"සතිපට්ටානය" කියන්නේ මොකක්ද? ඒක *වඩන්නේ* කොහොමද?ඔබතුමා මේ කියන්නෙ...සොවාන් වෙන්න කලින් සතිපට්ටානයක් නැ කියලද?
එක්කො ඔබතුමාට පරචිත්ත ව්ජානනය තිටෙන්නෙ ඕනෙ මගේ හිත කියවන්න (පියොනට නම් මේක උපරිමයට තියෙනව, මම වඩන සතිපට්ටනයත් දන්නව..හිතන දේවලුත් දන්නව )...නැතිනම්, ඔබේ හිත වැඩ කරන විදිහ වෙන්න ඕනෙ මේ කියල තියෙන්නෙ...කොහොම උනත් තාර්කික සන්වාදයකදි හිතලු වලට අගයක් නැ.
ඉතින් එතනම ඔයා දෘස්ටි වල රෝස් අන්කල්..පටිච්චසමුපාදය දැකිම්ම දර්මය දැකීම කියන එකට විවාදයක් නැ..
"සතිපට්ටානය" කියන්නේ මොකක්ද? ඒක *වඩන්නේ* කොහොමද?
පෘථක්ජන ස්වභාවය දන්නේ, පෘථක්ජන භාවය පාස් කරලා ආර්ය භූමියට ආපු අය. ඉතින් ඕකට හිත් කියවන්න පුලුවන් වෙන්න ඕන්නැහැ රෝස් අන්කල්.![]()

අනිත් එක හිතලු තමයි මේ කතා කරන ඔක්කොම.. තර්ක කර කර ඉදලනම් නිවන් දකින්න වෙන්නැහැ..
ඉතින් එතනම ඔයා දෘස්ටි වල රෝස් අන්කල්..
පටිච්ච සමුප්පාදය දැකීම ධර්මය දැකීම කියද්දි අවුලක් නැති වෙන්නෙයි, x වෙන්න කලින් සතිපට්ටානය වඩන්න බැහැ කිව්වහම අවුල් වෙන්නෙයි ඒ නිසා.
ඇතුලත් අවුල්, පිතටත් අවුල් රෝස් අන්කල්.
සිහියනෙ මහත්තයො, යොනිසො මනසිකාරය...වෙන මොකක්ද?
පෘත්කජනයට අරමුනක් සමග ඇතිවන චිත්ත ස්වාභාවය කියන්න බැ නෙ...එකම අරමුනකට පෘතක්ජන දෙදෙනෙකුට එකම චිත්ත ස්වාභාවයම ඇතිවෙන්න ඕනෙත් නැ නෙ...එහෙම හරියටම කියන්න නම් අර කිව්ව හැකියාව තියෙන්න ඕනෙ...ඔබතුමාටයි, එතුමාටයි නම් ටක්කෙටම පිහිටල තියෙනව නෙ...බලන් හිටිය වගේ කිව්ව නෙවේ..ලැජ්ජවෙ බැ..තව මනව හරි මගේ හිතේ තිබුන දේවල් දැන ගත්තද දන්නෙ නැ...බයෙත් බැ..දැන්නම්![]()
තර්කෙන් නිවන් දකින්න නම් බැ..හැබයි, බුදු දහම කියල 10ක් දෙනා කියන 10ක් වැල් බයිල වලින් ගැලවෙන්න නම්, තර්කය, ත්‍රිපිටකය ඕනෙ වෙයි..අන්න එකයි මම කියන්නෙ..
කෙනෙක් කියන දේ තර්කයෙන් ත්‍රිප්‍රිටකයට ගැල පෙන්නෙ නැති නම්...ඉතින් එතනින් හිතා ගන්න පුලුවන් නෙ..
දුස්ටියෙන් ඉදලම තමයි මහත්තයො...ප්‍රජ්නාවට යන්නෙ...පෘතක්ජනයට තේරෙන මාර්ගයකින්ම තමයි, පෘතක්ජනය ගමන් කරන්නෙ පෘතක්ජන බාවයෙන් ඔබ්බට...
අන්දයට...පේනව කියන්න දෙන්නෙක් පාට පිලිබද කතා දෙකක් කියනව...ඔය දෙදෙනාගෙන් අන්දයට දැනෙන සුවද පිලිබද බොරු කියනව අන්දයටම වැරදි කියල තේරෙන...ඉතින් මහත්තයො, අන්දයට පාට නොපෙනුනාට..එ කතා දෙක හරිද වැරදිද කියල නොපෙනුනාට, අරු බොරු කාරයෙක් කියල තර්කයෙනම් තේරෙනවනෙ..
*සිහියෙන්නම්*,
කිරීමක් කරන් යන්නවත්, කරන දෙයක් නවත්වන්නවත් නැහැ..
ඉතින් **ඔයා** කොහොමද *සිහියෙන්* **වඩන්නේ**?
එහෙම තක්කෙට කියන්න බැහැ තමයි.. උදා. විහිදියට එහෙම අරන් පැහැදිලි කරලා දෙන්නේ හෝ නැත්තම් x විදිහට තමයි වෙනවා ඇත්තේ කියලා හිතලා ඒ අනුව පැහැදිලි කරන්නේ ඔයාට අල්ලගන්න ලේසි වෙන්න.
කොහෙද ඉතින්, දැක්ක ගමන්, උපාදාන වෙලා, දැක්ක දේ පෞද්ගලිකව ගන්නවනේ
ත්‍රිපිටකේ තියෙන දේවල් ගැන ඔයාට *අවබෝධයක්* නැහැනේ..
10 දෙනෙක් ඕක කියවලා දෘස්ටි 10 වැටෙනවනම්, ඔයා ඕක කියෙවවහම ඔයත් 11 වෙනි දෘස්ටියේ තමයි ඉන්නේ.. ඒ ඉන්න දෘස්ටීන් වලට අනුව කියන්නෙත් බයිලා තමයි 11 දෙනාම.
(1) කෙනෙක් කියන දේ.. නැත්තම්, සන්නා ටිකක් උපාදානය කරන්, ඒවා එක්ක විද්‍යාමාන වෙන දැනුම, ඒ විදිහටම පොතකින් දැකලා.. සන්නා ටිකක් උපාදානය කරන් ඒ ඒ හැඩතලයන්ට අනුව විද්‍යාමාන වෙන දැනුමක් සමග ගලපන්න යනවා..
(2) දෘස්ටියේ ඉදලා නෙමෙයි ප්‍රජ්නාවට යන්නේ. සියලු දෘස්ටි වලින් මිදිලා.
මේ වර්තමාන මොහොත තුල, බාහිර අරමුනු ටිකක්, නිත්ය සහ ආත්මව උපාදානය කරන් කරන් කරන මේ පිස්සු වැඩේ දකින්නැති ඔයා ඒ විද්‍යාමාන දැනුම උපාදාන කරන් හිතනවා, ඉදිරියේදි නිවන් දකින්න..
ඉතින් සබ්බේ පෘථක්ජනා උන්මත්තකා කියන්නේ ඒකයි. ඔය උන්මත්තක තැන ඉදන් ආපු නිසා තමයි මෙච්චර මේ ටයිප් කර කර කියන්නේ ඔය *අවුල* අල්ලගන්න පුලුවන් වෙයි කියලා හිතලා.
*අවුල* අල්ලගන්න කමටහන් මේ දෙන්නේ. මේකට *සිහිය* කිව්වත්, *සතිපට්ටානය* කිව්වත් *දම්රෝ ෆ්‍රිජ් එකක්* කිව්වත් මට සත පහක වෙනසක් නැහැ. අවුල අල්ලගන්න එක ඔයාට භාරයි.
ඕක ගැලපෙන්නැති උදාහරනයක්.
ඔයාගේ පන්චඋපාදානස්කන්දයම, නැත්තම් *දැනීමම* අවිද්‍යාව. ඉතින් ඔයාට එහෙම, *එක පාර ප්‍රජ්ජාව පහල වුනොත් ඇරෙන්න*, එක ආයතනයකින් එන සන්නා උපාදානයකින් තොරව, සන්නා මාත්‍රයෙන් ගන්නයි, අනිත් ආයතනයෙන් එහෙම නොවෙන්නයි බැහැ.
අනික, උපාදානයක් තොරයිනම්, සන්නා මාත්‍රයක් විතරනම්, *දැනෙන දෙයක්* ගැන ඔයා ***හරියටම*** කියන්නේ හෝ ඒක වෙන *දෙයක්* එක්ක compare කරන්නේ කොහොමද?
ඔය ඔයා, ඔයාගෙම ***දෘස්ටි දෙකක්*** compare කරගන්නේ.
සක්කාය දිට්ටිය තියෙන්නේ.
*ඇත්තක්* තියෙන්නෙත්, *බොරුවක්* තියෙන්නෙත්, *දැනෙන දෙවල්* තියෙන්නෙත් සක්කාය දිට්ටිය නිසා. ඉතින් සක්කාය දිට්ටියේ ඉදන් දකින නිවනක් නැහැ. අනුසෝතගාමීව යන්න තමයි තියෙන්නේ ඔහේ..
කොහෙන් ගියත් fundamentally ම *අවුල්*.
*වඩනවා* කිව්වේ ඔයා.. මන් කිව්වේ *සිහියෙන්* *වඩන්න බැහැ* කියලා..සිහියෙන් මොනවද වඩන්නෙ?
සිහියෙන් මොනවද වඩන්නෙ?
සරල ප්‍රශ්නයක් අහන්නම්:
ඔබතුමා මේ පෘතක්ජනයට අවුල ලිහන්න කියල දෙන කමටහන තවත් 11 වෙනි දිට්ටියක් නම් (පෘතක්ජනය දිට්ටියක් විදිහටනෙ ගන්නෙ )... ඔය 11 බය්ලාවයි, මම දැනට දන්න බයිල 10යි වෙනස මොකක්ද?
ඔය දෙන්නෙත් (පෘතක් ජනය ගන්නෙ ) බයිලාවක් නම්, ඒකෙන් අවුල ලිහෙන්නෙ කොහොමද?
*වඩනවා* කිව්වේ ඔයා.. මන් කිව්වේ *සිහියෙන්* *වඩන්න බැහැ* කියලා..
ඕක තවත් එක දිට්ටියක්, එහෙම නැත්තම් විජානන දැනුමක් කර ගන්නවද කියන එක ඔයාට බාරයි..
අනිවාරෙන් මේ කියන බයිලාවෙයි, ඔයා දැනට දන්න බයිලාවෙයි කිසිම වෙනසක් නැහැ. මේ බයිලේ කියන්නේ *දැනට දන්න බයිලා* දැනීමේ ක්‍රියාවලියේ තියෙන අවුල අල්ලගන්න උපකාර වෙන්න.
ඉතින් එහෙම මොන මොහොතක හරි අහුවෙයි කියලා බලාපොරොත්තුව ඇතුව තමයි මේ කියන්නේ.
දැන් ඔබතුමා මම දන්න දිට්ටි 10 අවුල පෙන්නන ගමන්ම..ඔබතුමා පෙන්වන 11 වන දිට්ටියෙන් (කොහොම කිව්වත් පෘතක්ජනය ගන්නෙ දිට්ටියෙක් ලෙසනෙ ) අවුල ගොඩ යයි කියලත් හිතනව...
මම කොතනද සිහියෙන් වඩනව කියල තියෙන්නෙ?
අනේ ඔයාගේ thread වල බලෙන් එල්ලි එල්ලි රිප්ලයි කරන්න මට ඕන්නැහැ.Fiona Dabare කියන කෙනා මේ ත්‍රේඩ් එකේ පල කරපු කිසිම දෙයක් නොකියවන තරමට හැමෝටම ම යහපතක් වෙයි.
ඔහු/ඇය උවමනාවෙන් ධර්ම විකෘතියක් කරනවා කියලා ධර්මය දන්නා අයට දැනටමත් තේරෙනවා ඇති.. ඒ පුද්ගලයා එල්ලී එල්ලී මේකේ පිළිතුරු සපයන්නේත් ඒ නිසයි. එම පුද්ගලයාව ignore list එකට දැමීම මගින් මේ ත්‍රේඩ් එක නිර්වුල් ව පැහැදිලි ව බලන්න පුළුවන්..
භාවනාව සුදුසු කමටහන් ගුරුවරයෙක් ඇසුරෙන් වඩා හැකි ඉක්මනින් නිවන සාක්ෂාත් කරගන්න හැමෝටම වීර්යය පහළ වේවා...![]()
"ආනාපානසතියෙ පලවෙනි පියවර හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම" කියන තැනින් කියවීම නැවත්තුව... අනේ මන්ද... ප්‍රඥාව පැත්තකින් තියමුකො... කෙනෙක්ට සාමාන්‍ය බුද්ධිය වත් පාවිච්චි කරන්න බැරි තරමටම දෘෂ්ටි ගතවෙනව කියන එක පුදුමයි ...ගොඩක් කාලෙකින් කිරියට ආවේ.. මං හිතන්නේ ත්‍රෙඩ් එකක් මේ දාන්නේ අවුරුදු ගණනාවකින් පස්සේ.. ඒ අවුරුදු ගාන ඇතුලේ මොනවද නොවුනේ නේද..රටේ වගේම පෞද්ගලික ජීවිතේත්.. කසාද බැදලා දරු මල්ලෝ ලැබුවම තමයි සමහර දේවල්, හිතන පතන විදි වෙනස් වෙන්නේ... ඒක තමන් ම අත්දකිනකන් කාටවත් වෙන කෙනෙක් කියනවා අහල වත්, වෙන කෙනෙක් දිහා බලල වත් ඒ තත්වය තේරුම් ගන්න අමාරුයි..
කොහොම හරි ඔන්න මේ නූල දාන්න හිතුවේ, මගේ අත්දැකීම් එක්ක, මං කියවල තියෙන දේවල් එක්ක බුදු දහම අපේ ජීවිත වලට ගලපා ගන්නේ කොහොමද කියන එක විස්තර කරන්න.. මුලින්ම කියන්නම් මනුෂ්‍යයෙක් වෙලා අපි මේ ලබල තියෙන ජීවිතේ මොන තරම් දුර්ලභද කියන එක.. එතනත් ගොළු, බීරි, මන්ද බුද්ධික බවක් නොලැබ, සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් අවස්තාවක් ලබනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා හා සමාන කරලා. හිතන්න, එහෙම අමාරුවෙන් අහස බැලුවත්, බුදු දහම නම් පූර්ණ චන්ද්‍රයා පායලා තිබුනේ නැති නම්..... හිස ගිනි ගත්තෙකු, ඒ ගින්න නිවා දමන්න කටයුතු කල යුත්තේ කෙසේද, ඒ විදිහටම පෘතග්ජන මිනිසා නිවන් මග අවබෝධ කර ගැනීමට ඉක්මන් විය යුතු බවයි බුදුරජානන් වහන්සේ ඒ උදාහරණයෙන් කිව්වේ..
බුදුවරයෙක්ට මිනිහෙක්ව බලෙන් නිවන් යවන්න බෑ.. අපේ අය හිතන් ඉන්නවා මෛත්‍රී බුදුන් දැකල නිවන් යන්න..සමහර හාමුදුරුවරු පවා බණක් අවසානයේ කියන්නේ එහෙමනේ.. අනේ ඒ අයට කියන්න තියෙන්නේ, වැරදි මතවාද වලට නම් අහුවෙන්න එපා.. ඔබේ නිවන ඔබට අයිති දෙයක්..ඒක වෙන කෙනෙක්ට ලබා දෙන්න බෑ.. කොටින්ම මෛත්‍රී බුදුන්ට වත් බෑ ඔයාව නිවන් යවන්න..එහෙනම් ගෞතම බුදුන් වහන්සේ ඇයි පෘතුවියේ හිටපු හැම සත්වයාව ම නිවන් මාර්ගයට යැව්වේ නැත්තේ? සරලම උදාහරණය, කොසොල් රජතුමා..එච්චර වෙහෙර විහාර පූජා කරලා, බුදුන් ගැන අප්‍රමාන ගෞරවයකින් ශ්‍රද්ධාවකින් හිටපු කෙනෙක්.. අනේ මූ පවු නේ කියල, අසීමිත කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේට තිබුනා නේ රජතුමාව නිවන් යවන්න.. නෑ.. බුදුවරයෙක්ට වත් බෑ මිනිහෙක්ව නිවන් යවන්න.., ඒ මිනිහ ප්‍රඥාව නැති මෝඩයෙක් නම්.. එතකොට ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද? අන්න ඒකට තමයි භාවනා කරන්න කියන්නේ..අන්න ඒ ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගය තමයි බුදුන් වහන්සේ කියල දුන්නේ, චතුරාර්ය සත්‍යය කියල.. අපේ උන්දැලා කරන්නේ ඒවා දහම්පාසල් විභාග වලට එහෙම ගිරවා දානවා විතරයි..ඇයි දෙයියනේ මොකක්ද මේ කියල තියෙන්නේ කියල නිකමට වත් ගැබුරින් කල්පනා කරලා බලන්නේ නෑ..නිකමට වත් භාවනාවක් පටන් ගන්නේ වත් නෑ..අන්න ඒකයි නිවන කියල කියන්නේ වීර්යයෙන් සහ ප්‍රඥාවෙන ඉන්න කෙනෙක්ට විතරක් ලබා ගත හැකි දෙයක් කියල බුදුන් වහන්සේ කිව්වේ.. එතකොට අපිට දැන් ප්‍රඥාව නෑ කියල අත ඇරලා දාන්න ඕනෙද? නෑ.. මෛත්‍රී බුදුන්ගේ ශාසනයේ දී හරි එක බණ පදයකින් වත් නිවන අවබෝධ කරගන්න නම් මේ ආත්ම භාවයේ හරි චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද කියන එක හදාරන්න පටන් ගන්න..Facts එකතු කරගන්න අතරේ practical ඒකත් කරන්න..ඒ කියන්නේ භාවනාව... මුලින් සමථ භාවනාවක් කරලා, එහෙට මෙහෙට, ඔෆිස් එකට, ළමය ලගට දුවන හිත සමාධිමත් කරගන්න.. ඊට පස්සේ විදර්ශනා භාවනාවට යන්න.. මොකද මමත් හිටියේ ඔයාලා වගේ පාවී පාවී මෙලෝ දෙයක් නොදැන.. දන්න එකම භාවනාව කලේ පොඩි කාලේ ඉදල, ආනාපානසතිය.. ඒකවත් කරන විදිහ හරියට දැනගෙන හිටියේ නෑ..කොටින්ම ඒ භාවනාවට steps 4 ක් තියෙනවා කියල වත් දැනගෙන හිටියේ නෑ.. හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම තමයි ආනාපානසතිය කියල මං හිතාගෙන කලේ පොඩි කාලේ ඉදන්.. ඒ කියන්නේ මෙච්චර කාලෙකට මං ඉදල තියෙන්නේ පලවෙනි පියවරේ.. තව steps 3 ක් තියෙනවා කියල දන්නේ වත් නැතුව ඉතින් ඒ භාවනාවේ දියුණුවක් ලබයි ද නේ? ඒක හරියට වාහනයක් එලවනවා කියන්නේ ස්ටාර්ට් කරන එක කියල හිතාගෙන හිටියා හා සමානයි.. හැමදාම එකම තැන.. ඒත් හිතනවා තමන් හරි කියලා. හරි කල්‍යාන මිත්‍රයෙක් ඇවිත් ක්ලච් එක පාගලා, ගියර් එක දාල අක්සලරෙටරය පාගන්න කියල දෙනකන් මං හිතන් හිටියේ අන්න එහෙමයි.. ඉතින් මං ලබපු ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුවේ, මං වගේම නමට බෞද්ධයෝ ටිකක් එදිනෙද ජීවිතේ ගෙවාගෙන යන නිසා..හැබැයි හරි මාර්ගය පෙන්නලා දුන්නොත් ඒ මාර්ගයට වැටෙන නිසා.. (හැබැයි උවමනාව නැති අය නම් බොරුවට අහගෙන එන්න එපා.. අවශ්‍ය ම කෙනාට විතරක් මේකේ ප්‍රයෝජනය ලැබෙයි..අනිත් බෞද්ධයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න.. නිරා සෙට් එක නම් නාවට ම කමක් නෑ)
හරි, මං මේ උඩ කියල තියෙන දේවල් ඔයාල මීට කලින් ඕනේ තරම් අහල තියෙන දේවල් නේ උදේ හවස.. ඒ නිසා ම ඒ කියන දේවල් වල බර හෑල්ලු වෙලා නේ ඔයාලට දැනෙනවා ඇත්තෙත්... හරියට හරි.. මටත් එහෙම තමයි.. මීට අවුරුද්දකට විතර කලින් මමත් එහෙමම තමයි හිතුවේ.. නිවන් අවබෝධ කරන්න හදිස්සි වෙන්නේ ඇයි? තව අපිට ජීවත් වෙන්න කල් තියෙනවනේ.. අවුරුදු 55 පැනල, අපේ අම්මල තාත්තලා වගේ විශ්‍රාම ගියාම කරන්න ඕනේ දේවල් නේ, අපි දැන් හදිස්සි වෙලා කරන්නේ මොකටද කියන දේ මටත් හිතුනා...
ඇත්තම කතාව, බුදු දහම දහම් පාසලෙන්, පොත් පත් සහ බණ අහල දැනගෙන හිටියට, හාමුදුරුවරු නිවන කියන දේ කොච්චර බණ වලට කිව්වත්, ඇත්තටම නිවන් මාර්ග මේ ආත්ම භාවයේදී අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන ගැරන්ටි එකක් නම් මට කිසිම විදිහකින් ඇවිත් තිබුනේ නෑ.. එහෙම මාර්ගයක් ගැන කියල දෙන කිසිම හාමුදුරුනමක් වත් හම්බෙලා තිබුනේත් නෑ... පටන් ගන්න තැනක් වත් අවසාන කරන තැනක් වත් ගැන කිසිම අවබෝධයක් තිබුනේ නෑ..ඒ නිසා මාත් නමට බෞද්ධ ගොඩට වෙලා පොඩි කාලේ ඉදලා මෑතක් වෙනකන් ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් කියවගෙන, බණ ගෙදරක්, දානේ ගෙදරකට ගිහින් බණක් අහල, මගේ සුපුරුදු ජීවිතේ ගෙව්වා..
ඔන්න මං වෙනස් වෙච්ච තැන කියන්නම් දැන්.. ඔහොම බණ අහගෙන ඉන්න අතරේ, වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න ජීවිතේ පලවෙනි වතාවට කනා චාන්ස් එකක් ලැබුන.. අනුරාධපුර පැත්තේ.. ඉතින් දවස් කීපයක් එතන නතර වෙලා ඒ කියපු භාවනාවත් කළා.. ස්වාමීන් වහන්සේ එතන හිටපු හැම දෙනාටම වෙන වෙනම කල යුතු භාවනාව මොකක්ද කියල දුන්න..ඒකට කියන්නේ කමටහන් දෙනවා කියල.. ඒ දවස් ටික ඉවර වෙලා ගෙදර ඇවිත් නිකන් හිටියෙත් නෑ.. මට දුන්න භාවනාව කරගෙන ගියා.. මොකද ලොකු ස්වාමීන් වහන්සේ ඒ ගැන පසු විපරම් කළා. ඒකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියල.. කියපු සමථ භාවනාව එදිනෙදා වැඩ කරන අතරේ, දවසට විනාඩි 15 ක් විතර අරගෙන මාසයක් විතර කළා.. අම්මට සිරි..ඒක වැඩ කරනවා කියන එක දැනුනා ඒ මාසය ඉවර වෙද්දී.. හිතට එන සිතුවිලි හරි පැත්තට යොමු කරවන විදිහ ගැන ඉබේම වැටහීමක් ආවා.. ලොකු ස්වාමීන් වහන්සේත් zoom එකෙන් පවා අපිට උදවු උනා අපිට භාවනාව කරගෙන යද්දී එන ගැටළු වලට උත්තර දෙන්න..
කොහොම හරි ඒ සමථ භාවනාව ඉවර කළා.. ඊට පස්සේ මට ගැටලුව ආවේ, ඊලග පියවර මොකක්ද කියල.. මොකද ඒ භාවනාව කරද්දී තමයි මට ම අවබෝධ උනේ, අර කලින් කියපු “හිස ගිනිගත්තෙකු ගින්න නිවා දැමීමට යුහුසුළු වෙන ආකාරයට” ම නිවන් මාර්ගයේ හැකි පුළුවන් ඉක්මනින් යා යුතුය කියන දේ..ඒ අවබෝධය නම් කිසිම වෙලාවක මට වෙන කෙනෙක් කියලා වත්, පොතක් බලල හරි බණක් අහල හරි නම් ගන්න බෑ බෑ මයි.. තමන්ට භාවනාවක් කරද්දී ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ මොකක්ද කියන එක ජීවිතේ පලවෙනි වතාවට ලැබුවා..
ඔන්න දැන් සමථ භාවනාවේ අවශ්‍ය තැනට මං ආවනේ.. ඊට පස්සේ මං දන්න තරමින් විදර්ශනා බාවනාවක් තමයි කරන්න ඕනේ කියල මං දැනගෙන හිටියා.. ඒ අනුව ලොකු ස්වාමීන් වහන්සේ අපිව ඒ දෙවෙනි පියවරට අවශ්‍ය කමටහන දුන්නා.. ඒ ශුෂ්ක විදර්ශනා භාවනාව.. නම කියනකොට නම් මං හිතුවේ මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ කියල ඒ භාවනාව ගැන.. නමුත් පටන් ගත්තේ හරිම සරල තැනකින්.. නාම-රූප භාවනාවෙන්..ඊට අදාළ උන්වහන්සේගේ දේශනා අහලා මූලික දැනුම දා ගත්තා ඔලුවට.. ඊට පස්සේ ඊට අදාළ භාවනා වාක්‍ය ගැන හිතෙන් මෙනෙහි කළා.. අර සමථ භාවනාව කරද්දී මට දැනුන හැගීම ම මේ නාම රූප භාවනවේදීත් මට ලැබුනා...ඒ කියන්නේ භාවනාව වැඩ කරනවා කියන එක තමන්ටම දැනෙනවා කියන එක.. දැන් ඔයාල බලයි මොකක්ද මේ මං වැඩ කරනවා කියල කියන්නේ කියල.. නිකන් පාවෙනවා, බුදු රැස් විහිදෙනවා වගේ දෙයක් ද කියල...
එහෙම දෙයක් නම් ඉතින් මං මානසික වෛද්‍ය වරයෙක් ලගට තමයි යන්න ඕනේ, විකාර පේන නිසා.. නෑ..වැඩ කරනවා කියන්නේ ඔයාලගේ හිතට එන හැගීම්...අන්න ඒකයි පට්ට..අන්න ඒකයි ප්‍රඥාව වැඩෙනවා කියල පොත් පත් වල කියන්නේ..
(උදාහරණයක් කියන්නම්කො.. ඔයාට හොද චිකන් කොත්තු එකක් කන්න හම්බෙනවා.. සමස්තය ගත්තම ඔයාට ඒක රස කෑමක්.. බඩත් පිරෙනවා.. නමුත් ඒකට දාල තියෙන ingredient ටික දන්නේ කොත්තු බාස් කෙනෙක්.. නැත්නම් කොත්තුවක් කියන්නේ මොකක්ද කියන එක කියවල බලපු කෙනෙක්, නැත්නම් හදන හැටි බලන් හිටපු කෙනෙක්.. ඇමේසන් වනාන්තරයේ ඉන්න ගොත්රිකයෙක්ට කිව්වොත් කොත්තුව ගැන, ඌට කිසිම අදහසක් එන්නේ නෑ නේ. ඒ ගැන... අන්න ඒ වගේ තමයි අපි අවට ඇති සියලුම දේ හැදිලා තියෙන්නේ නාම රූප වලින්.. ඒ ගැන දන්නේ අඩු තරමින් නාම සහ රූප කියන දෙක මොකක්ද කියල පොතකින් හරි බලල තියෙන කෙනෙක්ට..නැත්නම් භාවනා කරලා නාම රූප ඇති නැති වීම මනසිකාරය කරලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු කෙනෙක්ට..
ඉතින් නිකන් ඉන්න නමට බෞද්ධයෙක් වැටෙන්නේ අර ඇමේසන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෙක් ගානට.. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවත් උට ගානක් නෑ.. අවබෝධයක් නෑ..ප්‍රඥාවක් නෑ, මේ ලෝකයේ යතාර්ථය තේරුම් ගන්න.. මොකද ඌ කියවලත් නෑ, භාවනාවක් කරලත් නෑ..කොටින්ම බුදු දහම ගැන ශ්‍රද්ධාවක් වත් නෑ.. Facebook එකේ හෑලි ලිය ලියා ඉදලා මැරිලා ගිහින් සසරට වැටෙනවා..)
ඉතින් අර භාවනාවත් එක්ක ප්‍රඥාව දියුණු වෙද්දී මනසින් දකිනවා/හිතනවා අපි අවට ඇති පුද්ගලයන් සහ වස්තුන්, මේ සියල්ලම නාම සහ රූප වල එකතුවක් නේද කියල.. නිවන් මාර්ගයේ යද්දී අපිට ඒ ලැබෙන පලවෙනි ප්‍රඥාව වන නාම රූප පරිච්චේද ඥානය කියන්නේ අන්න ඒකයි..ඒක මේ නිකන් බල්බ් එකක් පත්තු උනා වගේ එක පාර “ටිං” කියල එන දෙයක් නෙමෙයි.. ක්‍රමානුකූලව භාවනාව එක්ක අපි ලෝකය දිහා බලන විදිහේ වෙන වෙනස් වීමක්.. ඒ වගේම උවමනාව තියෙන ඕනෙම මනුස්සයෙක්ට මාස 2-3 කින් ලබන්න පුළුවන් ඥානයක්.. මොකද මම ම හොද උදාහරණයක්.. ගෙදර වැඩයි ඔෆිස් වැඩයි පොඩි එකාගේ වැඩයි කරන අතරේ දවසට විනාඩි 15 ක් අරන් කරපු දේ වැඩ කළා.. ඔයාලටත් ඒක ගැරන්ට් හරියට කලොත්..
මේ ලොකු කතාවක් කලාට මම තාම ඉන්නේ නිවන් මාර්ගයේ මුල් ම පියවරේ..හැබැයි මං යන මාර්ගය මට පැහැදිලියි.. යන්නේ කොහොමද කියන ඒකත් පැහැදිලියි.. දැන් ලොකු ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ, පටිච්ච සමුප්පාදයට අදාළ කොටස් ටික බලන්න කියලා..ඉන් පස්සේ ඊට අදාළ භාවනාව පටන් ගන්න කියල..
මෙතන මාරම ආස හිතෙන්නේ, මේක හරියට strategic game එකක් වගේ.. මුල, මැද, අග මාර්ගය පැහැදිලියි.. PC game එකක් ගත්තොත් අපි දන්නවනේ එක එක levels වලට ගිහින් game එක ඉවර වෙනකන් යන්න ඕනේ විදිහ..මේකත් එහෙමයි.. කරගෙන යද්දී තමයි මාර ආස හිතෙන්නේ.. පොත් පත් වල තියෙන දේවල්, හාමුදුරුවරු බණ ට කියන දේවල් අපි භාවනාව ඇතුලෙදි අත් දකිද්දී ලැබෙන සතුට, කියල ඉවර කරන්න බෑ..ඒ අත්දැකීම තමන් ම ලබන්න ඕනේ..Game එකක level එකක් complete කලාම දැනෙන සතුට ට වඩා සතුටක් ලැබෙනවා මේක අපේ ජීවිතයට apply වෙන නිසා..
ඉතින් අවසානයට කියන්න තියෙන්නේ නිවන් මාර්ගය මේ ආත්ම භාවයේදී ම අවබෝධ කරගන්නවා කියල හිතන, අධිෂ්ටාන කරන අය විතරක් මං කියපු දේවල් කරන්න.. ඒකට අවශ්‍ය දේශනා සහ මාර්ගය ගැන අවශ්‍ය අයට පමණක් වැඩි විස්තර ලබා දෙන්නම්..නැත්නම් මේක විහිලුවකට ගන්න අය සහ අර්ථ නිරූපන දෙන්න යන අය අතරේ මං පැය 2 ක් විතර අරගෙන ටයිප් කරපු මේ පෝස්ට් එකේ වටිනාකමත් නැති වෙලා යනවා..
හැකි ඉක්මනින් සියලු දෙනාටම නිවන් මාර්ගය අවබෝධ වේවා..!! තෙරුවන් සරණයි..
මොකද මල්ලි බැරි, සුළු දෙයක්නෙ, ධර්මය විකෘති කරන්නෙ මෙහෙමයි...ධර්මය විකෘති කරන්නත් බැහැ.

දිට්ටියකට වැටෙන්න කලින් වෙන, අවිද්‍යාව නිසා වෙන දැනීමේ ක්‍රියාවලියක් තියෙනවනේ.. විජානන දැනුම අරමුනු කරගෙනනේ ආයේ ආයෙත්, හිතන්නේ.. ඊට පස්සේනේ දෘස්ටි සකස් කර ගන්නේ.. එක පාර අරමුනු ටිකක් දෘස්ටියක් වෙන්නැහැනේ.. මම කියපු දේ ඔලුව පාත් කරලා ඔයා බාර ගන්නෙත් නැහැනේ.. විචිකිච්චා කරනවනේ.. විචිකිච්චා කරන්නෙත් *දැනගත්ත* නිසා නේද නිත්‍ය දැනීමක්? ඉතින් ඒ දැනගත්ත තැනම, දැනගත්ත කෙනෙකුත් ඉන්නවා.
ඉතින් ඔයා සන්නා ටිකක් කොහොමද නිත්‍යව *දැනගන්නේ*? මෙන්න මෙතන තියෙන අවුල අල්ලගන්නැතුව වෙන තැන් වලින් (ලෝකේ ඇතුලෙන්) අල්ලලා වැඩක් නැහැ.
මේ විකෘති දැනීමම තමයි අල්ලගන්න ඕනේ.. මෙතන ඇල්ලුවනම් ආයේ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ.![]()
සතිපට්ටානෙනේ වඩනවා කිව්වේ.. සතිපටටානේ මොකක්ද ඇහුවම *සිහිය* කිව්වේ ඉතින්..
ඉතින් සිහිය වඩන්න බැහැ. සිහියෙන් වඩන්නත් බැහැ. සිහියට පත් වෙන්න පුලුවන්.
"ආනාපානසතියෙ පලවෙනි පියවර හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම" කියන තැනින් කියවීම නැවත්තුව... අනේ මන්ද... ප්‍රඥාව පැත්තකින් තියමුකො... කෙනෙක්ට සාමාන්‍ය බුද්ධිය වත් පාවිච්චි කරන්න බැරි තරමටම දෘෂ්ටි ගතවෙනව කියන එක පුදුමයි ...
අපි ගොඩක් අය ඔය බෝට්ටුවේ හිටියනෙ... පුදුම වෙන්න දේකුත් නැහැ ඉතින්... උතුම් නිවන් මග හමු වේවා කියල ප්‍රර්ථනා කරනව...
"ආනාපානසතියෙ පලවෙනි පියවර හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම"
මේක අවුල මොකක් වගේ ද පේන්නෙ?
------ Post added on Jun 10, 2025 at 10:55 PM
තව අවුල් තියෙනව, ලොකුම අවුල තමයි මෝටර් සයිකල් accident එකකින් නහය කඩල ගිය එකෙකුට ඔය කියන ආනාපානසතිය කරන්න බැරි වීම."ආනාපානසතියෙ පලවෙනි පියවර හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම"
මේක අවුල මොකක් වගේ ද පේන්නෙ?
------ Post added on Jun 10, 2025 at 10:55 PM

ඔය කියන හුස්ම ඉහල පාහාල දාන බාවනාවක් ත්‍රිපිටකෙන් හොයලා පෙන්නන්න,
හුස්ම ඉහල පාහාල ගන්න ආනපානසතියක් බුදුන්වාහාන්සෙ දෙශනා කරලා නැත,
හිත එකග කරන බාවනාවල් දයාන වැඩෙන බාවනාවල්, නෙවෙයි බුදුන්වාහාන්සෙ පෙන්නලා දිලා තියෙන්නෙ තාන්හාව දුරු කරන ක්‍රමවෙදයක්, තන්හාව දුක්ක සමුදය, නො ඇලිම දුක්ක නිරොදය,
මුලින් සම්මාදිට්ටියට පත් වෙන්න උත්සාහා කරන්න, (සකස් කිරිමෙන් මිදෙන දැක්ම),
මොඩ පන්ඩිතකම අයින් කරලා තව දැනුවත් වෙලා හිතන්න, ඔය මෙ ලොකෙ දෙයක් නොදන්න හාමුදුරුවො කියන ඔන දෙයක් වැදගෙන ආහාගෙන ඉන්න උපාසක ආම්මලාගෙ තත්වෙට යන්න එපා,
තව අවුල් තියෙනව, ලොකුම අවුල තමයි මෝටර් සයිකල් accident එකකින් නහය කඩල ගිය එකෙකුට ඔය කියන ආනාපානසතිය කරන්න බැරි වීම.
නහය කඩල ගියොත් sorry.com තමයි ඉතින්![]()
අහ් දැන් ඕනි කොටසක් ගන්න පුලුවන්ද (කබරගොයා >>>> තලගොයා)?සමාදිය හදාගන්න...ශරිරයෙ ඕනෙ කොටසක් භාවිතා කරන්න පුලුවන්...කෙනෙකුට නාසය ලේසි වෙන්නත් පුලුවන්, තව කෙනෙකුට අමාරු වෙන්නත් පුලුවන්...
ඔබතුමා නිකමට කල්පනා කෙරුවද, හුස්ම රැල්ල ඔතන විශේශයක් වෙන්නෙ ඇයි කියල?
------ Post added on Jun 11, 2025 at 2:59 AM

අහ් දැන් ඕනි කොටසක් ගන්න පුලුවන්ද (කබරගොයා >>>> තලගොයා)?![]()
![]()
![]()
ලේසි කොටස් ඔක්කොම කඩල ගියොත්? ශරීරයක් නැති සතෙක් උනොත්, නැත්නම් හුස්ම ගන්නෙ නැති සතෙක් උනොත් එතකොට sorry.com ද?![]()
හුස්ම රැල්ල විශේෂ වෙන්නෙ සම්මා දිට්ටියක් නැති මෝඩයින්ට, හුස්ම රැල්ල කියල එකක් කොහෙද තියෙන්නෙ? කාගෙ හුස්ම රැල්ලද?
දර්මය ආහාලා සොවාන් වෙන්නෙ, චතු අරිය සත්‍ය ආහාලා දැන ගෙන පටිචචසමුප්පාදය අවබොද කරන් සංම්මාදිට්ටියට පත්විම සොතාපන්න වෙන්නෙ,සීල -> සමාදි -> ප්‍රජ්නා
සීලයක ඉදන් සමාදිමත් වෙන්න ඕනෙ...සමාදිමත් උන සිතක ප්‍රජ්නා චයිතසිකයත් සමග තමයි සම්ම දිට්ටියට පත්වෙන්නෙ...
අර්යශ්ටන්ගිග මාරිගෙයෙ චයිත්සික 8 බලන්න්...සමාදිය හලල සම්මදිටියට පත්වෙන්නෙ බැ.
කෝ කලින් අහපු එකට උත්තර දුන්නෙ නැ නෙ...සොවාන් වෙන්නෙ සතිපට්ටනය ඕනෙ ද නැති ද?
------ Post added on Jun 11, 2025 at 2:59 AM