මට නම් ඒ දවස අමතක වෙන්නේ නෑ. එදා පුදුම ලස්සනක් මහරගම අපේක්ෂා රෝහල. වෙසක් කූඩු , භක්ති ගීත. මගේ වේදනාව වෙනුවෙන්ම ලෑස්ති වෙලා වගේ මට දැනුනේ. තාත්තා අවසන් මොහොත ගත කරනවා ඉස්පිරිතාලේ ඇදක් මත . මගේ මුලු අතීතයම ගව් ගානක් ඈතට ගිහිල්ලා.
අපේ පවුලේ හුගක්ම කිට්ටු මම තමයි තාත්තාට. මම ඉපදුනු දා පටන් තාත්තා කියන්නේ මගේ දෙවැනි පණ. තාත්තත් එහෙමයි. මම නාහෙට අහන්නැති වුනාම , මට බද පටියකින් දුන්න පාර තාම මතකයි. එදා තිබ්බ තරහ හරියට ඉටිපන්දමක් වගේ , අද වෙන විට දිය වෙලා , නැති වෙලා ගිහින්. එදා මට ගුටි දීලා තිබුනේ හදවතේ ඇති සෙනහසකින් කියලා දැනගන්නකොට මම පරක්කු වැඩියි
තාත්තට පිලිකාව කියලා දැනගත්ත මුල් දවස. මම මනසින් කඩා වැටුනේ හරියට ඒක මට ඇති වුනු දෙයක් වගේ. දොස්තර මට හොරෙන්ම කිව්වා. මුලු ඇග පුරාම ගිහින් ලු . එදා ඉදන් මමත් කඩා වෙන්න පටන් ගත්ත මුල් දවස , තනියෙන්ම අඩපු දවස් අනන්තයි. හැබැයි හැමෙවේලේම ඇඩුවේ . වෝෂ් රූම් ඉදන්. මගේ පපුවේ හිර කරගත්තු වේදනාව,මම තනියම විදගත්තා. තාත්තටවත් පෙන්නුවේ නෑ
ඔව් මම ඒක හැංගුවා තාත්තාගෙන්. තාත්තා කවදාවත් හිතුවේ නෑ,එයාට පිලිකාවක් තියෙන්නේ කියලා. මම බොරු මව මව අපේක්ෂා එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා. කිමෝ දුන්නට පස්සේ . තාත්තා කෙට්ටුවුනේ පරඩැලක් වගේ .
ෙපාඩි කාලේ ඉදන්ම මම තාත්තට තුරුලු වෙලා නිදාගත්තේ. කිමෝ දුන්නට පස්සේ, තාත්තා පහුවෙනිදට මගේ ඇදට ඇවිත් ඇල වෙනවා. අද හරි නිදිමතයි කියලා. මම ඉතින් තාත්තව තුරුලු කරගන කියනවා. එහෙම තමයි තාත්තේ , ඇගට විවේකය ඕන කියලා.
තාත්තා නැති වෙන කොට දොස්තර කිව්වේ හිත හදා ගන්න කියලා. වකුගඩුවලට බලා පාලා ඒවා අක්‍රිය වෙනවා කිව්වා. අන්තිම මොහොත වෙනකොටත් මම තාත්තට සාත්තු කරනවා. කවනවා . පොවනවා. කවදාවත් තාත්තා එයාගේ කැත කුණු මට අතගාන්න දුන්නේ නෑ.. ඒත් මම එයාට ඒවා කරගන්න පුලුවන් විදියට , මුලු වොෂ් රූම් එකම හැමදාම පාහේ , ක්ලින් කරනවා. මට අන්තිමට හිතට සැනසීම ගෙනාවේ ඒක.
මේ සින්දුව මට කවදාවත් අහන්න බෑ කදුලු එන්නැතුව. මට මතක්වෙන්නෙම තාත්තා අන්තිම මොහොත. මාව දුක් මහන්සිවෙලා හදලා.. අපේ ආර්තිකය ශක්තිමත් කලේ තාත්තා. හොරකම් කරන්නැතුව තමන්ගෙම රස්සාව කරන්න මට වාරුව දුන්නේ තාත්තා විතරමයි. අදටත් තාත්තා වෙනුවෙන් පිංකම් කරනවා. බුදු බව ලබන පියවරු තමන් ගාවම මේ දැනුත් ඉන්න අය ඇති . පුලුවන් තරම් හොදට සලකන්න

Mage thaththath nethi wela mea aprial 3ta avurudu 19k wenawa ea unata ada eeye wage mathakai ea dawasa. Ea aurudu gaanatama ona tharam heenen dekala thiyenawa thaththa eda nethi wennethuwa saneepa wela evith apith ekka wenada wage hina wela jeevath wenawa. Hita pili ganne thamath eya yanna giya kiyala apen eathata. Puluvan hema welawakama ea raththaran manussayawa mathak karala pin denawa. Meaka type karaddith edenawa.