බුදු රුවින් නිරූපිත මුද්‍රා
මුද්‍රා භාවිතය ඉතිහාසයේ ආරම්භ වූයේ කෙදිනක දැයි හරිහැටි කිව නොහැකිය. මිනිසා නොදියුණු දඩයම් යුගයේ හස්ත මුද්‍රාව භාවිත වූ බවට සැක කළ හැකිය. සතෙකු දඩයම් කර ගැනීමෙදී, සතාට නො දැනෙන්නට අදහස් හුවමාරු කර ගැනීම අවශ්‍ය විය. එහිදී හස්ත මුද්‍රාව උපයෝගී කර ගන්නට ඇත.අපේ ජාතක කතාවලත් භාරත මුද්රාවේත් අදහස් හුවමාරු කර ගත් බවට සාධක ඇත. මහෟෂධ පණ්ඩිතයෝ අමරා දේවිය සමග අදහස් හුවමාරු කර ගත්තේත් හස්ථ මුද්‍රාවෙනි.නාට්‍ය කලාවේ එන සතර අභිනය වලින් එකක් නම් ආංගික අභිනයයි.
එනම් අඟ පසඟ යොදා ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමයි. මේ අනුව අතීතයේ පටන් ම අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස හස්ත මුද්‍රාව යොදා ගෙන ඇති බව පෙනේ.ලාංඡනය, සංඥාව, වලංගු බව හඟවන සළකුණ, මෙ ආදි විවිධාර්ථ මුද්‍රා යන්නෙහි අන්තර්ගතව ඇත. රාජකීය ලාංඡනය හඟවන්නේ රාජ්‍ය මුද්‍රාවෙනි.ලියකියවිලිවල වලංගු බාවය සනාථ කිරීමට ද අත්සන සහිත මුද්‍රාව අවශ්‍යමය.
සංකේතබුද්ධ ප්‍රතිමා බිහි වන්නට පෙර විවිධ සංකේත මගින් බුදුරුව නිරූපණය කරනු ලැබීය. ධර්ම චක්‍රය, බෝ පත, ස්තූපය, සිරිපතුල, ඒ අතර වැදගත් සංකේතය.සංඝයා හැඳින්වීමට ලකුණක් ලෙස පැරණි සෙල් ලිපිවල වටාපත යොදා ගෙන ඇත. සෞභාග්‍යයේ සංකේතය ලෙස හක්ගෙඩිය යොදාගෙන ඇති බව අනුරාධපුරයේ මුරගලින් ඔප්පු වේ.
ඡත්රය රාජකීය බව හැඟවීමේ ලකුණයි. පක්ෂීන් හා සිව් පා සතුන් ද සංකේත ලෙස යොදාගෙන ඇති බවට සාධක පවතී.
ප්‍රතිමා මුද්රාප්රතිමා කලාව නිර්මාණයත් සමගම දෙ අත් සහ ඇඟිලි යොදා ගනිමින් සංකේතාත්මකව අදහස් දැක්වීම මුල්කරගෙන විවිධ මුද්‍රා නිර්මාණය විය. ප්‍රථම වරට මෙම මුද්‍රා යොදා ගනු ලැබුවේ බුද්ධ ප්‍රතිමා වලය. පසුව වෙනත් ආගම් වලද ප්‍රතිමා නිර්මාණයේදී මුද්‍රා යොදා ගන්නා ලදී.දේව රූප නිර්මාණයේදී මුද්‍රා දැක්වීම අත්සන ඇඟිලි පමණක් යොදා ගනු නොලැබිණි. අතට ගත් ආයුධයක් හෝ වෙනත් උපකරණයක් සංකේත ලෙස යොදා ගත්හ. එහෙත් බුද්ධ ප්රතිමාවල මුද්‍රා සඳහා වෙනත් සංකේත යොදාගෙන නැත.බුදුපිළිම වල සංකේත යොදා ගත්තේ බුදුරදුන්ගේ ධර්මදේශනා විලාසය දැක්වීමටයි. ඒ අතර පිළිගත් සම්මත මුද්‍රා දහතුනක් ඇත.
එනම්
1. ධ්‍යාන මුද්‍රාව
2. ධර්ම චක්‍ර මුද්‍රාව
3. අභය මුද්‍රාව
4. විතර්ක මුද්‍රාව
5. භූමි ස්පර්ශ මුද්‍රාව
6. වරද මුද්‍රාව
7. කටක මුද්‍රාව
8. ගජ හස්ත මුද්‍රාව
9. කර්තරී හස්ත මුද්‍රාව
10. අඤ්ජලී හස්ත මුද්‍රාව
11. කටක විලම්බීත හස්ත මුද්‍රාව
12. ලෝල හස්ත මුද්‍රාව
13. ශුචි හස්ත මුද්‍රාව
මීට අතිරේකව ඥාණ මුද්‍රාව අභිශේත මුද්‍රාව, වජ්රහුංකාර මුද්‍රාව වශයෙන් තවත් මුද්‍රා කිහිපයක්ම ඇති බව විචාරකයෝ පවසති. උගතුන් අතර ඒ පිළිබඳ පවතින මතද විවිධය. ඇතැම් මුද්‍රා ලංකාවේ බුද්ධ ප්රතිමාවල දක්නට නැත.එබැවින් ප්‍රකට මුද්‍රා කිහිපයක් පිළිබඳව පමණක් අපි විමසා බලමු.
අභය මුද්‍රාව
අභය මුද්‍රාව වැල මිට ළඟින් අත නවා උඩට ඔසවා අල්ල ඉදිරියට පා ඇත්තේ අභය මුද්‍රාවයි. බිය නැති බව, අන් හට අභය දෙන බව විශ්වාසය, ඒකාන්ත බව, සහතික වීම ආදි අදහස් අභය මුද්‍රාවෙන් ප්‍රකට කරන බව උගතුන්ගේ පිළිගැනීම වේ. අවුකන බුදු පිළිමය අභය මුද්‍රා සහිත පිළිමයකි.
විතර්ක මුද්‍රාව
විතර්ක මුද්‍රාව බුදුරදුන්ගේ දේශනා විලාසයක් පෙන්නුම් කරන මෙම මුද්‍රාව විශෙෂ්යක් නොමැතිව හිටි පිළිමවලත්, ඉඳි පිළිමවලත්, දක්නට ඇත.වැලමිට ළඟින් උඩට නැමූ අතේ මහපට ඇඟිල්ලත් දබර ගිල්ලත් එකට ළංකොට මදක් නැමූ ස්වභාවය දක්වයි. අතේ ඉතිරි ඇගිලි දිග හැරී ඇත. අල්ල ඉදිරියට පෙනේ. සියලු සත්වයන්ට ආරක්ෂාව හා ආශීර්වාදය ලබාදීම මින් සංකේත කරයි.
ධර්ම චක්‍ර මුද්‍රාව
ධර්ම චක්‍ර මුද්රාවවම් අතේ මැදගිල්ල උඩ දකුණු අතේ මහපට ඇඟිල්ල හා දබරඟිල්ල එකට එක්කොට තැබීම ධර්ම චක්‍ර මුද්‍රාවයි. බරණැස ඉසිපතනාරාමයේදී පස් වග මහණුන් උදෙසා කළ ප්‍රථම ධර්ම දේශනාව, (දම්සක් පැවතුම් සූත්‍රය) මින් සංකේතවත් කරන බව පොදු පිළිගැනීම වේ.
ධ්‍යාන මුද්‍රාව
ධ්‍යාන මුද්‍රාව සමාධි පිළිම වල දක්නට ඇති ලක්ෂණයකි. පාදයන් නමාගෙන දකුණු පතුල උඩට හරවා වම් කලවය මතත් වම් පතුල උඩට හරවා දකුණු කලවය මතත් සිටින සේ උඩුකය සෘජුව තබා හිඳගෙන, වම් අල්ල උඩ දකුණු අල්ල පිහිටුවා සිටීම මෙම මුද්‍රාවේ විශේෂත්වයයි.
සමාධි පිළිමය ඊට නිදසුනකි.ලංකාවේ බොහෝ විහාරස්ථානවල මෙම මුද්‍රාව දැකිය හැකිය.
භූමි ස්පර්ශ මුද්‍රාව
භූමි ස්පර්ශ මුද්‍රාව බුදුරදුන්ගේ මාර විජය අවස්ථාවක් පෙන්නුම් කරයි. මාරයා තමාට සාක්ෂි වශයෙන් දස බිම්බරක් මර සෙනග සිටිතැයි කී විට, බුදුන් වහන්සේ මහ පොළොවට අත දිගුකොට මේ මහ පොළොව මට සාක්ෂියි කී විට මහ පොළොව සෙළවී එය සහතික කළ බව දැක්වෙයි.වැඩසිටින බුදුන්ගේ වම් අත දිග හැර පද්මාසනයේ පා මත අත තබා දකුණු අත නැමූ පාදයේ දණ හිස ළඟින් පහළට දිගු කරගෙන සිටීම භූමි ස්පර්ශ මුද්‍රාවයි. පුරණලද පාරමිතා බලය මින් ප්‍රකට කරයි.
වරද මුද්‍රාව
වරද මුද්‍රාව දකුණත පහත් කොට ඉදිරියට දිග හැර අත්ල උඩුඅතට හරවා ඇගිලි දිග හැර තිබීම වරද මුද්‍රාවයි. බුදුරදුන්ගේ ආශ්චර්යමත් මනුෂ්‍යත්වය මින් ප්‍රකට කෙරේ.