බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මගේ situation එක ගැන කියපුවයින් ඔයාලටත් මේ වැඩේට අවශ්‍ය පසුබිමක් සකස්කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා. තව හොඳ නරක, අදාළ/අදාළ නැති දේවල් ගැනත් අදහසක් ගත හැකියි නේ. හුඟදෙනෙක් පන්සල් යනවා, මල් පූජා කරනවා, දාන මාන දෙනවා. ඒවා හොඳයි... ඒත් අනික් උදවියට ඉරිසියා කර කර, අනික් අයගේ අඩුපාඩු කියව කියව, ඕපදූප කියව කියව, පරුෂවචන/හිස්වචන වගේ බුදුහාමුදුරුවෝ එපාය කියපු දෙතිස් කතා වල යෙදිලා, රැස් වෙන පින් වලට වඩා පව් තොග ගනනේ රැස් කරනවා! සිත කය වචනය සංවර කරගන්න කියපුව අමතකයි!! භාවනා, සිත දියුණු කිරීම, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න කියපුව මෙලෝ දෙයක් අංශුමාත්‍ර වශයෙන් වත් නැහැ!!! අපි දෙතිස් කතා නැහැ!! සක්ඛායදිට්ඨි කුඩුකරලා දාල ගොඩක් කල්!! අපේ පාඩුවේ, බොහොම silence එකේ, කරන්න ඕනේ දේවල් ඔක්කොමත් කරගෙන ඉවරයි!!! ඉතින් කවුද හරි??

    ඉඳල හිටලා වැනෙන කතාවක්, පොඩ්ඩක් දාන කතාවක්, ස්ටෙලා වෙන බවක් තැන තැන වල කිව්වා. දකින්න ඇති නේ... ඇත්තටම අපි සම්බන්ධයෙන් හුඟදෙනෙක් කෙලින්ම දැක්කේ ඕක විතරයි! ඇත්තටම ඒක හරි upset case එකක්!! වැඩිහරියක් බලන් ඉන්න අයට! (අපට නෙවෙයි) මොකද්ද දන්නවද මම මේක කියන්න හේතුව? බුදුහාමුදුරුවෝ එපා කිව්වනම් දෙයක් ඒක එපාම තමයි!!! ඒත් මේ කට්ටිය අල්ලාගෙන ඉන්න සුරාමේරය... කියන කෑල්ලේ එහෙමපිටින් තේරුමයි දැනගන්න ඕනේ!! ඔය "දැකීම, අවබෝධය, ප්‍රමාදකරවන මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකිමි" කියල පනවල තියෙන එකේ වැදගත්ම තේරුම, දැකීම, අවබෝධය ලබාගැනීමට ප්‍රමාදවෙන්න එපා කියන එකයි!! චතුරාර්ය සත්‍ය දකින්න, ජීවිතය අවබෝධකරගන්න පරක්කු වෙන්න එපා කියන එකයි!! ඊළඟට, ධර්ම මාර්ගයට අවොත් මිසක් මෙතන තියන අනතුරින් ගලවිච්ච කවුරුවත් නැහැ!! එහෙමත් තියාගෙන බීල 'චාටර්' වෙලා, ප්‍රාණඝාත, සොරකම්, වැරදි කාම සේවනය, බොරුකීම වගේ දේවල් වලටත් යොමු උනොත්, සුනේ සුන්!! ගැලවීමක් ලබන්න තියා හිතන්නවත් බැරි වෙනවා!! අන්න ඒකයි බොන්න එපා කියලම කිව්වේ! ඒත් ඉතින් බිව්වේ නැහැ කියල කාගෙවත් හොඳක් කියන්නත් බැහැ ඒකා චතුරාර්ය සත්‍ය දකින්න, ජීවිතය අවබෝධකරන්න කිව්වහම 'අනේ පලයං බං යන්න' කියන ජාතියේ ඔටුවෙක් නම්! ඉතින් අපිට සත්‍ය ශ්‍රී සද්ධර්මය ලැබුනේ මේ මෑතකදී උනාට, සුදුවා/ගල්/පොල්/රටඒවා හම්බුනේ දුර ඈත අතීතයේ ඉඳල හන්ද, හුඟක් අය ඒවාට යොමුවෙලා ඇති! අවුලක් නැහැ! ඒකෙම බැහැගන, ඒවාටම වහල්වෙන්නේ නැතුව මේ වැඩේට යොමුවෙන්න!!! මේක තමයි කලයුතුම දේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධකරන, සසරදුකින් එතෙරවෙන පිරිස නියසිලට ගත් පස් බිඳක් තරම්ය, මුළු මහපොළවේ තිබෙන පස් තරමේ ප්‍රමාණයක් ධර්මය නොලබා, නැත්නම් ලැබිලත් බැහැරකරලා, සන්සාරගමනටම වැටෙනවය කියලනේ... ඉතින් ඒක තමයි යතාර්ථය! ඒත් දැන් මේ කරුණු අවබෝධකරගන්න තරම් ඥාණවන්ත, පින්වත් ජීවිත ලබල තියන සීමිත පිරිසක් හරි මෙතනත් ඉන්නවනේ... මම හිතනවා ඒ හැමෝටම දැන් මේ මුළු ඇඟේම වැඩකෑල්ල ගැන හොඳ දැනුමක් ඇති කියල. ධාතු වශයෙන් මේ ශරීරයේ සකස් වීම, ආයතන හැටියට, හිත හැසිරෙන ආකාර 18 හැටියට, මේකේ operation එක හොඳට මතකයේ තියෙන්න ඕනේ. ඊළඟට පටිච්චසමුප්පාදයේ ක්‍රියාකාරීත්වය, සත්වයාගේ හට ගැනීම, නැතිවීම හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ. ආයේ අපි මේ දිගින්දිගට පැවතිච්ච පන්චුපාදානස්කන්ධයට රැවටිලා හිටිය රැවටිල්ල, 20 ආකාර සක්ඛායදිට්ඨිය, හොඳට මතකයේ තියෙන්න ඕනේ. මේ කරුණු සේරම කිසි එකක් stuck වෙන්නේ නැතුව 'පට පට ගාල' සිහිකරන්න හැකියාව හදාගන්න ඕනේ. මේටික ඔයාල try කරලා, try කරලා හදාගතයුතු මයි!! ඔය කරුණු සේරම මේකේ සඳහන් වෙලා තියනවා. කියවල කියවල memory කරගන්න එක ඔයාලගේ වැඩක්. ඔය විභාගවලට පාඩම් කරනවා වගේ, ටිකක් මහන්සි උනාම ඒක cool එකේ කරගන්න පුළුවන් නේ නේද? ඒ කියන්නේ සුතා, ධතා, වචසාපරිචිතා කියපු කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ!

    ඊළඟට තියෙන්නේ, මනසානුපෙක්ඛිතා, දිට්ඨියාසුප්පටිවිද්ධා කියපු දෙකොටස තමයි. ඒක තනිකරම හිතෙන් විතරක් කෙරෙන වැඩක්. ආන්න ඒක නිසයි බුදුහාමුදුරුවෝ භාවනාවෙන් තොරව ණිවන් අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැහැ! කියල කිව්වේ. භාවනාවෙන් කිව්වත්, භාවනාවෙත් උපරිමයේදී... අපේ මැදිහත්වීමක් නැතුව, චේතනා පහලකිරීමකින් තොරවයි මේක සිද්ධවෙන්නේ!! මේ ටික මම කලිනුත් කියල ඇති! මේ ඇස්, කන්, ඊළඟට අපි උවමනාවෙන් හිතන එක වගේ ඒවා high speed දුවන්න බැහැ. ඕවත් එක්ක හිතට යන්න වෙන්නෙත් බර කරත්තේ වගේ තමයි! හිතට ඒකේ නියම වේගෙන් දුවන්න දීල, ඒකෙන් වැඩගන්න පුළුවන් උනා නම්, අවුරුදු ගණනක වැඩ තත්පරෙන් ඉවරයි!!! හැබැයි ඉතින් එහෙම යනකොට හිතට කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ! තනිකරම හොඳටම ගබඩාවෙච්ච මතකය විතරයි භාවිත කරන්න වෙන්නේ. අවශ්‍ය දේවල්, කරුණු සේරම අඩුපාඩු නැතුව බලවත්ව මතකයේ තියෙන්න ඕනේ. ආයේ මග නවත්ව නවත්ව කරන්න පුළුවන්කමකුත් නැහැ! මෙන්න මේ හන්ද තමයි අර මුලින් සඳහන් කරපු සේරම කරුණු කටපාඩම් කරගෙන, 'පට් පට් ගාල' දුවන ගනනට, හොඳට polish කරලා, සුදානම් කරගන්න ඕනෙය කිව්වේ!

    ඊළඟට බලන්න, අපි කෑමක් කනකොට අපිට ඒකෙ නියමාකාර විඳීම ලබන්න ආයතන කීයක් එකවර ක්‍රියාත්මක වෙන්න ඕනෙද? simultaneously function වෙන්න ඕනෙද? කියල. රස දැනුනට මදි! ඇහින් දකින්න ඕනේ, නහයෙන් සුවඳ දැනෙන්නත් ඕනේ, කණට, හැපෙන සද්දේ ඇහෙන්නත් ඕනේ, කයෙන් ඇතිවන විඳීම් සියල්ලත් ඕනේ! ඔය හෙම්බිරිස්සාව වගේ තියන වෙලාවට නහය, කන් upset වෙච්චහම කෑම කන්නත් එපා වෙන්නේ... මතකයි නේද? ඒත් අපි කාපු කෑමක් හිතින් සිහිකරද්දී, අනික් ආයතන කිසි එකක් නැතෙයි කියල මොකුත් අඩුවක් නැහැ නේ... මේ දැන් කනවා වගේ තේරෙනවනේ... ආයේ ඔය කොහේ හරි ගියපු එකක්, live show එකක් වගේ දෙයක් බලපු එකක්, හිතින් සිහිකරන කොට live ම තමයි නේද?? මේ හැමදේකදිම වෙන්නේ, එක එක ආයතනයෙන් ඒවාට ගම්‍යවෙන, දැනෙන දේ වෙනවෙනම මතකයේ ගබඩාවෙලා, ඔය අදාළ සේරම එකවර නැවත සිහිවීම තමයි! එතකොට අපිට දැනෙන්නේ, මේ දැන් වෙන, විඳින දෙයක් ගනනටයි!! ඔයවගේ විඳින යමක, තවදුරටත් හොයන්න දේවල්, වෙන කෙනෙකුගෙන් අහගන්න, අහල දැනගන්න දේවල් මොනවත් ඉතුරු වෙනවද?? ආයේ හිතන්නවත් දෙයක් නැහැ!! ඒ සම්බන්ධයෙන් ඔක්කොම දන්නවා, එහෙම්පිටින්ම දන්නවා!! සර්වසම්පූර්ණයි!! එහෙම නේද?? අන්න ඒ විදයට 'තමන්'ය කියල හිතාගෙන ඉන්න, මේ පටිච්චසමුප්පාදයෙන් සකස් වෙච්ච 'දෙය', පටිච්චසමුප්පාදය නිරුද්ධවීමත් සමගම නිරුද්ධවීම, නැතිවීම, තමන්ම විඳලා දැනගැනීමට තමයි කියන්නේ, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වෙනවා කියල!! (දැක්කේ නැත්නම් මේවා කියන්නේ කොහොමද? නේද? අන්න ඒක තමයි යාළු ල මම මුලින්ම කියල පටන්ගත්තේ... ඉතින් full try එකක් දාන්න!!)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් අපි ඉන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරගන්න තිබෙන වැඩපිළිවෙලේ, දුක්ඛ නිරෝධගාමිණි පටිපදාවේ, ආර්යෂ්ඨාංගික මාර්ගයේ, අවසාන කොටසේ! සම්මා සමාධි කියන කොටසේ. මේක ප්‍රගුණ කලයුතු, පුහුණු කලයුතු දෙයක්! එහෙම ප්‍රගුණ කිරීමෙන්, අර කලින් කියපු විදියට, මේ සිද්ධි මාලාවේ අවසානය දැක්කම තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කලා කියල දැනගන්න ලැබෙන්නේ! ඉතින් අපි දැන් අන්තිමට මේ පරිපූර්ණ අත්දැකීම 'හිතින් බලන්න', පූර්ණ වශයෙන් දැනගන්න, ලැස්ති උනාට, 'හිතට', කවදාවත් අහල, දැකල, විඳලා නැති දෙයක් අලුතෙන්ම හදල පෙන්වන්න වගේ majic මොකුත් කරන්න බැහැනේ... ඒකෙන් ඔය කලින් ලබපු එක එක අත්දැකීම් වල, විඳපු දේවල්වල data වෙන වෙන ඒවාට ආදේශකරලා, 'මේක මෙහෙම වෙනවනම් මේක මෙහෙම වෙන්න ඕනේ' කියල වගේ හිතන්න පුළුවන්. 'මේක මෙහෙම නම් අරක කොහොම වෙයිද' කියල වගේ හිතන්න පුළුවන්. එක data එකක් තවෙකක් එක්ක සංසන්දනය කිරීම, ඔය අපි 'අරයට වඩා මෙයා ලස්සනයි' වගේ තීරණය කරන්නේ... අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්! ඒත් මේකෙන් කොහොමද නිවණ ගැන මොකවත් දැනගන්නේ? හිත කියන්නේ මතකයත් සමග සිද්ධවෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නේ... ඉතින් නිවණට අදාළ කරුණු මතකයේ තියෙන්න, කලින් නිවන් දැකල තියන එකක්යැ?? (නිවන් දැක්කනම් දැන් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නැහැනේ...) ඉතින් මොකුත්ම අත්දැකීමක් නැති එකක් හිතෙන් බලන්නේ කොහොමද?

    ඇත්තටම, කොහොමද මේ ප්‍රශ්ණේ විසඳන්නේ? ඒකට කරන්න තියෙන්නේ, බුදුහාමුදුරුවෝ උගන්වපු දේවල් ආශ්‍රයෙන් හිතල හිතලම, ධර්ම කරුණු තමන්ට ගලප ගලපා බැලීමෙන්, අවශ්‍ය data හද හදා හිතට දීම තමයි. තව විදියකට කිව්වොත්, 'බුදුහාමුදුරුවෝ මේ කරුණේදී මෙහෙම වෙනවා කියලයි කිව්වේ... එහෙමනම් මම දකින දේට කොහොමද වෙන්න ඕනේ?', 'බුදුහාමුදුරුවෝ මේක වෙනවා කිව්වේ මෙහෙමයි, එහෙමනම් මේ මා තුලත් වෙන්නේ ඒකමයි නේද?' කියල නොයෙකුත් නොයෙකුත් විදියට අපේ ආයතන සියල්ල ගැන, මේ ඇතිවෙන විඳීම්, හඳුනාගැනීම්, චේතනා පහලවීම් හැම එකක් ගැනම හොඳට කල්පණා කරන්න ඕනේ!! අන්න එතකොටයි මේ ඉගනගත්තු දේ හොඳට 'දිරවන්න' ගන්නේ... ඉතින් මේ වැඩේට ධර්ම කරුණු හොඳට හිතේ ගබඩා වෙලා, ඕනේ එකකින් තව එකකට තියෙන සම්බන්ධය 'පට පට ගාල' පේන, තේරෙණ ගනනට තමන්ගේ ධර්මාවබෝධය දියුණුවෙලා තියෙන්න ඕනේ බව පැහැදිලියි නේද? අන්න ඒකයි මේ වැඩේ තම තමන්ගේ අවංක උවමනාවෙන්ම කරන්න ඕනේ කිව්වේ. කොහේදී හරි බොරු කලොත් තමන්ම හිරවෙනවා ඉස්සරහට යන්න බැරුව! මම මුලදී කිව්වා පාර හරිනම් results තියෙන්නම ඕනේ කියල. ඉතින් මෙච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ සේරම අවශ්‍යදේවල් උගන්වල තියෙද්දී, ඒ කරුණු ඉගෙන ගෙන තමන්ට ගලපලා බලල සත්‍ය තේරුම් ගන්න ඔච්චරටම අමාරුද?? අවුරුදු 7 පොඩි ඇත්තොත් අවබෝධකරපු මේ සරල සත්‍ය අවබෝධ කරගන්න අමාරු නැහැ! ඒක කරන්න ඕනේ ක්‍රමය අල්ලගන්න එකයි, තමන් ඊට සුදානම් වීම, පසුබිම හදාගැනීම වගේ දේවල් තමයි අමාරු. අනවශ්‍ය බය, සැක, වෙන වෙන බොරු මනස්ගාත නැතුව අදාළ කරුණු විතරක් අරන් හරියට ඉලක්කයට කල්පණා කරන්න!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි මොකක් හරි හදපු උපකරණයක් වගේ දෙයක් ගද්දි manual එකක් කියල දෙයකුත් ලැබෙනවනේ... ඒකෙන් තමයි ඒ උපකරණය නියමාකාරයෙන් පාවිච්චිකරන්න අවශ්‍යවෙන තොරතුරු සියල්ලම දැනගන්න තියෙන්නේ. ඔය විදියටම service manual කියලත් එනවා සාමාන්‍යයෙන් හුඟක් උපකරණ, නිපැයුම් එක්ක. ඒවායේ තියනවා ඒ ඒ උපකරණය හදල තියෙන ආකාරය, වැඩකරන ආකාරය ගැන සම්පූර්ණ විස්තර, කෑල්ලෙන් කෑල්ලට ගලවන, සවිකරන විදිය වගේ සේරම දේවල්. ඉතින් මාත් technician කෙනෙක් නිසා, මටත් ඔය manuals හොඳට හුරුයි... ඇත්තටම යම්දෙයක service manual එක තියෙනවා කියන්නේ ඒකෙ ඕනේ දෙයක් කරන්න පුළුවන් ගනනයි! අපේ මේ ඇඟවලුත් හැදිච්ච දේවල් උනාට, කවුරුවත් හදපු දේවල් නොවෙන නිසා, මොකක් හරි company එකක නිෂ්පාදනයක් නොවෙන නිසා, මේවට manuals මොකුත් හොයාගන්න නැහැ!! බුදුහාමුදුරුවෝ කලේ මේ සකස් වෙච්ච දේවල් ගැන අංශුවෙන් අංශුවට හොයල බලල වැඩකරන විදිය, මේකේ පැවැත්ම, මෙතනින් එහාට වෙන්නේ මොකද්ද, මීට කලින් උනේ මොනවද, වගේ සේරම දේවල් ගැන එහෙම්පිටින්ම හොයාගත්ත එකනේ... ඉතින් බුදුහාමුදුරුවෝ කියාදීපු දේවල්ය කියන්නේ, මේ අපේ ජීවිත සම්බන්ධයෙන් තියන manual එකයි, service manual එකයි තමයි!! manual එකෙන් අපිට කියල දුන්න මේ ජීවිතය හරි හැටි පාවිච්චි කරන්න ඕනේ විදිය! පව් කරන්න එපා, පින් කරන්න... නොපමාව කුසලයෙහි හැසිරෙන්නය වගේ දේවල්! ඊළඟට service manual එකෙන් මේක කෑලි කෑලි කරලා පෙන්වූව මේකේ ඇතුලේ වෙන්නේ මේකයි, ඒ ඇරෙන්න වෙන ගන්න දෙයක් නැහැය කියල! තව කියල දුන්න මේ සිද්ධි මාලාවේ පැවැත්ම හටගත්තේ කවදා කොහෙදිද කියල පෙනෙන්නේ නැතිය, ඒත් මේ පැවැත්ම මහා දුක් කන්දරාවක් මේ වෙනකොට උරුම කරලා දීල තියනවය, තව ගියත් ඔච්චරමය, ඒ හන්ද පුළුවන් ඉක්මනින් මේ පැවැත්ම කඩල බිඳලා දාල නිදහස් වෙන්නය කියල!! ඉතින් අප්පොච්චියේ... service manual එකත් තියනවනම්, මොනවද කොරන්න බැරි?? තමන්ට, තම තමන්ගේ ඒවායේ upset හදාගන්න එක නොවැ තියෙන්නේ... හැමෝම technicians ල නෙවෙයි කියල අඩුවක් වෙනේ නැහැ! කියල දුන්නම කරන්න පුළුවන් නේ නේද?

    ඇත්තටම මේ වැඩපිළිවෙල මෙතන ඉඳල දිගටම කරගන යන්නයි ඕනේ! අර ලී කෑලි දෙකක්, ගල් කෑලි දෙකක් අතුල්ලලා ගිනි අවුළුවන කතන්දරේ... මතක නේ... අන්න ඒ විදියට තමන්ට මේ කරුණු පරිපූර්ණ වශයෙන් අවබෝධය ඇතිවෙනකම් touch එකේ ඉන්න ඕනේ!! දන්නවනේ අතීතයේ පැවිදි උදවියට මේකට full time engage වෙන්න ඉඩ ලැබුන! දැනුත් පැවිදි අයට නම් එහෙම පුළුවන්. ඒත් අපි? අපි ඉඩ කඩ ලැබෙන හැම වෙලාවේම ධර්ම කරුණු මෙනෙහි කරනවා! තමන්ගේ හැකියාව අනුව, දවල්කාලයේ හරි, රෑකාලයේ හරි, පැය එකහමාරක් දෙකක් වෙන්කරගන්නවා! එතකොට හරි. හැබැයි දින චරියාවේ කොටසක් හැටියට, එකම වෙලාවක, පුරුද්දක් හැටියට!! මම හිතන්නේ හුඟ දෙනෙකුට practical වෙන්නේ රෑ කාලය තමයි. එතකොට බාහිර පරිසරයේ ගැටීම්, සද්ද බද්ද හුඟක් අඩුයි නේ. මේ වෙනකම් පිළිවෙලකට වැඩේට බැහැපු නැති අය මේදැන් වත් බැස්සනම් තමයි හරි!! ධර්ම කරුණු වත් දන්නේ නෑ, මතක නෑ නම්, තමන් වෙන්කරගන්න කාල සීමාවේදී ඉස්සෙල්ලම ඒවා කියවල, ලියාගෙන, පාඩම් කරගෙන පටන්ගන්න. කිසි upset එකක් නැතුව ධර්ම කරුණු සිහිකරන්න හැකියාව ඇතිවේගන එනකොට, මේ විදියට ඒවා තමන්ට ගලප ගලපා බලන්න, කල්පණා කරන්න පටන් ගන්න.

    පටන් ගන්න හොඳම තැන මොකද්ද? අපි දකිනවනම් දකින්නේ ඇහෙන්, අහනවනම් අහන්නේ ඇහෙන්, රසවිඳිනවානම් දිවෙන්... ඒත් ඔය සේරම ක්‍රියාත්මක වෙන්නේ මනසිකාරය තිබුනොත් විතරයි බව ධර්මයෙන් දැක්ක නේ... ඉතින් බලන්න ඒක තමන්ට එහෙම නෙවෙයිද? තමන් වෙනස්ද? කියල! ඇයි නින්ද ගියාම සද්ද ඇහෙන්නේ නැත්තේ? කණ වහගන ඉන්නවත් නෙවෙයි නේ... නින්දෙන් කවුරුහරි කටේ මොනවා හරි ගාල ගිහින් කියමු, රස දැනෙන්නේ නැගිට්ටුනාම නේ... ඇයි ඒ? ඒ අර මනසිකාරයේ ක්‍රියාකාරීත්වය තමයි! නිදි වෙලාවට උවමනාවෙන් ආයතන මනසිකාර කිරීමක් සිදුවෙන්නේ නැහැනේ... ඊළඟට ඔය ඇස්වලින් දකින, කන් වලින් අහන දේවල් අනුව සැප දුක ඇතිවෙද්දී, ඒක චුට්ටකට අමතක කරලා වෙනදෙයක් ගැන හිතන්න පුරුදුවෙලා බලන්න. එහෙම කරනකොට අර දකින, අහන දේවල් අනුව දැනිච්ච විඳීම්, හඳුනාගැනීම් සේරම වෙනස්වෙලා යන හැටි බලන්න. හිතට එන ඕනෙම හැඟීමකදීත්, සතුටක්/දුකක්, බයක්/සැකක් නැත්නම් තැතිගැනීමක් වගේ ඕනෙම දෙයකදිත්, අරමුණ වෙනස් කලගමන් දැනිච්ච සියල්ල වෙනස්වෙලා යනහැටි බලන්න! ඔන්න ඔය විදියට පුහුණු කරනකොට ටිකෙන් ටික මේකේ ඇත්ත දකින්න, අවබෝධවෙන්න පටන්ගන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේකනේද කියල ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. ඔයවිදියට ටිකෙන් ටික මේ කයත් එක්ක තිබිච්ච බැඳීම හිතින් ඈත්වෙනකන්ම මේක practice කරන්න. එතකොට තේරෙයි රසට කනවා කියල කරලා තියෙන්නෙත් බොරුවැඩක්! නාමරූප ටිකක් තව නාමරූප ටිකක් ගිලල! විතරයි. ලස්සනට ඇන්ද කියන්නෙත් නාමරූප ටිකක් තව නාමරූප ටිකක් ඔතාගෙන! එච්චරයි. තව කෙනෙකුට ආදරෙන් හිටිය, ඉන්නවා කියන්නෙත් තව නාමරූප ටිකක් ගැන හිතාගෙන ඉන්න අදහසක්! විතරයි. (එතනත් ආදරය කරන්නය කියල 'කෙනෙක්' නැහැ නේ!) ඉතින් මොකද්ද මේ කරලා තියෙන්නේ? තනිකරම පිස්සුවක් විතරනේ... මොනදේ ගැන හිතුවත් ගන්න කියල දෙයක් නැහැ නේ... දීර්ඝ කාලීනව බලද්දී මේ කිසිම දේක තේරුමක් නැහැ නේ... සේරම අනිත්‍යවෙලා යනවා! අපි ලොකුවට හිතාගෙන මහා බොරුවක් කර කර ඉන්නවා!! මෙන්න මේ තත්වය තමන්ට හොඳටම තේරෙණ ගනනට එද්දී, අවබෝධයෙන්ම කලකිරීම ඇතිවෙනවා.

    ඒත් මේ සත්‍ය තම තමන්ගේ හිත්වලට හොඳින්ම වැටහෙනකම් කල්පණා කරන්න තියෙන දෙයක් මිසක්, කරකර ඉන්න වැඩ ඔක්කොම අල්ලලා දාල, යුතුකම්, වගකීම් සේරමත් පැත්තකට දාල, 'අලුත් පිස්සුවක්' හදාගතයුතු කතන්දරයක් නෙවෙයි. මේ ලබපු ජීවිත කාලය, පෙරකල පින් බලෙන් ලැබුණු වාසනාවන්ත එකක්. ඒ පින නිසාමයි ධර්මයත් අහන්න, දැනගන්න ලැබුණේ... අපිට කරන්න තියෙන්නේ, මෙතන සිද්ධවේගන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න එකයි! මෙතනින් එහාට ආයේ ආයේ පැවැත්මක් ඕනේ නැහැ, මේ හොඳටෝම ඇති!! කියන තත්වයට එන එකයි තමයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් තේරුණාද මේ තමන් කියල හිතාගෙන උන්නු එකේ වෙන්නෙත් බුදුහාමුදුරුවෝ කියපු විදියටමයි, කිසි වෙනසක් නැහැ කියල! ඊළඟට මේ අපේ මුළු ක්‍රියකාරීත්වයම, පන්චුපාදානස්කන්ධයම, දකින/අහන/විඳින/හඳුනගන්න/චේතනාපහලකරන/දැනගන්න මුළු ක්‍රියාවලියම, ඔය ශරීරයේ පැවැත්ම නිසානේ සිදුවෙමින් තියෙන්නේ... මේ ජීවිතය අවසන් වෙනකොට ඔය ශරීරය බිඳිලා යනවා, පංචුපාදානස්කන්ධය බිඳිලා යනවා, ඉන්ද්‍රියයන් ක්‍රියාවිරහිත උනාම මල සිරුර බැහැරකරන්න වෙනවා, ආයුෂ ඉවරයි... ජීවිතය නම්වූ ඉන්ද්‍රිය බිඳී යනවා!! බුදුරජාණන්වහන්සේ මේ බව දේශනාකොට වදාළේ 'භේදෝ, ඛන්දානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ' ආදී වශයෙනුයි! ඉතින් එහෙම වෙනකොට මේ ශරීරයේ සජීවී බව, ක්‍රියාකාරිත්වය හේතුවෙන් පවතින මේ අපි අහන, දකින, විඳින, හඳුනගන්න සියල්ලත් නැතිවෙලා යනවා! එතනින් ඉවරයි! පහන නිවුන කියන්නේ දැල්ල නිවුනා මිසක් දැල්ල කොහෙවත් ගියා නෙවෙයිනේ... ඉතින් ඕක තමයි ඕනෙම ශරීරයක සිද්ධ වෙන්නේ!! අන්‍යාගමික කට්ටිය ඔය විස්තර මොකුත් නොදන්නා නිසයි දෙයියෝ ගාවට යනවයි, නැත්නම් වෙන කොහේ හරි යනවයි කියල හිතන් ඉන්නේ!! අපි බෞද්ධ උදවිය කියලත් මේබව මීටකලින් දැනගන උන්නේ නැහැනේ!! ඇත්ත නොදැන මුලාවක උන්නු කාලේ හිතේ තිබුන දැඩිව අල්ලාගත් ස්වභාවය, උපාදාන නිසා එක කයක් බිඳෙද්දී වෙන අලුත් කයක් අල්ලාගැනීම සිදුවුණා, හරියට එක ඉටිපන්දමක් නිවීගන යනකොට ඒකෙන් තව ඉටිපන්දමක් පත්තුකරගන්නවා වගේ... එකක් යනකොට තව එකක්! ඒක යනකොට තා එකක්!! ඔයහන්ද කවදාවත් මේකේ ඉවරයක් දකින්න ලැබුණේ නැහැ! අන්න ඒ හන්ද අපේ මතකයේ මෙහෙම නිරුද්ධවීමක් සම්බන්ධයෙන් ලබපු අත්දැකීම් මොකවත් නැහැ! එහෙම එකක් ගැන මොකුත් දන්නේ නැහැ!!

    දැන් ඉතින් බලන්න මේ ගනනට කරුණු තේරුණ කෙනෙක් කියන්නේ, සත්‍ය දැක්ක කෙනෙක් කියන්නේ, කාමයන් කියල රැවටුනේ මොන බොරුවකටද කියල හොඳටෝම දන්නවනේ... ආයේ ඒ සම්බන්ධයෙන් හිතේ යටපත්වෙලා තියන රැවටීමක් වත් නැහැ, කාමාශ්‍රව නැහැ! ඊළඟට, ආයේ තව කොච්චරක් දුරට පැවැත්මක් තිබුනත් වෙන්නේ මේකමයි, ලැබෙන්නේ මේවමයි කියලත් හොඳටම පැහැදිලි හන්ද, පැවැත්මක් සම්බන්ධයෙන් හිතේ හැංගිච්ච උවමනාවක් වත් හිටින්නෙත් නැහැ, භාවාශ්‍රාවත් නැහැ! ඒත් මේ නිරුද්ධවීම ගැන තාම දැනගන්න ලැබුණේ නැහැ කියන්නේ අවිජ්ජාශ්‍රව ඉතුරුයි නේ... තව පොඩි 'කොස්සක්' තියනවා! හැබැයි ඉතින් මේ ගනනට ආවත් ගොඩම තමයි! අනාගාමියි!! ඒත් මොන එහෙකටද 'කොහු' තියාගන්නේ?? ඉවරයක්ම කරලා දාල, තමන්ට කරන්න තියන යුතුකම්, වගකීම් ඉටුකරගෙන, අනික් අයටත් ධර්ම මාර්ගය දියුණුකරගෙන මේ සසරදුකින් නිදහස්වෙන්න උපකාර කරකර, හැමෝමත් එක්කම හොඳින්, තමන්ට හිමි ආයුෂ ඉවරවෙලා යනකන්ම ජීවත්වෙලා ඉන්න බැරිය!! ඒකට මොනම ආකාරයක වත් බාධාවක් නැහැ නේ!! ඔය කියන විදිය දවස් 7 න් මැරෙන කතා ඇත්ත උනානම් මට මේ කතාව ලියන්න වෙන්නෙත් නැහැ!! එක එක්කෙනාගේ පිස්සු මරගාත වලින් අපිට වැඩක් නැහැ!! අපි මේ පංච උපාදානස්කන්ධයේ නිරුද්ධවීම දකින්න පිළිවෙලක් කල්පණා කරමු.

    කොයිම හරි වෙලාවක මේ ජීවිතය අවසාන වෙනවා කියන්නේ මේ කය, ආයතන 6, ජීවිතය නමැති ඉන්ද්‍රිය සේරම බිඳී යාම නේ. එතකොට වෙන්නේ ආයතන සේරගෙන්ම ඇතිවන ස්පර්ශයන් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා අන්තිමේ නැතිවෙලා යනවා, ඒත් එක්කම වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියල අඳුන්වපු ක්‍රියාකාරීත්වයත් නවතිනවා. දැන් ඔය සේරම එකවර විඳලා ලබපු අත්දැකීමක් නැති උනාට, අපි ඕව හැම එකක්ම වගේ වෙන වෙනම නම් ඕනේ පදමට දැකල, අත්විඳලා තියනවා නේ... ඊළඟට හිතට පුළුවන්කම තියනවා නේ ඔය වෙන වෙනම ලබපු අත්දැකීම් වල data එකවර සිහිකරන්න!! හිතට පුළුවන් නේ ඔය වෙන වෙනම එකතු කරගත්තු data combine කරලා, අලුත්ම දෙයක් හදල පෙන්වන්න!! එහෙම උනොත් මේ අත්දැකීම වින්ද වගේම වෙනවනේ! ඒත් හැබැයි අවසානයේ වෙන්නේ කොහොමද කියන එක අපට අපේ උවමනාවෙන් කරුණු ගලපගෙන බලන්නත් බැහැ! එහෙම කෘතීම දෙයක් කරලා ඇත්තවගේ අත්දැකීමක්, පූර්ණ අත්දැකීමක් ලබන්නත් බැහැ!! මේක හිතෙන්ම කරුණු ගැලපිල ඉබේම සිදුවෙනකම්, අවබෝධය සම්පූර්ණ වෙනකම්, අපි මේ කරුණු ගැනම මෙනෙහි කරමින් ඉන්න ඕනේ! දන්නවනේ... හිතට සිතුවිලි එන්නේ අපි පුරුදු පුහුණු කරන දේවල් අනුසාරයෙන් බව! හිතට එන සිතුවිලි වලට පදනම් වෙන්නේ අපි බහුලවම කරන, අසාවෙන්/උවමනාවෙන් ඉන්න දේවල්ම තමයි!! ඉතින් බලවත් උවමනාවකින් යුතුව, මේ කරුණු ගැනම සිහි කරමින්, හිත මේ දේවල් එක්කම තියාගෙන ඉන්න ඕනේ! යම් මොහොතක ඔය කරුණ සහසුද්දයෙන්ම අවබෝධවීම, ඔය කරුණු හරි ආකාරයෙන් ගැලපිලා 'ආ... මේකනේ වෙන්නේ!!' කියන පූර්ණ අත්දැකීම තමන්ට ලැබීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා!! ඒත් ඒක තමන්ට උවමනා විදියට, තමන්ට හදිස්සි උනාට ලබන්න බැහැ. ඉවසීමෙන් ඔය භාවනා අරමුණේම රැඳිල ඉන්න! මතකනේ... අර දර කෑලි නැත්නම් ගල් කෑලි අතුල්ලලා ගිනි අවුළුවන කතාව?

    ඉතින් අපි මේ කවදාවත්ම විඳලා නැති අත්දැකීමක් ලබන්න, මේ මොකුත්ම ඉතුරු නොවී ඉවරවෙලා යනවා කියන කතන්දරේ සහසුද්දෙන්ම දැනගන්න අවශ්‍ය වෙන දත්ත, data හිතට එකතුවෙන්න, අපිට මේ වෙනකොට තියන අත්දැකීම්, අහල/දැකල/විඳලා තියන කරුනුත්, ධර්මයෙන් අසා දැනගත් කරුනුත් සම්බන්ධ කරගෙන පුළුවන් පුළුවන් හැම විදියටම කල්පණා කර කර බලමු! අපි මේ 'තමන්'ය කියල සලකපු එකත් යම් මොහොතක කඩාගෙන වැටෙද්දී, මේ හැම දනීමක්ම gradually අඩුවෙලා අඩුවෙලා යන හැටි ගැන බලමු! දැන් මෙතැනදී අපිට දෙයාකාරයකින් මේ සිදුවීම බලන්න පුළුවන්! හිතාගන්න පුලුවන්ද? මේ අත්දැකීම තමන්ට දැනෙන විදිය කොහොමද කියල බලන්න පුළුවන්! ඒ සිදුවීම වෙද්දී එළියෙන් ඉඳන් මේක, මේ කය දිහා බලන් හිටියනම්, එතකොට පෙනෙන විදිය බලන්න පුළුවන්! ඒ කියන්නේ, මේ body එකත් අනික් ඒවා වගේම සකස්වෙච්ච, අනිත්‍ය එකක් කියන එක හිතේ තියන්, තමන් වෙනම කෙනෙක් හැටියට මේ 'බොඩිය' දිහා බලන විදියට බලන එකට. ඉතින් මොකද්ද අපිට දැනෙන්න ඕනේ විදිය?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දකින දෙයක් ගැන හිතන්න... ඇහැ වැඩ නොකර ගියත්, ඇහේ ස්පර්ශය නැතුව ගියත්, ඒ ස්පර්ශය මනසිකාර කිරීම නැතුව ගියත්, ස්පර්ශය මනසිකාර කරලා ඇතිවන විඳීම නැතුව ගියත් වෙන්නේ එකම දෙයයි නේ! මොකද්ද? පේන්නේ නැතුව යනවා විතරනේ!! හරියට මහ රෑක light දාගෙන පොතක් පත්තරයක් බල බල ඉන්දැද්දී current එක ගියා වගේ!! සේරම එක පාරට කළුවර වෙලා යනවා!! ඊළඟට ඇහෙන දෙයක් ගැන හිතන්න... කණ වැඩ නොකර ගියත්, කණේ ස්පර්ශය නැතුව ගියත්, ඒ ස්පර්ශය මනසිකාර කිරීම නැතුව ගියත්, ස්පර්ශය මනසිකාර කරලා ඇතිවන විඳීම නැතුව ගියත් වෙන්නේ එකම දෙයයි නේ! ඇහෙන්නේ නැතුව යනවා ඇරෙන්න, වෙන දෙයක් වෙන්නේ නැහැනේ!! හරියට කණ පැලෙන්න සද්දෙන් සින්දුවක් දාගෙන ඉන්දැද්දී current එක ගියා වගෙයි!! දැන් මේ දෙකම එක පාරට උනොත්, මහ රෑක TV එකේ බැහැගෙන ඉන්නකොට, නැත්නම් musical show එකකදී වගේ, current එක ගියා වගෙයි!! ආලෝකයයි, ශබ්දයි දෙකම එකවර නැතුව යනවා... ඉතින් මේවගේ ඔයාල ලබපු අත්දැකීම් තියනවනේ... අන්න ඒවා ගැන හොඳට කල්පණා කරකර බලන්න. තමන්ට එවෙලේ දැනිච්ච විදිය හොඳට මෙනෙහි කර කර බලන්න. ගඳ සුවඳ, රස සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ මේ විදියටම තමයි... මම නම් ඔය දෙක ගැන එච්චරම හිතුවෙත් නැහැ... කමක් නෑ... දැනි දැනී තිබුණු රසක්, ගඳක්/සුවඳක් නැතිවෙලා යනකොට කොහොමද කියලත් හිත හිතා බලන්නකෝ. ඊළඟට ඔය දැනි දැනී තියන බලවත් ශාරීරික වේදනාවක් නැතුව ගියාම, හිතේ තිබුන බලවත් දුකක්, කනස්සල්ලක් නැතුව ගියාම දැනෙන සැහැල්ලුව ගැන කල්පණා කර කර බලන්න! මේක තමයි ගොඩක්ම important! කලින් ඔය වගේ වේදනා විඳලා විඳලා තිත්ත වෙච්ච තැන් ඇති නේ... අන්න ඒවා දුරුවෙලා ලබපු සැනසිල්ල සිහිකරන්න. මෙහෙම වේදනාවලින් සැනසිල්ලක් ලබනවා කියන්නේ වේදනාවල් දුරුවෙලා යන එකනේ...

    මම නම් ඔය කරුණු 4 ටම පොදුවේ (ගඳ/සුවඳ, රස, පහස, අරමුණු) කල්පණා කලේ ගැඹුරු නින්දට වැටුනාම ඔය මොකුත්ම නැතුව යනහැටි ගැනම තමයි!! ඉතින් පැහැදිලියි නේ ඔයාලට තියන task එක! මේ කරුණු ගැනම කල්පණා කර කර , හිත මේවයිම රඳවාගෙන ඉන්න ඕනේ! මම නම් හුඟක් වෙලාවට, වැඩ කරන අතරේ, බණ අහන අතරේ, ඇවිදින අතරේ, නාන, කන, බොන අතරේ, වගේ හෑම වෙලාවකම ඔන්න මලා! කියල මේ සේරම හැඟීම්/දැනීම් නැතිවෙලා යන හැටි මෙනෙහි කලා!!! ආ... දැන්නම් මරෙනවම තමයි! කියල, මනසිකාරය අතහැරලා දාල ටික වෙලාවක් හිටිය!!! පස්සේ පස්සේ මැරෙනවා කියන එක අමුත්තක් නැති දෙයක් බවට පත්වුණා! සේරම කතන්දර වෙන්නේ, බයවෙන්නේ, තැතිගැනීමක් ඇතිවෙනවානම් ඇතිවෙන්නේ, දුක හිතෙන්නේ ඒ ගැන දිගින් දිගට හිතුවොත් විතරනේ... හිතන එක අතහැරලා දැම්මම අවුලක් නැහැ! කොහොම හරි දුකක්, සතුටක්, තිබහක්, බඩගින්නක් ආවත්, ආ... මලා! කියල හිත blank කරලා දාන්න තමයි මම පුරුදු උනේ! කල්පනා කරලා බලන්න... මහා බොරුවක් විතරනේ මේක! අපි හිතමු සුනාමියක් වගේ ඇවිල්ල ඔන්න ලොකු පිරිසක් කරදරේට පත්වෙලා. ඉතින් තව අනුන්ගේ දුක හඳුනන, කරුණාවන්ත විශාල පිරිසක් යනවා ඒ අයගේ උදව්වට. දැන් කට්ටිය බරටම වැඩ! ඔන්න එනවා අර කලින් ආවට වඩා දහ ගුණයක් විශාල සුනාමියක්!! ...අපි ලොකු මිනිස්සු කියල හිතන් හිටියට අත්තටමනම් ලොකු නැහැ නේද?? අන්න ඒකයි වැඩේ... මේ අපිට අවස්ථාව ලැබිල තියනකන් විතරක් තමයි දන්න සෙල්ලම් හැම එකක්ම දාන්න පුළුවන්කම තියෙන්නේ... වෙලාව ඉවර වෙනකොට සේරම auto close වෙනවා! අපිට මොකුත්ම කරන්න බැහැ!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ අනික් සේරම වැඩ පැත්තකින් තියල සසරින් නිදහස්වෙන්න අවශ්‍ය කටයුතු කරගන්න කිව්වේ!!! බුදුහාමුදුරුවොත් උපදෙස් දුන්න මරණානුස්සතිය වඩන්න කියල! ඉතින් මට ඒක 'සිරාවටම' පුරුද්දට ගියා!! ඔයාලත් මේවිදියට කටයුතු කරන්න. බයවෙන්න එපා! බයවෙලා වැඩකුත් නැහැ!! බය උනත් නැතත් මැරෙනවා නේ...

    මතකනේ, දැන් අපි මේ කලින් අහපු, දැකපු, රසවිඳපු ඒවා නැවත නැවතත් හිතින් මෙනෙහිකලාම මුල් ස්වභාවික අත්දැකීමම නැවත නැවතත් ලැබෙන ලක්ෂණය නේ අපිට මේ ස්වභාවිකව අත්විඳින්න බැරි අත්දැකීමක් ලබන්න පාවිච්චිකරන්නේ. ඉතින් අපි ඇහෙන් ලැබෙන්න ඕනේ අත්දැකීම වෙනම හිතට දෙනවා, කනෙන් ලැබෙන්න ඕනේ විදිය වෙනම සිහිකරලා ඒකත් හිතට දෙනවා, දිවෙන්, නහයෙන්, කයෙන්, මනසෙන් කියන අනික් ආයතනවලිනුත් දැනෙන්න ඕනේ විදිය මෙනෙහි කරකර, හිතට data හද හදා දෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්!! අපි නිකම් කෝප්ප, පොල්කටු වගේ මොනවා හරි ඒවා ගොඩක් අරන් මුනින් නවල, (හිතමු ලක්ෂ ගණනක් කියල...) ඔයින් එකක් යට මොනවා හරි දෙයක් හංගල, කෙනෙකුට කියනවා ආ... මං හංගපු දේ හොයන්න බලන්න! කියල. දැන් එතකොට කොහොමද ඔය කෝප්ප, පොල්කටු මොනවා හරි එකින් එකට උස්සල බලල අර හංගපු දේ සොයාගන්න ඉඩ ලැබෙන සම්භාවිතාවය? අපි මෙතන දාන්නෙත් ඔය වගේම drill එකක්!! හංගන්නේ අපි, හොයන්නේ හිත! ඒත් ඉතින් හිතට එන අරමුණු නම් ලක්ෂ, කෝටි ගණන් වලින් මනින්න බැහැ!! අප්‍රමාණයි!! අප්‍රමාණ පොල්කටු නැත්නම් කෝප්ප මුනින් නවල වගෙයි! ඒත් අපිට ඕනේ පුළුවන් ඉක්මනින් මේ අපිට අවශ්‍ය විඳීම හිතට pick වෙන්න!! මොකද්ද කරන්න පුළුවන්? අපි කෙළවරක් නැතුව පුළුවන් තරම් පොල්කටු, කෝප්ප යටට අපිට අවශ්‍ය දේම දානවා! මොකක් ඉස්සුවත් අපිට උවමනා දේ හම්බවෙන විදියට! හරිද?? මේක කිව්වෙත් බුදුහාමුදුරුවොම තමයි!! උන්වහන්සේ කිව්වේ බහුල කරන්න, බහුල වශයෙන්ම කරන්න කියල නේ... අපි විදර්ශනාවේ යෙදිලා මේ කරුණු ගැනම මෙනෙහි කරකර ඉන්නකොට සිදුවෙන්නේ ණිවන් අරමුණුම හිතේ බහුලවෙන එකයි!! ඉතින් එතකොට යම් වෙලාවක් එනවා, මේ කරුණු සේරම එකට සම්බන්ධ වෙලා, ගැලපිල, combine වෙලා, ස්වභාවික විදිය, realistic අත්දැකීමක් ලැබෙන!!! මේ අත්දැකීම හරියටම කිව්වොත්, ඇත්තටම 'මලා' වගේම තමයි!!! ආයුෂ ඉවර නැති හන්ද මේක, මේ ශරීරය බිඳිලා යන්නේ නැහැ! ඒක පස්සේ ඉවරවෙන කලෙක ඉවරවෙයි!

    දැන් මේ මුළු වැඩපිලිවලම සර්ව සම්පූර්ණ වෙනකන්ම සිදුවුණා! යම් පුද්ගලයෙක් අරහත්වයට පත්වෙලා, සසර බන්ධන සියල්ලෙන් නිදහස් උනා!! දැන් එළියෙන් බැලුවොත් කොහොමද පෙනෙනවා ඇත්තේ?? ම්හු! මොකුත්ම පේන්නේ නැහැ! කලින් හිටිය එකාම තමයි!! අන්න ඒක හන්ද පරිස්සමින්... මේක මේ කාටවත් පෙන්වන්න තියන විජ්ජාවක් මොකවත් එහෙම නෙවෙයි!! ඒ වගේම, කාගේ වත් බාහිරින් පෙනෙන රූපයේ වෙනසක් දැක්කේ නැහැ කියල, 'අනේ පලයං යන්න, තෝ කොහොමද රහත්වෙලා කියන්නේ?' කියල ගොන් ප්‍රශ්න අහන්නවත්, ගොන් කතා කියන්නවත් එපා! ඊළඟට ඔය සිදුවීමත් සමග හිතේ ක්‍රියාකාරිත්වය එහෙමපිටින් වෙනස් වෙලා යනවා! කලින් තිබුණු මොට්ට, කෙලෙස් පිරිච්ච හිත මැරෙනවා! operating system එක upgrade කළා වගෙයි! කලින් එක නෙවෙයි, වෙනින් එකක්! විසංඛාර ගතන් චිත්තං, සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා කියලනේ කියන්නේ... ඒකයි රහතුන් වහන්සේලා දෙපාරක් පිරිණිවන් පානවා කියන්නෙත්! 1) කෙලෙස් පරිනිර්වාණය 2) රහතුන් වහන්සේගේ පරිනිර්වාණය.
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අනෙක් අයව ධර්ම අවබෝධයට උනන්දු කිරීමට මේ ගන්නා උත්සාහය ප්‍රසංශනීයයි. තෙරුවන් සරණයි!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැදගත් දෙයක්.. සමහර දේවල් නම් අපිට කරන්නත් අමාරුයි..
    මේ සහෝදරයාට ගරු කරනවා...

    අමාරුයි කියල නිකම් ඉඳල නම් බැහැ යාලු... මේවගේ අවස්ථාවක් ආයේ කවද කොයිකාලෙක ලැබෙයිද කියල sure නැහැ! පින් කර කර ගිහින්, දිව්‍ය ලෝකෙක ඉපදිලා, එහෙදි සෝතාපන්න වෙලා, ...ලා, ...ලා, ...ලා කතා හරියන්නෙත් නැහැ!! එහෙම හිතන තරම් ලේසියෙන් මේ වලෙන් ගොඩයන්න ලැබුණා නම්, මොන එහෙකටද මෙච්චර තෙරක් නොපෙනෙන සංසාර ගමනක අපි ඇවිල්ල තියෙන්නේ?? මනුස්ස ලෝකවල ඉපදිච්ච වාර ගණන බැලුවත් අනන්තයිලු! දිව්‍ය ලෝක වල ඉපදිලා ඉඳපු වාර ගණන බැලුවත් අනන්තයිලු! මහණවෙලා නොහිටිය කෙනෙක් නැතිලු!! රජවෙලා නොහිටිය කෙනෙක් නැතිලු!! මොන මගුලක්ද මේ??? මේ අතට ආපු chance එක නම් කීයටවත් miss කරගන්න එපා!!!

    අද පෝය දවසේ හාමුදුරුවරු බණට කිව්වා අම්මට, තාත්තට සලකන එකේ වැදගත් කම!! මම බැලුවේ කොයි අම්මට, කොයි තාත්තට සලකන්නද කියල... බුදුහාමුදුරුවෝ කිව්වේ, රූස්ස ගහක් අරන්, ඒකෙන් අඟල් 3-4 ක කූරු කෑලි කපල, මේ ඉන්නේ මේ ආත්මේ අම්ම, මේ ඉන්නේ ගිය ආත්මේ අම්ම, මේ ඉන්නේ ගිය ආත්මෙට කලින් ආත්මේ අම්ම, ... මේ ඉන්නේ n ආත්මේ අම්ම, කිය කියා වෙන්කලත් කූරු ටික ඉවර උනොත් මිසක්ක අම්මල පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියලයි!! තාත්තල පරම්පරාව ගැනත් එහෙමයි!! දෙමව්පියන්ට තියන ණය ගෙවන්න බැහැයි කියල තමයි හුඟක් අය කියන්නේ... ඒත් මේ සංසාරේ අපි shuffle වෙවී, කලවම් වෙවී යන තාලෙට, එක ආත්මෙක A-අම්ම B-ළමය තව ආත්මෙක B-අම්ම A-ළමය උනාම A ගේ ණය B ගේ ණයට කැපිලා ගිහින් ශුන්‍ය වෙනවා! එතන තියෙන්නේ පොඩි maths කතාවක්!!:lol: අල්ලලා දාන්න.

    බුදුහාමුදුරුවෝ කිව්වේ, මේ ආත්මේ දෙමව්පියන්ව කොහොම හරි try කරලා, ආයේ කීයටවත් හෙල්ලෙන්නේ නැතිවෙන්න තිසරණයේ පිහිටුවන්න කියලයි!! ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා pass කරලා, සෝතාපන්න මාර්ගයටම enter කරවන්න ඕනේ!! එතකොට සෝතාපන්න වෙනකම් එයාලගේ ජීවිත සුරක්ෂිතයි!! සෝතාපන්න උනායින් පස්සේ ගොඩ ගියා වගේ තමයි!!! ඉතින් මේක කරන්නත් ඉස්සෙල්ල තමන් වැඩේ කරන්න දැනගන ඉන්න එපාය... එහෙම කරන්න! කරලා කට්ටියම ගොඩ යන්න බලන්න!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ!" කියලයි!! ඒ කියන්නේ ආයේ එක වතාවක් වත් ඉපදෙන්නේ නැතිවෙන්නම වැඩකටයුතු කරගන්නය කියන එකයි!! තේරෙනවනේ... අපි ඕනෙම කෙනෙකුගේ එකම අධිෂ්ඨානය විය යුත්තේ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම වැඩකරලා 'මේ කෙහෙල්මල' මෙතැනින්ම ඉවරයක් කරගන්න උත්සහ කරන එකමයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් නම් මේ විස්තර උවමනාවෙන් බලපු කිසිම කෙනෙකුට ආයේ මොනම ආකාරයක වත් අවුල් තියෙන්න විදියක් නැහැ! ඒ වගේම ඔය කිසිම කෙනෙක් මේ ලැබිච්ච අවස්ථාවේදීත් වැඩ වරද්දගෙන සංසාර ගමන තවත් දික්කරගන්න එකක් නැහැ, සේරමලා මින් මතුවට අසරණ නොවෙන්න වැඩකටයුතු කරගෙන, ආත්ම 7 ඇතුලත අනිවාර්යයෙන් නිදහස් වෙයි කියල මට ලොකු විශ්වාසයක් තියනව!! ඒ උනාට මේ ඔක්කොම කියවලත්, 'මේ යකා ඇත්තටම රහත්වෙලද? නැත්නම් මූට වෙන මොකක් හරි වෙලාද?' කියල මං ගැන හිතන අයත් ඇති! ඒකෙ නම් අවුලක් ඇත්තෙම නැහැ!! මොකද කොහොම හිතුවත් ඒකෙන් මටවත්, වෙන කෙනෙකුටවත් වැඩක් නැහැ, මොකුත් වෙන්නෙත් නැහැ!! ඒත් ඒ සම්බන්ධයෙන් මහා විශාල සැකයකුත් තියන, මේකේ සඳහන් කරපු කරුණුත් වැරදියට දකින, මේවා ඇත්තවෙන්න විදියක් නැහැ! කියල හිතෙන අය ගැන නම් ඇත්තටම කණගාටුයි!! ඒ අය ලේසියෙන් ගොඩයන්න බැරි විදියට මාරයට වසඟ වෙච්ච උදවිය!! ඒ අයට කරන්න දෙයක් නැහැ! මොනවා කරන්නද?

    ඔයාලට තේරෙන්න ඇති නේද, මේ නිදහස් වීමට තියන මාර්ගය මුළුමනින්ම වගේ හිත මූලික කරගෙන කරන්න තියන දෙයක් කියන බව. කවදාක කොහේදී හරි, සසර ගමනින් නිදහස් වෙන්න නම් මේ විදියට නුවණ මෙහෙයවල තමන් මේ වෙනුවෙන් වෙහෙසෙන්නම ඕනේ!! සමථ භාවනාවේ යෙදිලා සිත දියුණුකරගෙන, විදර්ශනා භාවනාවේ යෙදිලා අවබෝධය සම්පූර්ණ කරගන්න ඕනේ! ඉතින් මේ උත්සාහය නොදරා, පින් කරකර ගියාම ලැබෙයි කියල හිතුවොත්, නැත්නම් ණිවන් සැප ලැබේවා කියල පැතුවම හරි කියල හිතුවොත්, වැඩේ upset බව තේරෙනවා නේද? ඒ එකක්! ඊළඟට තව එකක් තියනවා... මෙහෙම භාවනාවට කොච්චර උත්සහ ගත්තත් බේරෙන්නම බැරි දෙයක්, නැත්නම් ගැලවෙන්න අමාරුම කරදරයක් තියනවා! මුහුණ දෙන්න උනේ නැද්ද? නිදිමත!! මටත් නිදිමත මහා 'ඇණයක්' වෙච්ච වෙලාවල් අනන්තයි. ආසාවෙන්, උවමනාවෙන් කරන දේවල් වලදී අවුලක් නැහැ! පොඩ්ඩක් හරි boring වෙච්ච ගමන් කතාකරන්න දෙයක් නැහැ! ඔයාලටත් ඔහොමමයි නේද? හැබැයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ අපි විතරක් නෙවෙයි! මුගලන් හාමුදුරුවෝ අරහත්වයට වෑයම් කරන අවධියේදී, උන්වහන්සේත් මේ නිදිමතින් (තීනමිද්ධ) පීඩා විඳලා තියනවා! අන්න එහෙම අවස්ථාවක බුදුරජාණන්වහන්සේ මුගලන් හාමුදුරුවෝ ලඟට වැඩලා, මුගලන් හමුදුරුවොන්ට නිදිමතින් පීඩා විඳින එකෙන් බේරිලා, ණිවන් අවබෝධය කරා යාමට අවශ්‍ය උපදෙස් මාලාවක් කියා දුන්න. ඒ පියවරවල් අනුගමනය කිරීමෙන් අපිටත් ලොකු සහනයක් ලබාගන්න පුළුවන්! මාත් ගොඩාක් උපකාර කරගත්තා. දැන් හැබැයි සේරම අනුපිළිවෙලින් නම් මතක නැහැ, මොකද මාත් අනුගමනය කරපු දේවල් තමයි ගොඩක්ම මතක හිටියේ... ඉතින් ඒ කරුණු ටික මෙහෙමයි,

    මුලින්ම භාවනාවේ නිරතවෙලා ඉන්දැද්දී නිදිමත බවක් හිතට එනබව දැනුනාම භාවනා කරන අරමුණ වෙනස් කරන්නය කියල බුදුහාමුදුරුවෝ කියාදුන්නා. ඒ කියන්නේ, පටිච්චසමුප්පාදය ඇතිවන නැතිවන හැටි සිහිකරමින් ඉන්න කොට නිදිමතක් ආවනම්, ඒගැන හිතන එක නවත්වල ධාතු හැටියට, ආයතන හැටිය, මේ කය සකස්වෙලා තියන විදිය වගේ දෙයක් ගැන හිතන්න ගන්නවා. නැත්නම් කාපු බීපු දෙයක් ගැන හරි හිතනවා නිදිමත යනකම්! එහෙම කරන්න ගිහින් කෑමකට, බීමකට හිත ඇලෙන්න ගියොත් ඒවා කොච්චර කෑවා, බිව්වත් ටිකකින් සේරම වැඩක් නැතුව යන හැටි, අනිත්‍ය භාවය ගැන වගේ හිතනවා. නැත්නම් පිළිකුල්සහගත දෙයක් ගැන හිතල හිත neutral කරනවා! තේරෙනවනේ... හිත ඇතුලේ ලොකු operation එකක්! නිදිමතෙන් බේරෙන්න එහාට මෙහාට පැන පැන ඉන්නවා වගේ. ඊළඟට නිදිමත නැතුව ගියාම ආයේ හිත හිතා හිටපු දේ නැවත පටන් ගන්නවා. හොඳ සිහිකල්පනාවෙන් කරන වැඩක් නේ... ඉතින් එතකොට වැඩ ගොඩක් උනත් එකට කරන් යන්න පුළුවන්. multi tasking වගේ... එකක් නවත්වල තව එකක් කරන්න, ඒක නවත්වල ආයේ කලින් එක නවත්වපු තැන ඉඳන් කරන් යන්න, ඊළඟට ඒ දෙකම නවත්වල වෙනමම එකක් කරන්න... ඔය ඕනෙම සෙල්ලමක් දාන්න පුළුවන් පුහුණු වෙනකොට. නිදිමතක්, කම්මැලි කමක් ඇතිවෙන්නේ නැහැ!

    ඔය විදියට නිදිමත මගහරින්න බැරි උනොත්, ඉගෙනගත්තු වෙනත් ධර්ම කරුණක් සිහිකරන්නය කියල බුදුහාමුදුරුවෝ ඊළඟට කියල දුන්න. ඒත් හරි ගියේ නැත්නම්, පාඩම් කරපු ගාථාවක් නැත්නම් කිහිපයක් සජ්ජායනා කරන්නය කිව්වා. ඒ කිව්වේ පොඩි සද්දයක් දාන්න වගේ... දැන් මේ මොනවා කලත් නිදිමත නැතිකරගන්න තමයි! ඊළඟට ආයේ මෙනෙහි කරකර හිටපු දේටම යොමු වෙන්න පුළුවන්, නැත්නම් වෙන කරුණක් උනත් අවුලක් නැහැ. හිතන්න කොච්චරක් නම් තියනවද? ඒත් මේ වැඩේ කරද්දී ඉන්න තැනින් පටන් අරන් අඟහරු ලෝකෙන් මතුවෙන විදිය කල්පනාවලට යොමුවෙන්නේ නැහැ! මේ චතුරාර්යසත්‍ය අවබෝධයට අදාළ කරුණු වලට විතරක් සීමා කරගෙනයි හැම දේම කරන්න ඕනේ. ඊළඟට ඔය විදියට කරලත් නිදිමත මගහැරගන්න බැරි උනොත්, යටිපතුල් සහ කන් පිටුපස ඇඟිලිවලින් හිමින් හිමින් පිරිමදින්නය කිව්වා. එහෙමත් හරි නොගියොත් සිහිල් දියෙන් මුහුණ, අත/පය තෙමන්නය කිව්වා. ඒත් හරි නොගියොත් ටිකක් සක්මනෙහි යෙදෙන්නය කියල උපදෙස් දුන්න. ඔය මොනදේ කරලත් සහනයක් නොලැබුනොත්, අවදිවන වෙලාවක් හිතේ ධාරණය කරන් පොඩ්ඩක් සැතපෙන්නය කිව්වා. පේනවා නේ... break එකක් ගන්න කිව්වේ බැරිම උනොත් විතරයි! කාලය උපරිමයෙන්ම යොදන්න කිව්වේ මේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්මයි!!

    මම නම් ගොඩාක්ම කලේ අරමුණු වෙනස් කිරීම තමයි. task switching! මම කොහොමත් මනෝ ගහන් හිටිය එකා නේ... මට ඔය වැඩේ හොඳට හුරුයි! ධර්ම කරුණු කල්පනා කිරීම, කන්/යටිපතුල් පිරිමැදීම ඊළඟට කළා. සජ්ජායනා වලට ගියේ නැහැ! අසනීපයක්වත්ද කියල ගෙදර අය හිතුවොත්? ඊළඟට මම ඔය වෙන්කරගත්තු වෙලාව ඇතුලේ වෙන දේවල් මොකුත්ම කලේ නැහැ. අඩුගනනේ කාමරෙන් එලියටවත් ගියේ නැහැ! ඒ හන්ද වතුරෙන් තෙමන එකත් මට කෙරුනේ නැහැ. මොක කලත් හරියන්නේ නැහැ, නින්ද යනවා වගේ උනාම කලේ කාමරේ ඇතුලේ පියවර මැනපු එක තමයි! කකුල්දෙක හොඳට program වෙලා තිබුනේ නිදිමතෙන් ඇස් පියවුනත් බඩුමුට්ටු වල හැපෙන්නේ නැතුව, පෙරලගන්නේ නැතුව shape එකේ එයාගේ වැඩේ කරන්න! මම ඔය repairs එහෙම කරන හන්ද එක එක්කෙනා ගෙනත් දාපු බඩුත් තියනව කාමරේ... ඒක නිකම් වැඩපලක් වගේ තමයි. ඉන්න ඉඩක් ඇත්තෙත් නැහැ සමහර වෙලාවට. එහෙම තියාගෙනත් මම ඔය කාමරේ ඇතුලේ ඇවිදලා ඇති හැතැම්ම ගණනක් මේ try එකේ හිටපු කාලේ!! කවුරුවත් දන්නේ නැහැ!! අන්න එහෙම කරලා තමයි දැන් මේ cool එකේ ඉන්නේ.... මේ... මේවා බලල 'මාර පොරක්නේ' කියල කියන්න එපා! මේ මම කළා වගේ බෙල්ල කඩාගෙන හරි කමක් නැහැ TRY කරන්න!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් දැන් මේ thread එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කල්පනා කල පින්වත් උදවිය අවන්කවම මේ සඳහා යොමුවෙලද ඉන්නේ? දැන් ඉතින් ප්‍රශ්න එහෙම තියනවනම් අහන්න... මට තව පොඩි පොඩි notes දාගත්තු දේවල් ටිකක් විතරයි ලියන්න තියෙන්නෙත්. මට වෙච්ච අමුතු දෙයකුත් තියනවා ඒ ගැනයි, target done! වෙච්ච විදිය ගැනයි, මෙහෙම බය නැතුව කියන්න සේරම verify කරගත්තු විදියයි වගේ දේවල්...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මේ වැඩපිළිවෙලේ යෙදුනු විදිය ඉතින් හිතාගන්න පුළුවන් නේ... නේද? හැබැයි ඕක වදයක් කරගන්න ඕනෙත් නැහැ! මටත් සමහරක් දවස්වල මේ වැඩේ miss උන බව කිව්වනේ... එකමදේ හිත ඇදිල යන්නෙම enjoy කරන ඒවාට හන්ද, touch එකේ ඉඳල, 'ඒයි කොහෙද යන්නේ? මෙහෙට... මෙහෙට...' කියල මේකටම යොමු කරගන්න ඕනේ. මමනම් කැමැත්තෙන්ම, උවමනාවෙන්ම, ධර්මකරුණු මතක් කරකර කල්පනා කරකර හිටපු එක නම් නැවත්වුයේ නැහැ කොහොමටවත්. වෙන වැඩ තිබුනාම ඒවා ගැන හිතන්න වෙන හන්ද ධර්මකරුණු ගැන හිතන එක අඩු උනා. ඒත්, ඊළඟට ඉඩක් ලැබුණු ගමන් වැඩිපුර වෙලාවක් ඒකට යොදල අඩුව සම්පූර්ණ කරගත්ත. විශේෂයෙන් වෙන්කරගත්තු වෙලාවේ නම් වෙන වැඩ නැහැ, දේශනා අහගන ඉන්නගමන් නොතේරෙන වචන, තේරුම්, ලියාගන්න එක වගේ දේවල් ඇරෙන්න. මූලිකම වැඩේ පාඩුවේ ඉඳගෙන, ඇස් පියාගෙන, හාමුදුරුවෝ එවෙලේ කියන කරුණු මට සම්බන්ධවෙන තැන්, සම්බන්ධවෙන විදිය වගේ දේවල් ගැන කල්පනා කරකර අහන්හිටපු එක තමයි! ඉතින් ඔය විදියට මාස ගණනක් ගතවුණා...

    දවසක් මම මෙහෙම අහගෙන අහගෙන ඉන්දැද්දී එකපාරටම කවදාවත් නොහිතපු, මට කොයිම ආකාරයක වත් අදහසක් නොතිබිච්ච, හරි අරුම පුදුම දෙයක් උනා! එකපාරට කිසිම හුරුවක්, පුරුද්දක්, නැති තැනක ඉන්නවා වගේ පෙනෙන්න ගත්ත. හැබැයි මාර ලස්සන පරිසරයක්! කියල වැඩක් නැහැ ඒ ගැන නම්!! මම වටපිටත් බැලුව, ලස්සනට වටපිටාව පෙනුන. මිනිස්සු, සත්තු වගේ කවුරුවත් දැක්කේ නැහැ. ගස්කොලන් තිබිච්ච, ඈතට ඈතට පේන තැනක්! scenary එක golden color එකට බර ගතියක් මතකයි! කොහොම හරි, ඇත්තටම මම එතන හිටිය වගේ තමයි! ඉතින් මම පොඩ්ඩක් අන්දමන්ද වෙලා ටිකක් වෙලා බලන් හිටිය... මොකුත් දන්නේ නැති කෙහෙල්මලක් නේ මේ උනේ... ඊළඟට කල්පණා උනා 'යකෝ, මේ මොකද්ද මේ case එක? මම දැන් පුටුවේ වාඩිවෙලා බණ අහ අහ නේ උන්නේ...' කියල. ඒත් ඒවෙලාවේ දැනුන feelings මාර වෙනස්! ඇත්තටම එතන උන්න වගේ! එතකොටම කල්පනාවට ආවේ, බුදුහාමුදුරුවෝ කියල තියෙනවා, 'මොනවා පිළිගත්තත්, හිතනම් පිළිගන්න එපා!' කියල කතාවක්. ඒක කියල තියෙන්නේ සක්ඛාය දිට්ඨිය සම්බන්ධයෙන් තියන දේශනාවක... හැබැයි මට ඒක කල්පණා උනාම, මෙතනින් ගැලවෙන්න ඕනේ කියන හැඟීම හිතට ආව. මොකද මේ පෙනිච්ච එකෙයි, බණයි අතරේ මොකුත්ම සම්බන්ධයකුත් නැහැ! ඉතින් ඇහිපිය ගහල, ඔලුව එහෙට මෙහෙට කරකවකව එහෙමෙහෙ බැලුව... ඒත් මේ seen එක අයින් වෙන්නේ නැහැ! මහ upset case එකක්! දෘෂ්ඨි මායාවල්, මනෝ විකාර ගැන මම ඕනේ තරම් අහල තියනවා. ඒත් මට මාව sure! (ලේසියෙන් ඒවාට අහුවෙන්නේ නැහැ කියල දන්නවා! මොකද අමුතු සද්දයක් ආවත් ආවේ කොහෙන්ද, කොහොමද කියල හොයනවා. ගඳක් සුවඳක් දැනුනත් එහෙමයි. ඇස් වහල, කන්/නහය වහල හිටන් බලනවා! ඒ පුරුදුවෙලා තියන හැටි. ඔය repair වැඩ වලදී පොඩ්ඩක් upset උනොත් කෑලි පිච්චිලා, කුඩුවෙලා යන case වලින් මට්ටුවෙලා, හොඳ sensitive! කොයි වෙලෙත් elert එකේ ඉන්නේ... ඒකයි!) ඒත් මොන සෙල්ලම් දැම්මත්, මේ නිකම් උගුලකට අහුවෙලා වගේ දැනුනම ටිකක් විතර බය හිතුන. ඒ ගමන පුටුවත් තල්ලුකරන් නැගිට්ට... කකුල් දෙකට වැන්ද, දිව්වා! නෑ... දුවන්න ඕනේ උනේ නැහැ... වැඩේ හරිගියා... දේශනාව ඒ වෙනකොටත් යනවා. ඒත් හිත ටිකක් unstable! බණ අහන්න පුළුවන් කමක් තිබුනේ නැහැ, හිතේ අර වෙච්ච දේ හොල්මන් කරන්න ගත්ත හන්ද. ඒ නිසා දේශනාව ඉවරවෙනකම් ඔහේ ඉඳල ගිහින් නිදාගත්තා.

    ඊළඟ දවසේ උදේ office ඇවිත් ඔය seen එක මම යාලුවත් එක්ක කිව්වා. එයා ගත්තු කටටම කිවේ, 'ඔය ඉතින් කතන්දරේ තමයි...' වගේ දෙයක්. දැන් කිව්වදේ හරියටම මතක නැහැ. කොහොම උනත් මේ විදිය කතන්දර ගොඩක් අහන්න ලැබුණ අපේ හාමුදුරුවෝ කියපු ඒවායින්. සමහර උපාසකම්මල කියනවලු ඔය භාවනවලදී එහෙම, එයාල අරහේ ගියා, මෙහෙ ගියා, අහවල් අහවල් අයත් එතනට ඇවිල්ල හිටිය! වගේ එක එක පිස්සු කතන්දර. එක්කෙනෙක් කියල තිබුනලු, බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලත්, ඔහොම භාවනා කර කර ගිහින්! ඒ ඉතින් ඔය එක එක්කෙනාට, කැපිල පේන්න එහෙම හිත යටින් තියන හැඟීම හන්ද දකින මනෝ විකාර නේ... මට ඔය මොන ලෙඩක් වත් තිබුනේ නැහැ! මම භාවනාවලට තිය, අසපු පැත්ත පලාතක ගිහිල්ල වත් නැහැනේ. මේකත් මේ තනියෙම කාමරේ අස්සේ ඉඳන්, තිබුණු උවමනාවටම දාපු try එකක් මිසක්, මේවා කාටවත් කියන්න, ප්‍රසිද්ධ කරන්න මොනම විදියකවත් අදහසක් තිබුනේ නැහැ!! මම ඉතින් කල්පණා කලා මොකද්ද ඇත්තටම මේ උනේ කියල. මේ වෙච්ච එකයි, අහපු ධර්මකරුනුයි අතරෙත් කිසිම සම්බන්ධයක් පේන්න තිබුනේ නැහැ! අන්තිමේ, ඕව කල්පණා කරලා 'හිත ටිකක් out ගිය බව විතරක්' තේරිච්ච හන්ද මම ඒ ගමන තීරණය කලා ඒක එතැනින්ම shut down කරන්න ඕනේ! ආයේ ඒ සම්බන්ධයෙන් මොකවත් හිතට එන්න බැහැ!! කියල, බොහොම strict decision එකක්! එතනින් ඒ කතාව ඉවර උනා.

    මට මතක විදියට ඔය සිදුවීමෙන් පස්සේ දවසක් දෙකක් ගෙදරදී බණ අහන එක නැවතුනද කොහෙද. මොකද මම සාමාන්‍යයෙන් එහෙමයි! අවුලක් උනොත් completely reset වෙලා, ආයේ වැඩේට fit මානසිකත්වයක් එනකම් අතගහන්නේ නැහැ කිසි serious වැඩකට. හිත වැඩේට fit නැතුව, උවමනාවටම ඇදගෙන යන වැඩවල results අඩුයි, හරි වෙහෙසකරයි, එපා වෙනවා නේ... හැබැයි ඔහොම උනාම මම සම්පූර්ණයෙන් මානසිකත්වය වෙනස් වෙන මොකවත් කරන්නෙත් නැහැ! නවත්වනවා කියන්නේ ඔක්කොම නවත්වනවා! කරන්නේ සින්දු අහනවා, ඔය කලින් බලපු කතා එහෙම තියන ඒවා ආයේ දාගෙන බලනවා වගේ දේවල් විතරයි. අලුතෙන් මොකවත් අහන්න, බලන්න, කල්පණා කරන්නවත් යන්නේ නැහැ! එතකොට යෙදිලා හිටිය වැඩේ ගැන තිබුණු touch එක නැතුව යනවා... ඊළඟට, ආයේ ඒ වැඩේ කරන්න මුල ඉඳන්ම දඟලන්න ඕනේ... නැති ලෙඩක් දාගත්ත වෙනවා! මේ සේරම හැබැයි ඉතින් ඔය problematic repairs වල යෙදිලම ලබපු අත්දැකීම් තමයි! ඔයාලට එහෙම නැහැ කියල අවුලක් නැහැ! මේ කියපු දේවල් guide lines හැටියට තියාගන්න. හිතේ fit එකෙන්ම මේ වැඩේට යොමුවෙන්න, out ගිය වෙලාවට ඔය අමුතුම, අලුත්ම කතන්දර වලට යන්නේ නැතුව පොඩ්ඩක් සින්දුවක් වගේ අහල relax කරන්න. ඒ model එකට (විදියට) කරගෙන යනකොට ටිකෙන් ටික target එකට යැවෙනවා.
     
    • Like
    Reactions: prageeth119lk

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට ආයේ ඔය පුරුදු වැඩේට යොමුවෙලා ඉන්නකොට (අහවල් දවසේ කියල කියන්න මොකුත්ම මතකයක් නැහැ! හැබැයි අර කලින් case එක වෙලා dawas 3-4 කට වඩා ගියෙත් නැතිබව නම් හොඳටම sure!), එකපාරට ඔක්කොම කළුවර වෙලා, නිකම් ඇකිලිල ඇකිලිලා වගේ ගියා!! කිසිදෙයක් හිතාගන්නවත් ලැබුණේ නැහැ, අඩු ගන්නේ බය වෙන්න වත් time නෑ... මොකුත් නැතුව ගියා!! ඒක පටන්ගතේ කොයි වෙලේද, ඉවර උනේ කොයි වෙලේද මොකවත් දන්නෑ!! මොනවා උනාද දන්නෙත් නෑ!! total blackout එකක්!! blackout කියන්නේ විනාඩි කිහිපයක් යනකම් මොකුත්ම නැහැ!! මළාම තමයි!! කවද කාපු ටකරන් ද? කලින් දැනගෙන හිටිය එකකුත් නෙවෙයි නේ... එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ උනේ... ටික වෙලාවකට පස්සේ ආයේ recover වෙනවා තේරුණා... ඒත් එක්කම මතක් උනේ 'ආ... දැන් නිදහස් නේද?' කියලයි!!! මතක නේ... ඉපදී ඉපදී මැරි මැරී යන සත්වයෝ හැමෝටම අයිතිකාරයෙක් ඉන්නවා නේ... එයා කාටවත් මෙතනින් ගැලවිලා යන්න දෙන්නේ නැහැනේ ලේසියෙන්! ඒත්, 'දැන් අල්ලයි මගේ නැට්ට!' කියල තේරුණාම, දැනුණාම, කොහොමද kick එක? kick නැද්ද?? kick නේ... නේද??? නිකම් ඉඳල ලැබුණත් නෙවෙයිනේ... මාස ගනනක try එකක ප්‍රතිඵලයක් නේ... ඒක හන්ද වෙන්න ඇති, පුදුම සැහැල්ලුවක් දැනුන. හැබැයි හරි අමුතුයි!! නිකම් film එකක් බැලුව, සංගීතයක් ඇහුව වගේ එකක් නෙවෙයි... අමුතුම දෙයක් උනේ! මේක කීයටවත් වෙන කෙනෙකුට explain කරන්න බැහැ! කෙනෙකුගෙන් තව කෙනෙකුට අහල දැනගන්නත් බැහැ!! ඒකයි බුදුහාමුදුරුවෝ 'පච්චත්තන් වේදිතබ්බෝ විඥ්ඤූහි' කියල කිව්වේ. ඔයාලත් try කරන්න! ඉස්සර ඉඳලම මේ වැඩෙන් කෙනෙක් දිනුවානම් try කරලම තමයි!!! ඉතින් එදා ඔය සිදුවීමෙන් පස්සේ හරි මොකද්ද මොකද්ද වගේ... මම ගිහින් නිදා ගත්ත! ටික දවසක් යනකොට තමයි ටික ටික වෙනස්කම් තේරෙන්න ගත්තේ. nonstick කියන්නේ කියල වැඩක් නැහැ!! නිකම්, කාන්දමක් demagnetize කරලා දැම්ම වගේ... බුදුහාමුදුරුවෝ කියපු ඒවා අකුරක් නෑර ඒ විදියටම තේරෙන්නත් ගත්තා... වැඩිය ඕනේ නැහැ, සමහර ධර්ම දේශනා අහද්දී, හාමුදුරුවරු එක එක ඒවා explain කරනකොට 'ඩෝං ගාල' click වෙනවා. 'අඩේ වැරදියිනේ! ඕක ඔහොම නෙවෙයි නේ... මෙහෙමනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ' කියලත්! ඒත් අපේ හමුදුරුවොන්ගේ එහෙම වැරදි, අඩුපාඩු නැහැ!!! මම අපේ හාමුදුරුවෝ කවුද කියල හොඳටම තේරුම් ගත්තෙත් පස්සේ පස්සේ තමයි!! ...පේන්න ගත්ත!!! දැන් නම් උන්වහන්සේ ගැන තියන පැහැදීම, ආදර ගෞරවය හොල්ලන්න ලැබෙන්නේ නැහැ මාව මැරුවත්!!!

    අපේ හාමුදුරුවෝ දේශනා පවත්වපු තැන්වලදී සහභාගී වෙච්ච උදවිය අහපු දේවල් අනුව, හාමුදුරුවෝ මේ සංසාරේ භයානක කම, අනතුර ගැන පොඩ්ඩක් සැර බාල කරලා කියනවා මම ගොඩක් වෙලාවට දැකල තියනවා. 'මේක හදිස්සියෙන් කරන්න බැහැ, අනුපිළිවෙලින්, හෙමින් හෙමින් කරන් යන්න ඕනෙ'ය කියල! හමුදුරුවොන්ට කෙනෙකුගේ හිතරිද්දන්න බැරි කමට එහෙම කියනවා ඇති!! ඒත් මට ඒක කරන්නම බැහැ නේ... බුදුහාමුදුරුවොත්, දාන කතා, සීල කතා, ශ්‍රද්ධා කතා කියන අනුපිළිවෙලින් ධර්ම දේශනා කරපු තැන් තියනවා!! ඒත් ඒ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේට පේනවා යමෙකුට ධර්මය කිව්වොත් අල්ලාවිද? අල්ලන එකක් නැද්ද? එයා කවද කොහේදී ධර්මාවබෝධය සම්පූර්ණ කරලා සංසාර ගමනෙන් නිදහසේ වෙනවද කියන සේරම!!! ඒත් මට නම් එහෙම සුදුසුකම්, හැකියාවල් මොකුත්ම නැහැ!! ඒ හන්ද මම හරි බයයි කෙනෙකුට 'පින් කරකර යන්න' කියන කතාවටත්!!! ආයි අපි තව කොහේ කියල යන්නද??? දිව්‍යලෝක, මනුස්ස ලෝකවල අනන්ත වාර ගණනක් ඉපදිලා ඉඳල, මහනවෙලා ධර්ම මාර්ගයටත් යොමුවෙලා ඉඳල, අපි තාමත් ප්‍රමාදයි! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මම ඇසිපිය හෙලන මොහොතකටවත් මේ සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ!" කියලයි. ඒවගේම "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් කරනවට වඩා හදිස්සියකින්, හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්දර නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න"ය කියලයි!!! අන්න ඒක හරි point එකක්! සෝතාපන්න මාර්ගයට පැමිණීම! එතකොට බුදුහාමුදුරුවෝ අපිට guarantee එකක් දීල තියෙනවා, සෝතාපන්න වෙනකම් ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ! සෝතාපන්න උනායින් පස්සේ ආත්ම 7 කට වඩා දුක් විඳින්න වෙන්නේ නැහැ!! කියල. අපිට ඔය ටික කොයිම වෙලාවකවත් අමතක වෙන්න බැහැ!!! ඔය බව තමන්ගේ 'නමට' වඩා හොඳට මතක තියෙන්න ඕනේ!! ඒ හන්ද මම නම් කියන්නේ මේ ආත්මෙදිම මේක ඉවරයක් කරන්න! ඉවරයක් කරගන්න! කියල විතරමයි!! එතන තියෙනවා කෙලින්ම මාර්ග දෙකක ස්වභාවයක්, vector representation එකක් වගේ. ඉස්සරහට ඉස්සරහට යන පාරයි, නිදහස්වීමේ පාරයි! නිදහස් වීමේ පාරටම එන්න!! අඩුම ගන්නේ සෝතාපන්න තත්වයට වත් එන්න!! බෑ කියල එකක් නෑ!

    මම මේ අවසාන අත්දැකීම ලබන කොට තිතටම තේරුම් අරන් උන්නේ, මේ සකස්වෙච්ච ශරීරය බිඳිලා යනකොට මේ කතන්දර සේරමත් එතැනින්ම ඉවරවෙලා යනවා කියන එක විතරයි! ඉතින් වෙච්චදේ කාටවත් කියන්නත් බය උන! ඒකෙන් අවැඩක් වෙයිද කියල! පස්සේ කාලෙක මට අපේ හාමුදුරුවෝ නිබ්බාන සුත්‍රය තෝරලා දෙන දේශනාව අහන්න ලැබුන. මම මෙතන කලින් ලිව්වේ... අන්න ඒක! ඒකෙදි බුදුහාමුදුරුවෝ නිවණ තෝරන්න පටන්ගත්තේ... එතන හිරු සඳු නැහැ! කියලයි. ඒ කියන්නේ මේ හැදිච්ච, දකින්න තියන ලෝකයට අදාළ කතාවක් නෙවෙයි නිවණ. ඊළඟට පිහිටියෙත් නැති, නොපිහිටියෙත් නැති, යාමකුත් නැති, ඒමකුත් නැති... කියන කරුණුත් එක්ක බැලුවම, මං මේ දැකල තියෙන්නේ ඒක නේ!! ඉතින් ආයේ වෙන කාගෙන්වත් අහල සැකහැරගන්න, කවුරුවත් ලවා සහතික කරගන්න මොකුත් නැහැ නේ!! බුදුහාමුදුරුවෝ මේ සේරම කියලදීල තියෙන්නේ මීට අවුරුදු 2600 කට විතර කලින්! ඇත්තටම මේකේ ආඩම්බර වෙන්න කියල මොකුත් නැහැ! අපි විපස්සී බුදුරජාණන්වහන්සේයි, උන්වහන්සේගෙන් ධර්මය ලබා සසර ගමනින් නිදහස් වෙච්ච පිරිසටයි වඩා කල්ප 91 ක් ප්‍රමාදයි!! සිකී, වෙස්සභු බුදු සසුන් වල උදවියට වඩා කල්ප 30 ගණනක් ප්‍රමාදයි!! අපේ බුදුහාමුදුරුවෝ, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද මහරහතුන්ට වඩා අවුරුදු 2600 ගණනක් ප්‍රමාදයි!! ඉතින් තව මොනවද බල බල ඉන්නේ?? මට නම් තියෙන්නේ 'යන්තම් බේරුණා' කියල ලොකු සැනසිල්ලක්! ඊළඟට අඩුම ගනනේ මේ ජීවිතේට සම්බන්ධ වෙච්ච පිරිසටවත් මෙතනින් නිදහස්වෙන්න උනන්දු කරන්න, උපකාර කරන්න ලොකු උවමනාවක්!! ශ්‍රී සද්ධර්මයටයි, ධර්ම මාර්ගයටයි පටහැනි ගල්පැලෙන බොරුබේගල් neutralize කරන්න උවමනාවක්!!! එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අර කලින් උනයි කියපු 'අපබ්‍රංස' case එක මොකක් වෙන්න ඇති කියලද හිතෙන්නේ? මම මේ thread එක ලියන්න ගත්තයිනුත් පස්සෙයි ආයේ ඒ ගැන නිකමට හරි හිතන්න ගත්තේ! මම හිතන්නේ, 'මහ එක්කෙනා' මාව බලන්න ඇවිත් ගියා!! එයාට ඔය වගේ ඒවා 'ටොයිස්' වැඩ!! එයාට ඕනෙම තැනක යන්න එන්න පුළුවන්!! කාටවත්ම සන්සාරගමනින් නිදහස් වෙන්න එයා ඉඩ දෙන්නේ නැහැ! ඇහැ ගහගෙන ඉන්නේ... එයාගේ powers ගැනත් කතාකරන්න දෙයක් නැහැ!! powerful electromagnetic field එකකින් පොඩි එකක් විකාර කරලා දාන එක simple!! මතකනේ... බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාන්න අධිෂ්ඨාන කරන්න කලින් 16 වතාවක් ආනන්ද හමුදුරුවොන්ට කිව්වලු නේ, තථාගතයාණන් වහන්සේට උවමනා නම්, ආයු කල්පයක් උනත් වැඩවසන්න පුළුවන් කියල! එච්චර කියලත් ආනන්ද හමුදුරුවොන්ට එක 'click' නොවුනේ, 'මහත්තය' වැඩේ අවුල් කරලා දැම්ම හන්දනේ... ඉතින් බුදුරජාණන්වහන්සේ ළඟදීම ආනන්ද හාමුදුරුවොන්ට තොරන් පෙන්නපු එක්කෙනාට, මට මොකක් හරි 'බුල්ටෝ එකක්' ඔතල දෙන එක කජ්ජක්ද? හැබැයි දැන් බෑ!!! ඒකයි මේ thread එකත් කිව්වා වගේම 0 ඉඳල නිවණටම යනකම් ලියන්න ලැබුණේ!! මේ thread එකේදිත් කෙනෙක් කිව්වා නේ, 'මාර' තුමා අර නිවන් අවබෝධ කරගන්න, එක කරුණක් විතරක් දැනගන්න ඕනේ කරලා තිබුණු කෙනෙකුට බුදුහාමුදුරුවොන්ගේ වේශයෙන්ම ඇවිල්ල පොඩි සෙල්ලමක් දාපු කතාවක්! ඉතින් ඒ තමයි එයාගේ හැටි!! අවුලක් නැහැ, එයා ඒ තනතුරේ ඉන්නකම් එහෙම කරයි!! ඊළඟට අපේ මුගලන් හාමුදුරුවෝ වගේ වෙච්ච කාලෙක ඒ කරපුවටත් හරියන්න, දාස් ගණනකට සංසාරෙන් එතෙරවෙන්න උපකාර කරාවි!! (මමත් හිතින් කිව්වා, නොදන්නා කාලේ 'දුසී' කළා වගේ වැඩ කරලා නිකන් අමාරුවේ නොවැටී ඉඳල යම් දවසක මුගලන් හාමුදුරුවෝ වගේ වෙලා මේ කතන්දරේ ඉවරයක් දකින්න කියල!!) ඔයාලත් මේ ගමන අතරතුරේ මොන මොන විදිය තොරන් දැක්කත් ඒ කිසි එකක් පිළිගන්න යන්න එපා! බුදුහාමුදුරුවෝ කියපු දේ ඒ විදියටම අත්දකින දවසක් ඒවි!! එතකන්ම මේ අරමුණෙන් බැහැර නොවී ජීවත් වෙන්න!!! කවදාවත් වරදින්නේ නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාගෙන්වත් ප්‍රතිචාරයක් නැහැ... මෙතනට එකතු උනේ නිවණ ගැන පණ්ඩිත කම් කියව කියව ඉන්නවා ඇරෙන්න, ණිවන් අවබෝධ කරන්න උවමනාවක් තියන එවුන් නෙවෙයිද මන්ද? නැත්නම් වැඩිහරියක් අර කිඹුලා, ග්‍රාමසේවක ගේ ජාතියේ, මොට්ට පොරවල්ද කියලත් ලොකු කණගාටුවක් ඇති උනා... මොනවා කරන්නද? 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි', 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල බුදුහාමුදුරුවෝ කිව්වේ ඕක හන්ද තමයි!! ඒත් ඉතින් කොහොමහරි උත්සහ කරලා මේ කරුණු තේරුම් ගන්න උත්සහයක් දරනවානම් ඒකමයි හොඳ!!! තමන්මයි නේ තමන්ගේ පිළිසරණය... ධර්මය විතරයි නේ අපි කාටත් තියන පිළිසරණය...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    දැන් ඔය කිව්ව බයිලා වලින් අපට පැහැදිලියි උඹට බෙහෙත් ගන්න තරම් ලෙඩක් තියෙන බව. උඹට hallucination පේනව, උඹ delusional. මෝඩ ජෝක් නොදා ගිහින් බෙහෙත් ගනින්. අනේ උඹලා වගේ මිත්‍යා විශ්වාස කාරයෝ! උඹලගේ කිරිබත්ගොඩයත් මාරයා, මාරයා කිය කිය කරන ඔය තක්කඩි වැඩ කවද හරි එලිවෙන බව මතක තියාගනින්.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අනුකම්පාවෙන් දමිත වෙත,
    දැන් ඔයාට පේනවද ඔයාට මම මේකේ මුලින්ම කියපු දේ ? දැන් ඔය ඔය කරපු වැඩෙන් වෙලා තියන්නේ මොකක්ද ? කිසි කෙනෙක් දහමට යොමු වෙලාද ? නැතම් ඔය නිසා කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් , බුදුදහමටත් නින්දාවක් උනාද ? මේ දෙකෙන් ඇත්ත දේ මොකක්ද කියල ඔයාම හිතල බලන්න. ඔයාගේ මේ පොස්ට් එකේ මුල ඉඳලම උත්සාහය තියන්නේ ඔයාට ඔය තරම් දන්නා කෙනෙක් නැහැ කියල පෙන්වන්න තියන උත්සහයක් විතරයි. හැමතැනකම ඔයා හදපු දේ තමයි ඔයා මේ පොඩි මොකක්හරි කැඩිච දෙයක් හැදුව කියල ඔයා වැඩකාරයෙක් වෙන්න හදපු එක. මේක කියවන යන ඕනෙම කෙනෙක්ට එක තේරෙනවා . ඔය දැකල ඇති මහමෙව්න වෙබ් එකේවත් කිසිම තැනක කිසිම සුවමින් වහන්සේ කෙනෙක්වත් අඩුම තරමේ ඒ එකෙන් සෝවාන් කියලවත් නැහැ . එහෙම එකේ ඔය මේ දිගින් දිගටම ඔයා නිවන් අවබෝද කර කියන්නේ ඔයාගේ තියන අබදයක් නිසා . කරුණ කරලා මම මේ කියන දේ හොදට හිතල බලන්න . ඔය මේකට උතර දෙනවත් ප්‍රතිචාර දක්වනවත් අවශ්‍ය තාවයක් නැහැ . මේ මම කියනේ මොකක්ද කියල විතරක් ඔයාම කියවල තේරුම් ගන්න බලන්න .

    ඔයාට ඔය වෙලා තියන්නේ පොඩි මානසික අව්ලක් . මේක එතරම්ම ලොකු ලෙඩක් නෙමෙයි සනීප කරගන්න පුළුවන් දෙයක් . එකයි මම මුඅදීම ඔයාට යන්න ඕනේ තැන කිව්වේ. දැන් මම ඔය කියන දේවල් එක එක ඔයාටම පැහැදිලි කරන්නම් . ඔයාට ඔයා බන අහගෙන ඉන්න ගමන් වෙලා තියන්නේ ඔයා කියපු දේම තමයි . ඔයාට දවල් හීනයක් පෙනිලා . එකෙන් ඔයා හිතනවානම් එකයි නිවන කියල ඔයා තමර්ම් නිවනට අපහස කරපු පොල් බුරුව්ක් මේ ලෝකේ තවත් නැහැ . අනිත් කරුණ නිවන කියන්නේ ඔයා ඔයා කියන විදිහේ දවල් හිනයක්නම් , ගංජා මලක් ඇදල ඔයා ඔයා කියන නිවනෙනුත් එහාට යන්න පුළුවන්. මොකද ගංජා කරකො කුඩු කාරයෝ ඕක ඇද්දට පස්සේ ඔයාට වැඩ ලස්සන දේවල් උන්ට පේනවා . ඔයා ඔයා කියනවට වැඩ ගැහීම් දැනීම් මොකවත් නැති ලෝකෙකට යනවා . එතකොට ඔයා කියන්නේ උනුත් නිවන් අවබෝදය ලබල කියලද ? ඔයා ඔයා කරන පොල් බුරු වැඩේ නිසා බුදු දහමට වෙන්නේ මහා අවනම්බුවක් . ඒ වගේම ඔයාට වෙනේ මහා පවක් . මොකද ඔයා මේ කියන්නේ මෙතුවක් කාලයක් අපි අහපු තේරුම් ගත්තු දේවල් සම්පුර්නයෙන්ම වැරදි ඔයා කියන එකමයි හරි කියන එක. ඔයාට ඇත්තටම කිරිබත්ගොඩ හමුදුරුවන්ගන ගව්රවයක් තියනවනම් උන් වහන්සේට කියන්න ඔයාට මේ වෙලා තියන පටලැවිල්ල. මොකද මම උන් වහන්සේව පුද්ගලිකවම දන්නා නිසා. උන්වහන්සේවත් කියන්නේ නැහැ උන් වහන්සේ නිවන් අවබෝද කරලා ඉන්නේ කියල . මට හිතෙනවා දැන් ඔයටද මරය වැහිලා තියන්නේ කියල . මොකද ඔයා මේ කරන්නේ තොරෝම්බෝල් කඩයක් පෙන්නලා මෙන්න නිවන කියල මිනිසුන්ව මුල කරන්න . ඔය කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නම බාවිතා කරලා උන් වහන්සේටත් බුදු දහමටත් කරන්නේ අපහාසයක් . ෂුවර් එකටම එක්කෝ ඔයායි මරය . මේ හදන්නේ බුදු දහම විකුර්ති කරන්න .

    ඔයාට පොඩි සෙන් කතාවකුත් කියන්නම් , සමහර විට අහලත් ඇති.

    දිනක් මාරයා සිය අතවැසියෙකුත් සමග ගමනක් යමින් සිටියේය. අතර මගදී ඔවුනට දක්නට ලැබුණේ සක්මන් භාවනාවේ නියැළෙමින් සිටි පුද්ගලයෙකි. අවධානයෙන් ඇවිදින මේ මිනිසා තමා ඉදිරියේ ඇති යම් කිසිවක් දැක උද්දාමයට පත්ව සිටියේය.

    "මොකක්ද ඔහු දැක්කෙ?" අතවැසියා ඇසීය.
    "ඔහු තමා වටා ඇති සත්‍යයෙන් බිඳක් දැකලා." මාරයා ගණනකට නොගෙන පැවසීය.
    "නමුත් මාරයා හැටියට ඔබ කලබල වෙන්නෙ නැද්ද මිනිහෙක් එහෙම ටිකක් හරි ඇත්ත දැන ගන්නවට?"
    "අපොයි නැහැ." මාරයා පැවසීය. "සාමාන්‍යයෙන් ඔහොම පොඩි ඇත්තක් දැක්ක ගමන් ඒගොල්ලො ඒක මත විශ්වාසයක් ගොඩ නගා ගන්නවා. එතනින් කතාව ඉවරයි.
    "



    මේකත් කියවල බලනකො . මේකෙන් මට ඔයාට පැහැදිලි කරන දෙයක් තියනවා .

    ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක් විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය අසළ සුරූපී තරුණියක් ළතැවෙමින් සිටියේ එගොඩ වීමට බියෙනි.

    ගුරු හිමිනම ඇයගේ අවශ්‍යතාවය විමසා, ඇයව සිය කරෙහි තබාගෙන නදියෙන් එගොඩ කරවූ සේක.

    ගෝල හිමිනමට මෙය මහත් ගැටලුවක් විය. ගුරු හිමිනම තම සිල් බිඳ ගත්තා නේද? නමුත් උන්වහන්සේ සිල්වත් ගුණවත් භික්ෂූන්වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ තෙරනමකි. ගුරු හිමිනමගෙන් මෙය විමසනවාද නැද්ද? උන්වහන්සේ කළ ක්‍රියාවෙන් පසු විශ්වාසය තැබිය හැකිද නැද්ද? වයසක කාන්තාවක්නම් තව කමක් නැත. නමුත් තරුණ සුරූපි කාන්තාවක්?

    රාත්‍රියේ නවාතැන් ගන්නා ආරාමයට පැමිණෙන තුරුම ගෝල හිමිනම කල්පනා කළේ මේ පිළිබඳවය. තවත් ඉවසිය නොහැකි තැන උන්වහන්සේ ගුරු හිමියන්ගෙන් මේ ගැන විමසූහ.

    "මම ඒ කාන්තාව ගං ඉවුරේ තියලයි ආවෙ." ගුරු හිමිනම පැවසූහ. "ඔබ තවමත් ඇය කරේ තියන් ඉන්නෙ මොකද?"


    මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයා කරලා තියනෙත්. ඒ කියන්නේ දැන් බලන්න මේ එකකිරි එකේ ඉන්න අපි කොයි තරම්නම් දේවල් වලට ගහ මර ගන්නවද ? කොයිතරම්නම් දේවල් එක එක්කෙනාට කියා ගනවද ? හැබැයි අපි ඒ දෙවක් කිව්වා කර එතනින් ඉවරයි . නමුත් නිවන් අවබෝද කර කියන ඔයා මොකක්ද කරලා තියන්නේ අර එක එක්කෙනා කියපු කතා අල්ලාගෙන ඉඳල . ඔයා මේ කියල තියන දේවල් ඇහුවම මටනම් ඇත්තටම ඔයා ගැන දුක හිතුන . අනිත් යටත් එකම තමයි හිතෙන්න ඇත්තේ . ඉතින් ඒ ගොල්ලොත් ඕවට ප්‍රතිචාර නොදක්වන්න ඇති. නමුත් නිවන් අවබෝද කර කියන ඔයා කියන මේ බුරු කතා වලට ප්‍රතිචාර දක්වන්න තරම් මේකේ ඉන්න අනිත් අයට මොලේ අමාරුවක් නැතුව ඇති . මොකද ඔයා මේ කියන කතා ඇහුවම බුදු දහමත් විහිළු කතා පොතකට සමාන වෙනවා .මේ විශ්වයේ කාටත් කොතනත් හැමදාම සත්යවෙන දෙයක් කියලම මම නවත්වන්නම් ඒ තමයි හැමදේම ඇතිවෙන නැතිවෙන දේවල් කියන එක . ඉතින් එක ඔයාගේ මේ පොස්ට් එකටත් පොදුයි . ඔහොම තමයි ලෝක සොබාවය. ඔයාගේ මේ පොස්ට් එකත් කාලෙකට උඩට එනවා කාලෙකට යට යනවා . ටික කාලෙකින් නැති වෙලා යනවා . ඕක වෙනස් කරන්න කාටවත් බැහැ. 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි', 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා කියල ඔයා දානවනම් අයි ඔයත් මේ සුරඟන කතා පොත් කියනවන අයගේ ගානට වැටෙන්නේ ?

    නැවතත් මතක් කරන්නේ නිවනට හා බුදු දහමට කරන ගව්රවයක් ලෙසට හිතල ගිහිල්ල ඔයා අබදෙට ප්‍රතිකාර කරගන්න . මේකට ප්‍රතිචාර අවශ්‍ය නැහැ . මේ ටික හරි කියන්න හිතුනේ නිවන් දැකලත් ඔයා ප්‍රතිචාර බලපොරෝතුවෙන් ඉන්න නිසා .

     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිඹුලා බනිස්;8869286 said:
    දැන් ඔය කිව්ව බයිලා වලින් අපට පැහැදිලියි උඹට බෙහෙත් ගන්න තරම් ලෙඩක් තියෙන බව. උඹට hallucination පේනව, උඹ delusional. මෝඩ ජෝක් නොදා ගිහින් බෙහෙත් ගනින්. අනේ උඹලා වගේ මිත්‍යා විශ්වාස කාරයෝ! උඹලගේ කිරිබත්ගොඩයත් මාරයා, මාරයා කිය කිය කරන ඔය තක්කඩි වැඩ කවද හරි එලිවෙන බව මතක තියාගනින්.

    සුද්දෙක් පු_ ඇරලා වගේ බර බර වචන ටිකක් නම් දන්න බව කල් ඇතුවම දැනගත්ත. ඒත් උඹ දන්නේ බොහොම ටිකයි! ඒ බව උඹ දන්නේ නැහැ!!

    මාරය ගේ ගැන ඇත්ත දැනගන්න උඹට වෙලාවක් එයි!! එතකොට බලාගනින්කෝ... මොකද උඹටත් ලෝකධර්මතාවය එකම තමයි. කවදාහරි ලොකුකම් සේරම බල්ලට ගිහිල්ල, හොට බිම ඇනිලා අන්තිමේ කූරියගහන දවසක් එනවනේ... බොට 'මොට්ටයෙක්' කිව්වේ කට කහනවට නෙවෙයි!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනුකම්පාවෙන් දමිත වෙත,
    දැන් ඔයාට පේනවද ඔයාට මම මේකේ මුලින්ම කියපු දේ ? දැන් ඔය ඔය කරපු වැඩෙන් වෙලා තියන්නේ මොකක්ද ? කිසි කෙනෙක් දහමට යොමු වෙලාද ? නැතම් ඔය නිසා කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් , බුදුදහමටත් නින්දාවක් උනාද ? මේ දෙකෙන් ඇත්ත දේ මොකක්ද කියල ඔයාම හිතල බලන්න. ඔයාගේ මේ පොස්ට් එකේ මුල ඉඳලම උත්සාහය තියන්නේ ඔයාට ඔය තරම් දන්නා කෙනෙක් නැහැ කියල පෙන්වන්න තියන උත්සහයක් විතරයි. හැමතැනකම ඔයා හදපු දේ තමයි ඔයා මේ පොඩි මොකක්හරි කැඩිච දෙයක් හැදුව කියල ඔයා වැඩකාරයෙක් වෙන්න හදපු එක. මේක කියවන යන ඕනෙම කෙනෙක්ට එක තේරෙනවා . ඔය දැකල ඇති මහමෙව්න වෙබ් එකේවත් කිසිම තැනක කිසිම සුවමින් වහන්සේ කෙනෙක්වත් අඩුම තරමේ ඒ එකෙන් සෝවාන් කියලවත් නැහැ . එහෙම එකේ ඔය මේ දිගින් දිගටම ඔයා නිවන් අවබෝද කර කියන්නේ ඔයාගේ තියන අබදයක් නිසා . කරුණ කරලා මම මේ කියන දේ හොදට හිතල බලන්න . ඔය මේකට උතර දෙනවත් ප්‍රතිචාර දක්වනවත් අවශ්‍ය තාවයක් නැහැ . මේ මම කියනේ මොකක්ද කියල විතරක් ඔයාම කියවල තේරුම් ගන්න බලන්න
    .........................
    මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයා කරලා තියනෙත්. ඒ කියන්නේ දැන් බලන්න මේ එකකිරි එකේ ඉන්න අපි කොයි තරම්නම් දේවල් වලට ගහ මර ගන්නවද ? කොයිතරම්නම් දේවල් එක එක්කෙනාට කියා ගනවද ? හැබැයි අපි ඒ දෙවක් කිව්වා කර එතනින් ඉවරයි . නමුත් නිවන් අවබෝද කර කියන ඔයා මොකක්ද කරලා තියන්නේ අර එක එක්කෙනා කියපු කතා අල්ලාගෙන ඉඳල . ඔයා මේ කියල තියන දේවල් ඇහුවම මටනම් ඇත්තටම ඔයා ගැන දුක හිතුන . අනිත් යටත් එකම තමයි හිතෙන්න ඇත්තේ . ඉතින් ඒ ගොල්ලොත් ඕවට ප්‍රතිචාර නොදක්වන්න ඇති. නමුත් නිවන් අවබෝද කර කියන ඔයා කියන මේ බුරු කතා වලට ප්‍රතිචාර දක්වන්න තරම් මේකේ ඉන්න අනිත් අයට මොලේ අමාරුවක් නැතුව ඇති . මොකද ඔයා මේ කියන කතා ඇහුවම බුදු දහමත් විහිළු කතා පොතකට සමාන වෙනවා .මේ විශ්වයේ කාටත් කොතනත් හැමදාම සත්යවෙන දෙයක් කියලම මම නවත්වන්නම් ඒ තමයි හැමදේම ඇතිවෙන නැතිවෙන දේවල් කියන එක . ඉතින් එක ඔයාගේ මේ පොස්ට් එකටත් පොදුයි . ඔහොම තමයි ලෝක සොබාවය. ඔයාගේ මේ පොස්ට් එකත් කාලෙකට උඩට එනවා කාලෙකට යට යනවා . ටික කාලෙකින් නැති වෙලා යනවා . ඕක වෙනස් කරන්න කාටවත් බැහැ. 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි', 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා කියල ඔයා දානවනම් අයි ඔයත් මේ සුරඟන කතා පොත් කියනවන අයගේ ගානට වැටෙන්නේ ?

    නැවතත් මතක් කරන්නේ නිවනට හා බුදු දහමට කරන ගව්රවයක් ලෙසට හිතල ගිහිල්ල ඔයා අබදෙට ප්‍රතිකාර කරගන්න . මේකට ප්‍රතිචාර අවශ්‍ය නැහැ . මේ ටික හරි කියන්න හිතුනේ නිවන් දැකලත් ඔයා ප්‍රතිචාර බලපොරෝතුවෙන් ඉන්න නිසා .


    ස්තුතියි mensoft,

    ඔයාගේ දිග විස්තරය ගැන නම් මට කියන්න කිසිම දෙයක් නැහැ! අර 'රෝහණ' කියල දේවතාවෙකුගේ කතාවක් ගැන ඔයා thread එකක් කරලා තියනවා දැක්ක! අර වේගයෙන් යන්න පුළුවන්, විශ්වයේ කෙලවර ගැන හොයන්න ගිහින් අමාරුවේ වැටුණු කෙනාගේ කතාව... බුදුහාමුදුරුවෝ එයාට දීපු උත්තරේ ඔයා දැනගන තියෙන්නේ ලඟදි නේ... අර 'ඇවිදගෙන ගිහින් නම් ලෝකේ කෙලවර හොයන්න බැහැ, ඒත් මේ සසර දුකින් එතෙර වීමට නම් මුළු ලෝකයම අවබෝධ කරගතයුතුයි' කියල කිව්වේ... ඉතින් අන්න ඒ 'මුළු ලෝකයම' අවබෝධ කරන එක තමයි මාත් කලේ!! ඊළඟට ඒක කරගන්න අනික් අයවත් උනන්දු කරවන දෙයක් තමයි මේකෙන් කලේ!! ඔයා ඒ බව දැකල නැහැ!!! අවුලකුත් නැහැ, ඔයා තාම newbie කෙනෙක් නේ... මේ ලොකු ලොකු විග්‍රහ කරන්නත් ඔයා තාම පොඩි වැඩියි!! අපේ හමුදුරුවොන්ගේ දේශනාම අහල, උන්වහන්සේගේම පොත් කියවල මුලින් ඔයාගේ අවබෝධය සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න. ඊට පස්සේ ඕනෙම නම් ඔය විචාර කටයුතුවල යෙදෙන්න, තමන්ගේ අදහස් දක්වන්න බැරිය.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ස්තුතියි mensoft,

    ඔයාගේ දිග විස්තරය ගැන නම් මට කියන්න කිසිම දෙයක් නැහැ! අර 'රෝහණ' කියල දේවතාවෙකුගේ කතාවක් ගැන ඔයා thread එකක් කරලා තියනවා දැක්ක! අර වේගයෙන් යන්න පුළුවන්, විශ්වයේ කෙලවර ගැන හොයන්න ගිහින් අමාරුවේ වැටුණු කෙනාගේ කතාව... බුදුහාමුදුරුවෝ එයාට දීපු උත්තරේ ඔයා දැනගන තියෙන්නේ ලඟදි නේ... අර 'ඇවිදගෙන ගිහින් නම් ලෝකේ කෙලවර හොයන්න බැහැ, ඒත් මේ සසර දුකින් එතෙර වීමට නම් මුළු ලෝකයම අවබෝධ කරගතයුතුයි' කියල කිව්වේ... ඉතින් අන්න ඒ 'මුළු ලෝකයම' අවබෝධ කරන එක තමයි මාත් කලේ!! ඊළඟට ඒක කරගන්න අනික් අයවත් උනන්දු කරවන දෙයක් තමයි මේකෙන් කලේ!! ඔයා ඒ බව දැකල නැහැ!!! අවුලකුත් නැහැ, ඔයා තාම newbie කෙනෙක් නේ... මේ ලොකු ලොකු විග්‍රහ කරන්නත් ඔයා තාම පොඩි වැඩියි!! අපේ හමුදුරුවොන්ගේ දේශනාම අහල, උන්වහන්සේගේම පොත් කියවල මුලින් ඔයාගේ අවබෝධය සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න. ඊට පස්සේ ඕනෙම නම් ඔය විචාර කටයුතුවල යෙදෙන්න, තමන්ගේ අදහස් දක්වන්න බැරිය.

    මුළු ලෝකෙම අවබෝද කරා කිව්වට ඔයාට තම ඔය කව්ද කියල අවබෝද වෙලා නැහැනේ ( මානසික ලෙඩෙක් කියන එක) මම දැකපු එකම දේ ඔය ලග අනිවාර්යෙන්ම තියන දේ මමත්වය කියන එක . ඉතින් එහෙම ඉගෙන ඔය කියන කතා අහනකොට මට අනුකම්පා හිතෙනවා . තරහ ගන්න එපා . ඕක එතරම්ම සනීප කරන්න බැරි තරමේ ලෙඩක් නෙමෙයි . ඒ එක්කම දවල් හීනෙන් දැකපු සුරඟන ලෝක විග්‍රහ කරන්න තරම් මොලේ අමාරුවක් මට නැහැ . .
     
    Last edited: