බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය හැමතිස්සෙම තමන් එක්ක කතා කරන, යෝජනා කරන, චෝදනා කරන එක, 'හිත' මොකක් කියලද හිතෙන්නේ? මම නම් ඒකෙ වැඩ කෑල්ල දිහා බලන් ඉඳල ඉඳල අල්ල ගත්තේ, ඒක තනිකරම operation එකක, ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් විතරමයි! ඒකෙ උඩු හිත, යටිහිත කියල එහෙම දෙකක් ඇත්තෙත් නැහැ!! හැබැයි ප්‍රධාන, පැහැදිලිවම පෙනෙන ආකාර දෙකකින්, modes දෙකකින්, ඒක ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි සාමාන්‍ය වේගය, normal speed එක, මනස තනිවම නිදහසේ දුවන, free running වෙලාව. හැබැයි ඒ වේගය මනින්න විදියක් නැහැ! හෙණ ගහනවා වගේ තමයි, lightning speed! විදුලි වේගයෙන් දුවන්නේ... ඊළඟ එක තමයි interactive mode එක! ආයතන සම්බන්ධ කරගෙන වැඩකෙරෙන වෙලාව. අපි මනස පාලනය කරලා, උවමනාවෙන් හිතල, යමක් කරන, කියන, හිතන වෙලාවල්. ඊළඟට ඇස, කණ ආදී අනෙක් ආයතන 5 සම්බන්ධ කරන් වැඩකරන වෙලාවල්. ඒ speed එක හරි slow! ආයේ ඔය දෙකේදීත් දැනුවත්ව, අපි කරන සහ නොදැනුවත්ව, ඉබේ සිද්ධවෙන දේවල්, අර... ඉච්චානුග / අනිච්චානුග ක්‍රියා හැටියට වෙන්කරන්නේ... අන්න ඒ වගෙත් දෙවිදියක් තියනවා.

    අපි සාමාන්‍යයෙන් හිතන්නේ වත් නැති ඇවිදින එක, හුස්ම ගන්න, ලේ ගමනාගමනය වගේ දේවල් හිතෙන් පාලනය කෙරෙන හැටි ලස්සනට පෙනෙයි, තේරෙයි ඔය හදිස්සි අනතුරකදී, ලොකු බයක් ඇතිවෙච්ච වෙලාවලදී, අනතුරුදායක තැනක ඇවිදින වගේ අවස්ථා ගැන වගේ සිහිකරන්න පුළුවන් නම්. ඇස්, කන් වල sensitivity එක එහෙම වැඩිවෙන්නේ පුදුම විදියට. එහෙම වෙලාවලදී ඔය එක එක විකාර හිතෙන, සින්දු කෑලි මතක් වෙන ගති එහෙම මොකුත්ම නැතුව යනවනේ... ඔය ලොකු ප්‍රපාතයක, ලිස්සන තැනක එහෙම ඇවිදන් යන්න උනොත් සාමාන්‍ය විදියට ඔහේ යැවෙනවද නැත්නම් අඩියක් උස්සල අඩියක් තියන්න කොච්චර වෙලාවක් යනවද? උස්සගෙන ගිහිල්ල මූද මැද්දේ අතහැරියොත් එහෙම කොහොමට හිටීද? ඇඟ කියන්නේ ස්වභාව ධර්මයේ හරි පුදුම නිර්මාණයක්. ඒක මාර advance machine එකක්! ඒත් ඉතින් හිත දියුණු කරන්, ධ්‍යාන දියුණුකරලා මිසක් මේ කතන්දර දකින්න වත්, හිතන්නවත් අමාරුයි. ඒකයි එකම ප්‍රශ්නය... මට නම් සෙල්ලම් වගේ! මගේ hobby එකත් නිකම් ඉන්න කොට අයිනක් අල්ලාගෙන මෙහෙම දේවල් හිතන, කල්පනා කරන එකම නේ... හැබැයි ඉතින් උවමනාව තියනවා නම් හුඟදෙනෙකුට, හිතත් එක්ක ඔට්ටුවෙන එක මහා ලොකු බෙල්ල කඩල යන මහා බරපතල වැඩක් නෙවෙයි! පුරුදු කරන එක, පුහුණු කරන එක තමයි අවශ්‍ය.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery


    අපි සාමාන්‍යයෙන් හිතන්නේ වත් නැති ඇවිදින එක, හුස්ම ගන්න, ලේ ගමනාගමනය වගේ දේවල් හිතෙන් පාලනය කෙරෙන හැටි ලස්සනට පෙනෙයි, තේරෙයි ඔය හදිස්සි අනතුරකදී, ලොකු බයක් ඇතිවෙච්ච වෙලාවලදී, අනතුරුදායක තැනක ඇවිදින වගේ අවස්ථා ගැන වගේ සිහිකරන්න පුළුවන් නම්. ඇස්, කන් වල sensitivity..blah blah


    හුටා! ඒ කියන්නේ අනාත්මයි කියපු බුදු බනත් බොරු හෑ? යකඩෝ අපි අනිච්චානුගයි කියල හිතපු පාලනයක් නැති හින්දම අනාත්මයි කියපු එව්වත් පාලනය කොරන්න පුලුවන් බව දමිතෝන්නාන්සේ දැන් පෙන්වා දුන්නා:lol:



    ඇඟ කියන්නේ ස්වභාව ධර්මයේ හරි පුදුම නිර්මාණයක්. ඒක මාර advance machine එකක්! ඒත් ඉතින් හිත දියුණු කරන්, ධ්‍යාන දියුණුකරලා මිසක් මේ කතන්දර දකින්න වත්, හිතන්නවත් අමාරුයි. ඒකයි එකම ප්‍රශ්නය... මට නම් සෙල්ලම් වගේ! මගේ hobby එකත් නිකම් ඉන්න කොට අයිනක් අල්ලාගෙන මෙහෙම දේවල් හිතන, කල්පනා කරන එකම නේ...

    ආ උඹ දැන් සාමාන්‍යෙන් මේ වගේ බයිල ලියන කොට ඉන්නේ මොන ධ්‍යානෙද? බොග දානකොට ඉන්නේ මොන ධ්‍යානෙද?:lol:
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    කිඹුලා බනිස්;8201510 said:
    තමන්ගේ ඇන්ටි ඩිප්‍රෙසෙන්ට් බෙහෙත් බෝතලය නැතිවී පිස්සු තදවූ එවුන් අද තමන් නිවන් දැක අවුරුද්දකට වඩා වැඩි යයි පුරාජේරු කතා කියනවා පමනක් නොව නිර්වානය ඇඳ පෙන්වන්නට සමත් ඩබල් පිස්සෝය.

    බුදුන් වහන්සේ නම් නිවන මතවාදයක්, ප්‍රවාදයක් වශයෙන් ගත්තේ නැත
    (Non conceptual). නිවන පරමාර්ත සත්‍යයකි. ඒ නිසා එය වචනයෙන් හෝ රූපයෙන් විස්තර කල නොහැක. නිවන බුදු හාමුදුරුවන් පවා විස්තර කලේ නිර්-ප්‍රවාද වලින්. එහෙත් බුදුහමුදුවන්ටත් වඩා දන්න "නිවන් දැක අවුරුද්දක් ගතවූ" පිස්සෝ නිවන ප්‍රවාද වලින් රූප වලින් ඇඳ පෙන්වති. හොර කිරිබත්ගොඩයාත්, උගේ බුදුරැස් කෙලියත් ඉවර වුනේ මිනිසුන් දියේ ගිලී මියයාමෙනි. මෙ අලුත් නාටකය අවසන් වනු ඇත්තේ self appointed රහතන් වහන්සේලා ප්‍රසිද්ධියේ සිය දිවි නසා ගැනීමෙන් විය හැකිය.


    ඉංග්‍රීසි කියවීමට තරම් පින් කර ඇති අයට කියවන්න හොඳ පොතක් මෙන්න.

    The ineffability and Nirvana
    By Asanga thilakarathna
    published by Pali and Buddhist University
    Colombo

    ඉංග්‍රීසි බැරි මෝල් හැත්තට ඉතිං හොර කිරිබත්ගොඩයගේ හොර දර්මේ පිහිට තමයි.

    සාධූ සාධූ!


    Hi Kibula
    What do you mean by නිවන බුදු හාමුදුරුවන් පවා විස්තර කලේ නිර්-ප්‍රවාද වලින්.???
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇයි මේ හිතට වේග සීමාවන් වැටිලා තියෙන්නේ කියල හිතන්න පුලුවන්ද? හරිම simple කතන්දරයක්! ඔය computer ඇතුලෙත් තියෙන්නේ FSB, AGP, PCI කියල වෙනස් වෙනස් speeds වලින් දුවන දේවල් ගොඩක්. හේතුව තමයි යම්කිසි ක්‍රියාකාරීත්වයකට දායකවෙන උපකරණ වලින් අඩුම වේගයෙන් දුවන එකේ වේගයට සමස්ත වේගය අඩුකරන්න බැරි උනොත් ඒ උපකරණය වැඩේට භාවිත කරන්න බැරිවෙනවා. දැන් ඔය RAM capacity එක computer එකක වේගවත් ක්‍රියාකාරීත්වයට (performance) කෙලින්ම බලපාන්නේ, දන්නවත් ඇති නේද? ඔය cache memory කියල technics නිර්මාණය වෙන්න හේතුවත් ඔය speed ප්‍රශ්ණේ නේ... නොදන්නා අයට පොඩ්ඩක් පැහැදිලි කලොත්, computer එකක මූලිකම උපකරණය processor එකට දුවන්න පුළුවන් වේගය, හිතමු 3.2GHz කියල, කොච්චර ලොකු උනත් අනික් උපකරණ වලට ඒ වේගයටම යන්න බැරිනම්, processor එකට වැඩිහරියක් වෙන්නේ 'බකන් නිලන්' ඉන්න. ඒකේ speed එක ප්‍රයෝජනවත් වෙන්නේ තනියම කරන දේවල් processing, execution වලදී විතරයි! computer එකේ සේරම සිද්ධවෙන්නේ data සම්බන්ධ ක්‍රියාවලියක් හන්ද නිතරම ඕනේ වෙන, අත්‍යවශ්‍ය data ටික processor එකේ වේගයටම, නැත්නම් වැඩියෙන්ම වේගයෙන් දුවන්න පුළුවන් තැනක ගබඩා කර ගත්තම වැඩේ ඉක්මන්. hard disk එකක වගේ ඉඳන් ඒ වැඩේම කරන්න ගියොත් පැය ගණනක් ගතවෙනවා. යම් උපකරණයකට වැඩකරන්න පුළුවන් වේගය තනිකරම ඒ උපකරණය හැදිලා තියන විදිය, ඒකෙ සිද්ධවෙන දේවල් වගේ කරුණු අනුව තීරණය වෙනවා මිසක් ඕනේ ඕනේ විදියට speed කරන්න බැහැනේ. අපි ගමු සාමාන්‍ය වාහනයක engine එකක්. 12,000 15,000 R.P.M. වගේ උපරිම වේග සීමාවක් ඒවාට තියනවා. ලොකු බරපතල එකක් නම් ඊටත් අඩු වේගයකට තමයි දුවවන්න වෙන්නේ. නැත්නම් කඩල විසිවෙනවා! අතපය එලියට දානවා කියල කියන්නේ...

    අපේ ඇඟවල් සම්බන්ධයෙනුත් කතන්දරේ ඕකමයි. නිකමට හිතල බලන්න, දැන් අපිට මොකෙකුට හරි හිතින් තඩිබාන්න පුළුවන් තත්පරේට සිය පාරක් විතර (මට කිඹුලාව අතටම අහු උනා කියමු...:lol:) ඒත් ඇත්තටම අතින් පයින් එහෙම වේගෙකින් ඒක කරන්න බැහැනේ... ආයේ ඔය හිතෙන් මොනවහරි කියන්න පුළුවන් වේගෙන්, කාට හරි බැනගෙන බැනගෙන යනවා කියමු, කටින් වචන පිටකරන්න බැහැනේ... ඇත්තටම කට ඒ වේගෙන් වැඩකලොත් 'බ්‍ර්ර්' ගාල සද්දයක් එයි, හක්ක පනීවි! දිවත් ගැලවිලා විසිවෙයි, නැද්ද? අනික මේ ඇහැ slow දුවන එකක් නොඋන නම් TV , computer සේරම හුටා තමයි. ඇයි ඇහේ 20mS delay එක නිසානේ මේවා මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් screen එකේ dot එකක් පාට මාරුවෙවී රූල් අඳිනවා වගේ විතරක් පෙනේවි. පින්තූර හොයන්නවත් ලැබෙන්නේ නැහැ. කනටත් 20,000Hz වලට වඩා ඇහෙන්නේ නැහැනේ... ඉතින් ඔය සීමාවල් එක්ක හිතට යන්න වෙන්නෙත් බර කරත්තේ වගේ තමයි! මේ ඇස්, කන් ඊළඟට අපි උවමනාවෙන් හිතන එක වගේ ඒවා high speed දුවන්න බැහැ. ඒවායේ response එක slow. අපිට හිතට ඒකේ නියම වේගෙන් දුවන්න දීල, ඒකෙන් වැඩගන්න පුළුවන් උනා නම්, අවුරුදු ගණනක වැඩ තත්පරෙන් ඉවරයි!!! හැබැයි ඉතින් එහෙම යනකොට හිතට කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ! තනිකරම හොඳටම ගබඩාවෙච්ච මතකය විතරයි භාවිත කරන්න වෙන්නේ. අවශ්‍ය දේවල්, කරුණු සේරම අඩුපාඩු නැතුව බලවත්ව මතකයේ තියෙන්න ඕනේ. ආයේ මග නවත්ව නවත්ව කරන්න පුළුවන්කමකුත් නැහැ!

    මම මේවගේ ධර්ම කතන්දර මොකවත්ම නොදැන, මෙච්චරට advance නැති කාලේ, මේ මොකුත්ම නොදැනයි හිතේ capacity එක මගේ වැඩවලට යොදා ගත්තේ. අර අගක් මුලක් හොයාගන්න බැරි repairs වලට හිරවෙච්ච වෙලාවල මම කළා කියපු විදිය... මතකයිද? කලින් කියල ඇති ඒවා! මෙච්චර serious විදියට, මේවගේ දේවල් ගැන කල්පනා උනෙත් නැහැ ඉස්සර. ඒ කාලේ tronics, IT විතරයි නේ... දැන් බලන් යනකොට නිවන් අවබෝධය තනිකරම ඒවිදියට කරන්න තියන දෙයක්!!! ඒත් හැබැයි මට ඒ අත්දැකීම ලැබෙන කොට මේවා මතක්වුනේ නැහැ! එතකොට 'නිවන' මටත් අපබ්‍රන්සයක් වගේ තමයි... එතකොට තිබුනේ තනිකරම 'බණ' ගිලගෙන ගිලගෙන යන්න හදිස්සියක් විතරයි. දැන් නම් ඉතින් වෙන්න ඕනේ දේ, වෙන්න ඕනේ විදිය සේරම pin point කරලා කියල දෙන්න, පෙන්වන්න පුළුවන්! හැබැයි ඉතින් මේ සේරම 'භාවනා' තමයි!!! මහන්සි වෙන්නම ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනාකලෙත් භාවනාවෙන් තොරව නිවන් අවබෝධය සිද්ධවෙන්නේ නැහැ කියලයි! ඒක ඒ විදියමයි!! ඒත් ඉතින් සමත භාවනා, විදර්ශනා භාවනා, ධ්‍යාන කියන්නේ කට්ටියකට විතරක් තියන, අනික් අයට තහනම් දේවල් මොකවත් නෙවෙයි!! මේ තනිකරම එක එක්කෙනාගේ උවමනාව, වීර්ය මත රඳා පවතින කතන්දර ටිකක්! බැහැයි කියල එකක් නැහැ!! හුඟ දෙනෙකුට උවමනාව තියෙනවනම් පුළුවන්! definitely පුළුවන්!! මේකට භාවනාව, ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කරගැනීම අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ කිව්වෙත් චතුරංග සමන්නාගත වීර්යයෙන් මේ සඳහා කැපවෙන උදවියටයි උන්වහන්සේ කැමති කියලයි! පින් මදි කියල කතාවකුත් නැහැනේ... මේ නැව් ගණනින් පින් රැස්වෙන දෙයක් නේ!! මමත් full support එකක් දෙන්නම්, ඔයාලට තියෙන්නේ කරන් යන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි හිතෙන් වැඩගන්න ගියාට, හොඳටම ගබඩා වෙච්ච මතකය පමණක් භාවිත කරගෙන විතරයි ඒකට වේගයෙන්, lightning speed දුවන්න ලැබෙන්නේ. ඇස්, කන් කිසිම දෙයකින් ග්‍රහණය නොවෙච්ච දෙයක් සම්බන්ධයෙන්, විඳපු, හඳුනගත්තු දේවල් හැරෙන්න වෙන මොකවත් සම්බන්ධයෙන් අලුතෙන් යමක් ඒකෙන් කෙරෙන්නේ නැහැ! ඉතින් අපි එක එක්කෙනාට තියන සංඥා ආයතන පාවිච්චි කර කර තනි තනියෙන් ඇතුලට දාගත්ත දේවල් තමයි හැමෝටම තියෙන්නේ. ඉතින් කෙනෙකුගෙන් කෙනෙකුට කතන්දරේ එහෙම්පිටින් වෙනස්. ඒත් මේ සත්වයෝ කියන හැමෝම හැදිලා තියෙන ස්වභාවය අනුව, සංඥා ආයතනවලින් තදබල විදියට දැනිච්ච දේවල්, හිත පුරා විඳින්න ලැබුණු දේවල්, ආයේ හොඳට කිහිප වර නැවත නැවත මෙනෙහි කරපු දේවල් තමයි 'හිත' කියන එකේ හොඳට කැපිල පේන්න සටහන් වෙන්නේ, highest signal strength එකකකින් තියෙන්නේ. කෙනෙකුගෙන් කෙනෙකුට ධාරණ ශක්තිය, නැවත මතක් කරගැනීමේ හැකියාව, වේගය වෙනස් උනාට, පොදුවේ ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම පාවිච්චි කරන්න ලැබෙන්නේ නිතරම කරලා කරලා, අහල අහල, දැකල දැකල, හොඳටම පුහුණු කරලා තියෙන තරමක් විතරයි! අපි යමක් කරලා කරලා pactice උනා කියන්නේ ඒකම කරලා කරලා, ඒකෙ data, අදාළ දේවල් සේරම, හොඳට ගබඩා වෙලා! එතකොට හිත ඒ data පාවිච්චිකරලා bullet එක වගේ දුවනවා. බලන්න බොරුද කියල... හොඳටම practice කරපු දේවල් වලදී නම් ආයේ ආයේ කූරු ගන්න දේකුත් හිටින්නේ නැහැ නේ... එහෙම වැඩ පුරුද්දටම කෙරීගන යනවා, ඕනේ නම් ඒ අතරේ වෙන වෙන දේවල් හිතන්න, තව දේවල් කරන්න උනත් පුළුවන්! ඔය music group එකක drums ගහන කෙනෙක් ගැන වගේ හිතල බලන්න. අත පය හතර, හතර විදියකට වැඩේ යද්දී, එයාල වෙන වෙන අයත් එක්ක හිනා වෙවී කතා කරකර යනවා කිසි ගණනක් නැතුව. සාමාන්‍ය කෙනෙකුට එහෙම පුලුවන්ද?

    ඉතින් දැන් මේ අපිට වෙලා තියෙන අවුල drums ගැහිල්ලක් සම්බන්ධ එකක් නෙවෙයි නේ... මේ බොහොම සුළු කාලයකදී ජීවිතේ සම්බන්ධ ඇත්ත කතන්දරේ දැන ඉගෙනගන්න ලැබුණට, අපි practice කරලා තියෙන්නේ මොනවද?? අපි හැමෝම මේවෙනකන්ම හිතන් හිටියේ මේ 'මම'ය මගේ 'ආත්මය'ය කියලනේ... ඒ මෝඩ කම, මෝහය! ඊළඟට කැමති/සැප/සතුට දනවන දේවල් වලට ඇලුන. රාගය! ඊළඟට අකමැති/දුක/කණගාටුව දනවන දේවල් එක්ක ගැටුන. ද්වේශය! පස්සේ බුද්ධ දේශනාවල් අහල දැනගත්ත මේ 'අපි' කියන්නේ පටිච්චසමුප්පාදය නම්වූ හේතු ඵල ධර්මතාවය නිසාවෙන් සකස් වෙච්ච 'සංකතයන්' ටිකක් විතරයි කියන එකත්, යම් දවසක පටිච්චසමුප්පාදයේ සකස්වීම නතරකරගන්න පුළුවන් උනොත් මේ සේරම දුක් කරදරවලින් සදහටම නිදහස් වෙන්න ලැබෙනවා කියන එකත්. දැන් ඉතින් මොලේ පෑදුනත්, අහම්බෙන් වගේ දැනගත්තු ඇත්ත අපිට හුරු පුරුදු නැහැ, practice නැහැ! ඒ වෙනුවට පුරුදු කරපුව තියනවා කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියල! ඉතින් අපි හරියට ඇත්ත දැක්කට 'බොක්කටම වදින්න', හිතට හොඳට දැනෙන්න මේක දෙන්න ඕනේ! 'මේකේ' ඇත්තටම මොකවත් නැහැ කියන එකත්, හේතු නැතුව යනකොට 'මේක' එහෙම්පිටින් ඉවරවෙලා යන හැටිත් පැහැදිලිවම දකින්න ඕනේ! නිවන එතන හන්ද එක එක්කෙනා වෙන වෙන ඒවා දැක්කත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම එකම කරුණක් ප්‍රගුණ කරන්න ඕනේ, පටිච්චසමුප්පාදය නිරුද්ධවීමම මනසින් දකින්න ඕනේ! එතකොටයි හරියටම හරි!! මේ දැන් තියන පුරුදු එහෙමම තියෙන්න ඇරියොත් එක පාරට control එක නැතුව ගිය ගමන් පරණ කෙහෙල්මලක් ඇවිස්සිලා ඇවිල්ල upset වෙන්න පුළුවන්, තව එක පාරකට හරි උපදින්න වෙන්න පුළුවන්. train කරලා, practice කරලා, ඉවරයක්ම කරලා දැම්මම හරි! ඊළඟට ඔහේ දෙන දෙයක් කාල වෙනදෙයක් බලන් ඉන්නත් පුළුවන්, ඕනේ නම් ගෙයක් දොරක් හදන්න, කසාදයක් බැඳන් ළමයි දුසිමක් දෙකක් හදන්න, නැවක් උනත් ගන්නත් පුළුවන්. හරියට drum set එකක් පලන ගමන්, තව තව දේවල් කරන්න පුළුවන් වැඩ කාරයෙක් වගේ! එකම දේ හිත, රාග, ද්වේශ, මෝහ කියන දේවල් ඉක්මවා ගියායින් පස්සේ, තමන් හරි ලොක්කෙක් කියල හිතෙන, කැපිල පේන්න දඟලන අසනීපෙ වගේ ඒවා සනීප වෙනවා! බුදුහාමුදුරුවෝ පව් කියල අඳුන්වපු දේවල් වලටනම් ඇඟ ඇතුළෙන්ම එපෝ... බැරියෝ... කියන හැඟීම එනවා! ඉතින් ඒකත් හොඳයි නේ... පස්සේ ඉතින් කට්ටියට පුළුවන් නම් තව තව අපේ හාමුදුරුවෝ තේරුම් කරලා දෙන බුද්ධදේශනා අහන්න, පොත් කියවන්න, කරුණු දැනගත්තම තව තව කට්ටියට උදව් කරන්නත් පුළුවන් වෙයි. ඒක හරි වටිනවා!!
     
    Aug 29, 2010
    55
    2
    0
    Damith Kariyawasam- බුදුහාමුදුරුවෝ පව් කියල අඳුන්වපු දේවල් වලටනම් ඇඟ ඇතුළෙන්ම එපෝ... බැරියෝ... කියන හැඟීම එනවා!
    :yes:
    මේකට මට උදාහරනයක් කියන්න අවසරද?තහනම් හෝ එපා කියපු වෙලදාම් 5ක් බුදුබනේ තියනවනේ.බැලුවම සල්ලි හොයන්න හරිම ලේසි.ඒත් හිතාගෙන හිතාගෙන යනකොට තේරෙනවා ඇයි මේ කර්මාන්ත 5හ බුදුහාමුදුරැවො අපිට කරන්න එපා කිව්වෙව කියලා.පංචසිලය වුනත් රකිනවානම් මොනතරම් සැනසිමක්ද කියලා හිතෙන්නෙ ඒ නිසි තැනට ආව කොනට විතරයි.නිසි තැනට එනකං ලෝකයම දුකක්.පාරට වැටුනම සියල්ල මද්‍යස්තයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉසුරුසිරි;8358236 said:
    Damith Kariyawasam- බුදුහාමුදුරුවෝ පව් කියල අඳුන්වපු දේවල් වලටනම් ඇඟ ඇතුළෙන්ම එපෝ... බැරියෝ... කියන හැඟීම එනවා!
    :yes:
    මේකට මට උදාහරනයක් කියන්න අවසරද?තහනම් හෝ එපා කියපු වෙලදාම් 5ක් බුදුබනේ තියනවනේ.බැලුවම සල්ලි හොයන්න හරිම ලේසි.ඒත් හිතාගෙන හිතාගෙන යනකොට තේරෙනවා ඇයි මේ කර්මාන්ත 5හ බුදුහාමුදුරැවො අපිට කරන්න එපා කිව්වෙව කියලා.පංචසිලය වුනත් රකිනවානම් මොනතරම් සැනසිමක්ද කියලා හිතෙන්නෙ ඒ නිසි තැනට ආව කොනට විතරයි.නිසි තැනට එනකං ලෝකයම දුකක්.පාරට වැටුනම සියල්ල මද්‍යස්තයි.

    පාරට වැටුනම මද්‍යස්ථ වෙන්න ගත්තට ගමන සම්පූර්ණ උනහම නේද එක හරියටම වෙන්නේ? පූර්ණ උපේක්ෂාව, තාදී ගුණය රහතුන් වහන්සේලා සතු දෙයක් හැටියටනේ දැක්වෙන්නේ... ඇත්තටම දැන් උනත් මේ ඉන්න තරමක් ඥාණවන්ත, වීර්යවන්ත උදවිය බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ශ්‍රී සද්ධර්මයට අනුව ක්‍රියාත්මක උනොත්, ආයෙමත් රහතුන් වහන්සේලාගේ යුගයක් බිහිවෙන එකත් වෙන්න බැරි නැහැනේ... එහෙම උනොත් ඉර්දියෙන් අහසින් වඩින ඒවා එහෙම නිකම් කතන්දර නෙවෙයි, සම්පූර්ණ සත්‍ය කාරණා බව හැමෝටම පෙනෙයි! ඒත් ඒවගේ දේවල් බුදුහාමුදුරුවෝ අගය කලේ නැහැ! ශ්‍රී සද්ධර්මයේ හරය, පරමාර්ථය ඒ විකාර නෙවෙයි නේ... මමත් ඒ magic වැඩනම් මොකවත් දන්නේ නැහැ.
     
    Aug 29, 2010
    55
    2
    0
    පාරට වැටුනම මද්‍යස්ථ වෙන්න ගත්තට ගමන සම්පූර්ණ උනහම නේද එක හරියටම වෙන්නේ? පූර්ණ උපේක්ෂාව, තාදී ගුණය රහතුන් වහන්සේලා සතු දෙයක් හැටියටනේ දැක්වෙන්නේ... ඇත්තටම දැන් උනත් මේ ඉන්න තරමක් ඥාණවන්ත, වීර්යවන්ත උදවිය බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ශ්‍රී සද්ධර්මයට අනුව ක්‍රියාත්මක උනොත්, ආයෙමත් රහතුන් වහන්සේලාගේ යුගයක් බිහිවෙන එකත් වෙන්න බැරි නැහැනේ... එහෙම උනොත් ඉර්දියෙන් අහසින් වඩින ඒවා එහෙම නිකම් කතන්දර නෙවෙයි, සම්පූර්ණ සත්‍ය කාරණා බව හැමෝටම පෙනෙයි! ඒත් ඒවගේ දේවල් බුදුහාමුදුරුවෝ අගය කලේ නැහැ! ශ්‍රී සද්ධර්මයේ හරය, පරමාර්ථය ඒ විකාර නෙවෙයි නේ... මමත් ඒ magic වැඩනම් මොකවත් දන්නේ නැහැ.
    අපොයි ඔවු.තාදි ගුන ලැබෙන්නෙ අන්තිම කෙලවරේදි නේ.අපි ඒක අහලා /දන්නවානෙ.මම කිව්වෙ සෝවාන් කියන ඒ පාරට වැටුන තැන ඉදන්ම අර බුදුහාමුදුරුවො එපා කියපු දේවල් වල නියම ඇත්ත පේන්න ගන්නවා කියන එකයි.මස් වෙලදාම/වහල් වෙලදාම ආදි නොකලයුතු කර්මාන්ත විතරක් නෙවෙයි පන්සිල් පවා හරියට පේන්න ගන්නවා කියන එකයි.මොකද පන්සිල් රකින එකත් අන් අයට හරිම කරදරයක්/වෙහෙසකරයි.ඒත් අර මාවතට ආව ගමන්ම සේරම පැහැදිලියි වගෙම මෙලොව සැපතත් පහසුවෙන්ම ලැබෙනවා.ඔබ දවසක ක්වුවා වගේ දනය/සැප/පහසුව ඉබේම ගලාගෙන එන්නත් පුලුවන් පෙර කරුම ඉක්මවා.නේද?
    .
     
    Aug 29, 2010
    55
    2
    0
    ඔය අහසින් යනවා වගේ දේවල් අපි කතා නොකර ඉමු. මේවා කියන්න ගියාම මාවතට නොආව අය බොරු හීන මවා ගනියි.නිවන් දකිනවා කියන්නෙ මැජික් පෙන්වීමක් නෙවෙයි නොවැ.ඒක වෙනම තත්වයක්.ඒ සදහා දැහැන් වඩන්න වුවනමයිනෙවැ.සියුලු රහතුනට අහසෙන් යන්න බැරිබව වැටහෙන්න නම් නිවන කියන දේ ගැන හැබැහින් අතගා දකින්න තරම් දුරට එන්න වෙනවා
    අහසින් යන්න ආසාවත් ක්ලේසයක් විදිහට දකින්නෙ මාවතේ ඉන්න අය විතරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉසුරුසිරි;8358947 said:
    ඔබ දවසක ක්වුවා වගේ දනය/සැප/පහසුව ඉබේම ගලාගෙන එන්නත් පුලුවන් පෙර කරුම ඉක්මවා.නේද?

    මේ මේ... මේක නම් කරන්න ඕනේ ඔය මොකවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි! මේ තේරුමක් නැති සිද්ධි මාලාවෙන් නිදහස් වෙන්න, වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න, සසර දුකින් එතෙරවෙන්න කියන අවංක උවමනාවෙන් විතරයි!!
     
    Aug 29, 2010
    55
    2
    0
    මේ මේ... මේක නම් කරන්න ඕනේ ඔය මොකවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි! මේ තේරුමක් නැති සිද්ධි මාලාවෙන් නිදහස් වෙන්න, වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න, සසර දුකින් එතෙරවෙන්න කියන අවංක උවමනාවෙන් විතරයි!!
    ඇත්ත.මෙතෙන්ට කිසිම ගැලපිල්ලක් නෑ ඒ කතාව.සසර අවබොදය/නිවන/ඇත්ත දැකිම කියන දේ ඇතුලේ තව දේවල් තියෙන්න බෑ.ඒ කියන්නෙ කිසිම ලාබඅපේක්සාවක්/ඉර්දි බලයක් පවා.
    මම ඒ ටික කිවුවෙ හිත නිකැලැල් වෙනකොට ලැබීම් ඉහල යාහැකි බවට ඉගියක් විදිහටයි.ඒක හැමතැනම එහෙම වෙන්නත්/නොවෙන්නත් බෑ.
    මොකද පන්සිල් රකින කෙනාට දෙවියන් පවා වදිනවා නම් ලැබීම් නම් මොනවද?මේක ගැන කවුරුවත් වැඩිය හිතන්න එපා.වුවමනාම දේ මේ සංසාර චක්‍රය නවත්වන එකයි.එතනින් එහාට විය යුතු දේ කුමක් වුනත් වේදනා රහිතයි.
     
    Aug 29, 2010
    55
    2
    0
    5500කට වැඩිය මේ ලිපිපෙල කියවලා තියනවා කියන්නෙ යමක් හිතන්න පුලුහං විදිහේ මිනිස්සු ඉන්නවා කියන එකයි.කිමුල්ලු වගේ මිනිස් නොවන කීප දෙනෙක්;) පොඩි ජෝක් දැම්මට තනිවම මේ ඇත්ත දකින්න හිතන අය කොච්චර ඉන්නවද:yes:දමිත් තුමා කරපු දේ සෑහෙන සාර්තකයි වගේ.
    ඇත්තටම අද මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රස්නය තමා නිවන් දැකින්න බය! ඒ තරම්ම සසරට බෑදිලා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එකෙක්ම 5000 පාරක් විතර බැලුවත් counter එකේ පෙනෙන්නේ ඔහොම තමයි මම හිතන්නේ... ඕකෙන් හිතන්න බැහැ කීදෙනෙක් මේකෙන් වැඩක් ගත්තද කියන එක. මම හිතන්නේ, ඕනේ නම් 15-20 විතර ඇති මේක follow කරන උදවිය. මගේනම් vision එක, එක්කෙනෙක් හරි හරියට අල්ලගත්තොත්, ඒක මුළු ලෝකෙටම යහපතක්!
    ඒක නෙවෙයි බං ඉසුරුවෝ, මේක මෙහෙම ගිහිල්ල උඹෙයි මගෙයි conversation එකක් උනොත් මල හත්ඉලව්වක් නේ වෙන්නේ... උඹයි මායි දැන් අඳුන ගත්තට, අනික් බලන අය දැනටත් හිතන් ඇත්තේ මේ එකෙක්ගේ 'ප්‍රෝඩාවක්' කියල... උඹ shape එකේ බලාගෙන යමන්, මට ඉතුරු හරිය compose කරන්න තියනවා. ඕනේ උනොත් call කරපං.
     
    Aug 3, 2010
    55
    7
    0
    හු හු ............ ,
    දමිතයෝ තවත් බොරු රගපෑම් මොකටද වැඩේ අතේ මාට්ටු . දැන් ඔක බලන්නේ උඹම විතරයි . ඒ කියන්නේ උඹයි උඹට හුනුගන උඹේම අවතාරයයි විතරයි . ඕක තව තවත් ඔප්පු කරන ඕනේ නෑ . බලල මල්ලන් එලියට පැනල ඉවරයි .

    http://www.elakiri.com/forum/showthread.php?t=823455
    http://www.elakiri.com/forum/showthread.php?t=821726
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ග්‍රාමසේවක;8362071 said:
    බලල මල්ලන් එලියට පැනල ඉවරයි

    atthamayi ban awathaare HUNU GAANA ekek!;) mokada uu karanawa kiwwe building construction works. mama awathare wath awathare maawa wath thaama dakke nam naha! habayi ada kathabaha kala. ithin umbata one ekak hitha ganinko... podi ekage santhose ne... umba kimbula wagemayi ban...:lol::lol::lol:
     
    Aug 29, 2010
    55
    2
    0
    atthamayi ban awathaare HUNU GAANA ekek!;) mokada uu karanawa kiwwe building construction works. mama awathare wath awathare maawa wath thaama dakke nam naha! habayi ada kathabaha kala. ithin umbata one ekak hitha ganinko... podi ekage santhose ne... umba kimbula wagemayi ban...:lol::lol::lol:
    හහ්.හා..:lol:දමිත් අපේ දැන ඇඳුනුම අපි අතර තිබුනාවෙ.ඔය කාගෙවත් කතන්දර මේ වටිනා වැඩේට අදාල නෑ.
    2ඔය ගමය තුමාට ඇත්තම කිවුවොත් මම මේ ලිපිපෙලට සුදුහුනු ගානවා තමයි.ඒක සහතික ඇත්ත.ඉදිරියටත් හොද දේට ඒ විදිහමයි.ඔබට ටිකක් මාරාවේස වී ඇති පාටයි.අනේ ඉතිං අපි මක් කොරන්නද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් මේ හිරවෙලා ඉන්නේ හිතේ කතන්දරේ ගැන විස්තර කරගන්න බැරුවයි. මොකද මේක ඇඟිල්ල දික්කරල පෙන්වන්න පුළුවන් මොකවත් නෙවෙයිනේ... තනිකරම උදාහරණ වලින් විතරයි කියන්න, පැහැදිලි කරන්න පුළුවන්. ඒත් ඒ ගන්න උදාහරණ පවා තේරෙන්නේ එක එක්කෙනාගේ මානසිකත්වය මත. අපි කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ මානසිකත්වය නිවැරදිව දැනගන්න පුළුවන් කමකුත් නැහැ නේ... කොහොමහරි පැහැදිලි අදහසක් ආවනම්, ලැබුණානම්, ආ... මේකනේ කරන්න තියෙන්නේ කියන එක තෙරුනානම්, 'click' උනා නම්, හුඟ දෙනෙක් මේ වැඩේට කැමැත්තෙන්ම උනන්දු වෙයි කියල මට හිතෙනවා, තේරෙනවා! කලිනුත් සඳහන් කළා වගේ අපි, ඇස්වලින් විතරක් දකින්නේ නැතුව, මනසින් එක එක විදියට හරව හරව, කරකව කව, එක එක විදියට බලන්න පුරුදුවෙලා තියන එකයි (multiple views at the same time) එකම වෙලාවේ තැන් කීපයකදී තත්වය, සිදුවෙන දේ, මෙහෙමයි මෙහෙමයි කියල මනසින් ගොඩනගා ගත්තු සේයාවලින් (imagination / virtual simulation) දකින්න හුරුපුරුදු වෙලා තියන එකට ශ්‍රද්ධාව, ස්ද්දහති තථාගතස්ස බෝධීන් (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම) එකතුවීම තමයි මේ නිවන් අවබෝධ කිරීම අපට 'simple case' එකක් වෙන්න හේතුව!! මේ සේරම හිත දියුණු කිරීම සම්බන්ධ දේවල් මිසක් majic මොනවත් නෙවෙයි! අපි advance තමයි, ඒක එච්චරයි! ඒත් මේ කරන්න ගත්තේ ලොකුකම් පෙන්වන්න කරන මගුලක් නෙවෙයිනේ...

    ඕනේ කෙනෙකුට තම තමන්ගේ හිත් දියුණු කරගත්තොත් හිතාගන්න වත් බැරි දේවල් කරන්න පුළුවන් වෙයි! ඒවුනාට දැන් කාලේ තියෙන්නේ මෙහෙම මනස දියුණු කරන ඒවා (භාවනා, ධ්‍යාන) කතන්දර නෙවෙයිනේ... දැන් රසට කන එක, කය පිනවන එක, ලොකූ... මිනිස්සු වෙලා ලොකූ... ඒවා කරන එක, අනික් උන්ව තලාගෙන පාගාගෙන මුදුන වෙන එක, අනික් උන්ව ගොනාට අන්දවන එක, වගේ දේවල් නේ ඉස්සරහටම ඇවිල්ල තියෙන්නේ. අපි බුද්ධ කාලේ උපන්න පින්වත් උදවිය තරම් වාසනාවන්ත නැහැ ඒ අතින්. ඒත් උත්සහ කලොත් මේවා කිසිඑකක් කරන්න බැරිත් නැහැ!! මාත් උවමනාවෙන් භාවනා කරපු එකෙක් නම් නෙවෙයි හැබැයි. කාලයක් තිබුන "මම හතරවෙනි ධ්‍යානයටත් ගියා..." කියල එහෙම උපාසකම්මලගේ කතා අහල, ඇස් උඩතියන් හිටපු! ඒත් පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ ධ්‍යාන අවස්ථා විස්තර කරනවා ඇහුවම යාලුවටයි මටයි හිනා ගියා... 'යකෝ, නම දන්නේ නැතුවට ඉඳල තියෙන්නේ මෙතන නේ...' කියල! බැලුවම අර කතන්දර කියපු උපාසකම්මල නම් ඇදගෙනම නාල! පව් ඉතින්, මොනවා කරන්නද? (එතකොට මේ මොන ඉටිගෙඩියක්වත් දැනගෙන හිටියේ නැහැ නේ... දැන් නම් guide කරතහැකි ලස්සනට)

    අපට දැන් නම් තව දුරට දුරට මොකවත් දියුණු කරන්න කිසිම ආසාවක් නැහැ! සේරම ඇති කියල තේරිලා ඉවරයි, දැන් ඉතින් ඔහේ පිස්සු කෙල කෙල ඉන්නවා. දැන් දකින්නේ 'ඉධ නන්දති පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති...' කතාව තමයි. මම දකින මගේ හිත නම් මාර dynamic. ගොඩක් වෙලාවට අතහැරලා දාල (free runnig) තියෙන්නේ. වැඩිහරියක් 1st එකේ. සමහරක් වෙලාවට, ඔය අලුතෙන් ණුහුරු ණුපුරුදු දෙයක් ඇහුවම, දැක්කම, හිතුනම 'බඃ' ගාල deep යනවා, limits නැහැ! හිතන පරක්කුවෙන් විදුලි වේගෙන් කෙළවරටම දැකල, 'චැඃ' වැඩක් නැහැ අතහැරිලත් ඉවරයි! මේ කතාවේදී කියපු 'model' එක කල්පණා කරපු දවස්වල, අහස වගේ මහා විශාල ප්‍රදේශෙක, අවකාශයක නැවතිලා තිබුන 'ඒකෙ' වටේ ගිහන් ගිහින්, අහුමුලු වලිනුත් රිංග රිංග, හිතේ හැටියට ඒකෙ simulation එක බලන්න, analize කරන්න පුළුවන් තත්වයක් develop උනා! මටත් හරි පුදුමයි!! මීට කලින් එහෙම 3D experience එකක් මම ලබල තිබුනේ නැහැ. ඒකෙදි හුඟක් දේවල් තේරුම් ගත්ත. හිතේ multiple simultaneous processes සිදුවෙන්නේ නැතිබව මම දැක්ක. වැඩිය ඕනේ නැහැ, මෙන්න මේ කරුණු highlight කරලා කියන්න ඕනේ කියල හිතුවත් ඒ simulation එක collapse වෙනවා, ඇකිලිලා යනවා වගේ වෙනවා. පෑනක් අරන් sketch එකක් ඇඳගන්න හදල වැඩේ එහෙමපිටින් අවුල්වෙලා ගියා. ඊට පස්සේ සෑහෙන try කරන්න උනා ඒ ඉබේටම ආව එක, උවමනාවෙන් ගන්න. හැබැයි අර මුල් අවස්ථාවේ වගේ quality එකට වැඩේ උනේ නැහැ!

    මේ සේරම කරුණු ගලපලා බැලුවම හොඳටම දැක්ක, හිතත් එක්ක අවට ගියාට සෙල්ලම් දාන්න බැහැ! පුහුණු කරන්නම ඕනේ!! පුහුණු කරලත් කෙරෙන දේවල් වලදී, හිතමු automated process එකක් පටන් ගත්ත, initiate උනා කියල, ඒක මැද්දෙන් පැනල කූරුගාන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. user intervention බැහැ! කොටින්ම මේ අපි උවමනාවෙන් හිතන විදියට මොකවත් කරන්න බැහැ, ඒක අමුතුම ලෝකයක්! යන්න ඇරලා බලාගෙන ඉන්නවා වගේ කතන්දරයක් තියෙන්නේ, හැබැයි seen එකට enter උනායින් පස්සේ full control ඒත් තමන් ඒ වෙලාවේ මේ ඉන්න තත්වේ නෙවෙයි, වෙනින්ම එකක! real life දේවල් වලට වඩා heavily detailed, මාර පැහැදිලියි, වචනයෙන් විස්තර කරන්න බැහැ! අත්දකින්නම ඕනේ!! මේ 'සැප', 'ආතල් එක' ලබන්න බැහැ ඔය සාමාන්‍ය ජීවිතේට සම්බන්ධ, සමාජ සම්මත කොයිම දේකින්වත්! කෝටි ගණන් වටිනා ඇඳ, පුටු, කොට්ට, මෙට්ට සත පහකට වත් වැඩක් නැහැ. ඉතින් උනන්දුවෙලා, උත්සාහයක යෙදෙන්න. දැන් තමයි හිතාගන්න පුළුවන් ඉස්සර කාලේ මහරහතුන් වහන්සේලා ගස් යටට, ගල් ගුහාවලට වෙලා, යන්තම් කාල, සිවුරක් විතරක් ඇඳගෙන, 'පිටට පේන විදියට' බොහොම දුකසේ ජීවත් උනාට, කොච්චර සැපයක්, සැනසිල්ලක් අත්විඳින්න ඇතිද කියල...
     
    Aug 3, 2010
    55
    7
    0
    ඒත් පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ ධ්‍යාන අවස්ථා විස්තර කරනවා ඇහුවම යාලුවටයි මටයි හිනා ගියා... 'යකෝ, නම දන්නේ නැතුවට ඉඳල තියෙන්නේ මෙතන නේ...' කියල! බැලුවම අර කතන්දර කියපු උපාසකම්මල නම් ඇදගෙනම නාල! පව් ඉතින්, මොනවා කරන්නද? (එතකොට මේ මොන ඉටිගෙඩියක්වත් දැනගෙන හිටියේ නැහැ නේ... දැන් නම් guide කරතහැකි ලස්සනට)

    අපට දැන් නම් තව දුරට දුරට මොකවත් දියුණු කරන්න කිසිම ආසාවක් නැහැ! සේරම ඇති කියල තේරිලා ඉවරයි, දැන් ඉතින් ඔහේ පිස්සු කෙල කෙල ඉන්නවා. ...


    :lol::lol::lol::lol::lol::lol:
    අහන්න දෙයක් නෑ තමුසෙටනම් හොදටම පිස්සු .
     
    Aug 29, 2010
    55
    2
    0
    ග්‍රාමසේවක;8369716 said:
    :lol::lol::lol::lol::lol::lol:
    අහන්න දෙයක් නෑ තමුසෙටනම් හොදටම පිස්සු .
    ගමක් බලන මහත්තයෝ!
    එවැන් පිස්්සෙක්ගෙන් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්නද ආසාව?:no:
    බුදුපියානන්ට කිව්වනං විජ්ජාචරනසම්පන්න නිසා අතිත අනාගත විද්යාව ගැන උගන්නපං පුලුවන් නං කිව්ව වගේ නේ?
    මේ ලිපිමාලාව ඇතුලේ ඒ ඒ මනුස්සයාගේ පුද්ගලික දේ නැතුව දෙන්න හදන දේ ගනිල්ලා දුරදකින මිනිස්සුනේ.!මේක ඔය මාර්තුකාව ඇතුලේ කියලා තියනවා නොවෙද-බුදු බන ටෙක්නිකලි බලමු/උගනිමු කියලා?හහෙම නැතුව මම ටෙක්නිකල් කියලා දෙඤ්ඤං කියලා කිවුවද ඒ පිස්සා?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ග්‍රාමසේවක;8369716 said:
    :lol::lol::lol::lol::lol::lol:
    අහන්න දෙයක් නෑ තමුසෙටනම් හොදටම පිස්සු .

    දැන් නම් මට උඹට බනින්න හිතෙන්නෙත් නැහැ බං. උඹ මාර creative කොල්ලෙක්. මාත් සිරාවට රැවටුන කාලයක්. හැබැයි අද නම් උඹේම thread එකක උඹ id මාරු කරලා posts දාන වෙලාවේ කරුමෙට මාත් ඒක open කරන් හිටියේ... වැඩේ අතේ මාට්ටු! හැබැයි කොලුවෝ මේ IT field එකේදිනම් මෙහෙම hidden id සෙල්ලම් නම් මට නිකම් montessori case! උවමනා උනොත්, use කර කර ඉන්න PC එක ළඟටම ඇවිල්ල බෙල්ලෙන් අල්ලගන්න අවශ්‍ය knowledge එක මට තියනවා. උඹට ඕනේ නම් මම ඔය ids 3 ම එක සැරේ online කරගෙන බයිලා ගහන්න හදල දෙන්නම්! ඒවායින් වැඩක් නැහැ... මම උඹට බොහොම ආදරෙන් කරුණාවෙන් කියන්නේ මීට පස්සේ ධර්මය සම්බන්ධයෙන් ඔය වගේ සෙල්ලම් කරන්න එපා! ඒකෙන් හිතන්නේ වත් නැති ප්‍රශ්න, කරදර ඇතිවෙයි!! උඹගේ posts ටිකක් මම බැලුව උඹ කවුද, කොයි වගේ කෙනෙක්ද කියල පොඩි idea එකක් ගන්න. මට තේරෙන විදියට උඹ out ගියපු එකෙක් නෙවෙයි. ඒත් ධර්මාවබෝධය කියන එක සෙල්ලමකට ගන්න ගියොත් දන්නෙම නැතුව completely out යාවි. උත්සහ නොකර නිකම් ඉඳල, ඉබේ ලැබෙන, කල්පිරුනහම ලැබෙන කතා මොකවත් මේකේ නැහැ! try නොකලොත් වෙන්නේ මේ පාරත් miss වෙන එකම විතරයි!!