ඇත්තටම මේ කතාවේ ලියන්න ඕනේ කරපු සේරම ලිව්වා. තව පුංචි පුංචි notes දාගත්තු ටිකක් තියනවා. හැබැයි ඒ සේරම ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්තයින් පස්සේ ඉදිරි ජීවිත කාලයට අදාළ දේවල්. ඉතින් ඒ ටික දැම්ම කිව්වම අනික් අය fed-up වෙයිද? 'ඒ ගොල්ලෝ කරගත්තට අපිට තාම මොකුත් බැරිඋනා' එහෙම හිතල negative thoughts වලට යාවිද කියල හිතට upset! මට ඕනේ කරන්නේ එතෙරවෙනකන්ම forward කරලා ඇදගෙන ඇදගෙන යන්න මිසක්, කිසිකෙනෙක් ජීවිතාවබෝධය ලැබීමේ වැඩපිළිවෙලින් අයින් කරන්න, backward වෙනවා දකින්න නෙවෙයි. ඉතින් අවසන් කිරීම ටිකක් delay කලා. ඇත්තටම මෙතැනදී එහෙම පසුබසින්න, කලකිරෙන්න දෙයක් නැහැ! අපි තනිතනියෙන් දුක්විඳගෙන ආපු මහා දුරගමනක් අතරතුරේ ශ්‍රී සද්ධර්මය මුණගැහීමම අපි තනිතනියෙන් කරපු පින්වල ප්‍රතිඵලයක්. තමන්ට ලැබුණු ඒ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න!!
එක එක්කෙනා, තම තමන්ගේ හැකියාව අනුව එක එක වේගවලින් දුවනවා... ඒක එහෙමම තමයි. ඒත් මේක race එකක් නෙවෙයි නේ... තමන්ට පුළුවන් උපරිම වේගෙන් ගිහින් ගමන සම්පූර්ණ කරගන්න! ඒකයි වැදගත්!! මෙතැනදී මට නම් තිබුනේ ලොකූ හදිස්සියක්! මොකද මම, මං ලඟින්ම ආශ්‍රය කරන කීපදෙනෙක්, ගොඩ ගියාට තව සෑහෙන දන්න කියන පිරිසක් ඉන්නවා සක්ඛායදිට්ඨිය රවුන්ද හතරැස්ද කියලවත් නොදන්න. මම කැමති නැහැ මගේ පවුලේ අයවත්, ලඟම ඥාතින්, යාළුවො, මට මේජීවිතේදී උපකාර උන, දන්න අඳුනන කවුරුවත් මේ අවස්ථාව මගහැරගෙන ආයේ අසරණ වෙනවට!! ඒත් ඒක ප්‍රර්ථනාවකින් කරන්න බැහැ! හුඟක් එවුන් 'පටස්' ගාල ධර්මය අල්ලන්නෙත් නැහැ! risk එක දන්න හන්ද මට බලන් ඉන්නත් බැහැ!! මම හිටියේ හරි හිතේ අමාරුවෙන්. අන්තිමේ මං ගැන බලන, මගෙත් එක්ක ඉන්න, නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසටත් කියල, එයාලගෙත් උදව් ඉල්ලලා, මෙහෙම දේකට බැස්ස! දැන් මට මාර fit! මං බුදුරජාණන්වහන්සේගේ, අපේ හමුදුරුවොන්ගේ, කල්‍යාණ මිත්‍රයන්ගේ හැමෝගෙම උපකාරයෙන් සසරින් මිදුනා, මට පුළුවන් උපරිමයෙන් අනික් උදවියටත් ඒසඳහා උපකාර කලා/ඉන්නකම් කරනවා. දැන් ඉතින් ජීවිතේ කොයිවෙලේ ඉවර උනත් අවුලක් නැහැ!!
කරපු පින්වල උපකාරයෙන් incisive technical mind එකක් උපතින්ම ලැබිච්ච නිසයි, ධර්ම මාර්ගය ජයගන්න තිබිය යුතුම අත්‍යවශ්‍යම ගුණාංග වන ශ්රද්ධාවයි, යෝනිසෝමනසිකරයයි උපරිමයෙන්ම තිබුණු නිසයි, අපේ හාමුදුරුවොන්ගෙන් ශ්‍රී සද්ධර්මය ලැබුණු ගමන් මම bullet එකවගේ ගියා! ඒ ගැන කවුරුවත් upset ගහන්න ඕනේ නැහැ!! අනික අපිට වඩා කොච්චර වේගයෙන් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්තද බාහිය දාරුචීරී රහතුන් වහන්සේ!! ඊළඟට මෙහෙම තව තව දේවලුත් ගොඩක් එක්ක සේරම තෝරලා බේරලා කිව්වේ මට ඒකට හැකියාවක් තියන හන්දයි! හැමෝටම එහෙම ඒවා කරන්න බැහැ!! මොකද අපි හැප්පෙන්නේ ඇතුලේ වෙන මොකුත්ම ඇහැට පෙනෙන්නේනැති පොඩිපොඩි කෑලිබෑලි දාස්ගණන් තියන electronic මගුල් එක්ක. ඊළඟට technology පැත්තෙන් දියුණුවේ හිනිපෙත්තේ තියන ඒවත් එක්ක! ඒවත් එක්ක හැප්පිලා යමක් කමක් කරගන්න පුළුවන් අය ඇත්තටම හරි rare! පුරුවේ පිනට මාත් එහෙම කෙනෙක් උනා, ඒත් මට වඩා sprit වගේ උදවියත් ලක්ෂ ගණන් ඉන්නවා මේ ලෝකේ!! මාත් දියුණුවක් ලබාගත්තේ ඒවගේ අයගේ උපකාරය ලැබුණු හන්ද තමයි! ඒ හන්ද මට මගේ ගැන ආඩම්බරවෙන්න, උඩඟු වෙන්න දෙයක් නැහැ! හැබැයි, 'ඉධ නන්දති, පෙච්ච නන්දති...' කියපු විදියට මටත් ඕනේ තරම් සතුටුවෙන්න පුළුවන්!
දැන් ඉන්න හුඟදෙනෙක් බුදුරජාණන්වහන්සේව 'හරියට' අඳුනගෙන නැහැ!! 'හරියට' ආශ්‍රය කරලා නැහැ!! ධර්මය තමයි මිනිසුන්ව ඉහලටම ඔසවා තබන්නේ!!! ඉතින් මේ hi-tech fields වල ඉන්න තව තව ප්‍රඥාවන්ත උදවියත් හරියටම ධර්මය දැක්කොත්, හුඟදෙනෙක් ධර්මාවබෝධය කරාවි! මේවගේ දේවලුත් කරාවි! ධර්මය මුණගැසුණු කෙනා, ධර්මය දැක්ක කෙනා, ඒක අනික් අයටත් බෙදන්න පසුබට වෙන්නේ නැහැ කීයටවත්!! ආලවක යක්ෂයත් "මම මේක හැමෝටම කියාකියා යායපුරා දුවනවා..." කියල දිව්වලු! එකම දේ සසර ගමනින් නිදහස්වීම හිතන තරම් ලේසි නැහැ! තමන්ට දිනන්න අවශ්‍ය පින් තියනවද දන්නෙත් නැහැ! ඒත් ජීවිතාවබෝධය ලබාගෙන සසර ගමනින් නිදහස්වීමේ තියන වැදගත්කම, වටිනාකම හන්ද නිකම් ඉඳල බැහැ! ඒක තේරිච්ච හන්ද තියන හැකියාවල් වලින් තව අයට උදව්වක්, උපකාරයක් වෙන්න තමයි මාත් මෙහෙම දෙකටත් යොමු උනේ... thread එකේ මුල ඉඳන් බලපු ඕනෙම කෙනෙක් ඒක දන්නවා ඇති.