ඔබ තුමාගේ ප්‍රස්නේ අපැහැදිලියි. සසර බියකරු නිසා සසර කෙලවර කරගන්ඩ ඔනෑ කියලා තිබෙද යන්න පුරස්නයක්.![]()
මේක සම්පුර්නයේනම මම දන්නෙ නැති නිසා අහන ප්‍රශ්නයක් ඒ හින්දා දන්නා කෙනෙක් මට කියල දෙන්න.
දැන් අපි කියනවනේ සසර බියකරුයි ඒ හින්ද සසර කෙළවර කරගන්න නම් නිවන් දකින්න ඕන කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා (ඇත්තටම මේක මගෙන් ඇහුවේ අපේ තාත්තා)
ප්‍රශ්නය: සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්. ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ කියන ඒකයි මට හිතෙන්නේ
මම හිතන උත්තරේ: සිදුහත් කුමාරයාගේ කාලෙත් මේ සසර කියල එකක් තියෙන බවත් අපි නොයෙක් ආත්ම වල ඉපදිලා සැප/දුක විදින බවත් දැනගෙන ඉදලා තියෙනවා. අනිවාර්යෙන්ම සිදුහත් කුමාරයත් ඒ බව සහ ඒ දුක අඩු කිරීමට/නැති කිරීමට ඒ කාලේ තිබ්බ ක්‍රම දැනගෙන ඉන්න ඇති. එනිසා උන්වහන්සේට එසේ කරන්න වුවමනා වුනානම් ඒවා කරනවා. නමුත් උන්වහන්සේ ට අවශ්‍ය වුණේ මේ භාවයේ අපට ඇතිවෙන දුක් - සතර පෙරනිමිති වල දැකපු මහලු වීම, මියයාම සහ අනිත් දුක්- ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේ ඒවා (ඒවානම් අනිවාර්යෙන් දුකක් කියල අපිට පිළිගන්න වෙනවා වගේම ඒක නැති කරගන්න අපි හැමෝම කැමතියි) නැති කරගන්න. (මොකද අපි කොච්චර තාවකාලික සැප ගත්තත් මේ දුක් අනිවාර්යෙන් එනවා කියල උන්වහන්සේට තේරුම් ගිය නිසා)
මේ ටික sure නැහැ: උන්වහන්සේ අවසානයේ මේ සියලු දේ වල යතා ස්වභාවය දැනගතත නිසා සිතේ ඇතිවන තන්හාව (ඇලීම ) නැති කළා ඒ හින්ද මේ භඑයේ දුක් වලින් නිදහස් වුණා. නිවන් දැකීම මට අනුවනම් bonus එකක් වගේ එකකට හමුවුන දෙයක්
ඔයාල මොකද්ද හිතන්නේ. මම වැරදිනම් නිවැරදි කරන්න.
චායාරූප විකිපීඩියා ගෙනි: https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life,_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life,_Trongsa_dzong.jpg
බුද්ධ වචනයේ එන්නේ "ලොකෝ පටිත්තිථෝ දුක්ඛෝ" - ලෝකය දුක මත පිහිටියේය යනුවෙනි. ඒ කියන්නේ ලෝකය කියල මෙතන ගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර , විඥ්ඥාන කියන පංච උපාදානස්කන්ධය, මේ පහෙන් ඇර ලෝකය හරි විස්වය හරි තියෙනවද, තිබ්බද, නැද්ද? ආදී වසයෙන් "දැනගන්ඩ " ක්‍රමයක් නෑ.
දැන් මේ කියන දුක අපිට පේනවද දැනෙනවද? ලෝකයම දුක මත පිහිටලා තියෙන්නේ කියලා මේ රස්සාවල්, ගෑනු , මේන්ටේන් කොරන අපිට පේනවද? නෑ නේ.
ඒක තමයි දුක කියන ඒක ආර්ය්‍ය සත්‍යක් වෙන්නේ. ඒක මේ උදේ හවස බණ අහන උන්ට පේන එකක් නෙවෙයි. පිරිසිඳ දැක ගතයුතු සත්‍යක්. දුක කියන ආර්ය සත්‍ය පිරිසිඳ දකින්න, අවබෝද කොරන්න ඕනේ එකක්. ඒ ක නොදන්න සත්වයා තමයි ලෝකය සැපයි කියලා ගන්නේ. ලෝකය සැපයි, නිත්‍යයි, ආත්මයි, කියල ගන්නේ අවිද්‍යාව නිසා නේහ්.
අපිට අනාගතයේ වෙන්ඩ තියෙන දේ ගැන නොදැනුවත් කම නිසා අනාගතයේ එන දුක නැති වෙන්නෙත් නෑ, "අපි" කියලා ගන්න එකත් වැරදියි. "අපි" ට අතීතයේ වුන දුක් ගැන දැනුවත් කමක් නැති වීම නිසා අතීතයේ දුක් නොවින්දෙක් හිටියා වෙන්නෙත් නෑ.
ධර්මය ගැන දැනුම වැඩිකර ගන්ඩ.