පටිච්ච සමුප්පාදය අපේ හාමුදුරුවෝ විස්තර කරලා දෙනවා මුලින්ම ඇහිච්ච දවසේ, නාමරූප පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාමරූපං කියල කියනකොටම loop එකක් බව මට තේරුණා. පුංචි කාලෙදිම ආසාවට amplifier dsigns එක්ක හැප්පිලා ඒවා self oscillate වෙලා power components, speakers සේරම පුච්චගෙන, full load කරලා දුවනවා වගේ රත්වෙලා රත්වෙලා, පිච්චිලා යනවා මම හොඳට experience කරලා තිබුනේ. සද්ද මොකුත් නැතුව මේ සිද්ධිය සිද්ධ උනාට, මට upset එකක් උනේ නැහැ. මම 'මීටරේ' හන්ද දැක්ක ගමන් click උන, මේක audible range එකෙන් පිට වෙනදෙයක් වෙන්න ඇති කියල. ඊට පස්සේ ඉඳල amplifiers එක්ක වැඩ කරන වෙලාවට, multimeter එක set කරගෙනයි වැඩට බහින්නේ. එතෙනදි වෙන්නේ amp එකට signal මොකවත් අපි input කලේ නැතුවට, circuit design එකට අනුව තීරණය වෙන resonance frequency එකකට input output අතරේ coupling එකක් build up වෙලා, හොඳ ලොකු high frequency signal input එකක් අපි දුන්න වගේ, amp එක, පන කඩාගෙන දුවන්න ගන්නවා! output එක වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙන් input එකත් වැඩිවෙන හන්ද නවත්වගන්න බැරුව යනවා! කල්පනාවෙන් ඉඳල build-up වෙන කොටම power off කරනොගත්තොත් power rails වල උපරිම මට්ටමටම මේ output එක build-up වෙනවා. ඒවෙනකොට tweeters එහෙම sorry වෙලා ඉවරයි ගොඩක් වෙලාවට. main speaker වගේ power එක ඔරෝත්තුදෙන්න පුළුවන් ඒවා ටික වෙලාවක් යනකම් අල්ලන් ඉන්නවා, එත් deform වෙලා සවුත්තු වෙනවා. පාවිච්චිකරල තියන කෑලිත් හොඳ quality ඒවා, high capacity ඒවා නොඋනොත්, හුඟක් වෙලාවට ලොකු damage එකක් තමයි. ඒත් ඒක කවුරුවත් කරන, කරපු එකක් නෙවෙයි! ඒක nature එක! අපි safty දාල, precautions අරන් නොතිබුනොත්, කාටවත් බැනල කරලා වැඩක් නැහැ!! ආයේ අර 'හූ' කියල එන, (1KHz approx.) කන් කඩාගෙන යන සද්දේ ඕනේ තරම් අහල ඇතිනේද? ඔය mics, speakers පාවිච්චි කරලා කරන හුඟක් දේවල් වලදී සිද්ධ වෙනේ... අහල ඇති නේ... ඔයාලට ඕවට interest එකක් තියෙනවද, නැද්ද දන්නේ නැහැ ඒත් මටනම් ඕව හරි interesting. සේරම හොයල හොයල කල්පනා කරලා ඔය feedback කතන්දරෙත් සුලමුල පරතෙරටම දන්නවා. ඒහන්ද input මොකුත් නැතුව output එකක් එනවා කියන එක මම හොඳට දැනගෙන උන්නේ.
ඊළඟට බුදුහාමුදුරුවෝ 'ගෝම පින්ඩූපම' සුත්‍රයේදී දේශනා කලා, මේ අපේ ජීවිතය කියන එකේ ඇත්තටම මොකුත්ම නැහැ! කියල, මේ මහලොකුවට පේන්න තිබුනට, ආයේ ලොකු කතන්දරයක් වගේ පෙනුනට! ඊළඟට ආයේ තව දේශනාවකදී, පටිච්චසමුප්පාද විග්රහයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියාදීල තිබුන අර මමත් repeat කරලා දාල තිබුන case එක, loop එක, විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං... ආයේ විඥාණ පච්චයා... විදියට! මට මේවා බැලූ බැල්මට බොහොම ලස්සනට පෙනුන මම දන්නා technical ඒවත් එක්ක තියෙන සම්බන්ධය. ඔයාල දන්නවද මේ අපේ තාක්ෂණික දියුණුවෙත් base එකේ, පදනමේ, ඉතාම වැදගත් විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං case එකක් ක්‍රියාත්මක බව? electricity & electro magnetic field! දන්නෙවත් නැද්ද? නැත්නම් හිතාගන්නවත් බැරිද?
මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා යම් සන්නායකයක් දිගේ විද්‍යුත් ධාරාවක් ගමන් කලොත් එම සන්නායකය වටා චුම්බක ක්ෂේත්රයක් ගොඩ නැගෙනවා. ඊළඟට තවත් ස්වභාවයක් තියෙනවා යම් චුම්බක ක්ෂේත්රයක් හරහා යම් සන්නායකයක් ගමන් කලොත්, සන්නයකයෙන් චුම්බක ක්ෂේත්රය කැපුනොත්, එම සන්නායක තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න ගන්නවා. අර fleming කියල, ගොඩක් ඉස්සර හිටපු බුද්ධිමත් මනුෂ්‍යයෙක් මේ සංසිද්ධිය සම්බන්ධයෙන් නියමයන් පවා සොයාගෙන දීල තියෙන්නේ...
ඉතින් මේ සංසිද්ධිය භාවිතකරගෙන මිනිසුන් විසින් නිර්මාණය කරගත් ඉතාමත් වැදගත් උපකරණයක් තමයි අපි හැමෝම, හැමතැනම, හැමවෙලාවෙම, භාවිත කරන electrical generator එක. ඒවයෙන් තමයි මේ අපි හැමෝම පාවිච්චියට ගන්න විදුලිය නිෂ්පාදනය කරගන්නේ. ගලාහැලෙන ජලයේ බලයෙන්, සුලඟේ බලයෙන්, ජලවාෂ්පවල බලයෙන් නැත්නම් engine එකක ආධාරයෙන් ඒක කැරකැව්වම විදුලිය නිෂ්පාදනය වෙනවා. එක එක ප්‍රමාණවලින් පොඩි generator වල ඉඳල මහා විශාල power stations වල භාවිතාවෙන යෝධ ඒවත් තියනවා. ඒත් ඒ හැම එකකම තියෙන්නේ, යකඩ හා තඹ වැනි පොළවෙන් ලබාගත් දේවල් වලින් සකස් කරගත් roter, stator & windings etc. පමණයි! මූලිකම දේ මේකත් හදපු ගමන්, assemble කරපුගමන් කොච්චර කැරකැව්වත් විදුලිය නිපදවෙන්නෙත් නැහැ! ඇතුලේ වෙන මොකවත්ම ඇත්තෙත් නැහැ! හැබැයි වැඩකරන්න අවශ්‍ය මූලික ශක්තිය, excitation energy දීපු ගමන්, විදුලිය හැදි හැදී එන්න ගන්නවා මුළු පළාතකම තියෙන තරම් අවශ්‍යතා සේරම සම්පූර්ණ කරන්න පුළුවන්, නැත්නම් පලාතක්ම ගිනිතියල දාන්නත් පුළුවන්! ඒකෙත් තියෙන්නේ සත්ව ශරීරයක වගේම ක්රියාකාරීත්වයක් තමයි. හැදිලා තියෙන්නෙත් පොළවෙන් ලබාගත් දෙයින් පමණයි.