බුදු දහම වනසන වහරක වැදි බණ

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;18795285 said:
    අනේ මහත්තයෝ, ඔබ තුමාගේ දැනුමට ගැලපුන පලියට යමක් බුද්ධ දේශනාවත් එක්ක එකඟ වෙන්නෙ නැහැ නේ. බුදු හාමුදුරුවෝ අනත්ත ලක්ඛණ සුත්‍රය කියලා එකක් දේශනා කරල තියෙනවා, පුලුවන් නම් සොයාගෙන කියවන්න. අනත්ත යනු මමෙක්, සරීරය තුල සැඟවුන වුන ඒජන්තයෙක්, ආත්මයක් නැති බව තේරුම් ගැනීමට, එකඟ වීමට සමහරුන්ට අසීරු වන්නේ තමන් තුල ඇති දැඩි මමායනය, මෝහය නිසාමයි.

    මහත්තයෝ මගේ ත්‍රෙඩ් එකෙ අරමුණ උතුම් බුද්ධ දේශනාව ආරක්ශා කර ගැනීමයි. ධර්මය අධර්මය කර දේශනා කරන්නන් ගෙන් ධර්මය ගෙන හැර පෑමයි.

    මෙතැන කාටවත් පහර ගහලා නැහැ. සාමාන්‍ය දැනුමක් ඇති ඕනැම අයෙකුට පැහැදිලි වෙන්න ඕනේ බුදු හාමුදුරුවෝ බණ කිව්වේ පාලි දන්න අයටවත් සිංහල දන්න අයටවත්, මගාධී බාසාව දන්න අයටවත් නොව සියලු දෙව්-මිනිසුන්ට බව.

    මචන්,

    දෙයක් සමාජ ගත කරන විදිහක් තියනවා. උඹ මෙතන කරලා තියෙන්නේ මේක කියවන යට උඹේ මතේ හරි මතේ කියන එක උඩ ඉගෙන කියවන අනිත් යටත් ඒ විදිහට ඒත්තු ගන්නන එක නේද?
    මම උඹට දෙයක් කියන්නම්. උඹ ඔය පොස්ට් එකම උඹ ඔය කියපු ටික මකලා pool එකක් එක්ක දාපන් එකගයිද නැද්ද කියල? එතකොට උඹට බලාගන්න පුළුවන් වෙයි උබේ මතේද බහුතර මතය කියල.

    උබට මෙතන කියල තියන දේ හරි යන්නේ නැත්තම් කරන්න තියෙන්නේ බුද්ධ දේශනාවේ හැටියට කරුණු නිවැරදි කරන එක. ඒකයි පිළිගන්න පුළුවන් දේ. උඹ මෙතන විවේචනය කරන එකෙන් වෙන්නේ මම උඩින් කිවුව දේ උඹ සැහෙන දෙනෙකුට අනොමුදම් කරන එක. එක කෙසේ වෙතත් උඹට හොද නැහැ.

    ඔතන කියල තියෙන්නේ සාරන්ශයකින් ගත්තොත්, පවත්ත මාංශය ගැනයි බිත්තරයක පවතින ජිවය ගැනයි. මම ඔය දෙක ගැනම මේ මතේම මේ විදිහටම දේශකයන් වහන්සේලාගෙන් අහල දැනගෙන තියනවා. අනික් එක ගැන නම් මට පැහැදිලි කරන්න තරම් දැනුමක් නැහැ.

    උඹට යම් දැනුමක් තියනවා කියල තේරෙනවා. එත් එකෙන් මට පේන දේ උබ ප්‍රයෝගික භාවිතයට වඩා මාන්නයකින් ඉන්නවා කියන එක.​
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    චගු;18069874 said:
    සහෝ, තරහ ගන්නෙ නැතුව මේ ටික පොඩ්ඩක් අහන්න.
    වහරක අභයාලංකාර ස්වාමීන්වහන්සේගේ ධර්ම ඥානය ගැන ගිහි පෘතග්ජන අපි දන්නේ නෑ නේද ?
    භාග්‍යවතුන්වහන්සේ දෙශනා කලේ ධර්මයට ගලපා බලන්න කියලයි.
    ඉතින් යමක් අපි දන්න දේ ට ගැලපෙන්නෙ නෑ කියල සැක නම් ඒ දෙයින් නොගැටී ඉමු, ඒ ගැන සොයමු, හරි නම් පිළිගනිමු, වැරදි නම් අවශ්‍ය නම් ඈත් වෙමු.

    අපි අනිත් අයව ගැටීමකට පොළඹවන එක නම් හරි නෑ කියල මට හිතුනෙ.

    ඔන්න තරහ ගන්න එපා මචන්.. මම මේ ටික ලිව්වෙ උඹ නොදැනීමෙන් වත් ආර්‍ය උපවාදයක් වත් කරගෙන දෝ කියලයි.

    තෙරුවන් සරණයි මචන්


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි.



    මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

    මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

    ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි,

    අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.
     
    Last edited: