ඔව්, බුදු දහම කියන්නෙ බුදු වරු වත් අලුතෙන් හොයාගත් දෙයක් නොවෙයි. බුදු දහමෙ පැවැත්මට නම් කරන්න ඕනෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයටත් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම. "බුද්ධාගම" කියන්නෙ බුදු දහම වටා ගොඩනැගිල තියන ආගම. ඒ ආගමේ පැවැත්ම වෙනුවෙන් තමයි ඔය කියන අන්යාගමිකයො දායකත්වය ලබා දීල තියන්නෙ. ඒ නිසයි මෙහෙම කිව්වෙ. බුදු දහම අවබෝධ කරගෙන, ඒ කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එය අනෙක් අයටත් පෙන්නා දීපු කෙනෙක් වේ නම් "පෝෂණය" ට ඔය දී ඇති අර්ථකථනයෙන් ඔවුන් බුදු "දහම" පෝෂණය කළ අය කිව්වට වැරැද්දක් නැහැ. මේ කියන මහත්වරුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අනෙක් අයට අවබෝධ කිරීමට මග පෙන්නුවා දැයි මම දන්නෙ නැහැ.
කොහොම වුණත් අපට ආගම් භේද අවශ්‍ය නැහැ. ඒ බව තේරුම් ගන්න, අපේ අයට ඇස් ඇරෙන්න ඉතාම වටිනා පොටක් දැම්මට ස්තූතියි!
ow e point eka nam hari.....




