'මනවඩන රූපයකට කැමත්තෙන් බැඳීම නිසා තමයි .. ඒක අල්ලන්න .. මම කරගන්න මගේ කරගන්න දඟලන්නේ.. ඒක අල්ලගන්න මගේ කරගන්න නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙනවා...' මෙන්න මේවා හරි! මෙතන මනවඩන රූපයක් කියල රැවටිච්ච තැනින් තමයි ලෙඩේ පටන්ගන්නේ. ඒ හඳුනා ගැනීම මුලාවක්! සතරමහධාතුන්ගෙන් හැදිච්ච ඇසට, තව සතරමහධාතුන්ගෙන්ම හැදිච්ච රූපයක් වැටුනම ඇහැ ඒක දැනගන්නවම තමයි! ඒක බුදුහාමුදුරුවෝ කිව්වනේ... අපිට අවශ්‍ය විදියට ඒ දැනගන්න එක පාලනය කරන්න බැහැ. ආයතන 6 සම්බන්ධයෙන්ම එහෙමයි! ඒ ඇතිවන දැනීම් සම්බන්ධයෙන් කලබල වෙන්නත් එපා!! ඒක අපට අදාලත් නැහැ!! upset එක උනේ අපි කලින් ඇත්ත දැනගෙන හිටියේ නැති නිසා, අවිද්‍යාවෙන් වැහිලා හිටිය නිසා, 'මේ මම ලස්සන රූපයක් දකිනවා, ඒක ලස්සනයි, ඒක මට අයිතිකරගන්න තිබුනා නම්...' කියල අපි එහෙම්පිටින්ම කතාව වරද්ද ගත්තු එකයි. ඒ වැරැද්ද සම්බන්ධ හඳුනා ගැනීමට! සංඥාවට!! බුදුහාමුදුරුවෝ වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියල නාමරූප කියන එකේ නාම කොටස විග්රහකරපු හැටි මතකද? ඔන්න ඔය කොටස ආයතන 6 සම්බන්ධයෙන් හරියට ගලපලා ණුවනින් කල්පනා කර කර බලන්න... මෙන්න මෙහෙමයි වෙන්නේ....
ඇහැ සම්බන්ධයෙන් බලමු. දැන්, චක්කුන්ච පටිච්ච රුපෙච උප්පජ්ජති චක්ඛු විඥාණං උනා නේ... එතකොට ඇසත්, රූපයත්, ඇසේ හටගත් විඥාණයත් කියන කරුණු තුනේ එකතුව තමයි ඇසේ ස්පර්ශය (ඵස්ස). දැන් ඔතනට නාම කියල හඳුන්වපු ක්‍රියාවලිය අනුපිළිවෙලින් ගලපලා බලන්න. වේදනා / සංඥා / චේතනා කියන ටික පස්සට, ඵස්ස, මනසිකාර කියන දෙක මුලට ගත්තොත්... කොහොමද?? ඇසේ නම්, ඇසේ ස්පර්ශයක් ඇතිඋනාම ඒ ස්පර්ශය මනසිකාර කලොත්, විඳීම ඇතිවෙනවා... ඒ විඳීම තමයි හඳුනාගන්නේ... ඒ හඳුනාගත්තු දේට අනුවයි අපිට චේතනා පහලවෙන්නේ... හරිද? මනසිකාර කරනවා කියන්නේ ඒ ගැන හිතනවා, මෙනෙහි කරනවා, නැවත නැවතත් කල්පනා කරනවා, කියන එකයි. ඊළඟට ඔය මනසිකාර කිරීම හන්ද නම් සේරම සිද්ධි දාමය සිද්ද උනේ, මනසිකාර නොකර හිටියොත් අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙන්න එපාය!! ඕක ප්‍රායෝගිකව කරලා බලන්න... මදුරුවෙක් කන්න හදනවා කියමු. ඔන්න ඇන්න... ඔන්න ඇන්න... දැන් කසන්න ගනියි... ඊට කලින් මුව තලන්න ඕනේ... ඔය විදියට කල්පනා කරන්නේ නැතුව, වෙන දෙයක් ගැන කල්පනා කරන්න. ඔය ආසාවෙන් බලපු කතාවක්, film එකක් ගැන කල්පනාවකට වැටුන නම්, මදුරුවත් බඩ පුරවාගෙන ගිහින් තියෙයි! ඕනේ නම් පොඩි පලුවකුත් තියෙයි! ඒත් කසන්නේවත් තමන්ට ඒකෙන් ලොකු පීඩාවක් ඇතිවෙන්නේ වත් නැහැ!! ඒ කියන්නේ මේ කතන්දරේ හරි!!! තේරෙනවද?
ඉතින් ඔය වේදනා / සංඥා / චේතනා කියල යනකොට, චේතනා පහල කරලා හිතන/කියන/කරන ඒවා තමයි කර්ම කියල හඳුන්වල දුන්නේ. 'චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි' නේ... ඊළඟට විපාක දීම පිණිස කර්ම රැස්වීම තමයි භවය කියල හඳුන්වල දුන්නේ. එහෙම භවයක් සකස්වෙච්ච හන්දයි නැවතත් උපතක් කරා යැවුනේ. එතකොට යම් කෙනෙක් කවදා හරි දවසක එහෙම්පිටින්ම අවිද්‍යාවෙන් මිදිලා, 'ධම්ම චක්ඛුං උදපාදී' වෙලා (දහම් ඇස පහලවෙලා), ඔහුට යථාභූත ඥාණය පහල වුනොත්, එයා ඇත්ත ඇති හැටියෙන්ම දකිනවා මිසක්, වැරදියට හඳුනාගෙන ඇලිල/ගැටිලා නැත්නම් මුලාවෙලා දඟලන්නේ නැහැනේ!! සංඥාව නිදොස් උනායින් පස්සේ සංස්ඛාර වරදින්නෙත් නැහැ!! (සංස්ඛාර හැම එකම upset නැහැ! අපේ ප්රශ්නය නැවත නැවත ඉපදීම කියන එකයි. ඒකට හේතුවුන සංස්ඛාර තමයි අපිට තියන ප්‍රශ්ණය. නැතිවන්න ඕනේ ඒ සංස්ඛාර විතරයි! මම විස්තර කරන්නම්) ඒ කියන්නේ කර්ම රැස්වෙන්නෙත් නැහැ, භවයක් සකස්වෙන්නෙත් නැහැ, නැවත උපතක් කරා යන්නෙත් නැහැ, මේ ජීවිතයේ අවසානයේදීම පිරිණිවන් පානවා නෙව!!! ඉතින් සිවුරු ඇඳගත්ත, නායක, මහනායක කෙනෙක් උනත් ඕක ඔහොම නෙවෙයි, එහෙම ලේසියෙන් ණිවන් දකින්න බැහැ! ඕවට පෙරුම් පුරන්න ඕනේ!! අරව ඕනේ, මේවා ඕනේ!! කියල කිව්වොත් මහා මැටි මෝලෙක් නේ...
අවිජ්ජායත්වෙව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාණ නිරෝධා, විඥාණ නිරෝධෝ නාමරූප නිරෝධා, නාමරූප නිරෝධෝ සලායතන නිරෝධා, සලායතන නිරෝධෝ ඵස්ස නිරෝධා, ඵස්ස නිරෝධෝ වේදනා නිරෝධා, වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, භව නිරෝධෝ ජාති නිරෝධා, ජාති නිරෝධෝ ජරා/මරණ/සෝක/පරිදේව/දුක්ඛ/දෝමනස්ස/උපායාසා නිරුජ්ජන්ති! ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධෝ හොන්ති!! කියල බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියනවා නේ... හරිද??