බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

Jul 5, 2012
1,773
265
0
//ඇමරිකාවේ පිළිකා රෝගයෙන් මිය යන අයගෙන් සියයට හතළිහක්‌ මාංශ අනුභව කරන්නන් බව සොයාගෙන ඇත.//:lol::lol:

එතකොට අනිත් 60% කෑවේ ආප්පද?? මාංශත් නොවන නිර්මාංශත් නොවන ආහාරයක්ද?? නොදන්න මගුල් කතා කරලා අන්‍යාගමිකයන්ට ජෝක් වෙනව කියන්නෙ මේවට තමයි.:rofl::rofl:
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ලොක්ක , එදත් කිව්වා අදත් කියන්නේ මාංශ අනුභවය ප්‍රාණඝාතයට අනුබලදීමක් තමයි. එකෙන් පවක් සිද්දවෙනවාමයි. හැබැයි අපි දෙන දානේ වළඳන භික්ෂුන් වහන්සේලාට නෙවෙයි, ගිහි අපිට. මේ සරල සත්‍ය දේ තේරුම්ගන්න තරම් ලොක්කගේ මොලේ මෝරලා නැහැ. මෝරන එකකුත් නැහැ. මොකද හෙතුපලවාදය තේරුම්ගන්න නුවන තියෙන්න ඕන.
    ජීවක් සුත්‍රය,ආමගන්ද සුත්‍රය එහෙම කියවලා එන්නකො මල්ලී නිකම් ට්‍රම්පට් වාදනය කරන්නෙ නැතුව.:)
    ඔයාගෙ ටිකිරි මොලේට තරමෙ හැටියට තෙරුම්ගන්න බලන්න. :lol:
    දෙවත්ත නිකායට වැඩි කල් ආයුශ නෑ ගොය්යො......
    :no:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පොත වැඩ කරන්නෙ නෑනෙ:no::no::no:

    නිර්මාන්ශ ප්‍රශ්නය කියල සර්ච් කරල බලපන් කිරිබත්ගොඩ හාමුදුරුවො ලියපු පොතක්.
    එක කියවලා ඔබ තුමාගේ මේ මිත්යා මතය දුරු වේවා!
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113


    ඔයා හැම වෙලාවෙම මම කියන එකේ පොඩි කොටසක් අල්ලගෙන විතරක් දගලන්නෙ ඇයි...මුලින්ම කිව්ව අපිව අරමුනු කරගෙන මරන්නෙ නැති නිසා මස් කන එක හරියට එලවලු කනව වගෙම තමා කියලා..ඒක නිසා තමා මම පැහැදිලි කරල දුන්නෙ අපිව අරමුනු කරගෙන තමා උන්ව මරන්නෙ කියලා.ටිකක් ප්‍රායොගිකව හිතන්න ඔයා බෞද්දයෙක් විදිහට දන්නව තමන් නොකරපු දෙයකට පව් පිරෙන්නෙ නෑ කියල...මේක දිගු දාමයක්....ඒ මස් ඔයා කනවනම් විතරයි ඔය ඒ දාමයට සහභාගි වෙන්නෙ.අනික මම මේ හිතන් ඉන්න විදිහ අනුව මම දේවදත්ත පරපුරට අයිති වෙනවනම් එහෙම උනයි...අනික මම ඔයා වගේ ඔය ගොන් තර්ක ඉදිරිපත් කරල මගෙ මනසට මස් කන එක පවක් නෙවෙ කියල මෝඩ චූන් එකක් ගන්න ජාතියෙ නෙවෙයි...කොහොමත් මම මීට වඩා ඔයත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ..වැඩක් නැතිව මේ වගේ ගොන් ආතල් ගන්න එකේ තේරුමක් නෑ...ආ තව දෙයක් අර මම කලිනුත් කිව්ව මහ රහතුන් වැඩි මග ඔස්සෙ කියන ලිපි ටික හොයාගෙන කියවන්න ඔයාට තේරෙයි නියම බුදුදහම ඔයාල හිතනවට වඩා හුගක් ගැබුරු බව......

    මල්ලි දිවයින පත්තරේ නෙමෙයි තිපිටකය ,බුද්ධ දේශනා කියවපන්.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83


    ඔය දන්නවා කියන මහා ලොකු හාමුදුරුවන්ට මේ හය හතර නොදන්නා පොඩි එකාට තේරෙන දේ වත් තේරෙන්නේ නෑ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
    මෛත්‍රිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?
    (මස්‌ මාංශ අනුභවය 2)
    'සතර අපායෙන් මිදෙමු' - 56 කොටස



    එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා 'හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?' කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක්‌ පමණ මස්‌ මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස්‌ මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක්‌ කීවොත්, කුකුල් මස්‌ අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස්‌ මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස්‌ මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්‌ථාවලදී දානයට මස්‌ මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක්‌ හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්‌කේ නැහැ.

    භික්‍ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස්‌ වුණා. මේ මොහොතේ මේ ප්‍රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්‌. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්‌වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්‌වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්‌. එහෙම ස්‌වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් 'ඔබ මස්‌ මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි' කියලා , අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්‌. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්‌මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක්‌ නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්‌වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්‌වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා.

    තමාට සිතෙනවා නම්, මස්‌ මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක්‌ යෑයි භික්‍ෂුව මොනව හේතුවක්‌ නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්‌ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක්‌ වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්‌තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්‌තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්‌ඨ§යයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක්‌ ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද?

    ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්‌වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්‌තිය, තන්හාව මාන්නය සහ දිට්‌ඨ§යට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ, මස්‌ මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස්‌ මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක්‌ දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස්‌ මාංශ අනුභව කරන මධ්‍යස්‌ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මතයි.

    පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස්‌ මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝaධය ලැබීමත් අතර සම්බන්ධයක්‌ තිබෙනවා කියලා. භික්‍ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස්‌ මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්‌මන් වන බව පමණයි.

    පිංවත් ඔබ මස්‌ මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්‌තිමත් යමක්‌ අල්ලාගන්නේ නම්, මස්‌ මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්‍ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස්‌ මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්‍ෂුවට මේ සම්බන්ධව මතයක්‌ නැහැ. මතයක්‌ කියන්නේ දෘෂ්ටියක්‌. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක්‌ දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි.

    භික්‍ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්‌, ආහාරයක්‌ පූජා කළත් එය මස්‌, මාලු, එළවළු, බත් වශයෙන් භික්‍ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්‍ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක්‌ වශයෙනුයි භික්‍ෂුව දකින්නේ. භික්‍ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක්‌ වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක්‌ ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්‌වභාවයන් පසක්‌කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්‌ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්‍රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක්‌ ගැනීමට, අනුන්ගේ උපදෙස්‌ ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්‍රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්‌වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්‌තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්‌වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක්‌ නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක්‌ ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ.

    මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්‌මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස්‌ මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්‌ස ආහාර, මනෝ සංෙච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක්‌ බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්‌සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස්‌ මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්‌වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න.

    ඉන්ද්‍රජිත් සුබසිංහ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    [http://www.divaina.com/2013/12/22/naka16.html
    කොටු දොළහෙන් බලාගන්න
    නොකළ කුසල් කළ අකුසල්!

    මතුගම ජයනෙත්ති

    ජන්මියකුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂාවෙන් අයහපත් කාලයට කළයුතු ප්‍රතිකර්ම කවරේද? නිවසක ගෘහ මූලිකයා ඇතුළු සියලුදෙනාටම එකම කාලය යහපත් විය නොහැකිය. යහපත අයහපත විවිධ ග්‍රහ බලපෑම් අනුව විවිධ ස්‌වරූපයෙන් ගොනුවෙයි.

    මෙහිදී අප විමසිලිමත් විය යුත්තේ විවිධ වූ ග්‍රහ පිහිටීම් පිළිබඳවය. පවුලේ අසමගිය රෝගාබාධ රැකියා කරදර නීතිමය ගැටලු අනතුරු ආදී බාහිරව ගොනුවන අපලකාරී කරදරද අසුබ ග්‍රහ පිහිටීම් අනුව ඇතිවන අයහපත් ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකිය. විවිධ අපලකාරී ග්‍රහ බලවේගයන් ගොනු වූ සාමාජිකයන් වසන නිවසක කළ යුතු බලවත් වූ ශාන්තිකර්මයක්‌ වන්නේ සිල්වතුන් වෙනුවෙන් දානමය පින්කමක්‌ පැවැත්වීමයි. දේවදාන, කිරිඅම්මාවරුන්ගේ දානය වැනි දානයන් අතර සිල්වතුන් හටදෙන දානය මහත් අනුහස්‌ සහිතය.

    භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් සාංඝික දානයක්‌දීම නිවැසියන්ගේ යහපතටත් මියගිය ඥතිමිත්‍රාදීන්ගේ යහපතටත් හේතුවෙයි. ග්‍රහ අපල, ඇස්‌වහ කටවහ, හෝ වහ දෝෂ ආදී බොහෝ දෝෂයන් සමනය සංඝරත්නය විෂයෙහි දෙන දානය බලවත්ය. මෙම දානය පිරිසුදුව නිර්මාංශ ආහාරයෙන් සකසාදීම පිදීම මහත් කුසල් අත්වන නිවැරදි දානමය පූජාවකි.

    මස්‌මාංශ අනුභවය සහ එය සිල්වත් දානයකට ඇතුළත් කිරීමෙන් වන ඵලවිපාකයන් විමසුම් කිරීම වර්තමානයට ඉතා යහපත්ය.

    දේව දානයක්‌ සැකසීමේදී එය මුකවඩාම් අත්වැසුම් හිස්‌වැසුම් පැළඳ සකස්‌ කිරීම එහි සුපිරිසුදු බව ආරක්‍ෂා කිරීමකි. උඩුවියන් බැඳ සකස්‌ කරන මෙම මුරුතැන් බත සැකසීමේදී එය ශුද්ධ වූ දේව දානයක්‌ ලෙස සැලකෙයි. දානය සකස්‌ කරන්නන්ද මස්‌ මාංශයන්ගෙන් වැළකී එම කටයුතු වල නිරත වෙයි.

    බුද්ධ, ධම්ම, සංඝ යන තිසරණය දෙවියනට වඩා උතුම්ය. දෙවියන්ද තිසරණය කෙරෙහි අවනතය. බැතිබරය. දෙවියන් මස්‌ මාංශ පිළිකුල් කරන්නේ නම්, දේව දානයකට මස්‌ මාංශ අනුගත නොකරන්නේ නම් බුද්ධ පුත්‍රයන් වෙත මස්‌ මාංශ සකස්‌ කොට පිදීම බලවත් පාපයකි. එයින් අත්වන කුසලයක්‌ නැත. බලවත් වූ අකුසලයක්‌ නොදැනුවත්කම නිසා තමන් වෙත ළඟා කර ගැනීම සිදුවෙයි.

    යමෙකු මිය ගිය පසු එය මළ සිරුරකි. එහි නරක්‌වීම හෙවත් කුණුවීම ඇරඹී ඇත. මිනීමස්‌ කෑ යක්‍ෂයන් ගැන අතීතයේ සඳහන්ය. ආහාර ලෙස මළකුණු කෑම එම පාපකාරී ආත්මභාවයන්හි පලවිපාකයි.

    තිරිසන් සතුන් අනෙක්‌ සතුන් මරා මස්‌ කෑම එම තිරිසන් ආත්මභාවයන්හි ලක්‍ෂණයන්ය. අප්‍රිකාව ආදී රටවල්හි මිනීමස්‌ බුදින මිනිසුන් සිටි බව පැවසෙයි. වර්තමානයේදීද සිටින්නට පුළුවන.

    මිනිසත්භාවය ලැබුවද අකුසල් කර්ම බලයෙන් ඔවුන් එවැනි දේශයන්හි උපත ලබා ඇත. ඇතැමුන් ගව, කුකුල්, එළු ආදී සතුන් බිළි පුද පූජා සඳහා තබනුයේ යහපත් වූ දෙවියන් වෙනුවෙන් නොවේ. එයට ආකර්ෂණය වන්නේ ලේ මස්‌ වලට ගිජු පහත් යක්‍ෂ ප්‍රේත ආත්මයන්ය. පෙA්‍රත තටු ගොටු සඳහා පුළුටු තැබීමද එවැනි ක්‍රියාවකි. ප්‍රේත පිසාච ආදී පහත් අමනුෂ්‍ය පිරිස්‌ දියගොඩ මස්‌ සහිත පුළුටු ප්‍රිය කරති. ඔවුන් ආකර්ෂණ වන්නේ එවැනි දෑටය. තටු ගොටු සඳහා මෙම පුළුටු තැබීම යනු එම බලවේගයන් තුටුකොට පලවාහැරීමකි. මෙය යක්‌ ඇදුරන්ගේ ගුප්ත උපක්‍රමකි.

    යහපත් සමාජය තුළ මස්‌ මාංශ පරිභෝජනය පිළිකුල් සහගතය. පස්‌පවින් වැළකීමේ පළමු සිල්පදය ප්‍රාණඝාතයෙන් වැළකීමයි.

    මත්පැන් දුම්වැටි පානය කළ පසු මුවෙන් නිකුත් වන්නේ එහි දුඟඳය. ශරීරය ඇතුළත ස්‌නායු දුබල කරවමින් නොයෙකුත් අතුරු ආබාධ සලකුණු හඟවමින් එම දුගඳ මිනිසාගේ මුවෙන් නිකුත් වෙයි.

    මස්‌ මාංශ අනුභවයෙන්ද මිනිසාගේ මුවින් පිටවන්නේ උදරයෙන් එන එම මස්‌ මාංශයෙහි දුගඳය. එවන් දුගඳ හමන මුවකින් රැකෙන පංචශීලයක්‌ හෝ පුදන ශීලයක්‌ නැත. අනුමෝදන් කරන කරවන පිනක්‌ නැත.

    මස්‌ මාංශයෙන් කුස පුරවාගත් අයකු පළමු කොට පින් අනුමෝදන් කළ යුත්තේ මාංශ දානය වෙනුවෙන් දිවි කැපකළ අසරණ සත්වයා වෙනුවෙනි.

    පංචශීලයෙහි සිත පිහිටුවාගෙන මස්‌ මාංශ වැළඳීමෙන් පිදීමෙන් අත්වන්නේ අකුසලයකි.

    මාංශයකැයි නොදන්නා හෙයින්ද? අප වෙනුවෙන් මරා නොමැති හෙයින්ද අප නොදුටු මළ සතෙකුගේ මාංශයක්‌ හෙයින්ද එම මාංශ වැළඳීම වරදක්‌ නැත යන්න තමන් රවටා ගැනීමකි. තම වාසිය වෙනුවෙන් ගොතන ලද මස්‌ ධර්මයකි. එය සද්ධර්මය නොවන්නේය. මස්‌ අනුභවකොට යමෙකුට පින් අනුමෝදන් කිරීම යනු අපාගත වන පාපයකට මුල පිරීමකි.


    මාංශ භක්‍ෂකයන්ගේ ශරීරය උෂ්ණ සහිතය. ස්‌වසන ආබාධ බහුලය. රාගය කෝපය ප්‍රවේගකාරී ලෙස ඇවිලෙයි. මාංශ භක්‌ෂකයා තුළ තමනට ගොදුරු වූ සත්වයාගේ තිරිසන් ගති මතුවෙයි. එයින් මතුවන කාය ශක්‌තියද අහිතකරය.

    කොසඹෑනුවර උදේනි රජුගේ භද්‍රdවතී ඇතින්න වයස්‌ගත වීමේදී රාජ්‍ය අනුග්‍රහය නොමැතිව අසරණ වූවාය. කළගුණ සැළකීමේ ආදීනව රජුහට පහදා දීමෙන් බුදුහිමියන් භද්‍රdවතී ඇතින්න හට පිහිට විය. කොලු පිරිසකගේ ගැහැට විඳි ගැරඬියකුට බුදුන්වහන්සේගේ මහා කරුණාවෙන් පිහිට ලැබිණි.

    මස්‌ වැළඳීමෙන් පන්සිල්හි පළමු සිල් පදය බිඳෙයි. අන්සතු ප්‍රාණයක්‌ මාංශයක්‌ වැළඳීම රස තණ්‌හාවෙහි ඇලීම මුසාබස්‌ පැවසීම ආදී කරුණු විමසුම් කිරීමේදී අනෙකුත් සිල් පදයන්ද බිඳී යන්නේය.

    ඉල්ලනදේ දීම කුසල් ලෙස සිතීමද මුලාවකි. යාචකයකු මත්පැන් ඉල්ලන්නේ නම් එය දීමද ඉල්ලනදේ දීම අනුව කුසල් විය යුතුය. සියල්ල තම නැණ නුවණින් අවබෝධ කර ගැනීම යහපත්ය.

    යමෙකුගේ ඉල්ලීමට මාංශ සකසාදීම ප්‍රාණඝාතයට අනුබලදීමකි. නොවළඳනදේ නොපිදීමත් නොවළඳනාදේ අතගසා ප්‍රතික්‍ෂේප කිරීමත් රාගාදී කෙලෙස්‌ ප්‍රහීණ වන දීර්ඝායුෂ සම්පත් හිමිවන යහපත් පිළිවෙතකි.

    පංචශීලය බිඳිමින් දෙන්නේ දුසිල් දානයකි. එය අරිටු ග්‍රහ බල මෙලොවම විපාක දීමකි. එය අවබෝධ කර ගැනීම දන් පින් කරන්නා දුසිල් දානයෙන් මිදීමටත් ග්‍රහ අපලයන් සමනය කර ගැනීමටත් මාර්ගය සකසා ගැනීමක්‌ වන්නේය. නොකළ කුසල් කළ අකුසල් අවබෝධ වන්නේ එවිටය.

     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මල්ලි දිවයින පත්තරේ නෙමෙයි තිපිටකය ,බුද්ධ දේශනා කියවපන්.

    එතකොට ත්‍රිපිටකයේ තියෙන්නේ මස් මාළු කාපන් කියලද ,හැබැයි උඹලා අදහන හාමුදුරුවෝ ගාව අභිධර්ම පිටකයක් නෑනේ ,ඒ කියන්නේ ටුපිටකයක් තියෙන්නේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,257
    24,992
    113
    tracing Geo-location.. ... ...
    mas kana eka paw nahamai kiyamu.aduma gane ehema kiyala methana ka gahana ayata adahasakwath nadda thaman noka hitiyoth asarana sathekge jeewithayak berei kiyala?:(

    maha ganburakata nogiyath e sathage jeewithaya wenuwen mas noka hitiyoth thaman karana kapa kireeme watinakamak nadda?:(

    අනිවා මචන්.. අපේ කාව හරි මරල කනවා නම් අපිට තේරෙයි.. ගෙදර ඉන්න බලල පුස මැරුණම මිනිස්සු දුක් වෙනවා.. මස් කඩේ එල්ලලා ඉන්න සතා ගෙනත් උයල කනවා.. කවුරු කොහොම කෑගැහුවත් මස් කන කෙනා කනවා නැති කෙනා කන්නේ නෑ.. හැබැයි ඒ වෙනුවෙන් බුද්ධ ධර්මය වෙනස් කරන්න හදන්න එපා.. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කෑවට පව් නෑ කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා. එක කිය කියා කට්ටිය කෑගහනවා.. ඒ විදියට තියන මස් කන එක පව් නැතුව ඇති. හැබැයි මස් කඩේ තියන මස් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය නෙවෙයි.. මස් සඳහා සත්තු මරන්නේ මස් කන පාරිභෝගිකයා වෙනුවෙන්. ඔයාගේ නම ලියල pack කරලා නැතුව ඇති.. හැබැයි පාරිභෝගිකයා වෙනුවෙන් මරණ සතාගේ මරණයට පාරිභෝගිකයාට පව් සිද්ද වෙන්න ඕනි. මිනිස්සු කන නිසා සත්තු මරණ මස් කඩ කාරයට විතරක් පව් සිද්ද වෙලා කන මිනිහට පව් නැති එක හරි අමුතු නැද්ද? පාරිභෝගික ඉල්ලුමක් නැත්නම් මස් සැපයුමක් තියෙන්නේ නෑ නේ? මස් කන්නේ නැත්නම් මස් නිෂ්පාදන හැදෙන්නේ නෑ.. මොකද විකුණගන්න බැරි නිසා මිනිස්සු ඒ වෙළදාම කරන්නේ නෑ.. විකුණගන්න පුළුවන් කියන්නේ ඒ නිසා තමයි සත්තු මරන්නේ.. ඒ කියන්නේ කන අය නිසා තමයි මරන්නේ.. මට මේවා ලියල තියන තැන පෙන්නන්න කියන්න නම් එපා. කන අය කන්න.. විස්වාස කරන අය විස්වාස කරන්න.. තමන් කරගන්න පින් පව් තමයි තමන්ට තියෙන්නේ. මේකෙන් කව්රුහරි දෙයක් තේරුම් ගත්ත නම් මට ඇති. තර්ක කරලා දිනන්න උවමනාවක් නෑ..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    thread එක මුල ඉදන් බැලුවත් මමත් ඒවගේම කරුණු සදහන් කරලා තියෙනවා මචන් ,මස් මාළු කාලා පව් කියනවා නම් කමකුත් නෑ ,ඒක සාධාරණය කරන්නත් එක එක බහුබූත දානවා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    thread එක මුල ඉදන් බැලුවත් මමත් ඒවගේම කරුණු සදහන් කරලා තියෙනවා මචන් ,මස් මාළු කාලා පව් කියනවා නම් කමකුත් නෑ ,ඒක සාධාරණය කරන්නත් එක එක බහුබූත දානවා

    හලො මිස්ට මීවනපලාන