බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ඔන්න මාත් බැලුව. ඇත්ත නැත්ත මොනවා උනත් ශාස්තෘන්වහන්සේව නම් මතක් උනත් හරිම ලස්සනයි! අපේ හාමුදුරුවෝ, අභිනීල නෙත්... දීඝාන්ගුලි... රත්තරන්පාට සිරුර... කිය කියා බුදුරජාණන්වහන්සේව දෙතිස්මහා පුරුෂ ලක්ෂණවලින් හඳුන්වල දෙද්දී හිතේ ඇන්දිච්ච ලස්සන රුපයක් මගේ හිතෙත් තියනවා... මට නම් කොයි වෙලෙත් ශාස්තෘන්වහන්සේ ළඟ ඉන්නවා වගේ තමයි!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේ ටික හරිද කියලා පොඩ්ඩක් කියන්නකෝ?

    රූප
    වේදනා
    සඥා
    සංස්කාර
    විඥාන
    -----------------------------------------------
    දැන් අපට යම් කිසි ශබ්දයක් ඇහුනා කියල හිතමු?

    1) එතකොට ශබ්දය අයත් වෙන්නේ රූප කියන එකට.

    2)එම ශබ්දය ඇසීමෙන් හටගන්නා ප්‍රීතිය හෝ දුක හඳුන්වන්නේ වේදනා කියල.

    3) ඒ ඇහුනේ ශබ්දයක් කියලා දැනගත්තම එක තමයි සඥා කියන්නේ

    4) සංස්කාර කියන එක අයත් වෙන්නේ කුසල හා අකුසල කර්ම වලට. එත් මටනම් තේරෙන්නේ නෑ ශබ්දය කියන එකට කොහොමද මේක සම්බන්දවෙන්නේ කියලා.

    5)එතන ශබ්දයක් තිබුනා කියල අදුනගන්නේ විඥ්ඥාණය.





     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    4) සංස්කාර කියන එක අයත් වෙන්නේ කුසල හා අකුසල කර්ම වලට. එත් මටනම් තේරෙන්නේ නෑ ශබ්දය කියන එකට කොහොමද මේක සම්බන්දවෙන්නේ කියලා.

    සංස්කාර කියන්නේ කුසල් / අකුසල් නෙමෙයි සංස්කාර කියන්නේ අපි කරන ක්‍රියාවන් එහෙම නැතිනම් සකස්කිරීමක්... සිත, කය , වචනයෙන් කරන ක්‍රියා (සකස්කිරීම්) ... ඒවා කුසල්, අකුසල් හෝ ඒ දෙකම නොවෙන්න (හිතන්න ඔයා උදේට මුහුණ හෝදනවා , දත් මදිනවා වගේ දේවල්) පුළුවන්.. උදාහරණයක් විදිහට .. ඔයාට ඇසුන ශබ්දය .. ෂා.. මරු ශබ්දයක් ආයෙත් ඒකම අහන්න තිබ්බානම්... කියලා හිතුනොත් අන්න ඒකට ඇලෙනවා බැඳෙනවා .. ඔයා සිත කය වචනය සකස් කරන්නේ ඒ ශබ්දෙම යලි යලි අහන්න .. ඒක ලංකරගන්න...


    5)එතන ශබ්දයක් තිබුනා කියල අදුනගන්නේ විඥ්ඥාණය.

    විඥාණය කියනේ හදුනාගැනීම නෙමෙයි... අර කලින් කියපු ශබ්දය .. හොඳ එකක් .. ඒක මට යලි යලි අහන්න ඕන.. අවිද්‍යාවෙන් ගන්න තීරණයට , දැනීමට ... (මනස ... ධර්මයන්ට කැමැත්තෙන් බැඳීම නිසා මනෝ විඥාණ හට ගනී... ඇස රූපයට කැමත්තෙන් බැඳීම නිසා චක්කු විඥාණ හට ගනී.. කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී..... )
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    සංස්කාර කියන්නේ කුසල් / අකුසල් නෙමෙයි සංස්කාර කියන්නේ අපි කරන ක්‍රියාවන් එහෙම නැතිනම් සකස්කිරීමක්... සිත, කය , වචනයෙන් කරන ක්‍රියා (සකස්කිරීම්) ... ඒවා කුසල්, අකුසල් හෝ ඒ දෙකම නොවෙන්න (හිතන්න ඔයා උදේට මුහුණ හෝදනවා , දත් මදිනවා වගේ දේවල්) පුළුවන්.. උදාහරණයක් විදිහට .. ඔයාට ඇසුන ශබ්දය .. ෂා.. මරු ශබ්දයක් ආයෙත් ඒකම අහන්න තිබ්බානම්... කියලා හිතුනොත් අන්න ඒකට ඇලෙනවා බැඳෙනවා .. ඔයා සිත කය වචනය සකස් කරන්නේ ඒ ශබ්දෙම යලි යලි අහන්න .. ඒක ලංකරගන්න...



    විඥාණය කියනේ හදුනාගැනීම නෙමෙයි... අර කලින් කියපු ශබ්දය .. හොඳ එකක් .. ඒක මට යලි යලි අහන්න ඕන.. අවිද්‍යාවෙන් ගන්න තීරණයට , දැනීමට ... (මනස ... ධර්මයන්ට කැමැත්තෙන් බැඳීම නිසා මනෝ විඥාණ හට ගනී... ඇස රූපයට කැමත්තෙන් බැඳීම නිසා චක්කු විඥාණ හට ගනී.. කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී..... )

    නියම පැහැදිලි කිරීම.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    conservative සහෝදරයාගේ උනන්දුව ගැන ඇත්තටම සන්තෝසයි! මේ අහල තියන කරුණු නම් මම thread එකේදී විස්තර කරලා ඇති. ඒත් ඉතින් හොඳටම තේරෙනකන් අහන්න, කියවන්න ආයෙම පාරක් විස්තර කරන්නම්.

    UniMatrixZero තුමාත් යමක් දන්නකෙනෙක්... සන්තෝසයි! ඒත් විග්‍රහයේ 'මනස ... ධර්මයන්ට කැමැත්තෙන් බැඳීම නිසා මනෝ විඥාණ හට ගනී... ඇස රූපයට කැමත්තෙන් බැඳීම නිසා චක්කු විඥාණ හට ගනී.. කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී.....' කියල කියපු ටිකේ කැමැත්තෙන් බැඳීම නිසා කියල ගත්තු එක නම් වැරදියි! ඇත්තටම මේවා අපි බුදුහාමුදුරුවෝ කියාදීපු විදියටම, බුද්ධ දේශනාවට අනුවම මතක තබාගන්න, ධාරණය කරගන්න ඕනේ! එහෙම නොවුනොත් අනිවාර්යයෙන් පාර වරදිනවා!!

    ඔයත් මෙන්න මේ විදියට හොඳ පැහැදිලිව ඔය කරුණු ටික තේරුම් ගන්න! කලින් වැරදියට තෙරුම්ගත්තු යමක් ඇත්නම් මේ වෙලාවේම ඒක හිතින් අයින් කරලා දාල අලුත්, 'හරි දෙය' හිතට දාගන්න, realtime update වෙන්න! එතන ඉඳල ආයේ වැරදි කල්පනාවලට කොහොමටවත් යොමුවෙන්නේ නැතුව අවධානයෙන්ම ඉඳලා හරි දේ හරි ආකාරයෙන්ම කල්පනා කරන්න, තේරුම්ගන්න උත්සහ කරන්න. ඔන්න ඕව තමයි succes වෙන්න අත්‍යවශ්‍ය කරුණු. මම පැහැදිලිවම දන්නා හන්දයි කියන්නේ! ඔයාල පිළිගත්තොත්, ඒ විදියට කටයුතු කලොත් 'දිනන එක' ගැන අහන්න දෙයක් නැහැ!!


    මේ කතාකරලා තියෙන්නේ අපි හැමෝම 'ජීවිතය' කියල මහා සාර භාර දෙයක් හැටියට හිතාගෙන රැවටිලා, මුලාවෙලා, පැටලවිල, අවුලෙන් අවුලට පත්වෙලා තියන මේ සත්වයෝ ඕනෙම කෙනෙකුට පොදු ක්‍රියාකාරිත්වය ගැනයි! මේ තමයි පංච උපාදාන; රූප / වේදනා / සංඥා / සංඛාර සහ විඥාණ. අපි ඕනෙම කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ ඕනෙම දෙයක් අරන් හොඳට පැහැදිලි කර කර බැලුවොත් ඒ මේවයින් එකක් තමයි!! ඒත් අපි ඒ බව දන්නේ නැහැ. කවදාහෝ දවසක බුදුරජාණන්වහන්සේ නමක ගෙන් හෝ, උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගෙන්, බුද්ධවචනය ඒ අයුරින්ම ප්‍රකාශකරන, තම තමන්ගේ අදහස්, පුද්ගලික මතිමතාන්තර, විග්‍රහ වලින් පිරිසුදු බුද්ධ දේශනා කිලිටි නොකොට ඒ අයුරින්ම අන් අය හට ප්‍රකාශකරන කෙනෙකුගෙන්, අසා දැනගන්න ලැබෙනකම් අපි කවුරුවත් මේ බවක් දන්නේ නැහැ. ඉතින් අපි ලස්සන, ප්‍රියමනාප, සතුට උපද්දවන දේවල් වලට අසා කර කර ඒවම තව තවත් ලබන්න බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා. ඇත්ත නොදන්නා කමින් අපි ඔය රූප / වේදනා / සංඥා / සංඛාර සහ විඥාණ කියන ඒවාට දැඩිව බැඳී ගිහිල්ලයි ඉන්නේ. ඔය පස්වැදෑරුම් කාරනා දැඩිව අල්ලාගෙනයි ඉන්නේ. ඔන්න ඔය දැඩිව අල්ලාගත්, දැඩිව බැඳීගිය කියන තේරුමෙන් තමයි මේවා 'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නේ. ඊළඟට මේකට 'ස්කන්ධය' කියල කොටසකුත් එකතු උනේ මේ සියලු බැඳීම් තමන් තුල හෝ බාහිර, හීන හෝ ප්‍රණීත, දුර හෝ ළඟ, අතීත හෝ වර්තමාණ ආදී වශයෙන් කොයි ආකාරයෙන් ගත්තත් ඒ ඕනෙම එකක් පොදුවේ පංච උපාදානස්කන්ධය කියා එක නමකින් හඳුන්වා දීමටයි.

    Contd...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් අපි මේ උපාදාන 5 හරියටම, බුදුහාමුදුරුවෝ කියා දීපු විදියටම මොනවද කියල බලමු.

    රුප කියල හැඳින්වුයේ සතරමහධාතුත්, ඒවායෙන් හැදිච්ච දේවලුත්, ඒ හැදිච්ච දේවල් හන්ද නැත්නම් ඒ හැදිච්ච දෙයක් කරණකොටගෙන ඇතිවෙච්ච අතුරුඵලත් කියන ඕනෙම දෙයකට පොදුවේ දීපු නාමය. බුදුහාමුදුරුවෝ ඇයි ඒවාට රුප කියල කිව්වේ කියන එකත් කිව්වා. 'රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රුපන්ති උච්චති' කියල. පාලියෙන් රුප්පති කියන්නේ නැසී වැනසී යන ස්වභාවයට. දන්නවනේ... මේ සතරමහධාතුන්ගෙන් හැදිච්ච ඕනෙම දෙයක් කාලෙකදී නැසී වැනසී ගිහින් ආයේ මූලික ධාතු ස්වාභාවයන්ටම වෙන්වෙලා යනවනේ! අන්න ඒකයි.

    වේදනා කියන නම යෙදුවේ විඳිනවා කියන අර්ථයෙන් කියලා බුදුහාමුදුරුවෝ අපිට කියල දුන්න. හිතල බලන්න... අපි නොයෙකුත් ආකාරයෙන්, එක එක විදියට කරන්නේ විඳිල්ලක්ම විතරයිනේ... ඊළඟට හොඳට සිහියෙන් කල්පනා කර කර බලනකොට තේරෙයි ඔය විඳින ඕනෙම දෙයක් විඳින්න වෙන්නෙත් හතරමහධාතුන්ගෙන් හැදිච්ච දේවල් වලින්මයි කියල. විඳීම් කිසිම දෙයක් අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බැහැ. සජීවී ඇසක්, කණක්, නාසයක්, දිවක්, කයක් සහ මනසක් අපිට තියන තාක්කල් අපිට නොයෙකුත් නොයෙකුත් ආකාරවල විඳීම් ඇතිවෙනවා. ඒවගේම ඇස, කණ ආදී දේවල් රුප්පති වෙලා යන හන්ද මේ විඳින හැම වේදනාවක්මත් අනිත්‍යයි. ගන්න කියල දෙයක් නැහැ! අපට උවමනා විදියට පවත්වන්නත් බැහැ!

    සංඥාව කිව්වේ අඳුනගන්නවා කියන එකට. ඔන්න ඔතන තමයි අපිට එහෙම්පිටින්ම වැරදිච්ච තැන! ඇයි අපි මොකුත්ම දැනගෙන හිටියේ නැහැනේ... අපි හිටියේ අවිද්‍යාවෙන් වැහිලා! අපි සේරම අඳුනගත්තෙ වැරදියට!! මේ පන්චුපාදානස්කන්ධයට රැවටුණා... එසේ මෙසේ රවටිල්ලකුත් නෙවෙයි, 20 ආකාරයකටම රැවටුණා! සක්ඛායදිට්ඨිය කියල කිව්වේ ඒ මුලාවටනේ... අන්න ඒ මුලාව තමයි මේ හැදිච්ච කතන්දරේ; 'මම'ය, 'මම'වෙමි, කියන මහා අවුල හැදෙන්න හේතුව, foundation එක! මේ කවදාහරි නැසී වැනසී යන ආයතන set එකට ඇතිවෙන විඳීම් ඕනේ එකක් 'ඔහේ ඇතිවෙච්චාවේ... මට මොකෝ...' කියල කිසි එකක් අඳුනගන්න, ඒවාට ප්‍රතිචාර දක්වන්න උවමනාව නැතුව ගිහින්, පූර්ණ උපේක්ෂාවට පත්වෙච්ච දවසට කතන්දරේ ඉවරයි!!


    Contd...
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    UniMatrixZero තුමාත් යමක් දන්නකෙනෙක්... සන්තෝසයි! ඒත් විග්‍රහයේ 'මනස ... ධර්මයන්ට කැමැත්තෙන් බැඳීම නිසා මනෝ විඥාණ හට ගනී... ඇස රූපයට කැමත්තෙන් බැඳීම නිසා චක්කු විඥාණ හට ගනී.. කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී.....' කියල කියපු ටිකේ කැමැත්තෙන් බැඳීම නිසා කියල ගත්තු එක නම් වැරදියි! ඇත්තටම මේවා අපි බුදුහාමුදුරුවෝ කියාදීපු විදියටම, බුද්ධ දේශනාවට අනුවම මතක තබාගන්න, ධාරණය කරගන්න ඕනේ! එහෙම නොවුනොත් අනිවාර්යයෙන් පාර වරදිනවා!!


    .. සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං - කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී ...

    පටිච්ච - පටි (බැඳිම) + ඉච්ච (කැමැත්ත) - කැමැත්තෙන් බැඳීම

    කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ... මනවඩන රූපයකට කැමත්තෙන් බැඳීම නිසා තමයි .. ඒක අල්ලන්න .. මම කරගන්න මගේ කරගන්න දඟලන්නේ.. ඒක අල්ලගන්න මගේ කරගන්න නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙනවා...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    .. සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං - කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී ...

    පටිච්ච - පටි (බැඳිම) + ඉච්ච (කැමැත්ත) - කැමැත්තෙන් බැඳීම

    කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ... මනවඩන රූපයකට කැමත්තෙන් බැඳීම නිසා තමයි .. ඒක අල්ලන්න .. මම කරගන්න මගේ කරගන්න දඟලන්නේ.. ඒක අල්ලගන්න මගේ කරගන්න නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙනවා...

    මම ටිකක් busy උනා. ඒකයි Contd... කියල දාල පුළුවන් පුළුවන් විදියට චුට්ට චුට්ට ලිව්වේ.

    ඒත් මේ UniMatrixZero සහෝදරයා චුට්ටක් ටපලවාගෙන! මම වැරදියි කියල කිව්වේ ඔයා කියපු එක මට හරියන්නේ නැහැ කියන එක නෙවෙයි!! බුද්ධ දේශනාවට අනුව ඔයා තෝරපු විදිය වැරදියි කියන එකයි. ඔහොම වැරදියට තෝරපුව අහල තමයි හුඟ දෙනෙකුට මේ වැඩේ හුඟාක් දුෂ්කර, අද්භූත දෙයක් වෙලා තියෙන්නේ!! වැරදියි කිව්වම වැරදි බව පිළිගන්න! ආයේ ඔයා කියන එක හරිය කියල පෙන්වන්න හදන්න එපා! මාන්නය හන්දා, නිහතමානීව වැරද්දක් කියල පෙන්වල දුන්නම පිළිගන්නේ නැතුව තමන් තමයි හරි කියල හිතාගන, ඒ තමන්ගේ මතවල හිරවෙලා දඟලන එකෙන් තමයි හුඟක් අය වැඩේ එහෙමපිටින් අනාගන්නේ!! පෙන්වල දෙන වැරැද්ද හදාගන්න තරම් නිහතමානී නැත්නම් කවදාවත් ගොඩ යාමක් නැහැ!

    'භගවතා ජානාති, අහං නජානාමි' (භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක, මම නොදන්නෙමි) කියලයි බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේව සරණ යන්නේ. එහෙම නිහතමානීව බුදුරජාණන්වහන්සේ කියාදෙන දේ ඒ විදියටම දරාගත්තු, ඒ උපදෙස් අනුවම කටයුතු කරපු උදවිය විතරයි ණිවන් අවබෝධ කලෙත්, මතුවට අවබෝධකරනවානම් කරන්නෙත්! ඊට පිටින් යන අය වෙන වෙන අහුමුලු, හුඹස් අස්සේ ගිහින් හිරවෙන එක, අනාත වෙන එක වලක්වන්න බැහැ. ඒ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෙත් තම තමන්ම තමයි! මොකද, අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරනා... අනත්තසරනා, ධම්‌මදීපා භික්ඛවේ විහරථ ධම්මසරනා... අනත්තසරනා! ධර්මයම පිහිට කරගෙන, තමන් ධර්මයට අනුකුලවම කටයුතු කරලා, තමන්ගේ ගැලවීම හදාගන්න... වෙන පිළිසරණක් නැහැ!! කියල නේ කියා දීල තියෙන්නේ.

    ඔයා, 'පටිච්ච - පටි (බැඳිම) + ඉච්ච (කැමැත්ත) - කැමැත්තෙන් බැඳීම' කියල අහල, මතක තියාගෙන ඉන්නේ කවුරුහරි කියපු, ලියල තිබිච්ච එකක්නේ... නැතුව ඔයා ඉපදෙනකොටම ඔවෑ... ඔවෑ... ගාගෙන මිසක්, පටි+ඉච්ච=පටිච්ච කියල කියාගෙන ඉපදුනේ නැහැනේ... ඔය වගේ වචන අල්ලාගෙන තේරුම හදාගන්න යන්න එපා! ඒක 'පටි රෝල්' වෙන, මහා මෝඩ වැඩක්! මේක තෝරපු කෙනා එයාගේ බුද්ධිමට්ටමට අනුව ඔය විදියට තෝරන්න ඇති! එයාට නායක / මහනායක පට්ටම්, නම්බුනාම කොච්චර තිබුනත් තෝරලා තියන විදිය වැරදියි!!! ඇත්තටම, ධර්මයේ සඳහන්වෙන 'කවුරුවත් කිව්ව පලියට පිළිගන්න එපා! තමන්ම ණුවනින් විමසල බලල, හරිවරැද්ද තේරුම් ගන්න' කියල, කියාදීල තියන එක apply කරන්න ඕනේ මෙන්න මේවගේ තැන්වලටයි!!

    මේ බලන්න දැන් ඔය කියල තියන එක, 'කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...' ඕක හරිද?? කල්පනා කරලා බලන්න. දැන් බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ විඥාණය කියා කිව්වේ දැනගන්නවා යන අර්ථයෙන් කියලයි. (මම ඔය ටික ආයේ විස්තර කරන්න ගත්තු අතරේ නේ මේ ඔයාගේ post එකට reply කරන්න ගත්තේ. ඊළඟට ඒකත් ලියන්නම් බලන්න... තව විස්තර ටිකක් කියන්නම්) ඊළඟට සජීවී ඇසක් නම්, ඒ ඇස හමුවට රූපයක් පැමිණුනු ගමන් ඇසෙන් ඒ බව දැනගන්නවා... සජීවී කනක් නම් සද්දයක් ඇතිවෙච්ච ගමන් කනෙන් ඒ සද්දය දැනගන්නවා... කය සජීවී නම් පහසක් ඇතිවෙච්ච ගමන් දැනගන්නවා... ආයතන 6 ගැනම එහෙමයි කියලයි කියාදුන්නේ. ඉතින් දැන් ඔයා කියපු එක හරිද කියල ඔයාම බලන්න! ළඟ ඉන්න කෙනෙකුට කියන්න ඇල්පෙනෙත්තක් (pin එකක්) අරන් ඔයාට අනින්න කියල. ඔයා ඒ ගැන ඡන්දරාග (කැමැත්තෙන් ඇලීම, කැමැත්තෙන් බැඳීම) නැතුව ඉඳල බලන්න අනිනකොට රිදෙන්නේ නැද්ද කියල! ඔයාගේ පැහැදිලි කිරීමට අනුව, කොච්චර ඇල්පෙනෙත්තෙන් ඇන්නත් ඔයාට දැනෙන්න විදියක් නැහැ!!!:P ඇයි 'කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...' ඒ කියන්නේ දැනෙන්නේ නැහැ, කියල ඔයා කියනවනේ...:)

    මහත්තයෝ තේරෙනවද මේ නිකම් එක එක්කෙනා (සිවුරු ඇඳන්ද නැද්ද කියන එක අදාළ නැහැ!) කියපුව ගිරව් වගේ කියව කියව ගිහින් මේ මාර්ගය දියුණු කරගන්නවත්, ජයගන්නවත් ලැබෙන්නේ නැහැ! හැම දේම හොඳට නිවැරදිව කල්පනා කර කර බලලාමයි සේරම තිතටම තේරුම්ගන්න තියෙන්නේ! තේරුම්ගන්න ලැබෙන්නේ! ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයේ යෙදීම කියන එක. ඊළඟට 'සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං - කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී ...' කියන එක ගැනත් හරියට බලන්න! සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා... අන්න එහෙමයි කියල තියෙන්නේ. ඕකෙ සෑහෙන දුරට ගියාමයි තන්හා (අසාකිරීම, ඇලීම, බැඳීම) කතන්දරේ හමුවෙන්නේ. වේලපහින්ම වල්ගේ පාගගත්තොත් upset! මතකද අර දවසක් දේවතාවෙක් බුදුරජාණන්වහන්සේ හමුවට ඇවිත් 'භාග්‍යවතුන් වහන්ස, මටනම් හිතෙන්නේ යමෙක්, හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න තියනවාට වඩා හදිස්සියකින් තණ්හාවෙන් නිදහස් වෙන්න උත්සාහ ගන්න ඕනේ...' කියල කියපු වෙලේ, 'නෑ නෑ තණ්හාවෙන් නිදහස් වෙන්න එච්චර හදිස්සි වෙන්න එපා! බොහොම හදිස්සියකින් කරගන්න ඕනේ, සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීමයි!!' කියල බුදුහාමුදුරුවෝ දීපු පිළිතුර! ඔන්න ඕකයි ඇත්ත කතන්දරේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මනවඩන රූපයකට කැමත්තෙන් බැඳීම නිසා තමයි .. ඒක අල්ලන්න .. මම කරගන්න මගේ කරගන්න දඟලන්නේ.. ඒක අල්ලගන්න මගේ කරගන්න නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙනවා...' මෙන්න මේවා හරි! මෙතන මනවඩන රූපයක් කියල රැවටිච්ච තැනින් තමයි ලෙඩේ පටන්ගන්නේ. ඒ හඳුනා ගැනීම මුලාවක්! සතරමහධාතුන්ගෙන් හැදිච්ච ඇසට, තව සතරමහධාතුන්ගෙන්ම හැදිච්ච රූපයක් වැටුනම ඇහැ ඒක දැනගන්නවම තමයි! ඒක බුදුහාමුදුරුවෝ කිව්වනේ... අපිට අවශ්‍ය විදියට ඒ දැනගන්න එක පාලනය කරන්න බැහැ. ආයතන 6 සම්බන්ධයෙන්ම එහෙමයි! ඒ ඇතිවන දැනීම් සම්බන්ධයෙන් කලබල වෙන්නත් එපා!! ඒක අපට අදාලත් නැහැ!! upset එක උනේ අපි කලින් ඇත්ත දැනගෙන හිටියේ නැති නිසා, අවිද්‍යාවෙන් වැහිලා හිටිය නිසා, 'මේ මම ලස්සන රූපයක් දකිනවා, ඒක ලස්සනයි, ඒක මට අයිතිකරගන්න තිබුනා නම්...' කියල අපි එහෙම්පිටින්ම කතාව වරද්ද ගත්තු එකයි. ඒ වැරැද්ද සම්බන්ධ හඳුනා ගැනීමට! සංඥාවට!! බුදුහාමුදුරුවෝ වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියල නාමරූප කියන එකේ නාම කොටස විග්‍රහකරපු හැටි මතකද? ඔන්න ඔය කොටස ආයතන 6 සම්බන්ධයෙන් හරියට ගලපලා ණුවනින් කල්පනා කර කර බලන්න... මෙන්න මෙහෙමයි වෙන්නේ....

    ඇහැ සම්බන්ධයෙන් බලමු. දැන්, චක්කුන්ච පටිච්ච රුපෙච උප්පජ්ජති චක්ඛු විඥාණං උනා නේ... එතකොට ඇසත්, රූපයත්, ඇසේ හටගත් විඥාණයත් කියන කරුණු තුනේ එකතුව තමයි ඇසේ ස්පර්ශය (ඵස්ස). දැන් ඔතනට නාම කියල හඳුන්වපු ක්‍රියාවලිය අනුපිළිවෙලින් ගලපලා බලන්න. වේදනා / සංඥා / චේතනා කියන ටික පස්සට, ඵස්ස, මනසිකාර කියන දෙක මුලට ගත්තොත්... කොහොමද?? ඇසේ නම්, ඇසේ ස්පර්ශයක් ඇතිඋනාම ඒ ස්පර්ශය මනසිකාර කලොත්, විඳීම ඇතිවෙනවා... ඒ විඳීම තමයි හඳුනාගන්නේ... ඒ හඳුනාගත්තු දේට අනුවයි අපිට චේතනා පහලවෙන්නේ... හරිද? මනසිකාර කරනවා කියන්නේ ඒ ගැන හිතනවා, මෙනෙහි කරනවා, නැවත නැවතත් කල්පනා කරනවා, කියන එකයි. ඊළඟට ඔය මනසිකාර කිරීම හන්ද නම් සේරම සිද්ධි දාමය සිද්ද උනේ, මනසිකාර නොකර හිටියොත් අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙන්න එපාය!! ඕක ප්‍රායෝගිකව කරලා බලන්න... මදුරුවෙක් කන්න හදනවා කියමු. ඔන්න ඇන්න... ඔන්න ඇන්න... දැන් කසන්න ගනියි... ඊට කලින් මුව තලන්න ඕනේ... ඔය විදියට කල්පනා කරන්නේ නැතුව, වෙන දෙයක් ගැන කල්පනා කරන්න. ඔය ආසාවෙන් බලපු කතාවක්, film එකක් ගැන කල්පනාවකට වැටුන නම්, මදුරුවත් බඩ පුරවාගෙන ගිහින් තියෙයි! ඕනේ නම් පොඩි පලුවකුත් තියෙයි! ඒත් කසන්නේවත් තමන්ට ඒකෙන් ලොකු පීඩාවක් ඇතිවෙන්නේ වත් නැහැ!! ඒ කියන්නේ මේ කතන්දරේ හරි!!! තේරෙනවද?

    ඉතින් ඔය වේදනා / සංඥා / චේතනා කියල යනකොට, චේතනා පහල කරලා හිතන/කියන/කරන ඒවා තමයි කර්ම කියල හඳුන්වල දුන්නේ. 'චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි' නේ... ඊළඟට විපාක දීම පිණිස කර්ම රැස්වීම තමයි භවය කියල හඳුන්වල දුන්නේ. එහෙම භවයක් සකස්වෙච්ච හන්දයි නැවතත් උපතක් කරා යැවුනේ. එතකොට යම් කෙනෙක් කවදා හරි දවසක එහෙම්පිටින්ම අවිද්‍යාවෙන් මිදිලා, 'ධම්ම චක්ඛුං උදපාදී' වෙලා (දහම් ඇස පහලවෙලා), ඔහුට යථාභූත ඥාණය පහල වුනොත්, එයා ඇත්ත ඇති හැටියෙන්ම දකිනවා මිසක්, වැරදියට හඳුනාගෙන ඇලිල/ගැටිලා නැත්නම් මුලාවෙලා දඟලන්නේ නැහැනේ!! සංඥාව නිදොස් උනායින් පස්සේ සංස්ඛාර වරදින්නෙත් නැහැ!! (සංස්ඛාර හැම එකම upset නැහැ! අපේ ප්‍රශ්නය නැවත නැවත ඉපදීම කියන එකයි. ඒකට හේතුවුන සංස්ඛාර තමයි අපිට තියන ප්‍රශ්ණය. නැතිවන්න ඕනේ ඒ සංස්ඛාර විතරයි! මම විස්තර කරන්නම්) ඒ කියන්නේ කර්ම රැස්වෙන්නෙත් නැහැ, භවයක් සකස්වෙන්නෙත් නැහැ, නැවත උපතක් කරා යන්නෙත් නැහැ, මේ ජීවිතයේ අවසානයේදීම පිරිණිවන් පානවා නෙව!!! ඉතින් සිවුරු ඇඳගත්ත, නායක, මහනායක කෙනෙක් උනත් ඕක ඔහොම නෙවෙයි, එහෙම ලේසියෙන් ණිවන් දකින්න බැහැ! ඕවට පෙරුම් පුරන්න ඕනේ!! අරව ඕනේ, මේවා ඕනේ!! කියල කිව්වොත් මහා මැටි මෝලෙක් නේ...

    අවිජ්ජායත්වෙව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාණ නිරෝධා, විඥාණ නිරෝධෝ නාමරූප නිරෝධා, නාමරූප නිරෝධෝ සලායතන නිරෝධා, සලායතන නිරෝධෝ ඵස්ස නිරෝධා, ඵස්ස නිරෝධෝ වේදනා නිරෝධා, වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, භව නිරෝධෝ ජාති නිරෝධා, ජාති නිරෝධෝ ජරා/මරණ/සෝක/පරිදේව/දුක්ඛ/දෝමනස්ස/උපායාසා නිරුජ්ජන්ති! ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධෝ හොන්ති!! කියල බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියනවා නේ... හරිද??
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    මේ බලන්න දැන් ඔය කියල තියන එක, 'කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...' ඕක හරිද?? කල්පනා කරලා බලන්න. දැන් බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ විඥාණය කියා කිව්වේ දැනගන්නවා යන අර්ථයෙන් කියලයි. (මම ඔය ටික ආයේ විස්තර කරන්න ගත්තු අතරේ නේ මේ ඔයාගේ post එකට reply කරන්න ගත්තේ. ඊළඟට ඒකත් ලියන්නම් බලන්න... තව විස්තර ටිකක් කියන්නම්) ඊළඟට සජීවී ඇසක් නම්, ඒ ඇස හමුවට රූපයක් පැමිණුනු ගමන් ඇසෙන් ඒ බව දැනගන්නවා... සජීවී කනක් නම් සද්දයක් ඇතිවෙච්ච ගමන් කනෙන් ඒ සද්දය දැනගන්නවා... කය සජීවී නම් පහසක් ඇතිවෙච්ච ගමන් දැනගන්නවා... ආයතන 6 ගැනම එහෙමයි කියලයි කියාදුන්නේ. ඉතින් දැන් ඔයා කියපු එක හරිද කියල ඔයාම බලන්න! ළඟ ඉන්න කෙනෙකුට කියන්න ඇල්පෙනෙත්තක් (pin එකක්) අරන් ඔයාට අනින්න කියල. ඔයා ඒ ගැන ඡන්දරාග (කැමැත්තෙන් ඇලීම, කැමැත්තෙන් බැඳීම) නැතුව ඉඳල බලන්න අනිනකොට රිදෙන්නේ නැද්ද කියල! ඔයාගේ පැහැදිලි කිරීමට අනුව, කොච්චර ඇල්පෙනෙත්තෙන් ඇන්නත් ඔයාට දැනෙන්න විදියක් නැහැ!!!:P ඇයි 'කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...' ඒ කියන්නේ දැනෙන්නේ නැහැ, කියල ඔයා කියනවනේ...:)
    [/size]

    හ්ම් විඥාණය කියන්නේ දැනගන්නවා/දැනෙනවා කියන එක නම් කාටවත් නිවන් දකින්න බැහැ. හේතුව.. රහතන්වහන්සේටත් ගඳ සුවඳ . ආහාරවල රසය දැනෙනවා... බලං ගියාම උන්වහන්සේ විඥාණය නිරෝධ නැහැ නේ..

    දැනීමක් කියන්නේ "වේදනා" කියන එකටයි.. බුදුපියාණන්වහනේ විඥාණය සමාන කලේ.. මායාකාරයෙකුට (මායාකරයෙක් කියන්නේ නැති දේ ඇති කරලා පෙන්වන කෙනෙක්..)...

    යමකට කැමැත්තෙන් ඡන්දරාගයෙන් බැඳිම නිසා එහි යතාස්වභාවය පෙනෙන්නෙ නැහැ.. ඒ කිව්වේ එකේ අග එන ආදීනව පෙනෙන්න නැහැ. ඒකයි විඥාණයේ ස්වභාවය.. ඉතින් අග එන ආදීනව දැක්ක කෙනා ... ඒවට කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ... විඥාණය නිරෝධ කරනවා (ආදීනව දකිනවා ඊට පස්සේ නිස්සරණයට යොමුවෙනවා) කිව්වේ ඒකයි..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හ්ම් විඥාණය කියන්නේ දැනගන්නවා/දැනෙනවා කියන එක නම් කාටවත් නිවන් දකින්න බැහැ. හේතුව.. රහතන්වහන්සේටත් ගඳ සුවඳ . ආහාරවල රසය දැනෙනවා... බලං ගියාම උන්වහන්සේ විඥාණය නිරෝධ නැහැ නේ..

    මහත්තයෝ, ඔයා simply නාල! ඇයි දන්නවද? ඔයා අහල තියෙන්නේ ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේ දේශනා කල පිරිසුදු බුද්ධ දේශනා නෙවෙයි! 'වෙන මොනවද' වගයක්!!

    ඔයා අහල තියන විදියට, රහත් උනායින් පස්සේ සේරම හැඟීම් දැනීම් නැතුව ගිහින් වෙනින් මොකද්දෝ මල ඉලව්වක් වෙන්න ඕනේ / වෙනවා කියල නේද කියල තියෙන්නේ... ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ!!! ඔය හැඟීම් දැනීම් මොකුත්ම නැතුව යනවයි කියන කතාව බුද්ධ දේශනාවක් නෙවෙයි. ඕක වෙනින් කගේ හරි කතාවක්. ඔය කතන්දරේට රැවටිච්ච ගොඩ දෙනෙක් ඉන්නවා. ඔය රහත් උනාම හීන පෙන්නේ නැහැ, දවස් 7කට වඩා ගිහිගෙයි ඉන්න බැහැ, අහාර 'ප්‍රත්‍ය වෙන්නේ' නැහැ... අනම් මනම් කිය කිය, පිස්සු මරගාත දොඩවන්නේ ඔය පිස්සු කතාව අහල 'ගොනාට ඇඳගත්තු' නෝනා මහත්තුරු තමයි.

    මම මෙහෙම sure එකටම කියන්නේ කොහොමද කියල දන්නවද?

    අපේ හාමුදුරුවෝ ඔය විදියට අන්තිමේ මොකුත් නැතුව යන, 'අරමුණු හිස්කිරිල්ලක්' ගැන කෙනෙක් කියපු කතාවක් ගැන විස්තර කිව්වා මට හොඳට මතකයි! උන්වහන්සේ කිව්වා එහෙම දෙයක් බුද්ධ දේශනාවේ නැහැ!! කියල. [හැබැයි ධ්‍යානයට සමවැදීමෙන් සංඥා මොකුත්ම නැති තත්වයකට පත්වෙන්න පුළුවන් කියලත්, එහෙම උන්නත් නිවන් අවබෝධකරපු, අරහත් කෙනෙක් නෙවෙයි නම් අසඥතලයේ (හැඟීම් දැනීම් මොකුත්ම නැති ආත්ම භාවයක්) උපතක් කරා යන බවත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා] අපේ හාමුදුරුවෝ එහෙම කිව්වනම් ඒක 100% sure!


    ඒක 100% sure කියල කියන්නේ කොහොමද කියල දන්නවද?

    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ කියන්නේ, ඔය දැන් යන ධර්ම 'රැල්ලට' set වෙච්ච, මම දන්නවා! මම තමයි වැඩකරු කියල ලෝකෙට පෙන්නන්න මහා සද්දෙන් දඟලන පිස්සෙක් නෙවෙයි! උන්වහන්සේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය සමාජයෙන් එහෙම්පිටින්ම වගේ වැහිලා, වැළලිලා ගිහින් තිබුණු කලෙක ලෝකෙට පහලවෙලා, තමන්ටම තමන්ගේ අසරණ කම තේරිලා, බොහොම නිහඬව, නිශ්ශබ්දව, බොහොම අහිංසක විදියට හරි දුෂ්කර ගමනක් ඇවිත්, ඒ වෙනකොට පිරිසුදු බුද්ධ දේශනා ඒ අකාරයෙන්ම ආරක්ෂා වෙලා තිබුණු එකම ස්ථානය වන ත්‍රිපිටක පොත්වහන්සේලාවම පරිශීලනය කරලා, ආශ්‍රයකරගෙන, බොහොම දුක්මහන්සිවෙලා සත්‍ය තේරුම්ගත්තු, අවබෝධකරගත්තු පින්වත් උත්තමයෙක්!!! උන්වහන්සේගේ ධර්ම ගව්රවය, ශාස්තෘ ගව්රවය, නිහතමානි බව, අහිංසක බව, අවංක බව, හැමදේම හාමුදුරුවෝ කවුද කියල හරියට 'දැක්ක', දැනගත්ත ඕනෙම කෙනෙක් දන්නවා!!! (මේ බව දැනගත් දැනගත් අය උන්වහන්සේ වටා එක්රොක් වෙච්ච, රොද බැඳගත්තු හන්දා තමයි මේ වෙනකොට ලක්ෂ ගණනින් උන්වහන්සේගේ පිරිවර වැඩිවෙලා තියෙන්නේ. නැතුව හාමුදුරුවෝ කතාකරලා, බලෙන් එකතුකරගත්තු කවුරුවත් නැහැ! ඉතින් කවුරුවත් ඉරිසියා කරලත්, හමුදුරුවොන්ගේ නම ඇහිච්ච සැනින් කුපිතවෙලා, ඉරිසියාවෙන්, තරහෙන් පුපුරන්න ගත්තත් වැඩක් නැහැ! හමුදුරුවොන්ට බනින අය එක්කෝ හාමුදුරුවෝ ගැන හරිහැටි දන්නේ නැහැ, එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම බුදුරජාණන්වහන්සේට විරුද්ධ උදවිය!!)

    කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ දිවිහිමියෙන් පිවිතුරු බුද්ධ දේශනා ආරක්ෂාකරන, බුද්ධ දේශනාවල පිවිතුරු බව ඒ අයුරින්ම ආරක්ෂා කරන් තේරෙන සිංහලෙන්, තේරෙන භාෂාවෙන්, ලෝකයාට බෙදා දෙන මහා නිධානයක්!!! උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පරම සත්‍යමයි!!! දැන් අපිට whole sale එකේ පිරිසුදු බුද්ධ දේශනා අහන්න, කියවන්න ලැබෙන්නේ, සමාජයේ මේ තරමට ධර්මය කතාකරන්න, බබලන්න ගත්තේ උන්වහන්සේ ඒ සඳහා බොහොම නිහඬව දරපු අවංක උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි!! ඒත් ඉතිහාසය දන්නා සීමිත පිරිසක් විතරයි මේ ඇත්ත විස්තර දන්නේ. කොහොම උනත් මම උන්වහන්සේවම ඉස්මතුකර කර දැක්වුයේ, උන්වහන්සේගේ උපකාරයෙන් තමයි මාත් ගොඩ ගියේ! ඒ උපකාරය ලබාගත්තා නම් ඔය හුඟ දෙනෙකුටත් අවුල් හදාගන්නේ නැතුව, පිරිසුදු බුද්ධවචනයම නිරවුල්ව ඉගෙන ගෙන ධර්ම මාර්ගය දියුණුකරගන්න ලැබෙයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැනීමක් කියන්නේ "වේදනා" කියන එකටයි..

    මේ... ඔයා මෙහෙම හිතෙන හිතෙන ඒවා කියවන්න ගියොත් මොකද වෙන්නේ?? බුදුහාමුදුරුවෝ කිව්වේ, 'වේදනා' කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් කියලයි. ('වේදයිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති ති උච්චති' වගේ තමයි පාලියෙන් කියල තිබුනේ. මට හරියට මතක නැහැ!) ඊළඟට 'විඥාණ' කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් කියලයි කියා දුන්නේ. ඔයා කියන විදියට දැනගන්නවා, දැනෙනවා කියන එක, විඳිනවා කියන එකට සමාන වෙනවා! පිස්සුද නැත්නම් හැටිද? බලන්න, නිකම් රස දැනෙනවා, රස විඳිනවා කිව්වත් අර්ථ දෙකක්... ආයේ පහස දැනෙනවා, පහස විඳිනවා කියල කිව්වත් අර්ථ දෙකක්... හොඳට කල්පණා කරලා බලල එපාය යමක් කියන්න. අනික බුදුහාමුදුරුවෝ කියපුව ඒ විදියටම මිසක් වෙනස්කරලා ගත්තොත් නම්, 'සර්පයා වැරදියට අල්ලගත්තා වගෙයි' කියල කියල තියනවා. මොකද අල්ලපු කෙනාව කනවා නේ... ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා! විනාසේ තමයි!

    බුදුපියාණන්වහනේ විඥාණය සමාන කලේ.. මායාකාරයෙකුට (මායාකරයෙක් කියන්නේ නැති දේ ඇති කරලා පෙන්වන කෙනෙක්..)...

    මේක හරි! හැබැයි අකුරු වරද්දල...:lol:

    යමකට කැමැත්තෙන් ඡන්දරාගයෙන් බැඳිම නිසා එහි යතාස්වභාවය පෙනෙන්නෙ නැහැ.. ඒ කිව්වේ එකේ අග එන ආදීනව පෙනෙන්න නැහැ. ඒකයි විඥාණයේ ස්වභාවය.. ඉතින් අග එන ආදීනව දැක්ක කෙනා ... ඒවට කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ... විඥාණය නිරෝධ කරනවා (ආදීනව දකිනවා ඊට පස්සේ නිස්සරණයට යොමුවෙනවා) කිව්වේ ඒකයි..

    මෙතන යමකට කැමැත්තෙන් ඡන්දරාගයෙන් බැඳිම නිසා එහි යථාස්වභාවය පෙනෙන්නෙ නැහැ. ඒ කිව්වේ ඒකෙ අග එන ආදීනව පෙනෙන්නෙ නැහැ, කියන එක තමයි අවුල. අපි ආස්වාදයයි ආදීනවයි වෙන වෙනම අරන් කිරල මැනලා බැලුවොත් ඕනෙම තැනක ආස්වාදය චුට්ටයි ඒත් ආදීනව මහා විශාලයි කියල තේරෙනවා. එතකොට නිකන්ම ආස්වාදය හන්ද දකින දකින එක බදාගන්න ස්වභාවය ඉබේම අඩුවෙනවා. ඒත් ඔය ගතිය 'විඥාණයේ ස්වභාවය..' නෙවෙයි හොඳේ ළමයෝ? ඕක තමයි අවිද්‍යාවේ ස්වභාවය!!! ඇත්ත නොදන්නා කමේ විපාකය.
    අවිද්‍යාව දුරුවේගන යනකොට අග එන ආදීනව දැක්ක කෙනා... ඒවට කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ... ඒක හරි! ඒත් එයා විඥාණය නිරෝධ කරනවා නෙවෙයි!! ආසාව, කැමැත්තයි දුරුකරන්නේ!!! ඒකතමයි නිස්සරණය. ටපලවගන්න එපා! හොඳේ...

    මම මේ ළමයට උත්තරදෙන්න ගොඩක් දැඟලුවේ, මේ 'බණ' කියල අහන්න ලැබුණු බොරු බයිලා, එක එක්කෙනාගේ කතන්දර අහල තමයි හුඟක් අය‍ට මේ ධර්ම මාර්ගය දියුණුකරගෙන සසර ගමනින් එතෙරවීම ගොඩාක්ම දුෂ්කර දෙයක් වෙලා තියෙන්නේ! පිරිසුදු බුද්ධ දේශනාම, සරලව තේරෙන භාෂාවකින් අහන්න ලැබුනා නම් ඔයාල ගොඩ දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල නෙලාගන්න හුඟාක් අවස්තාව තියනවා. මෙතන එක එක්කෙනාගේ කතා අහල, වැරදි පාරවල් වල ගිහින් තම තමන්ට ලැබුණු වාසනාවන්ත, දුර්ලභ අවස්ථාව මගහැරිලා යන්න දෙන්න එපා!! ධර්මය නාමයෙන් තියන බොරු කතන්දර කඩලා බිඳලා, umbrella-powder කරන්න මට මෙච්චර 'කැසිල්ලක්' තියෙන්නේ ඒකයි. නැත්නම් අනික් අය පව්!! මේ අපි හැමෝම ගෙවාගෙන ආව සංසාරේ කවද හරි දවසක නෑදෑයෝ හැටියට නැත්නම් එකම පවුලේ සාමාජිකයෝ හැටියටත් ඉඳල තියනවා... අමතක කරන්න එපා!!


    coservative සහෝදරයට ලියන්න ගත්තු එක ලියන්නම් ඊළඟට. ඒකෙදි මම තව හිතට ආව අදහස් ටිකකුත් ලියන්නම්.
     

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    (මැද්දට පැන්නනම් සමාවෙන්න)

    හ්ම් විඥාණය කියන්නේ දැනගන්නවා/දැනෙනවා කියන එක නම් කාටවත් නිවන් දකින්න බැහැ. හේතුව.. රහතන්වහන්සේටත් ගඳ සුවඳ . ආහාරවල රසය දැනෙනවා... බලං ගියාම උන්වහන්සේ විඥාණය නිරෝධ නැහැ නේ..

    මේ පැහැදිලි කිරීමට අනුව අපි අහලා තියෙන සෝපාදිසේස, අනුපාදිසේස කියල නිවනේ අවස්ථා දෙකක් නැද්ද.

    යමකට කැමැත්තෙන් ඡන්දරාගයෙන් බැඳිම නිසා එහි යතාස්වභාවය පෙනෙන්නෙ නැහැ.. ඒ කිව්වේ එකේ අග එන ආදීනව පෙනෙන්න නැහැ. ඒකයි විඥාණයේ ස්වභාවය.. ඉතින් අග එන ආදීනව දැක්ක කෙනා ... ඒවට කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ... විඥාණය නිරෝධ කරනවා (ආදීනව දකිනවා ඊට පස්සේ නිස්සරණයට යොමුවෙනවා) කිව්වේ ඒකයි..

    ඔබතුමා මෙතන (යමක යථාස්වාභාවය) අග එන ආදීනව කියල හැඳින්වුවේ මොකක්ද කියල පොඩිඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද.
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    (මැද්දට පැන්නනම් සමාවෙන්න)මේ පැහැදිලි කිරීමට අනුව අපි අහලා තියෙන සෝපාදිසේස, අනුපාදිසේස කියල නිවනේ අවස්ථා දෙකක් නැද්ද.

    මට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන...

    සෝපදිසේස නිර්වාණ ධාතුව කිව්වේ රහතන්වහන්සේ රග ද්වේශ මෝහ සියල්ලා ක්ෂය කරලා ඉන්නේ.. ඒ මට්ටමෙන් එන සියළු දුක් ඉවරයි නමුත් .. පෙර අත්බැවෙන් විපාක ස්කන්ධයෙන් ආපු කය තාම තියෙනවා... ඒක වෙහෙසට පත්වෙනවා.. ලෙඩ හැදෙනවා... තුවාල වෙනවා.. බඩගිනි එනවා... මලමූත්‍ර පහ කරන්න ඕන.. ඒ මට්ටමේ තියන දුක තාම තියෙනවා... සියළු දුකෙන් කෙලවර වන්න නම් පිරිණිවන් පාන්න ඕන (මතු කයක් හටගන්න හේතු නැති නිසා) .. ධර්මයේ සඳහන් වෙනවා.. හරියට පඩිදිනය බලාපොර්ත්තුවෙන් ඉන්න කම්කරුවෙක් වගේ .. රහතන්වහන්සේ පිරිණිවන් පාන දවස එනකන් බලං ඉන්නවා කියලා

    ඔබතුමා මෙතන (යමක යථාස්වාභාවය) අග එන ආදීනව කියල හැඳින්වුවේ මොකක්ද කියල පොඩිඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද.

    යමක අග එන ආදීනවා කියල කිව්වේ.. මෙහෙමයි.. පටිච්චසමුප්පාදයට අනුව .. අවිද්‍යාවෙන් බදාගන්න ඕනම දෙයක්.. ඉවර වෙන්න.. ජරා .. මරණ ... ශෝක .. පරිදේව .. උපායාස .. කියන දුක්කස්න්ධයෙන්.. ඉතින්.. අපි ආසාවෙන් දෙයක් ගන්නවා... ඒක ජරාවට පත්වෙනට.. විනාශ වෙනවට කැමති නැහැ.. ඒත් ඒක එහම වෙනවා.. අපේ කැමැත්තට නැහැ.. ඉතින් අපි කලින දන්නවානම්.. මේක මේ විදිහට ඉවර වෙනවා කියලා ඒක අල්ලන්න යන එක කරන්නේ නහැ.. ප්‍රඥාවෙන තීර්ණයක් ගන්නවා... අපි මේ දේවල් වලට ඇලිලා නිකන් දුකට වැටෙන්න මොකටද කියලා... ඉතින්.. ඒවා අල්ලන්න ගිහින් ලැබුනේ නැති උනාම... අපි ගැටෙනවා.. ඒක ද්වේශයෙන් .. ලොකු කරදරයක දාන අනෙක් පැත්ත...

    උපමාවක් කියන්නම්.. හිතන්න අරුක්කු බොන්න කෑදර කෙනෙකුට ඔයා අරක්කු බෝතලයක් දෙනවා... මිනිහා ඒක කොච්චර සතුටෙන් බොයිද? ඒ වගේ ඔයා ඒ මිනිහා බොන්න ඉස්සල්ලා කියනව.. ඕකට වහ දාල තියෙන්නේ බිව්වොත්.. මරණය හෝ ඊට සමාන වේදනාවක් විඳින්න වෙනවා කියලා... එත කොට අර මිනිහම ඔය බෝතලය කොච්චර කෑදර උනත් බොයිද ??? අරක්කු වල .. පාට.. මත්වීම ... රසය කිසිම වෙනසක් උනාද ? නැහැ .. ඒත් බීව්වාම අග එන ආදීනව නිසා එයා ඒක බොන්නෙ නැහැ... ඔය පංචකාම වස්තු හැම එකක්ම ඔහොමයි.. ආස්වාදය උඩින් තියෙනවා .. හැම එකේම අර ආදීනව පස්සේ එනවා... ප්‍රඥාවන්තයා කරන්නේ ඒ අග එන ආදීනව කලින්ම දැකලා ඒවට ඇලෙන්නෙත් නැහැ.. නොලැබුනා කියලා ගැටෙන්නෙත් නැහැ...
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    දැන් අපිට ශබ්දයක් ඇහුණාම අපි ඉස්සෙල්ලම කරන දේ තමයි ඒ ශබ්දයක් කියලා අඳුර ගන්න එක. ඊට පස්සේ ඒ ශබ්දය විඳිනවා. එහෙනම් මේ අනුපිලිවෙල වෙනස්වෙන්න ඕනේ නේද

    රූප
    සඥා
    වේදනා

    විදිහට, එත් බුදුන් වහන්සේ කීවේ එහෙම නෙවෙයි. ඇයි ඒ.


     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන...

    හරි! ඔය තියෙන්නේ හොඳට උත්තර දීල. පොඩ්ඩක් පැටලිලා තිබුනට මේ සහෝදරයත් 'කතාව' හරියට අල්ලාගෙන තියෙන්නේ... නියමයි! මට happy!! ඔයා වගේ අය කරන්න ඕනේ එලියට පහලියට ඇවිල්ල, පිරිසුදු ශ්‍රී සද්ධර්මයම ඒ ආකාරයෙන්ම කතාබහ කරන එකමයි. බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලා නේ, "තථාගතප්පවේදිතෝ ධම්ම විණයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ" කියල, තථාගතයාණන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටයි, සැඟවුණු විට නොවේ කියල.

    මේ 'විඥාණය නිරෝධ කරනවා' කීම ඔයාට අහන්න ලැබිච්ච ආකාරය වෙන්න ඇති. ඒත් මෙතන ඇත්තටම නම් වචන හරඹයක් නැහැ! ධර්මය 'දැක්ක' කෙනාට මොන විදියට ඇහුනත් සේරම ඇතුලෙදි auto correct වෙලා, හරියට process වෙනවා. ඒක එහෙම වෙන්නේ හැබැයි ධර්මය අහල අහල, කියවල කියවල සෘතවත් වෙච්ච, යෝනිසෝමනසිකාරය තියන බොහොම සීමිත පිරිසකට විතරයි. ඒත් හුඟ දෙනෙක් එහෙම අය නෙවෙයි. එයාල අල්ලගන්නේ වචන වලින් කියවෙන, මතුපිටින් පේන ලාමක දෙයක්. කොන් හොයන්න බලන් නේ හුඟක් අය මේවට join වෙන්නේ. ඒ හන්ද බුද්ධ දේශනාම උපකාර කරගෙන ඒ විදියටම කිව්වනම් තමයි හොඳ! එතකොට ප්‍රශ්න මතුවෙන්නේ නැහැ.

    රහතන්වහන්සේටත් දැනීම තියනවා!! ඔයා ඒක පිළිඅරන් නේ... ඒක තමයි ඇත්ත! ඒකම තමයි මමත් කිව්වේ. ඒ උනාට සමාජයේ පතුරුවල තියෙන වැඩි හරියක් බොරුවල කියවෙන්නේ ධර්මය අවබෝධ උනොත්, රහත් උනොත්, සුනේ සුන්! සේරම ඉවරයි! මල හත්ඉලව්වයි! කියලනේ... අපි කරන්න ඕනේ ඔය බොරු කතන්දර අයින්කරන්න කටයුතු කරන එක තමයි. වෙන ගැටීමක් නෑ හොඳේ?

    අපේ හාමුදුරුවෝ ත්‍රිපිටක පොත්වහන්සේලගෙන් බලාගෙන, තේරුම් කරලා දුන්නු බුද්ධ දේශනාවල 'විඥාණය නිරෝධ කිරීමක්' කියල දෙයක් කියවුණු බවට මට කිසිම මතකයක් නැහැ. බුද්ධ දේශනාවල කියවෙන්නේ අරහත්වයට පත් නොඋන කෙනෙක් මරණයට පත්වීමේදී එයාගේ විඥාණය චුත වෙනවා (ඒක වෙන තැනක් අල්ලගන වෙන 'ගෙයක්' හදා ගන්නවා) රහතන් වහන්සේ නමක් මරණයට පත්වෙනකොට එයාගේ විඥාණයේ චුතවීමක් නැහැ ඒක එතැනින්ම නිරුද්ධ වෙනවා කියල තමයි. පහනක් නිවිලා යනවා වගේ එහෙමපිටින් ඉවරවෙලා යනවා, පිරිණිවන්පානවා කියලනේ කිව්වේ...

    ආයේ ඔය සෝපාදිසේස, අනුපාදිසේස කතාවත් මට දේශනාවල අහල, දැකල පුරුදු නැහැ. ඒත් ඔයා කියල තියන ටික හරි. ඇත්තටම අරහත්වයට පත්වෙද්දී ඔලුව උඩ කල්ප ගණනක් තිස්සේ තියාගෙන හිටපු ටොන් ගණනක බරක් බිමින්තිබ්බ වගේ වෙලා, හරි පුදුම සැහැල්ලුවක් ඇතිවෙනවා. ඊළඟට කුලප්පුවෙන කතන්දර මොකවත්ම නැහැ! කයට සිද්ධවෙන 'අලකලංචි' සේරම සාමාන්‍ය කෙනෙකුට වෙන විදියටම තමයි වෙන්නේ... ඒවත් ගණන්ගන්නේ, දුක්වෙන්නේ, පසුතැවෙන්නේ මොකවත්ම නැහැ නේ... ඇයි යථාභූත ඥාණය පහලවෙලා කියන්නේ, දන්නවනේ මේ තමයි මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කයෙහි යථා ස්වභාවය කියන එක. ඕනෙම දෙයක් ඉවසීමෙන් බලන් ඉන්නවා විතරයි... කිසිම දෙයකට දඟලන්නේ නැහැ. අර පඩි හම්බවෙනකම් බලන් ඉන්න කතාව තමයි ඇත්තම ඇත්ත!! මම මේවා කී පාරක් කියල ඇත්ද මේ thread එකේදී. ඔයාල දැකල නැද්ද කොහෙද. අනික ඉතින් පිස්සෝ ටිකකුත් මැද්දට පැනල සැහෙන යකා නැටුවත් නේ...

    මම මේ ටිකත් කියන්නම්. දැන් ඔය ඕනෙම කෙනෙකුට, ලෙඩ හැදෙනවා, වයසට යනවා, මැරෙන්න වෙනවා, අනිවාර්යයි නේ... ඉතින් එතකොට, 'අහෝ වත මයං නෝ ව්‍යාධි ධම්ම අස්සාම' (අනේ මාව ලෙඩවෙන්න එපා), 'අහෝ වත මයං නෝ ජරා ධම්ම අස්සාම' (අනේ මාව වයසට යන්න එපා), 'අහෝ වත මයං නෝ මරණ ධම්ම අස්සාම' (අනේ මාව මැරෙන්න එපා) කිව්වට වැඩක් නෑ. කොයි ලෝකේ ගිහිල්ල ඉපදුනත් ඔයටික ඔය විදියටම වෙනවා. ඉතින්, අන්න ඒක හන්ද බුදුහාමුදුරුවෝ කිව්වා 'නකෝ පනේතන් ඉච්චාය පත්තබ්බන්' (මේක කැමැත්තකින්, ප්‍රර්ථනාවකින් ලබන්න බැහැ) කියල. එහෙමනම් හොඳට තේරුම්ගත්තා නම් හරි, ජීවිතය අවබෝධ කරගැනීම මයි, නිවන් අවබෝධ කරගැනීම මයි අපි කාට කාටත් තියන එකම ස්ථිර සහ අවසාන විසඳුම කියන බව.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් අපිට ශබ්දයක් ඇහුණාම අපි ඉස්සෙල්ලම කරන දේ තමයි ඒ ශබ්දයක් කියලා අඳුර ගන්න එක. ඊට පස්සේ ඒ ශබ්දය විඳිනවා. එහෙනම් මේ අනුපිලිවෙල වෙනස්වෙන්න ඕනේ නේද......

    මේ... පානුයි පරිප්පුයි කෑවත් එකයි, පරිප්පුයි පානුයි කෑවත් එකයි නැද්ද?:) ඒක නිසා ඔතන අනුපිලිවෙල මහා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයටික කියල දීල තියන විදියට මතක තියාගන්න. ඒ ඇති! ඔය ටික තමයි ජීවිතේ පුරාවටම තියෙන්නේ කියන එක තේරුම් ගන්න උත්සහ කරන්න. ඒකයි ඕනේ.

    මේ ඔයා ඉස්සෙල්ලම කරන්නේ අඳුනගන්න එකද? විඳීම ඇතිවෙන්නේ පස්සෙද? හිතල බලන්න දැන් කවදාවත්ම අහල, දැකල, විදලා, අඩුගනනේ හිතලවත් නැති අමුතුම විඳීමක් ඔයාට ඇතිඋනා කියල! එතකොට ඒක මොකක් කියලද අඳුනන්නේ?? මුලින්ම විඳීම ඇතිඋනා ඊළඟට මොකද්ද උනේ කියල අඳුනගන්න, හිතාගන්න බැරුව ගල්ගැහිලා:baffled: බලන් ඉන්න වෙනවා. එහෙම නේද වෙන්නේ? අන්න ඒකයි වැඩේ. 'රුප' හන්ද විඳීම ඇතිවෙනවා. ඒ විඳින දේ තමයි අඳුනගන්නෙ. ඒ අඳුනගත්තුදේට අනුව තමයි චේතනා පහලවෙන්නේ.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    නිවනට පත්වුණ කෙනාගේ නැවත උපාදානයක් නැහැ, එත් සිත කියන්නේ ශක්තියක්, එම නිසා නිවන් ගියත් හිත තාම exist වෙනවා නේද? බුදුන් වහන්සේගේ හිතත් මේ විශ්වයේ කොතැනක හරි ඇති?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ...එත් සිත කියන්නේ ශක්තියක්, එම නිසා නිවන් ගියත් හිත තාම exist වෙනවා නේද? බුදුන් වහන්සේගේ හිතත් මේ විශ්වයේ කොතැනක හරි ඇති?

    ඒපාර මු මොකාටද එන්න හදන්නේ? මොකද්ද මේ කියල තියන මෝල් කතාව??

    'නිවණ' අවබෝධ කරපු කෙනාගේ උපාදාන නැතිබව හරි! ඒක හන්ද තමයි එයාගේ විඥාණය ආයේ 'කයක්' අල්ලගන්නේ නැතුව, එම ආත්මභාවය අවසන් වෙද්දී, කය බිඳිලා යද්දී, එතනම නිරුද්ධ වෙලා යන්නේ.

    සිත, විඥාණය කියන්නේ, ගොරෝසු (අපි, සත්තු වගේ අයගේ ශරීර) හෝ සියුම් (දෙවිවරු, ප්‍රේතයෝ වගේ අයගේ ශරීර) 'කයක්' පදනම් කරගෙන පවතින ක්‍රියාකාරිත්වයක්! කයෙහි ක්‍රියාකාරිත්වය කියමු! නැත්නම් තේරෙන විදියට ඉංගිරිසියෙන්, visible or invicible body based operation කියල වගේ කියමු. ඉතින් base කරගත්තු එක නැතුව, පදනම් කරගත්තු එක නැතුව, කොහොමද ක්‍රියාකාරිත්වය විතරක් ඉතුරුවෙන්නේ??? එහෙම වෙන්නේ නැහැ!!! ඒකයි කය බිඳිලා යද්දී, පහනක් නිවෙනවා වගේ නිවිලා යනවා කියල කියාදීල තියෙන්නේ... නැතිවෙලා, ඉවරවෙලාම යනවා කියල තියෙන්නේ... ඉතින්, ඉවර උනාම ඉවරයි!!! ආයේ නැහැ!!! කොහෙවත්ම නැහැ!!!

    ඔය සත්වයාගේ කය හැඳින්වුයේ නාමරූප හැටියට. සිත / විඥාණය කියන එක නාමරූප වලින් තොරව, නාමරූපයන්ගෙන් වෙන්ව, තනිව පවතිනවා... තනිව යනවා... තනිව එනවා... කියල කෙනෙක් කිව්වොත්, ඒක කවදාවත් සිද්ධවෙන්නේ නැහැ! 'නේතං ඨානං විජ්ජති!' කියල බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දේශනා කළා...