපදීම විතරයි/ දුක යනු ජාති දුක විතරයි" කියලා අර්ථයක් නෑනෙ. එහෙම වැරදි අර්ථයක් දුන්නොත් අර උඩ සඳහන් කරපු බුද්ධ වචනය එක්ක ගැළපෙන්නෙත් නෑ.

    * මේක කියවන අයගේ දැනගැනීම සඳහා:- මේ ධර්මය තුළ පරස්පරතා තිබීමක් නෙවේ. මෑත කාලීනව යම් පිරිසක් අනිච්ච/අනිච්ඡ ආදී වශයෙන් ධර්ම කරුණු වලට වෙනස් (වැරදි) අර්ථදැක්වීම් ලබාදීලා තියෙනවා. ඒවා ත්‍රිපිටකයේ සඳහන් කරුණු සමග ගැළපෙන්නෙ නෑ.