" මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "
ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.