පිස්සා හැමතිස්සෙම හිතන්නේ මට පිස්සු නැහැ, අනික් උන්ටයි පිස්සු කියල!
ඒකනේ පිස්සෙක් කියන්නේ...
දැන් මේක බලන හැමෝම පිස්සෝ නෙවෙයි නේ...
සාමාන්‍යයෙන් තරාදියක්, test instrument එකක් වගේ එකක් උනත්, ඉස්සෙල්ල ඒක calibrate කරලනේ ගන්නේ.
මම කලින් post එකක දැම්ම අපි, අපිව calibrate කරගන්න ඕනේ විදිය. ඒත් මෙතන ඉන්නවා calibration මොකුත් උවමනා නැති, සියල්ල දත්, 'ඇඟ පුරා මොලේ' තියන කට්ටිය ගොඩක්. තව තවත් එයි ඉස්සරහට! ඒක තමයි ලෝකේ හැටි!! 'මහ එක්කෙනා' ඇත්ත වහල බොරුව උලුප්ප උලුප්පා පෙන්වන්න, ධර්ම මාර්ගය 'අනන්න' මේ වගේ මැටි මෝල්ලු පාවිච්චි කරනවා.
පේන්නේ නැද්ද උන් මම කළුද සුදුද වත් දන්නේ නැති උනාට මගේ educational status, medical status, mental status සේරම දන්නවා!
උන් දන්නේ නැත්තේ උන් කියවන්නේ මොනවද, උන් කරන්නේ මොනවද, උන් දන්නේ/නොදන්නේ මොනවද, වගේ දේවල් ටිකක් විතරයි! අනික් මුළු ලෝකෙම ඒවා දන්නවා!!
මේ හැම දෙයකම එකම අරමුණ, සත්වය සංසාර ගමනෙන් නිදහස් වීම වැලැක්වීම පමණයි!
හැබැයි නිදහස් නොඋනොත් කට්ට කන්න වෙන්නේ තනි තනියෙන්!
ගොඩ යන්න පුළුවන් සත්‍ය වහල, වෙන වෙන කෙහෙල්මල් පෙන්නනවා, ආ... මෙන්න ක්‍රමය, මෙන්න පාර කිය කියා. හැමදාම ඕවට අහු වෙච්ච මෝඩ මිනිස්සු වැඩේ අනාගත්ත!
කල්පණා කරන්න හැකියාව තියන උදවියට මේවා තේරෙනවනේ... මේක මේ පිස්සොන්ට තියන දෙයක් නෙවෙයි! ඔය උදවිය තෝරා බේරා ගෙන ප්‍රයෝජනයක් ගන්න බලන්න!
අනික පටිච්චසමුප්පාදය විතරක් නෙවෙයි, ත්‍රිපිටකය එහෙමපිටින් කටපාඩම් කරගත්තත් අපායේ ගියපු, තව යන්න ඉන්න අය ඉන්නවා. දැනටත් ඉන්නවා, සිවුරක් පොරෝගත්තත් වැඩක් නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ, චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි කියල මිසක් කටපාඩම් භික්ඛවේ... නැත්නම් සිවුරක් භික්ඛවේ... වගේ මොකුත් නෙවෙයි නේ!
කෙනා කවුරු උනත්, හිතන්නේ මේ මුන් හිතන විදියට ද්වේශයෙන් නම්, කතාකරන්නේ මුන් වගේ පරුෂ වචනවලින් නම්, කරන්නේ මුන් වගේ ධර්මයට, ධර්ම මාර්ගයට නිගා කරකර අනික් උන්ට පාච්චල් කරන එකනම්, නිවාගෙන හරි පත්තුකරගෙන හරි යන්න වෙන්නේ අපායට, පෙරේත ලෝක, තිරිසන් ලෝක වලට. ස්වභාවධර්මයා ඒක නියමෙටම හදල තියෙනවා!
ඔය එක එකා මහ සද්දෙන් බිරුවට ගණන් ගන්න ඕනේ නැහැ! තමන් තමන්ගේ යහපත වෙනුවෙන් වැඩකරන්න!!