බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉස්සර නම්, ඇලීම ගැටීම තිබුනා...කාලෙකට කලින් හින්දු ආගම පොඩ්ඩක් ෆලෝකරා..එකේන් ඇලීම ගැටීම සැහෙන්න අඩු උනා...ඒ කියන්නෙ හම්බවෙලා තියෙන්නෙ හරි ගුරුවරයද?

    ඇලෙන්න ගැටෙන්න දෙයක් හමබෙනවනම්, නැහැ (සක්කාය දිට්ටිය තියෙනවනම්)

    අනික ඇයි ඇලීම්, ගැටීම් අඩුකරන්නේ?

    ආස්වාදය විදින්න, නිස්සරනය දකින්න

    ලොජිකල් පිලිතුරක් නෙවේ...කරන විදිහෙ පැහැදිලි කිරිමක් අහන්නෙ...

    නිදාගන්න කොට, කිසිම ෆෝක්ස් එකක් නැතුව සිත එහෙ මෙහෙ දුව දුව තියෙනව...
    තව ගෙදර ඇවිල්ල රෙස්ට් කරනකොට,
    පාක් එකකට වගේ ගියාම..
    දවසේ සැලකිය යුතු කාලයක් ෆොකස් එකක් නොදී තියෙනව..

    ඕක අද ඊයක නෙවේ..බුදු දහමක් අහන්න කලිනුත් කාලාන්තරයක් තිය්ස්සෙ වුන, වෙන දෙයක්..

    ඔබතුමා කියන්නෙ මෙතනින් එහා දෙයක් ද?

    ඔය හැම අවස්ථාවක ඔයත් ඉදලා, බාහිර ලොකෙත් තිබිලා
    මන් කියන්නේ ඒ දෙකම හම්බෙන්නැති තැනැක් ගැන
    ------ Post added on Jul 15, 2025 at 6:23 AM

    පින් කරන්න...දානේ දෙන්න... ඒවා කරල මයිත්‍රි සාසනේ නිවන් දකින්න...ඔය ඕන තරම් හාමුදුරුවො ඉන්නෙ...

    පින් වලින් නිවන් දකින්න බැහැනේ, නිවන් දකින්න ඕනේ කුසල් 🙃
    ------ Post added on Jul 15, 2025 at 6:26 AM

    හොදට ඇලෙන්න, හොදට ගැටෙන්න
    ඇලෙන / ගැටෙන ගමන් බලන්න මොනා එක්කද මේ ඇලෙන්නේ/ ගැටෙන්නේ කියලා
    ------ Post added on Jul 15, 2025 at 6:28 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    පෘතක්ජනය ඉන්නෙම දීට්ටියෙන් තමයි....ඒ දිට්ටිය දර්මය අහන්න බාදාවක් වෙන්නෙ නැ නෙ...ත්‍රිපිටකයෙ තියෙන ගොඩක් සුත්‍ර කියලම තියෙන්නෙ පෘතක්ජනයන්ටම නෙ....ඔබතුමා කියන විදිහට එයාලත් දිට්ටියෙන් අරගන්න නිසා එයාලට එය තුලින් දරම අවබොදයට යන්න බැරි වෙන්න එපයි..

    අනික දර්මයත්, මාර්ගයත් ඔය ඔක්කොම තියෙන්නෙ දිට්ටියෙන් ඉන්න අයට තමයි...ඔබතුමා කියන දේ පැහැදිලි නැ.
    දිට්ටිය නෙමෙයිනෙ මෙතන ප්‍රශ්නය, දිට්ටි වල ඉඳන් ඉඳන් මොකක්ද හරි/මොකක්ද වැරදි judge කරන්න යන එකනෙ ප්‍රශ්නෙ. ඔතනට තමයි ගුරුවරයෙක් වැදගත් වෙන්නෙ... judge කරල හරි වැරදි බලන එක පැත්තක දාල කියන දේ කළානම් හරි. මොකක්ද මෙතන නොතේරෙන්නෙ?
    ඉස්සර නම්, ඇලීම ගැටීම තිබුනා...කාලෙකට කලින් හින්දු ආගම පොඩ්ඩක් ෆලෝකරා..එකේන් ඇලීම ගැටීම සැහෙන්න අඩු උනා...ඒ කියන්නෙ හම්බවෙලා තියෙන්නෙ හරි ගුරුවරයද?

    ඔව්... මම කලින් කිව්ව වගෙ ඔයාගෙ ප්‍රශ්නෙ ඉවරනම් label ගහගෙන ඇති වැඩේ මොකක්ද? ඇලීම ගැටීම නැවත එන්නෙ නැති මට්ටමට අඩු වෙලාද බලන්න 🤷‍♂️
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    රාග, ද්වේශ, මොහ යන කෙලෙස් මනසේ තැන්පත් වෙන්නේ පහත දැක්වෙන ආසව කොටස් හතර ලෙස.

    (a) - දිට්ටාසව (මේ කෙලෙස් තට්ටුව ගලවන්නේ කල්‍යාන මිත්‍රයෙක්ගෙන් බන අහලා)
    (b1) - අවිජ්ජාආසව
    (b2) - කාමආසව
    (b3) - භවආසව

    ඊළඟ කෙලෙස් තට්ටු b1 - b3 ගලවන්නේ භාවනා කරලා සෝතාපන්න වූ පසු, නැත්නම් ස්ද්ධා ඉන්ද්‍රිය මතු වුන පසු.

    "දිට්ටාසව" තියෙනකම් පිරිසිඳු දැක්මක් නැත. පිරිසිඳු දැක්මක් නැතිව සිරි සද්දම්ය තේරෙන්නේ නැත.

    වැරදි දැක්ම එන්නේ සිත අපිරිසිඳු නිසා. ඒක ගලවන්න බන අහන්න අවශයි.

    සුලු කොටසක් බන දෙපාරක් පමණ අහලා ගැටේ ලිහා ගන්නවා අනෙක් අයට දහම තේරෙනකම් දිගටම අහන්න අවශ්‍යයි.

    කල්‍යාන මිත්‍රයා මාරගයේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. තවද, බන අහන වෙලාවේ කල්‍යාන මිත්‍රයාගේ ඉදිරිපිට ඉන්න අවශ්‍ය වෙනවා - අන්තර්ජාලයෙන් හෝ පටිගත කල දේශනා අහලා බැහැ.

    මාර්ගයේ ඉන්නේ මීවනපලානේ හිමියන්ගේ දහම ශ්‍රවනය කරන අය පමනයි.

    මේ කොටසින් උන් වහන්සේ අනුමත කල දේශකයින් වහන්සේලා ඉන්නවා.

    ඒ අයගෙන් සිරි සද්ද්ර්මය අහන්න අවශ්‍යයි මාර්ගයට පිවිසෙන්න.

    සෝතාපන්න -> සෝත (ද‍හමට සවන් දී) ආපන්න (මරගයට පිවිසුන)
     
    Last edited:
    • Dislike
    Reactions: funkyguy89

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    ඇලෙන්න ගැටෙන්න දෙයක් හමබෙනවනම්, නැහැ (සක්කාය දිට්ටිය තියෙනවනම්)

    අනික ඇයි ඇලීම්, ගැටීම් අඩුකරන්නේ?

    ආස්වාදය විදින්න, නිස්සරනය දකින්න

    අඩු කරන්න උවමනාවක් තිබුනෙ නැ...හැබයි අඩු උනා...

    නුවන් මහත්තයනෙ කියන්නෙ..හරි මාර්ගයෙ යනවද කියල බලන විදිහක් කියල මේක... :lol:

    ඔය හැම අවස්ථාවක ඔයත් ඉදලා, බාහිර ලොකෙත් තිබිලා
    මන් කියන්නේ ඒ දෙකම හම්බෙන්නැති තැනැක් ගැන
    ------ Post added on Jul 15, 2025 at 6:23 AM

    මම අහන්නෙ ප්‍රතිපලය ගැන නෙවේ...

    ඔබතුමා කියනවනෙ ෆෝකස් දෙන්න එපා කියල..එහෙම නොදෙන අවස්තා අනන්තවත් අත්විදල තියෙනවනෙ...බුදු බන අහන්නත් කලින්...එහෙම හිටිය කියල මාර්ගපල ලැබුනෙ නැ නෙ මට...ඉතින් මම කියන්නෙ ඔය ෆෝකස් දෙන්න එපා කියන එකෙන් ඉදිරියට යන්නෙ කොහොමද කියල

    පින් වලින් නිවන් දකින්න බැහැනේ, නිවන් දකින්න ඕනේ කුසල් 🙃
    ------ Post added on Jul 15, 2025 at 6:26 AM

    හොදට ඇලෙන්න, හොදට ගැටෙන්න
    ඇලෙන / ගැටෙන ගමන් බලන්න මොනා එක්කද මේ ඇලෙන්නේ/ ගැටෙන්නේ කියලා
    ------ Post added on Jul 15, 2025 at 6:28 AM

    ඒක තමයි ඉතින් කියන්නෙ..නුවන් මහත්තයට අනුවනම්...හ්මබවෙන කල්යාන මිත්‍රය කියන්නෙ පින් කරල නිවන් දකින්න කියලද...ඒකනෙ ඉතින් හරි මාර්ගය...

    දිට්ටිය නෙමෙයිනෙ මෙතන ප්‍රශ්නය, දිට්ටි වල ඉඳන් ඉඳන් මොකක්ද හරි/මොකක්ද වැරදි judge කරන්න යන එකනෙ ප්‍රශ්නෙ. ඔතනට තමයි ගුරුවරයෙක් වැදගත් වෙන්නෙ... judge කරල හරි වැරදි බලන එක පැත්තක දාල කියන දේ කළානම් හරි. මොකක්ද මෙතන නොතේරෙන්නෙ?

    ජජ් කරන එකේ අවුල මොකක්ද?

    ඒක පැත්තක දලා, කල්යාන මිත්‍රය කිව්වොත්...හුස්ම අල්ලගෙන ගගේ පනින්න..විනාඩියකට වැඩිය ඉදල මැරුනොත් නිවන් කිය්ව්වොත්..ඒකත් කරල බලන්නද කියන්නෙ? :confused:

    ඔව්... මම කලින් කිව්ව වගෙ ඔයාගෙ ප්‍රශ්නෙ ඉවරනම් label ගහගෙන ඇති වැඩේ මොකක්ද? ඇලීම ගැටීම නැවත එන්නෙ නැති මට්ටමට අඩු වෙලාද බලන්න 🤷‍♂️

    රාග දේශ අඩු උනාම ප්‍රශ්නය ඉවරයිද? පෘතක්ජනය ප්‍රශ්න්වේත් දන්නෙ නැනෙ මහත්තයො :shocked:
    ------ Post added on Aug 2, 2025 at 2:16 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමා කියනවනෙ ෆෝකස් දෙන්න එපා කියල..එහෙම නොදෙන අවස්තා අනන්තවත් අත්විදල තියෙනවනෙ...බුදු බන අහන්නත් කලින්...එහෙම හිටිය කියල මාර්ගපල ලැබුනෙ නැ නෙ මට...ඉතින් මම කියන්නෙ ඔය ෆෝකස් දෙන්න එපා කියන එකෙන් ඉදිරියට යන්නෙ කොහොමද කියල

    අරමුන එක්ක මොකක්හරි දැනෙනවනේ.. එන්න ඒ දැනෙන්නේ මොකක්ද,
    ඒක දැනගන්න පුලුවන් වෙන්නේ කොහොමද, ඒක දැනගන්න පුලුවන්ද, කියලා බලන්න.

    අඩු කරන්න උවමනාවක් තිබුනෙ නැ...හැබයි අඩු උනා...

    වයස නිසා ටෙස්ටොස්ටෙරෝන් අඩු වෙලා. දෘස්ටි නිසා රිවෝඩ් සිස්ටම් එක අවුල් ගිහින්.
    අපේනම් හොදට වැඩ. 😋

    නුවන් මහත්තයනෙ කියන්නෙ..හරි මාර්ගයෙ යනවද කියල බලන විදිහක් කියල මේක... :lol:

    ඇලීම් ගැටීම් අඩු වෙනවා මාර්ගඵල වල ඉස්සරයට යන්න යන්න. මේ අඩු වෙනවා කියන්නේ..

    උදා: සෙක්ස් කරන එක හොද නැ, පව් සිද්ද වෙනවා, කාම මිත්‍යාචාර, විකෘති කාම.. වගේ දෘස්ටි නිසා සප්රෙස් කරන එකක් නෙමෙයි. කාමරාගය ඇති වීමත් සමග, පටිච්ච වන මොහොතේදී හේතුඵල දහම අවබෝධය තුල ඒ ආස්වාදයන් හේතුවෙන් ඇති වන ආදීනව දැකීම හා නිස්සරනය අත්විදීම තුල වෙන උපාදානය අඩු වීම.

    ඉතින් මේක වෙන්න මුලින් ධර්මය අවබෝධ වෙන්න ඕනේ. එක ධහමයි තියෙන්නේ, පටිච්ච සමුප්පාදය.

    ඔයාලා ඇලීම් ගැටීම් අඩු වෙනවා කියන්නේ එක්කෝ දෘස්ටියක් නිසා නැත්තම් ඇගේ අවුලක් නිසා. කෙලෙස් ප්‍රහීන වීමක් වෙන්නැහැ එතන.

    ජජ් කරන එකේ අවුල මොකක්ද?

    ඒක පැත්තක දලා, කල්යාන මිත්‍රය කිව්වොත්...හුස්ම අල්ලගෙන ගගේ පනින්න..විනාඩියකට වැඩිය ඉදල මැරුනොත් නිවන් කිය්ව්වොත්..ඒකත් කරල බලන්නද කියන්නෙ? :confused:

    ජජ් කරන්නේ කොහොමද?

    අවුල් නේන්නම්, කරන්න බැරි වැඩක් කරනවා කියන එක අවුල්.

    උදාහරන අරන් වාද දිනලා වැඩක් නැ, කාලය සීමිතයි අන්කල්. 🥀
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    අඩු කරන්න උවමනාවක් තිබුනෙ නැ...හැබයි අඩු උනා...

    නුවන් මහත්තයනෙ කියන්නෙ..හරි මාර්ගයෙ යනවද කියල බලන විදිහක් කියල මේක... :lol:
    ඇලීම්, ගැටීම් අඩුවීම කියන්නෙයි, අඩු කරනව කියන්නෙයි දෙකක්... Fiona කියන දේ තේරුම් ගන්න කලින් ඕක දැනගෙන ඉන්න...
    ජජ් කරන එකේ අවුල මොකක්ද?

    ඒක පැත්තක දලා, කල්යාන මිත්‍රය කිව්වොත්...හුස්ම අල්ලගෙන ගගේ පනින්න..විනාඩියකට වැඩිය ඉදල මැරුනොත් නිවන් කිය්ව්වොත්..ඒකත් කරල බලන්නද කියන්නෙ? :confused:
    judge කරන එකේ අවුල තමයි ඔයා පෘතක්ජනයෙක් වීම... හැම වෙලාවෙම judgement එක වැරදියි... ඔව් කිව්ව දේ කරන්න තමයි කියන්නෙ... වැරදුනොත් කරුමෙ තමයි ඉතිං... පෘතක්ජනයෙක් judge කරන එකෙයි, ඔය කියන එකෙයි ලොකු වෙනසක් නැහැ...
    රාග දේශ අඩු උනාම ප්‍රශ්නය ඉවරයිද? පෘතක්ජනය ප්‍රශ්න්වේත් දන්නෙ නැනෙ මහත්තයො :shocked:
    ------ Post added on Aug 2, 2025 at 2:16 AM
    ඉවරයි තමයි, ඇලීම ගැටීම zero කියන්නේ ප්‍රශ්නය ඉවරයි... පෘතක්ජනය වැරදි ප්‍රශ්නෙකට වැරදි උත්තරයක් හොයනව හරියට අර ඔයා අර කලින් reply එකේ ඇලීම්, ගැටීම් අඩු කරන්න යනව වගෙ... ඕක තමයි හරි ප්‍රශ්නෙට හරි උත්තරය් හොයන්න කල්‍යාණ මිත්‍රයෙක් අවශ්‍ය...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    මට නිවන් දකින්න ඕනෙ නෑ. මැරිලා ඊලග ආත්මෙ ශුවර් එකටම දිව්‍යලෝකෙ ඉපදෙන්න මොනවද කරන්න ඕනෙ කියහන්. මැරිලා නිරයට ප්‍රේත ලෝකෙට යන්නෑ කියලා ගැරන්ට් කරගන්න කරන්න ඕනෙත් මොනවද කියපන් ඒ ඇති.

    CC: @Fiona Dabare
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මැරිලා නිරයට ප්‍රේත ලෝකෙට යන්නෑ කියලා ගැරන්ට් කරගන්න කරන්න ඕනෙත් මොනවද කියපන් ඒ ඇති.

    සෝවාන් වෙන්න.
    100/100 ගැරැන්ට් කරන්න පුලුවන්.

    වෙන කිසි විදිහක් නැ.

    මට නිවන් දකින්න ඕනෙ නෑ. මැරිලා ඊලග ආත්මෙ ශුවර් එකටම දිව්‍යලෝකෙ ඉපදෙන්න මොනවද කරන්න ඕනෙ කියහන්.

    මේකටත් අඩුම සෝවාන් වෙලාවත් ඉන්න ඕනේ.

    සෝවාන් කෙනෙක් මනුස්සයෙක් වෙන්නත් පුලුවන් කියලා තියෙනවා, ඒත් ගොඩක් අය දිව්‍ය තල වල උපදිනවා කියලා තමයි කියන්නේ.

    අනාගාමී වුනොත් 100/100 ගැරැන්ට් කරන්න පුලුවන් සුද්ධාවාස රූපාවාචර තලයක්.

    රූපාවචර හෝ අරූපාවචර සමාපත්ති වශීතාවය පුහුණු කරලා, මැරෙද්දි අදාල රූපාවචර හෝ අරූපාවචර සමාපත්තියකට සමවැදිලා මැරෙන්න පුලුවන් වුනොත්, රූපාවචර හෝ අරූපාවචර තලයක ඉපදෙන්න පුලුවන්.
     
    • Love
    Reactions: ChamodhK

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට නිවන් දකින්න ඕනෙ නෑ. මැරිලා ඊලග ආත්මෙ ශුවර් එකටම දිව්‍යලෝකෙ ඉපදෙන්න මොනවද කරන්න ඕනෙ කියහන්. මැරිලා නිරයට ප්‍රේත ලෝකෙට යන්නෑ කියලා ගැරන්ට් කරගන්න කරන්න ඕනෙත් මොනවද කියපන් ඒ ඇති.

    CC: @Fiona Dabare
    no guarantee
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    no guarantee
    මට නිවන් දකින්න ඕනෙ නෑ. මැරිලා ඊලග ආත්මෙ ශුවර් එකටම දිව්‍යලෝකෙ ඉපදෙන්න මොනවද කරන්න ඕනෙ කියහන්. මැරිලා නිරයට ප්‍රේත ලෝකෙට යන්නෑ කියලා ගැරන්ට් කරගන්න කරන්න ඕනෙත් මොනවද කියපන් ඒ ඇති.

    CC: @Fiona Dabare
    Umba monawa karath gathi wimuktha nathinam ethanin eha no guarantee…..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "දිට්ටාසව" තියෙනකම් පිරිසිඳු දැක්මක් නැත. පිරිසිඳු දැක්මක් නැතිව සිරි සද්දම්ය තේරෙන්නේ නැත.

    වැරදි දැක්ම එන්නේ සිත අපිරිසිඳු නිසා. ඒක ගලවන්න බන අහන්න අවශයි.

    සුලු කොටසක් බන දෙපාරක් පමණ අහලා ගැටේ ලිහා ගන්නවා අනෙක් අයට දහම තේරෙනකම් දිගටම අහන්න අවශ්‍යයි.

    කල්‍යාන මිත්‍රයා මාරගයේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. තවද, බන අහන වෙලාවේ කල්‍යාන මිත්‍රයාගේ ඉදිරිපිට ඉන්න අවශ්‍ය වෙනවා - අන්තර්ජාලයෙන් හෝ පටිගත කල දේශනා අහලා බැහැ.

    කල්‍යාණ මිත්‍රයා කටින් කියද්දි ඉස්සරහ හිටියත් ඇහෙනවා.
    කල්‍යණ මිත්‍රයා කියපුවා පටිගත කරලා ඇහුවත් ඇහෙනවා.
    දෙකම එකයි.
    අහපු දේ විසදාගත්ත අය යෝනිසෝ මනසිකාරයට පත් වෙලා සම්මා දිට්ටිය ඇති කර ගන්නවා.

    මාර්ගයේ ඉන්නේ මීවනපලානේ හිමියන්ගේ දහම ශ්‍රවනය කරන අය පමනයි.

    මේ කොටසින් උන් වහන්සේ අනුමත කල දේශකයින් වහන්සේලා ඉන්නවා.

    ඒ අයගෙන් සිරි සද්ද්ර්මය අහන්න අවශ්‍යයි මාර්ගයට පිවිසෙන්න.

    බුදු කෙනෙක්ට ඇරෙන්න තව කෙනෙක්ගේ මාර්ගඵල කියන්න කාටවත් බැහැ. මීවනපලානේ හිමි රහතන් වහන්සේ කෙනෙක් වුනත්, මීවනපලානේ හාමුදුරුවොන්ගේ ධර්මය අහන අය විතරයි හරි පාරට වැටෙන්නේ කියන්නේ ඇයි?

    plus, අනිත් දේශකයන් කල්‍යාණ මිත්‍රයන් විදිහට අනුමත කරන්න හෝ නොකරන්න පුලුවන් වෙන්නේ කොහොමද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් කාලෙකින් කිරියට ආවේ.. මං හිතන්නේ ත්‍රෙඩ් එකක් මේ දාන්නේ අවුරුදු ගණනාවකින් පස්සේ.. ඒ අවුරුදු ගාන ඇතුලේ මොනවද නොවුනේ නේද..රටේ වගේම පෞද්ගලික ජීවිතේත්.. කසාද බැදලා දරු මල්ලෝ ලැබුවම තමයි සමහර දේවල්, හිතන පතන විදි වෙනස් වෙන්නේ... ඒක තමන් ම අත්දකිනකන් කාටවත් වෙන කෙනෙක් කියනවා අහල වත්, වෙන කෙනෙක් දිහා බලල වත් ඒ තත්වය තේරුම් ගන්න අමාරුයි..

    කොහොම හරි ඔන්න මේ නූල දාන්න හිතුවේ, මගේ අත්දැකීම් එක්ක, මං කියවල තියෙන දේවල් එක්ක බුදු දහම අපේ ජීවිත වලට ගලපා ගන්නේ කොහොමද කියන එක විස්තර කරන්න.. මුලින්ම කියන්නම් මනුෂ්‍යයෙක් වෙලා අපි මේ ලබල තියෙන ජීවිතේ මොන තරම් දුර්ලභද කියන එක.. එතනත් ගොළු, බීරි, මන්ද බුද්ධික බවක් නොලැබ, සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් අවස්තාවක් ලබනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා හා සමාන කරලා. හිතන්න, එහෙම අමාරුවෙන් අහස බැලුවත්, බුදු දහම නම් පූර්ණ චන්ද්‍රයා පායලා තිබුනේ නැති නම්..... හිස ගිනි ගත්තෙකු, ඒ ගින්න නිවා දමන්න කටයුතු කල යුත්තේ කෙසේද, ඒ විදිහටම පෘතග්ජන මිනිසා නිවන් මග අවබෝධ කර ගැනීමට ඉක්මන් විය යුතු බවයි බුදුරජානන් වහන්සේ ඒ උදාහරණයෙන් කිව්වේ..

    බුදුවරයෙක්ට මිනිහෙක්ව බලෙන් නිවන් යවන්න බෑ.. අපේ අය හිතන් ඉන්නවා මෛත්‍රී බුදුන් දැකල නිවන් යන්න..සමහර හාමුදුරුවරු පවා බණක් අවසානයේ කියන්නේ එහෙමනේ.. අනේ ඒ අයට කියන්න තියෙන්නේ, වැරදි මතවාද වලට නම් අහුවෙන්න එපා.. ඔබේ නිවන ඔබට අයිති දෙයක්..ඒක වෙන කෙනෙක්ට ලබා දෙන්න බෑ.. කොටින්ම මෛත්‍රී බුදුන්ට වත් බෑ ඔයාව නිවන් යවන්න..එහෙනම් ගෞතම බුදුන් වහන්සේ ඇයි පෘතුවියේ හිටපු හැම සත්වයාව ම නිවන් මාර්ගයට යැව්වේ නැත්තේ? සරලම උදාහරණය, කොසොල් රජතුමා..එච්චර වෙහෙර විහාර පූජා කරලා, බුදුන් ගැන අප්‍රමාන ගෞරවයකින් ශ්‍රද්ධාවකින් හිටපු කෙනෙක්.. අනේ මූ පවු නේ කියල, අසීමිත කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේට තිබුනා නේ රජතුමාව නිවන් යවන්න.. නෑ.. බුදුවරයෙක්ට වත් බෑ මිනිහෙක්ව නිවන් යවන්න.., ඒ මිනිහ ප්‍රඥාව නැති මෝඩයෙක් නම්.. එතකොට ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද? අන්න ඒකට තමයි භාවනා කරන්න කියන්නේ..අන්න ඒ ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගය තමයි බුදුන් වහන්සේ කියල දුන්නේ, චතුරාර්ය සත්‍යය කියල.. අපේ උන්දැලා කරන්නේ ඒවා දහම්පාසල් විභාග වලට එහෙම ගිරවා දානවා විතරයි..ඇයි දෙයියනේ මොකක්ද මේ කියල තියෙන්නේ කියල නිකමට වත් ගැබුරින් කල්පනා කරලා බලන්නේ නෑ..නිකමට වත් භාවනාවක් පටන් ගන්නේ වත් නෑ..අන්න ඒකයි නිවන කියල කියන්නේ වීර්යයෙන් සහ ප්‍රඥාවෙන ඉන්න කෙනෙක්ට විතරක් ලබා ගත හැකි දෙයක් කියල බුදුන් වහන්සේ කිව්වේ.. එතකොට අපිට දැන් ප්‍රඥාව නෑ කියල අත ඇරලා දාන්න ඕනෙද? නෑ.. මෛත්‍රී බුදුන්ගේ ශාසනයේ දී හරි එක බණ පදයකින් වත් නිවන අවබෝධ කරගන්න නම් මේ ආත්ම භාවයේ හරි චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද කියන එක හදාරන්න පටන් ගන්න..Facts එකතු කරගන්න අතරේ practical ඒකත් කරන්න..ඒ කියන්නේ භාවනාව... මුලින් සමථ භාවනාවක් කරලා, එහෙට මෙහෙට, ඔෆිස් එකට, ළමය ලගට දුවන හිත සමාධිමත් කරගන්න.. ඊට පස්සේ විදර්ශනා භාවනාවට යන්න.. මොකද මමත් හිටියේ ඔයාලා වගේ පාවී පාවී මෙලෝ දෙයක් නොදැන.. දන්න එකම භාවනාව කලේ පොඩි කාලේ ඉදල, ආනාපානසතිය.. ඒකවත් කරන විදිහ හරියට දැනගෙන හිටියේ නෑ..කොටින්ම ඒ භාවනාවට steps 4 ක් තියෙනවා කියල වත් දැනගෙන හිටියේ නෑ.. හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම තමයි ආනාපානසතිය කියල මං හිතාගෙන කලේ පොඩි කාලේ ඉදන්.. ඒ කියන්නේ මෙච්චර කාලෙකට මං ඉදල තියෙන්නේ පලවෙනි පියවරේ.. තව steps 3 ක් තියෙනවා කියල දන්නේ වත් නැතුව ඉතින් ඒ භාවනාවේ දියුණුවක් ලබයි ද නේ? ඒක හරියට වාහනයක් එලවනවා කියන්නේ ස්ටාර්ට් කරන එක කියල හිතාගෙන හිටියා හා සමානයි.. හැමදාම එකම තැන.. ඒත් හිතනවා තමන් හරි කියලා. හරි කල්‍යාන මිත්‍රයෙක් ඇවිත් ක්ලච් එක පාගලා, ගියර් එක දාල අක්සලරෙටරය පාගන්න කියල දෙනකන් මං හිතන් හිටියේ අන්න එහෙමයි.. ඉතින් මං ලබපු ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුවේ, මං වගේම නමට බෞද්ධයෝ ටිකක් එදිනෙද ජීවිතේ ගෙවාගෙන යන නිසා..හැබැයි හරි මාර්ගය පෙන්නලා දුන්නොත් ඒ මාර්ගයට වැටෙන නිසා.. (හැබැයි උවමනාව නැති අය නම් බොරුවට අහගෙන එන්න එපා.. අවශ්‍ය ම කෙනාට විතරක් මේකේ ප්‍රයෝජනය ලැබෙයි..අනිත් බෞද්ධයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න.. නිරා සෙට් එක නම් නාවට ම කමක් නෑ)

    හරි, මං මේ උඩ කියල තියෙන දේවල් ඔයාල මීට කලින් ඕනේ තරම් අහල තියෙන දේවල් නේ උදේ හවස.. ඒ නිසා ම ඒ කියන දේවල් වල බර හෑල්ලු වෙලා නේ ඔයාලට දැනෙනවා ඇත්තෙත්... හරියට හරි.. මටත් එහෙම තමයි.. මීට අවුරුද්දකට විතර කලින් මමත් එහෙමම තමයි හිතුවේ.. නිවන් අවබෝධ කරන්න හදිස්සි වෙන්නේ ඇයි? තව අපිට ජීවත් වෙන්න කල් තියෙනවනේ.. අවුරුදු 55 පැනල, අපේ අම්මල තාත්තලා වගේ විශ්‍රාම ගියාම කරන්න ඕනේ දේවල් නේ, අපි දැන් හදිස්සි වෙලා කරන්නේ මොකටද කියන දේ මටත් හිතුනා...

    ඇත්තම කතාව, බුදු දහම දහම් පාසලෙන්, පොත් පත් සහ බණ අහල දැනගෙන හිටියට, හාමුදුරුවරු නිවන කියන දේ කොච්චර බණ වලට කිව්වත්, ඇත්තටම නිවන් මාර්ග මේ ආත්ම භාවයේදී අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන ගැරන්ටි එකක් නම් මට කිසිම විදිහකින් ඇවිත් තිබුනේ නෑ.. එහෙම මාර්ගයක් ගැන කියල දෙන කිසිම හාමුදුරුනමක් වත් හම්බෙලා තිබුනේත් නෑ... පටන් ගන්න තැනක් වත් අවසාන කරන තැනක් වත් ගැන කිසිම අවබෝධයක් තිබුනේ නෑ..ඒ නිසා මාත් නමට බෞද්ධ ගොඩට වෙලා පොඩි කාලේ ඉදලා මෑතක් වෙනකන් ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් කියවගෙන, බණ ගෙදරක්, දානේ ගෙදරකට ගිහින් බණක් අහල, මගේ සුපුරුදු ජීවිතේ ගෙව්වා..

    ඔන්න මං වෙනස් වෙච්ච තැන කියන්නම් දැන්.. ඔහොම බණ අහගෙන ඉන්න අතරේ, වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න ජීවිතේ පලවෙනි වතාවට කනා චාන්ස් එකක් ලැබුන.. අනුරාධපුර පැත්තේ.. ඉතින් දවස් කීපයක් එතන නතර වෙලා ඒ කියපු භාවනාවත් කළා.. ස්වාමීන් වහන්සේ එතන හිටපු හැම දෙනාටම වෙන වෙනම කල යුතු භාවනාව මොකක්ද කියල දුන්න..ඒකට කියන්නේ කමටහන් දෙනවා කියල.. ඒ දවස් ටික ඉවර වෙලා ගෙදර ඇවිත් නිකන් හිටියෙත් නෑ.. මට දුන්න භාවනාව කරගෙන ගියා.. මොකද ලොකු ස්වාමීන් වහන්සේ ඒ ගැන පසු විපරම් කළා. ඒකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියල.. කියපු සමථ භාවනාව එදිනෙදා වැඩ කරන අතරේ, දවසට විනාඩි 15 ක් විතර අරගෙන මාසයක් විතර කළා.. අම්මට සිරි..ඒක වැඩ කරනවා කියන එක දැනුනා ඒ මාසය ඉවර වෙද්දී.. හිතට එන සිතුවිලි හරි පැත්තට යොමු කරවන විදිහ ගැන ඉබේම වැටහීමක් ආවා.. ලොකු ස්වාමීන් වහන්සේත් zoom එකෙන් පවා අපිට උදවු උනා අපිට භාවනාව කරගෙන යද්දී එන ගැටළු වලට උත්තර දෙන්න..

    කොහොම හරි ඒ සමථ භාවනාව ඉවර කළා.. ඊට පස්සේ මට ගැටලුව ආවේ, ඊලග පියවර මොකක්ද කියල.. මොකද ඒ භාවනාව කරද්දී තමයි මට ම අවබෝධ උනේ, අර කලින් කියපු “හිස ගිනිගත්තෙකු ගින්න නිවා දැමීමට යුහුසුළු වෙන ආකාරයට” ම නිවන් මාර්ගයේ හැකි පුළුවන් ඉක්මනින් යා යුතුය කියන දේ..ඒ අවබෝධය නම් කිසිම වෙලාවක මට වෙන කෙනෙක් කියලා වත්, පොතක් බලල හරි බණක් අහල හරි නම් ගන්න බෑ බෑ මයි.. තමන්ට භාවනාවක් කරද්දී ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ මොකක්ද කියන එක ජීවිතේ පලවෙනි වතාවට ලැබුවා..

    ඔන්න දැන් සමථ භාවනාවේ අවශ්‍ය තැනට මං ආවනේ.. ඊට පස්සේ මං දන්න තරමින් විදර්ශනා බාවනාවක් තමයි කරන්න ඕනේ කියල මං දැනගෙන හිටියා.. ඒ අනුව ලොකු ස්වාමීන් වහන්සේ අපිව ඒ දෙවෙනි පියවරට අවශ්‍ය කමටහන දුන්නා.. ඒ ශුෂ්ක විදර්ශනා භාවනාව.. නම කියනකොට නම් මං හිතුවේ මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ කියල ඒ භාවනාව ගැන.. නමුත් පටන් ගත්තේ හරිම සරල තැනකින්.. නාම-රූප භාවනාවෙන්..ඊට අදාළ උන්වහන්සේගේ දේශනා අහලා මූලික දැනුම දා ගත්තා ඔලුවට.. ඊට පස්සේ ඊට අදාළ භාවනා වාක්‍ය ගැන හිතෙන් මෙනෙහි කළා.. අර සමථ භාවනාව කරද්දී මට දැනුන හැගීම ම මේ නාම රූප භාවනවේදීත් මට ලැබුනා...ඒ කියන්නේ භාවනාව වැඩ කරනවා කියන එක තමන්ටම දැනෙනවා කියන එක.. දැන් ඔයාල බලයි මොකක්ද මේ මං වැඩ කරනවා කියල කියන්නේ කියල.. නිකන් පාවෙනවා, බුදු රැස් විහිදෙනවා වගේ දෙයක් ද කියල...

    එහෙම දෙයක් නම් ඉතින් මං මානසික වෛද්‍ය වරයෙක් ලගට තමයි යන්න ඕනේ, විකාර පේන නිසා.. නෑ..වැඩ කරනවා කියන්නේ ඔයාලගේ හිතට එන හැගීම්...අන්න ඒකයි පට්ට..අන්න ඒකයි ප්‍රඥාව වැඩෙනවා කියල පොත් පත් වල කියන්නේ..

    (උදාහරණයක් කියන්නම්කො.. ඔයාට හොද චිකන් කොත්තු එකක් කන්න හම්බෙනවා.. සමස්තය ගත්තම ඔයාට ඒක රස කෑමක්.. බඩත් පිරෙනවා.. නමුත් ඒකට දාල තියෙන ingredient ටික දන්නේ කොත්තු බාස් කෙනෙක්.. නැත්නම් කොත්තුවක් කියන්නේ මොකක්ද කියන එක කියවල බලපු කෙනෙක්, නැත්නම් හදන හැටි බලන් හිටපු කෙනෙක්.. ඇමේසන් වනාන්තරයේ ඉන්න ගොත්රිකයෙක්ට කිව්වොත් කොත්තුව ගැන, ඌට කිසිම අදහසක් එන්නේ නෑ නේ. ඒ ගැන... අන්න ඒ වගේ තමයි අපි අවට ඇති සියලුම දේ හැදිලා තියෙන්නේ නාම රූප වලින්.. ඒ ගැන දන්නේ අඩු තරමින් නාම සහ රූප කියන දෙක මොකක්ද කියල පොතකින් හරි බලල තියෙන කෙනෙක්ට..නැත්නම් භාවනා කරලා නාම රූප ඇති නැති වීම මනසිකාරය කරලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු කෙනෙක්ට..

    මේ ත්‍රෙඩ් එක දාල අවුරුදු 2 කුත් ගිහින්.. :rolleyes::rolleyes:
    ආයිමත් කියවල බලද්දී පුදුම සතුටුයි...අවුරුදු 2 කට කලින් මම ඉදලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය කොටස තුල භාවනාව කරමින්.. අවුරුදු 2ක් ඇතුලත පලවෙනි විදර්ශනා ඥානය දක්වා එන්න කමටහන් අරගෙන තියෙනවා... ඕනෙම කෙනෙක්ට ඒ කමටහන් දේශනා පිළිවෙලට කරගෙන ආවොත් නිවන කියන දේ අකාලික බව තමන්ට ම තේරෙයි..

    පින් ඇතී අය හැකි ඉක්මනින් භාවනාවට යොමු වේවා... තෙරුවන් සරණයි..
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113

    මන් දාපු religious threads ටිකයි, අපේ personal discussions, threads වල discussions, ඔය *අරක නැතුව මේක බැහැ, මේක නැතුව.." දෘස්ටි ටික පැත්තකින් තියලා, ආයේ කියවන්න හොදට. කියවන ගමන් විමසලා බලන්න.
    ------ Post added on Jun 12, 2025 at 10:27 PM
    Could you share those? I couldn’t find them :P
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ගොඩක් කාලෙකින් කිරියට ආවේ.. මං හිතන්නේ ත්‍රෙඩ් එකක් මේ දාන්නේ අවුරුදු ගණනාවකින් පස්සේ.. ඒ අවුරුදු ගාන ඇතුලේ මොනවද නොවුනේ නේද..රටේ වගේම පෞද්ගලික ජීවිතේත්.. කසාද බැදලා දරු මල්ලෝ ලැබුවම තමයි සමහර දේවල්, හිතන පතන විදි වෙනස් වෙන්නේ... ඒක තමන් ම අත්දකිනකන් කාටවත් වෙන කෙනෙක් කියනවා අහල වත්, වෙන කෙනෙක් දිහා බලල වත් ඒ තත්වය තේරුම් ගන්න අමාරුයි..

    කොහොම හරි ඔන්න මේ නූල දාන්න හිතුවේ, මගේ අත්දැකීම් එක්ක, මං කියවල තියෙන දේවල් එක්ක බුදු දහම අපේ ජීවිත වලට ගලපා ගන්නේ කොහොමද කියන එක විස්තර කරන්න.. මුලින්ම කියන්නම් මනුෂ්‍යයෙක් වෙලා අපි මේ ලබල තියෙන ජීවිතේ මොන තරම් දුර්ලභද කියන එක.. එතනත් ගොළු, බීරි, මන්ද බුද්ධික බවක් නොලැබ, සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් අවස්තාවක් ලබනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා හා සමාන කරලා. හිතන්න, එහෙම අමාරුවෙන් අහස බැලුවත්, බුදු දහම නම් පූර්ණ චන්ද්‍රයා පායලා තිබුනේ නැති නම්..... හිස ගිනි ගත්තෙකු, ඒ ගින්න නිවා දමන්න කටයුතු කල යුත්තේ කෙසේද, ඒ විදිහටම පෘතග්ජන මිනිසා නිවන් මග අවබෝධ කර ගැනීමට ඉක්මන් විය යුතු බවයි බුදුරජානන් වහන්සේ ඒ උදාහරණයෙන් කිව්වේ..

    බුදුවරයෙක්ට මිනිහෙක්ව බලෙන් නිවන් යවන්න බෑ.. අපේ අය හිතන් ඉන්නවා මෛත්‍රී බුදුන් දැකල නිවන් යන්න..සමහර හාමුදුරුවරු පවා බණක් අවසානයේ කියන්නේ එහෙමනේ.. අනේ ඒ අයට කියන්න තියෙන්නේ, වැරදි මතවාද වලට නම් අහුවෙන්න එපා.. ඔබේ නිවන ඔබට අයිති දෙයක්..ඒක වෙන කෙනෙක්ට ලබා දෙන්න බෑ.. කොටින්ම මෛත්‍රී බුදුන්ට වත් බෑ ඔයාව නිවන් යවන්න..එහෙනම් ගෞතම බුදුන් වහන්සේ ඇයි පෘතුවියේ හිටපු හැම සත්වයාව ම නිවන් මාර්ගයට යැව්වේ නැත්තේ? සරලම උදාහරණය, කොසොල් රජතුමා..එච්චර වෙහෙර විහාර පූජා කරලා, බුදුන් ගැන අප්‍රමාන ගෞරවයකින් ශ්‍රද්ධාවකින් හිටපු කෙනෙක්.. අනේ මූ පවු නේ කියල, අසීමිත කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේට තිබුනා නේ රජතුමාව නිවන් යවන්න.. නෑ.. බුදුවරයෙක්ට වත් බෑ මිනිහෙක්ව නිවන් යවන්න.., ඒ මිනිහ ප්‍රඥාව නැති මෝඩයෙක් නම්.. එතකොට ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද? අන්න ඒකට තමයි භාවනා කරන්න කියන්නේ..අන්න ඒ ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගය තමයි බුදුන් වහන්සේ කියල දුන්නේ, චතුරාර්ය සත්‍යය කියල.. අපේ උන්දැලා කරන්නේ ඒවා දහම්පාසල් විභාග වලට එහෙම ගිරවා දානවා විතරයි..ඇයි දෙයියනේ මොකක්ද මේ කියල තියෙන්නේ කියල නිකමට වත් ගැබුරින් කල්පනා කරලා බලන්නේ නෑ..නිකමට වත් භාවනාවක් පටන් ගන්නේ වත් නෑ..අන්න ඒකයි නිවන කියල කියන්නේ වීර්යයෙන් සහ ප්‍රඥාවෙන ඉන්න කෙනෙක්ට විතරක් ලබා ගත හැකි දෙයක් කියල බුදුන් වහන්සේ කිව්වේ.. එතකොට අපිට දැන් ප්‍රඥාව නෑ කියල අත ඇරලා දාන්න ඕනෙද? නෑ.. මෛත්‍රී බුදුන්ගේ ශාසනයේ දී හරි එක බණ පදයකින් වත් නිවන අවබෝධ කරගන්න නම් මේ ආත්ම භාවයේ හරි චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද කියන එක හදාරන්න පටන් ගන්න..Facts එකතු කරගන්න අතරේ practical ඒකත් කරන්න..ඒ කියන්නේ භාවනාව... මුලින් සමථ භාවනාවක් කරලා, එහෙට මෙහෙට, ඔෆිස් එකට, ළමය ලගට දුවන හිත සමාධිමත් කරගන්න.. ඊට පස්සේ විදර්ශනා භාවනාවට යන්න.. මොකද මමත් හිටියේ ඔයාලා වගේ පාවී පාවී මෙලෝ දෙයක් නොදැන.. දන්න එකම භාවනාව කලේ පොඩි කාලේ ඉදල, ආනාපානසතිය.. ඒකවත් කරන විදිහ හරියට දැනගෙන හිටියේ නෑ..කොටින්ම ඒ භාවනාවට steps 4 ක් තියෙනවා කියල වත් දැනගෙන හිටියේ නෑ.. හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම තමයි ආනාපානසතිය කියල මං හිතාගෙන කලේ පොඩි කාලේ ඉදන්.. ඒ කියන්නේ මෙච්චර කාලෙකට මං ඉදල තියෙන්නේ පලවෙනි පියවරේ.. තව steps 3 ක් තියෙනවා කියල දන්නේ වත් නැතුව ඉතින් ඒ භාවනාවේ දියුණුවක් ලබයි ද නේ? ඒක හරියට වාහනයක් එලවනවා කියන්නේ ස්ටාර්ට් කරන එක කියල හිතාගෙන හිටියා හා සමානයි.. හැමදාම එකම තැන.. ඒත් හිතනවා තමන් හරි කියලා. හරි කල්‍යාන මිත්‍රයෙක් ඇවිත් ක්ලච් එක පාගලා, ගියර් එක දාල අක්සලරෙටරය පාගන්න කියල දෙනකන් මං හිතන් හිටියේ අන්න එහෙමයි.. ඉතින් මං ලබපු ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුවේ, මං වගේම නමට බෞද්ධයෝ ටිකක් එදිනෙද ජීවිතේ ගෙවාගෙන යන නිසා..හැබැයි හරි මාර්ගය පෙන්නලා දුන්නොත් ඒ මාර්ගයට වැටෙන නිසා.. (හැබැයි උවමනාව නැති අය නම් බොරුවට අහගෙන එන්න එපා.. අවශ්‍ය ම කෙනාට විතරක් මේකේ ප්‍රයෝජනය ලැබෙයි..අනිත් බෞද්ධයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න.. නිරා සෙට් එක නම් නාවට ම කමක් නෑ)

    හරි, මං මේ උඩ කියල තියෙන දේවල් ඔයාල මීට කලින් ඕනේ තරම් අහල තියෙන දේවල් නේ උදේ හවස.. ඒ නිසා ම ඒ කියන දේවල් වල බර හෑල්ලු වෙලා නේ ඔයාලට දැනෙනවා ඇත්තෙත්... හරියට හරි.. මටත් එහෙම තමයි.. මීට අවුරුද්දකට විතර කලින් මමත් එහෙමම තමයි හිතුවේ.. නිවන් අවබෝධ කරන්න හදිස්සි වෙන්නේ ඇයි? තව අපිට ජීවත් වෙන්න කල් තියෙනවනේ.. අවුරුදු 55 පැනල, අපේ අම්මල තාත්තලා වගේ විශ්‍රාම ගියාම කරන්න ඕනේ දේවල් නේ, අපි දැන් හදිස්සි වෙලා කරන්නේ මොකටද කියන දේ මටත් හිතුනා...

    ඇත්තම කතාව, බුදු දහම දහම් පාසලෙන්, පොත් පත් සහ බණ අහල දැනගෙන හිටියට, හාමුදුරුවරු නිවන කියන දේ කොච්චර බණ වලට කිව්වත්, ඇත්තටම නිවන් මාර්ග මේ ආත්ම භාවයේදී අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන ගැරන්ටි එකක් නම් මට කිසිම විදිහකින් ඇවිත් තිබුනේ නෑ.. එහෙම මාර්ගයක් ගැන කියල දෙන කිසිම හාමුදුරුනමක් වත් හම්බෙලා තිබුනේත් නෑ... පටන් ගන්න තැනක් වත් අවසාන කරන තැනක් වත් ගැන කිසිම අවබෝධයක් තිබුනේ නෑ..ඒ නිසා මාත් නමට බෞද්ධ ගොඩට වෙලා පොඩි කාලේ ඉදලා මෑතක් වෙනකන් ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් කියවගෙන, බණ ගෙදරක්, දානේ ගෙදරකට ගිහින් බණක් අහල, මගේ සුපුරුදු ජීවිතේ ගෙව්වා..

    ඔන්න මං වෙනස් වෙච්ච තැන කියන්නම් දැන්.. ඔහොම බණ අහගෙන ඉන්න අතරේ, වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න ජීවිතේ පලවෙනි වතාවට කනා චාන්ස් එකක් ලැබුන.. අනුරාධපුර පැත්තේ.. ඉතින් දවස් කීපයක් එතන නතර වෙලා ඒ කියපු භාවනාවත් කළා.. ස්වාමීන් වහන්සේ එතන හිටපු හැම දෙනාටම වෙන වෙනම කල යුතු භාවනාව මොකක්ද කියල දුන්න..ඒකට කියන්නේ කමටහන් දෙනවා කියල.. ඒ දවස් ටික ඉවර වෙලා ගෙදර ඇවිත් නිකන් හිටියෙත් නෑ.. මට දුන්න භාවනාව කරගෙන ගියා.. මොකද ලොකු ස්වාමීන් වහන්සේ ඒ ගැන පසු විපරම් කළා. ඒකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියල.. කියපු සමථ භාවනාව එදිනෙදා වැඩ කරන අතරේ, දවසට විනාඩි 15 ක් විතර අරගෙන මාසයක් විතර කළා.. අම්මට සිරි..ඒක වැඩ කරනවා කියන එක දැනුනා ඒ මාසය ඉවර වෙද්දී.. හිතට එන සිතුවිලි හරි පැත්තට යොමු කරවන විදිහ ගැන ඉබේම වැටහීමක් ආවා.. ලොකු ස්වාමීන් වහන්සේත් zoom එකෙන් පවා අපිට උදවු උනා අපිට භාවනාව කරගෙන යද්දී එන ගැටළු වලට උත්තර දෙන්න..

    කොහොම හරි ඒ සමථ භාවනාව ඉවර කළා.. ඊට පස්සේ මට ගැටලුව ආවේ, ඊලග පියවර මොකක්ද කියල.. මොකද ඒ භාවනාව කරද්දී තමයි මට ම අවබෝධ උනේ, අර කලින් කියපු “හිස ගිනිගත්තෙකු ගින්න නිවා දැමීමට යුහුසුළු වෙන ආකාරයට” ම නිවන් මාර්ගයේ හැකි පුළුවන් ඉක්මනින් යා යුතුය කියන දේ..ඒ අවබෝධය නම් කිසිම වෙලාවක මට වෙන කෙනෙක් කියලා වත්, පොතක් බලල හරි බණක් අහල හරි නම් ගන්න බෑ බෑ මයි.. තමන්ට භාවනාවක් කරද්දී ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ මොකක්ද කියන එක ජීවිතේ පලවෙනි වතාවට ලැබුවා..

    ඔන්න දැන් සමථ භාවනාවේ අවශ්‍ය තැනට මං ආවනේ.. ඊට පස්සේ මං දන්න තරමින් විදර්ශනා බාවනාවක් තමයි කරන්න ඕනේ කියල මං දැනගෙන හිටියා.. ඒ අනුව ලොකු ස්වාමීන් වහන්සේ අපිව ඒ දෙවෙනි පියවරට අවශ්‍ය කමටහන දුන්නා.. ඒ ශුෂ්ක විදර්ශනා භාවනාව.. නම කියනකොට නම් මං හිතුවේ මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ කියල ඒ භාවනාව ගැන.. නමුත් පටන් ගත්තේ හරිම සරල තැනකින්.. නාම-රූප භාවනාවෙන්..ඊට අදාළ උන්වහන්සේගේ දේශනා අහලා මූලික දැනුම දා ගත්තා ඔලුවට.. ඊට පස්සේ ඊට අදාළ භාවනා වාක්‍ය ගැන හිතෙන් මෙනෙහි කළා.. අර සමථ භාවනාව කරද්දී මට දැනුන හැගීම ම මේ නාම රූප භාවනවේදීත් මට ලැබුනා...ඒ කියන්නේ භාවනාව වැඩ කරනවා කියන එක තමන්ටම දැනෙනවා කියන එක.. දැන් ඔයාල බලයි මොකක්ද මේ මං වැඩ කරනවා කියල කියන්නේ කියල.. නිකන් පාවෙනවා, බුදු රැස් විහිදෙනවා වගේ දෙයක් ද කියල...

    එහෙම දෙයක් නම් ඉතින් මං මානසික වෛද්‍ය වරයෙක් ලගට තමයි යන්න ඕනේ, විකාර පේන නිසා.. නෑ..වැඩ කරනවා කියන්නේ ඔයාලගේ හිතට එන හැගීම්...අන්න ඒකයි පට්ට..අන්න ඒකයි ප්‍රඥාව වැඩෙනවා කියල පොත් පත් වල කියන්නේ..

    (උදාහරණයක් කියන්නම්කො.. ඔයාට හොද චිකන් කොත්තු එකක් කන්න හම්බෙනවා.. සමස්තය ගත්තම ඔයාට ඒක රස කෑමක්.. බඩත් පිරෙනවා.. නමුත් ඒකට දාල තියෙන ingredient ටික දන්නේ කොත්තු බාස් කෙනෙක්.. නැත්නම් කොත්තුවක් කියන්නේ මොකක්ද කියන එක කියවල බලපු කෙනෙක්, නැත්නම් හදන හැටි බලන් හිටපු කෙනෙක්.. ඇමේසන් වනාන්තරයේ ඉන්න ගොත්රිකයෙක්ට කිව්වොත් කොත්තුව ගැන, ඌට කිසිම අදහසක් එන්නේ නෑ නේ. ඒ ගැන... අන්න ඒ වගේ තමයි අපි අවට ඇති සියලුම දේ හැදිලා තියෙන්නේ නාම රූප වලින්.. ඒ ගැන දන්නේ අඩු තරමින් නාම සහ රූප කියන දෙක මොකක්ද කියල පොතකින් හරි බලල තියෙන කෙනෙක්ට..නැත්නම් භාවනා කරලා නාම රූප ඇති නැති වීම මනසිකාරය කරලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු කෙනෙක්ට..

    ඉතින් නිකන් ඉන්න නමට බෞද්ධයෙක් වැටෙන්නේ අර ඇමේසන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෙක් ගානට.. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවත් උට ගානක් නෑ.. අවබෝධයක් නෑ..ප්‍රඥාවක් නෑ, මේ ලෝකයේ යතාර්ථය තේරුම් ගන්න.. මොකද ඌ කියවලත් නෑ, භාවනාවක් කරලත් නෑ..කොටින්ම බුදු දහම ගැන ශ්‍රද්ධාවක් වත් නෑ.. Facebook එකේ හෑලි ලිය ලියා ඉදලා මැරිලා ගිහින් සසරට වැටෙනවා..)

    ඉතින් අර භාවනාවත් එක්ක ප්‍රඥාව දියුණු වෙද්දී මනසින් දකිනවා/හිතනවා අපි අවට ඇති පුද්ගලයන් සහ වස්තුන්, මේ සියල්ලම නාම සහ රූප වල එකතුවක් නේද කියල.. නිවන් මාර්ගයේ යද්දී අපිට ඒ ලැබෙන පලවෙනි ප්‍රඥාව වන නාම රූප පරිච්චේද ඥානය කියන්නේ අන්න ඒකයි..ඒක මේ නිකන් බල්බ් එකක් පත්තු උනා වගේ එක පාර “ටිං” කියල එන දෙයක් නෙමෙයි.. ක්‍රමානුකූලව භාවනාව එක්ක අපි ලෝකය දිහා බලන විදිහේ වෙන වෙනස් වීමක්.. ඒ වගේම උවමනාව තියෙන ඕනෙම මනුස්සයෙක්ට මාස 2-3 කින් ලබන්න පුළුවන් ඥානයක්.. මොකද මම ම හොද උදාහරණයක්.. ගෙදර වැඩයි ඔෆිස් වැඩයි පොඩි එකාගේ වැඩයි කරන අතරේ දවසට විනාඩි 15 ක් අරන් කරපු දේ වැඩ කළා.. ඔයාලටත් ඒක ගැරන්ට් හරියට කලොත්..

    මේ ලොකු කතාවක් කලාට මම තාම ඉන්නේ නිවන් මාර්ගයේ මුල් ම පියවරේ..හැබැයි මං යන මාර්ගය මට පැහැදිලියි.. යන්නේ කොහොමද කියන ඒකත් පැහැදිලියි.. දැන් ලොකු ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ, පටිච්ච සමුප්පාදයට අදාළ කොටස් ටික බලන්න කියලා..ඉන් පස්සේ ඊට අදාළ භාවනාව පටන් ගන්න කියල..

    මෙතන මාරම ආස හිතෙන්නේ, මේක හරියට strategic game එකක් වගේ.. මුල, මැද, අග මාර්ගය පැහැදිලියි.. PC game එකක් ගත්තොත් අපි දන්නවනේ එක එක levels වලට ගිහින් game එක ඉවර වෙනකන් යන්න ඕනේ විදිහ..මේකත් එහෙමයි.. කරගෙන යද්දී තමයි මාර ආස හිතෙන්නේ.. පොත් පත් වල තියෙන දේවල්, හාමුදුරුවරු බණ ට කියන දේවල් අපි භාවනාව ඇතුලෙදි අත් දකිද්දී ලැබෙන සතුට, කියල ඉවර කරන්න බෑ..ඒ අත්දැකීම තමන් ම ලබන්න ඕනේ..Game එකක level එකක් complete කලාම දැනෙන සතුට ට වඩා සතුටක් ලැබෙනවා මේක අපේ ජීවිතයට apply වෙන නිසා..

    ඉතින් අවසානයට කියන්න තියෙන්නේ නිවන් මාර්ගය මේ ආත්ම භාවයේදී ම අවබෝධ කරගන්නවා කියල හිතන, අධිෂ්ටාන කරන අය විතරක් මං කියපු දේවල් කරන්න.. ඒකට අවශ්‍ය දේශනා සහ මාර්ගය ගැන අවශ්‍ය අයට පමණක් වැඩි විස්තර ලබා දෙන්නම්..නැත්නම් මේක විහිලුවකට ගන්න අය සහ අර්ථ නිරූපන දෙන්න යන අය අතරේ මං පැය 2 ක් විතර අරගෙන ටයිප් කරපු මේ පෝස්ට් එකේ වටිනාකමත් නැති වෙලා යනවා..

    හැකි ඉක්මනින් සියලු දෙනාටම නිවන් මාර්ගය අවබෝධ වේවා..!! තෙරුවන් සරණයි..
    bro ඔයාට msg එකක් දැම්මා බලන්න.
     
    • Like
    Reactions: funkyguy89