ඔය හැමතිස්සෙම තමන් එක්ක කතා කරන, යෝජනා කරන, චෝදනා කරන එක, 'හිත' මොකක් කියලද හිතෙන්නේ? මම නම් ඒකෙ වැඩ කෑල්ල දිහා බලන් ඉඳල ඉඳල අල්ල ගත්තේ, ඒක තනිකරම operation එකක, ක්රියාකාරීත්වයක ප්‍රතිඵලයක් විතරමයි! ඒකෙ උඩු හිත, යටිහිත කියල එහෙම දෙකක් ඇත්තෙත් නැහැ!! හැබැයි ප්‍රධාන, පැහැදිලිවම පෙනෙන ආකාර දෙකකින්, modes දෙකකින්, ඒක ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි සාමාන්‍ය වේගය, normal speed එක, මනස තනිවම නිදහසේ දුවන, free running වෙලාව. හැබැයි ඒ වේගය මනින්න විදියක් නැහැ! හෙණ ගහනවා වගේ තමයි, lightning speed! විදුලි වේගයෙන් දුවන්නේ... ඊළඟ එක තමයි interactive mode එක! ආයතන සම්බන්ධ කරගෙන වැඩකෙරෙන වෙලාව. අපි මනස පාලනය කරලා, උවමනාවෙන් හිතල, යමක් කරන, කියන, හිතන වෙලාවල්. ඊළඟට ඇස, කණ ආදී අනෙක් ආයතන 5 සම්බන්ධ කරන් වැඩකරන වෙලාවල්. ඒ speed එක හරි slow! ආයේ ඔය දෙකේදීත් දැනුවත්ව, අපි කරන සහ නොදැනුවත්ව, ඉබේ සිද්ධවෙන දේවල්, අර... ඉච්චානුග / අනිච්චානුග ක්‍රියා හැටියට වෙන්කරන්නේ... අන්න ඒ වගෙත් දෙවිදියක් තියනවා.
අපි සාමාන්‍යයෙන් හිතන්නේ වත් නැති ඇවිදින එක, හුස්ම ගන්න, ලේ ගමනාගමනය වගේ දේවල් හිතෙන් පාලනය කෙරෙන හැටි ලස්සනට පෙනෙයි, තේරෙයි ඔය හදිස්සි අනතුරකදී, ලොකු බයක් ඇතිවෙච්ච වෙලාවලදී, අනතුරුදායක තැනක ඇවිදින වගේ අවස්ථා ගැන වගේ සිහිකරන්න පුළුවන් නම්. ඇස්, කන් වල sensitivity එක එහෙම වැඩිවෙන්නේ පුදුම විදියට. එහෙම වෙලාවලදී ඔය එක එක විකාර හිතෙන, සින්දු කෑලි මතක් වෙන ගති එහෙම මොකුත්ම නැතුව යනවනේ... ඔය ලොකු ප්‍රපාතයක, ලිස්සන තැනක එහෙම ඇවිදන් යන්න උනොත් සාමාන්‍ය විදියට ඔහේ යැවෙනවද නැත්නම් අඩියක් උස්සල අඩියක් තියන්න කොච්චර වෙලාවක් යනවද? උස්සගෙන ගිහිල්ල මූද මැද්දේ අතහැරියොත් එහෙම කොහොමට හිටීද? ඇඟ කියන්නේ ස්වභාව ධර්මයේ හරි පුදුම නිර්මාණයක්. ඒක මාර advance machine එකක්! ඒත් ඉතින් හිත දියුණු කරන්, ධ්‍යාන දියුණුකරලා මිසක් මේ කතන්දර දකින්න වත්, හිතන්නවත් අමාරුයි. ඒකයි එකම ප්රශ්නය... මට නම් සෙල්ලම් වගේ! මගේ hobby එකත් නිකම් ඉන්න කොට අයිනක් අල්ලාගෙන මෙහෙම දේවල් හිතන, කල්පනා කරන එකම නේ... හැබැයි ඉතින් උවමනාව තියනවා නම් හුඟදෙනෙකුට, හිතත් එක්ක ඔට්ටුවෙන එක මහා ලොකු බෙල්ල කඩල යන මහා බරපතල වැඩක් නෙවෙයි! පුරුදු කරන එක, පුහුණු කරන එක තමයි අවශ්‍ය.

පොඩි ජෝක් දැම්මට තනිවම මේ ඇත්ත දකින්න හිතන අය කොච්චර ඉන්නවද