බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම අහල තියෙනවා "සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා." එතනදී සංස්කාර කියන්නේ හේතුවකින් හටගත් දේ කියන එක.

    එත් අර පන්චස්කන්දය කියවනකොට එනවා රූප , වේදනා, සඥා ,
    සංස්කාර කියලා . එතකොට මෙතන සංස්කාර කියන්නේ මොකටද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අහල තියෙනවා...

    හේතුවකින් හටගත් දේ නෙවෙයි මලයෝ 'හේතු-ඵල ධර්මතාවයට අනුව සකස්වෙච්ච දේවල්' කියලයි ඔතනදි කියවෙන්නේ. එහෙම සකස්වෙච්ච ඕනෙම දෙයක් අනිත්‍යයි. සදාකාලිකව ස්ථිරව පවතින්නේ නැහැ, නැසී වැනසී යන සුළුයි. එතැනදී 'සංස්ඛාර' කියන වචනය ගන්න ඕනේ 'සකස්වෙච්ච දේවල්' කියල තමයි. ඊළඟට පංච උපාදානස්කන්ධයේ කියවෙන 'සංස්ඛාර' කියල කිව්වේ චේතනාවක් පහල කරලා, තමන්ගේ උවමනාවෙන්, තමන් විසින්, හිතපු/කියපු/කරපු නැත්නම් හිතන/කියන/කරන දේවල් වලට. බුදුහාමුදුරුවෝ තෝරලා දුන්නු විදිය මතක නැද්ද? "සන්ඛතන් අභිසන්කරෝතින් ති සංඛාරා" නැවත නැවතත් සන්ඛතයක්ම සාදා දෙන බැවින් සංස්ඛාර යයි වදාලා කිව්වේ. ඊළඟට 'සන්ඛතයක්' කියල හැඳින්වුයේ මොකද්ද කියලත් මතකද දන්නේ නැහැ... උප්පාදෝ පන්ඥායති, වයෝ පන්ඥායති, ටිටිථස්ස අඤ්ඤතත්ථං පන්ඥායති (හටගැනීමක් පෙනෙන්න තියනවා, නැසී වැනසී යාමක් පෙනෙන්න තියනවා, ඔය අතරවාරයේ පවතින තත්වය තුල වෙනස්වීම් දකින්න තියනවා) කියන ලක්ෂණ තුනෙන් යුතු දේවල් වලට තමයි සන්කතයන් කිව්වේ. මේ අපේ ජීවිත තමයි හොඳම උදාහරණය! ඉතින් මේ ජීවිතය 'සකස්' උනේ කලින් වතාවල අපි විසින් චේතනා පහළකර කර කරපු/කියපු/හිතපු දේවල් නිසයි. තව විදියකට කිව්වොත් 'කර්ම' නිසයි! "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" මතකනේ... ඉතින් දෙවනියට පංච උපදානස්ඛන්ධයේ 'සංස්ඛාර' කියල තියන එක චේතනා පහල කරලා කරන, නැවතත් සන්ඛතයක්ම සකස් කරදෙන්න හේතුවෙන දේවල් කියන අර්ථයෙන් ගන්න.

    මේ... හිතල, චේතනා පහලකරලා කරන/කියන/හිතන දේවල් කියන අර්ථයෙන් බැලුවොත් අපි කරන කියන හැම එකම සංස්ඛාර කියල තමයි හඳුන්වන්න වෙන්නේ. ඒක එහෙමයි උනාට හැම සන්ස්ඛාරයක්ම upset කියල එකක් නැහැ හොඳද? ආයෙමත් තව ජීවිතයක් හදල දෙන්න හේතුවෙන, කර්ම රැස්වෙන ඒවා ගැන තමයි අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔන්න චුට්ටක් දුවන්න ඕනේ කියල හිතල දිව්වා කියමු, නැත්නම් පොඩ්ඩක් වාඩිවෙන්න ඕනේ කියල වාඩි උනා කියමු, ඕව නැවත ජීවිතයක් සකස්කරලා දෙන්න හේතුවෙන දේවල් නෙවෙයි නේ... රාග, ද්වේශ, මෝහ කියන ඒවාට යටවෙලා යමක් කලොත් අන්න ඒවා තමයි case වෙන්නේ!

    ඔයාල හුඟදෙනෙක් මේ 'වචන වල හිරවෙන' බව හොඳටම පැහැදිලියි. මේ වචන අල්ලාගෙන මේකේ තේරුම මේකයි... මේකේ තේරුම මේකයි කියල හිතන්න ගියොත් අවුලක්. මොකද මේ එක වචනය අර්ථ ගොඩාක් දෙන විදියට යෙදෙනවා. හරිනම් වෙන්න ඕනේ යෙදෙන තැන අනුව, ධර්මයට අනුව කල්පනා කරලා බලල තේරුම වටහාගන්න තරම් දක්ෂ වෙන එකයි!! ඒ හැකියාව ලැබෙන්න හොඳට පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ඕනේ...එකක් දෙකක් නෙවෙයි, පුළුවන් තරම් අහන්න. එහෙම අහල නිකම් හිටියත් හරියන්නේ නැහැ... අහපු ධර්ම කරුණු ධර්මයට අනුකූලව, තමන්ට නිවැරදි ආකාරයට වැටහෙනකන්ම ණුවනින් විමස විමසා බලන්න ඕනේ, නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බලන්න ඕනේ. අපි results ගත්තේ අන්න එහෙම කරලයි!! නැතුව නිකම් මේ අනික් අයට පෙන්නන්න බොරු සෝබන දාල නෙවෙයි. 'බුද්ධිමත් කෙනෙක් වියයුතුයි' කිව්වේ ඔය ටික හරියට කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ... වෙන කෙනෙක්ගේ පහනෙන් එලිය බැලිල්ලක් කරන්න බැහැ. ඒත් මෙහෙම ප්‍රශ්ණ අහන එක බොහොම හොඳයි. මොකද ලැබෙන පිළිතුරු වලින් තමන්ට තව හිතන්න පැති, කල්පණා කරන්න ඕනේ ආකාර ගැන දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. නැත්නම් එකක්ම අල්ලාගෙන බදාගෙන, ඒකෙම හිරවෙලා ඉන්න ගියොත් වැඩේ අවුල්වෙන්න පුළුවන්.
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    බුදු හාමුදුරුවෝ කියපු දේවල්? technically
    දකිමු ????
    :nerd: :baffled: :nerd:

    අනේ බූරුවෝ දැන්ද නැගිට්ටේ.. මුල ඉඳන් කියවගෙන වරෙන්...
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    51ol0l.jpg

    උඹ වගේම පිස්සු පොරක් තමයි මේ..:lol::lol::lol::lol: ලිපියේ ගන්ඩ කිසම හරයක් නැහැ... වෙනද වගේම කරල තියෙන්නෙ කාට හරි බැනලා තියෙන එක..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ වගේම පිස්සු පොරක් තමයි මේ...

    ඇත්ත, මේ මොට්ටයට ගැලපෙන්නේ ඔයවගේ ඒවම තමයි!! soft mental 'case' එකක් නේ...:D

    ඒක නෙවෙයි... මේ artical එක එසේ මෙසේ එකක්, negligible එකක් කියල අහක දාන්න බෑ නේධ? (මහප්පරාන 'ධ') ඇයි මේ සුළුපටු 'කස්ටියක්' නෙවෙයි නේ... 'ධර්ම පර්යේෂණාලයක' උදවිය කියන්නේ, එසේ මෙසේ උදවිය වෙන්න බැහැ නේ? 'ලෝකවිදූ' බුදුරජාණන්වහන්සේ නමක් විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පරීක්ෂා කරන්න, පරීක්ෂා කරලා බුදුහාමුදුරුවෝ හරියට කියල තියනවද, වරද්දල තියෙන්නේ මොනවද කියල හොයන්න, නිකම් හරියට 'විශ්ව විදූ' වගේ මහා ලොකු අය වෙන්න එපාය!! වැඩේ තියෙන්නේ මම කොහෙවත් අහල නැහැ නේ 'සද්දහති තථාගතස්ස බෝධීන්' කියල මිසක් 'පර්යේෂනාති තථාගතස්ස බෝධීන්' කියල කතාවක්!! කොහොමත් අවුලක් වෙන එකක් නැහැ මං හිතන්නේ... ඇයි මේ හුඟක් 'බුද්ධිමතුන්' පිළිගන්න විදියට, පර්යේෂණ කරලම නේ නිරීක්ෂණ, නිගමනවලට එන්න ඕනේ! ඔය හුඟක් මුස්පේන්තු මෝඩයෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියල එකකුත් කියල තියනවා කියල... ඉතින් එයාල ඔහේ පරීක්ෂණ පවත්වපුවාවේ. visa ඉවරවෙනකොට යමපල්ලෝ හතර දෙනෙක් එනවා නිරීක්ෂණය කරන්න ලැබෙයි!!! ඊළඟට උන් ඇවිත් අත් කකුල් හතරෙන් අල්ලලා ඇදගෙන යනකොට 'අනේ මම අනාගත්තා නේද' කියන නිගමනයට එන්න පුළුවන් වෙයි!!!:lol::lol::lol:
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඇත්ත, මේ මොට්ටයට ගැලපෙන්නේ ඔයවගේ ඒවම තමයි!! soft mental 'case' එකක් නේ...:D

    ඒක නෙවෙයි... මේ artical එක එසේ මෙසේ එකක්, negligible එකක් කියල අහක දාන්න බෑ නේධ? (මහප්පරාන 'ධ') ඇයි මේ සුළුපටු 'කස්ටියක්' නෙවෙයි නේ... 'ධර්ම පර්යේෂණාලයක' උදවිය කියන්නේ, එසේ මෙසේ උදවිය වෙන්න බැහැ නේ? 'ලෝකවිදූ' බුදුරජාණන්වහන්සේ නමක් විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පරීක්ෂා කරන්න, පරීක්ෂා කරලා බුදුහාමුදුරුවෝ හරියට කියල තියනවද, වරද්දල තියෙන්නේ මොනවද කියල හොයන්න, නිකම් හරියට 'විශ්ව විදූ' වගේ මහා ලොකු අය වෙන්න එපාය!! වැඩේ තියෙන්නේ මම කොහෙවත් අහල නැහැ නේ 'සද්දහති තථාගතස්ස බෝධීන්' කියල මිසක් 'පර්යේෂනාති තථාගතස්ස බෝධීන්' කියල කතාවක්!! කොහොමත් අවුලක් වෙන එකක් නැහැ මං හිතන්නේ... ඇයි මේ හුඟක් 'බුද්ධිමතුන්' පිළිගන්න විදියට, පර්යේෂණ කරලම නේ නිරීක්ෂණ, නිගමනවලට එන්න ඕනේ! ඔය හුඟක් මුස්පේන්තු මෝඩයෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියල එකකුත් කියල තියනවා කියල... ඉතින් එයාල ඔහේ පරීක්ෂණ පවත්වපුවාවේ. visa ඉවරවෙනකොට යමපල්ලෝ හතර දෙනෙක් එනවා නිරීක්ෂණය කරන්න ලැබෙයි!!! ඊළඟට උන් ඇවිත් අත් කකුල් හතරෙන් අල්ලලා ඇදගෙන යනකොට 'අනේ මම අනාගත්තා නේද' කියන නිගමනයට එන්න පුළුවන් වෙයි!!!:lol::lol::lol:

    පැහැදිලිවම කියලා තියෙන දේ මොන රෙද්දක් පරික්‍ෂණ පවත්වන්නද... ඕකගේ මොලේ තමයි පර්ක්‍ෂාකරන්න තියෙන්නෙ... යමපල්ලො එක්ක මටත් එන්න වෙයිද දන්නේ නැහැ මූව අරං යන්න ... හිහ් හිහ් හූ !!!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පැහැදිලිවම කියලා තියෙන දේ මොන රෙද්දක් පරික්‍ෂණ පවත්වන්නද... ඕකගේ මොලේ තමයි පර්ක්‍ෂාකරන්න තියෙන්නෙ... යමපල්ලො එක්ක මටත් එන්න වෙයිද දන්නේ නැහැ මූව අරං යන්න ... හිහ් හිහ් හූ !!!

    මහසොනත් දැන් නිවන් අවබෝද කරලද ? උඹ කොහොමද දැනගත්තේ ? කලන්තයක් වගේ හැදිලද ? නැතම් ගෝල්ඩ් පට වගේ දැකලද ? :eek:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගන්න තියන්නේ පුංචි කැල්ලක් විතරයි
    nbspow.jpg


    හැබැයි අරගෙන නැහැ කිව්වට අරගෙන වගේ නැත්තම් මෙචර දගලයිද ඔක්කොම අවබෝද කරලා නිවන් දැකපු ටෙක්නිකල් රහතන් වහන්සේ කෙනෙක් .
    :P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පැහැදිලිවම කියලා තියෙන දේ මොන රෙද්දක් පරික්‍ෂණ පවත්වන්නද... ඕකගේ මොලේ තමයි පර්ක්‍ෂාකරන්න තියෙන්නෙ... යමපල්ලො එක්ක මටත් එන්න වෙයිද දන්නේ නැහැ මූව අරං යන්න ... හිහ් හිහ් හූ !!!

    ඒයි යකෝ, යමපල්ලෝ එක්කම එන්න තරම් පරක්කුවෙන්නේ නැතුව පුළුවන් නම් දැන්මම පලයං ඔය පිස්සු කෙලින භූතයෝ ටික හොයාගෙන. ගිහින් එක එකාගේ පුකට 6 පාරක් නෙවෙයි, 6x6 පාරක් ගණනේ දුන්න නම් හරි 'මොළ' ටික විසි වෙලා ගිහින් 'හරි තැනට set වෙන්න'. ලොකු talks දුන්නට ක්ෂණ සම්පත්තිය කියන එකේ වටිනා කම වත් නොදන්න, ඒක කොච්චර දුර්ලභයිද කියලවත් තේරුම් නොගත්තු මේ 'බූරු මාමල' පව් නැත්නම්...
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මහසොනත් දැන් නිවන් අවබෝද කරලද ? උඹ කොහොමද දැනගත්තේ ? කලන්තයක් වගේ හැදිලද ? නැතම් ගෝල්ඩ් පට වගේ දැකලද ? :eek:

    නැහැ... හිනා ගියා එකෙන් තමයි දැනගත්තෙ.. ආ හරි උඹ පෘත්කජනයෙක් කිව්වා මතකයි... ඉතින් කොහොමත් පිස්සුනේ ... තේරෙන එකක් නැහැ... අපරාදේ උඹට දීලා තියෙනව band width එක... ඔහේ මොකක් හරි අහු උනාම ලින්ක් දානවා.... එහෙම නැතිනම CTRL + C ... CTRL + V ... උඹයි සිරාජ් කියන එකයි එකාමද ? නැතිනම් නිවුන්නුද ?

    උඹත් අර මහා පරක්‍ෂක හාමුදුරුවෝ වගේ බැන බැන .. ඉන්නවා මිසක්... කවදාවත් ... මේ හේතුව උඩ වැරදියි මේක නිසා වැරදියි කියලා පෙන්නලා නැහැ... ඒක නිසා මම තීරණය කලා උඹ දන්න මගුලක් නැහැ..කියලා... අනික පොට්ටයකුට කොහොමද සුදුපාට පෙන්නන්නේ....
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ගන්න තියන්නේ පුංචි කැල්ලක් විතරයි
    nbspow.jpg


    හැබැයි අරගෙන නැහැ කිව්වට අරගෙන වගේ නැත්තම් මෙචර දගලයිද ඔක්කොම අවබෝද කරලා නිවන් දැකපු ටෙක්නිකල් රහතන් වහන්සේ කෙනෙක් .
    :P

    ඉතින් බූරුවෝ ඒ කෑල්ල විතරක් දැම්ම නම් ඉවරනේ.. නිකන් පොර වෙන්න ඔක්කොම දාන්නේ... ඔය කියන ධර්මදර .. විනයදර කියන අය හරියට කිව්වා නම් .. මොකටද බොල බොරු කාරයන්ට අහුවෙන්නෙ..
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉතින් බූරුවෝ ඒ කෑල්ල විතරක් දැම්ම නම් ඉවරනේ.. නිකන් පොර වෙන්න ඔක්කොම දාන්නේ... ඔය කියන ධර්මදර .. විනයදර කියන අය හරියට කිව්වා නම් .. මොකටද බොල බොරු කාරයන්ට අහුවෙන්නෙ..

    ඉතින් අපි වගේද ? බුද්දිමත් ය අවශ්‍ය දේ විතරක් අරගන්නවනේ. මොකද හැමදේම දන්නා අයනේ ? .අපිනම් අහු වෙලා නැහැ . මොකද අපි LED වලින් බුදුරැස් පෙන්නන . ඉලෙක්ත්රොනික් වලින් නිවන් අවබෝද කරන්නේ නැහැ . අනේක ඉතින් මම කියන දෙයක් නෙමෙයිනේ . ඔය හාමුදුරුවන්ගේ පින්තුරෙත් එක්කම තියන්නේ . අහුවෙලා නැත්තම් අයි ඔයතරම් කේන්ති ගන්නේ ? ඔහොම මලපනින නිවන් අවබෝදෙකින් ඇති පලේ මොකක්ද ? ඔය අවබෝද කරන නිවනේ හික්මීමක් නැද්ද ? :lol::lol::lol::lol:
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඉතින් අපි වගේද ? බුද්දිමත් ය අවශ්‍ය දේ විතරක් අරගන්නවනේ. මොකද හැමදේම දන්නා අයනේ ? .අපිනම් අහු වෙලා නැහැ . මොකද අපි LED වලින් බුදුරැස් පෙන්නන . ඉලෙක්ත්රොනික් වලින් නිවන් අවබෝද කරන්නේ නැහැ . අනේක ඉතින් මම කියන දෙයක් නෙමෙයිනේ . ඔය හාමුදුරුවන්ගේ පින්තුරෙත් එක්කම තියන්නේ . අහුවෙලා නැත්තම් අයි ඔයතරම් කේන්ති ගන්නේ ? ඔහොම මලපනින නිවන් අවබෝදෙකින් ඇති පලේ මොකක්ද ? ඔය අවබෝද කරන නිවනේ හික්මීමක් නැද්ද ? :lol::lol::lol::lol:

    ඈ උඹ සොරි තමුන්නාන්සේ මාර පොරක්..... සොරි උත්තමයෙක් නේ... යුනිකෝඩ් අකුරු .. වචන ටිකක් බලල ... මගේ චිත්ත වීතියම කියවලා... මට මල පැන්න කියලා තේරුම් අරං නේ... තමුන්නාන්න්සේගේ පරසිත් දැකීමේ නුවන ගැන මට සංතෝසයි ...

    උඹේ ප්‍රස්නේ තියෙන්නේ ඔළුවේ... ඉලෙක්ට්‍රෝනික්ස් වල නෙමෙයි... බලුබෙට්ටක් උපමාවට අරං හරි මේ ධර්මය විස්තර කරන්න පුළුවන්... අනෙක ඒ කාලේ කුඹුරු කරපු මිනිස්සුන්ට ඒ උපමා කිව්වා... උඹට කුඹුරක් හරි හරක් පට්ටියක් හරි අරගෙන උපමාවක් කිව්වොත් තෙරෙයිද... (හරක් පට්ටිය නම් තේරෙයි උඹ ඒකෙම ඉන්න එකෙක් නිසා) ... මෝඩෙයෙක් නොවී.. කියපු දේ බලපන්... අපෝ මෙන්න ඉලෙක්ට්‍රෝනික්ස් වලින් බණ කියන්වා... අපි අහලා තියෙන්නේ එහෙම නෙමෙයි .. අපිට ඕන දැකලා වත් නැති කුඹුරක උපමාවක්... ඒකා පිස්සෙක් ... ඒකා අයින් කරන්න ඕන... වගේ මෝඩ ලේබල් බෞද්ධ ටෝක්ස් නොදා ....ගන්න බලපන්. උඹ ඉගෙන ගත්ත දේ පිටින් බලන්න බැරි එකෙක්... බෞද්ධයාගේ නිදහස් මනසට මොකද උනේ ???.. තෝ වගේ මැට්ටෝ ඉන්නකන් 2600 ජයන්තිය තියා 3600 දි වත් මොකුත් කරගන්න බැරි වෙයි.

    දමිතයා (මාත් එක එක දේවල් ඌට කිව්වා) ... ලියන ඒවා ඉලෙක්ට්‍රොනික්ස් තෙරෙන්නේ නැතිනම ඒවා අයින් කරලා ගන්න බලපන්... නිකන් බොරුවට පත්තර වල පිටු මෙතන දාන්නේ නැතුව .. අඩුම ගානේ ඌ අවබෝධ කරගත්ත දෙයක් උගේ වචන වලින් ලියනවා ... තෝ මොනවද කරල තියෙන්නේ කියලා හිතලා බලපන් අවංකව... වැරදි නම් වැරද්ද පෙන්නපන් ... එතොකොට හදාගන්න පුළුවන්... නිකන් බොරුවට ඕක වැරදියි ... උඹට පිස්සු... කියන්නේ නැතුව...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට මේ ධර්ම කතාන්දරය සම්බන්ධයෙන් කල්පනා කර කර ඉන්න අතරේ මාරු අදහසක් ආව. ටිකක් හිනහත් යන එකක්! 'අර අහවල් හාමුදුරුවොන්ගේ ඒවා හොඳයි' කියල කියාගෙන ආපු කෙනෙකුට ඔය කතාව මම කිව්වත් එක්ක... වැඩේ බොහොම සාර්ථකයි!! මට කියන්න ඕනේ කරපු එක ඒ විදියටම ඒ මනුස්සය තේරුම් ගත්ත. ඇත්තටම තමන් ධර්මය දැනගෙන, අවබෝධ කරගෙන, ඒ තමන් අවබෝධ කරගත්තු ඒවා ඒ විදියටම වෙන කෙනෙකුට දෙන්න ගියොත්, ඒ කියන්නේ ධර්මය වෙනුවට තමන්ගේ අවබෝධය වෙන කෙනෙකුට කියන්න ගියොත්, නැත්නම් වෙන කෙනෙක් උත්සහ කරලා කරලා අවබෝධ කරගත්තු දෙයක් තමනුත් ඒ විදියටම ගන්න ගියොත්, ඒක නිකම් හරියට වෙන කෙනෙකුට මහපු කලිසමක් තමන් අඳිනවා වගේ වැඩක්! හුඟාක් වෙලාවට වැඩේ upset! ...නේද? එකම වගේ, එකම size එකේ දෙන්නෙකුට නම් අවුලක් ඇත්තෙම නැහැ. මෙතනදීත් කල්පණා කිරීමේ, අවබෝධකිරීමේ හැකියාව, ප්‍රඥාවන්ත බව, ලබල තියන දැණුම අතින් සමාන උදවිය අතරේ ප්‍රශ්න, ගැටළු මොකවත්ම නැහැ. ඒත් මිනිස්සු දාහක් ගත්තොත් කීයෙන් කීදෙනාද එක වගේ, එකම size අය වෙන්නේ?? ඒත් දැණුමින්, ප්‍රඥාවන්ත බවෙන්, කල්පණා කිරීමේ, අවබෝධකිරීමේ හැකියාවෙන් සමාන උදවිය හෙව්වොත්, එච්චරවත් පිරිසක් හොයා ගන්න නැහැ නේ!! ඉතින් කලාතුරකින් කෙනෙකුට මහපු කලිසමක් තව කෙනෙකුට හරිගියත් ධර්මය නම් එහෙම හරියන්නෙම නැහැ!!

    බුදුහාමුදුරුවෝ කලේ කලිසමක් නැතුව ඉන්න එකේ අවදානම කියල දීල, කලිසමක් ඇඳගන්න එකේ වටිනාකම කියල දීල, රෙදියි, නූලුයි, කපන්න/මහන්න ඕනේ කරන සේරම දේවලුයි සපයලා දීල, කපන්න/මහන්න කියලත් දීල (අවශ්‍ය දේ කරගන්න ඕනේ විදියත් එහෙම්පිටින්ම කියලදීල) 'එහෙනම් උඹල උඹලට හරියන්න කලිසම් මහගන ඇඳගනිල්ල...' කිව්වා වගේ දෙයක්... උන්වහන්සේ හැමෝටම තම තමන්ට අවශ්‍ය ඒවා මහගන්න, මහල ඇඳගන්න උපකාර කලත් එක්ක!! පෙර විසු මහා රහතුන් වහන්සේලාත් කලේ එයාල මුලින් තම තමන් කලිසම් මහල ඇඳගෙන, සාමාන්‍ය ජනතාවටත් එහෙම කරගන්න උපකාර කරපු එකමයි. අපේ හාමුදුරුවෝ කලෙත් / කරන්නෙත් මේ පාලියෙන් තිබිච්ච කතන්දර අපිට තේරෙන්න තෝරලා දෙන එක!! ඒකෙන් තමයි අපිත් කලිසමක් මහල ඇඳගන්න එකේ වටිනාකම තේරුම් ගත්තේ... මම මෙතන ඇවිල්ල කලෙත් කලිසමක් ඇඳගන්නේ නැතුව හෙළුවෙන් පිස්සු කෙල කෙල ඉන්න එවුන්ව 'කලිසමක් ඇඳගනිල්ල...' කියල උනන්දු කරවපු එක!! ඒත් කොහොම කලත්, කොච්චර කලත්, අන්තිමට තමන්ට ගැලපෙන්න මහල ඇඳගන්න ඕනේ තම තමන්මයි!!

    ඒත් දැන් ඉන්න වැඩිහරියක් 'බුවාලා' කරන්නේ තමන් වත් කලිසමක් නැතුව හෙළුවෙන් ඉඳගෙන අනෙක් උන්ට අන්දන්න යනවා වගේ වැඩක්! සමහරු කලිසමක් වෙනුවට වෙන වෙන බාච්චු මහගෙන ඒවම අන්දන්න යනවා අනික් උන්ටත්!! මෙතන මේ mensoft කාරය වගේ උන් මගේ කලිසම ඌ ඇඳගන හරියන්නේ නැතෝ... කිය කියා මෙතන යකා නටනවා. එහෙම හරියන්නේ නැහැ කියලවත් මුන්ට තේරෙන්නේ නැහැ නේ... ඉතින් මේක බලන බොලල්ල හැමෝටමයි මේ කියන්නේ... මෙතන ගොඩක් තොරතුරු තියනවා කලිසම් මහගන්න ඕනේ හැටි ගැන... වෙන කොහෙවත් නැති විදියටත් ඇති... ඉක්මන් කරලා කරුණු දැන ඉගෙන ගෙන, තමන්ට හරියටම හරියන කලිසමක් මහල ඇඳගනිල්ල... ඉක්මනට!! වෙන වෙන දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ පින්තුරේ තියන + සලකුණ දිහා බලාගෙන මට මේක භාවනාවක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?

    http://www.worldaffairsboard.com/at...38773038-pictures-cheat-your-eyes-unnamed.gif

    මඤ්ඤංද???
    ඔය පින්තුරේ බලන්න දඟලන්න ඕනේ නැහැ එහෙමනම්, 'දෙකක් දාගත්තමත්' ඔයිට වඩා ලස්සන ඒවා පේනවා!
    හැබැයි ඕව කරලා උඹට මොකුත් අවබෝධවෙන එකක් නැහැ... අනික් උන්ටනම් අවබෝධවෙයි තොටත් පිස්සු කියල...:lol:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මගේ හිත හැම තැනම දුවනවා. ඉතින් මම බලන්නේ හිත එකග කරගන්න හොඳ භාවනාවක් හොයාගන්නයි. මම අහලා තියනවා ඔය කසීන භාවනා කියල එකක්. ඒක හොඳද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ හිත හැම තැනම දුවනවා. ඉතින් මම බලන්නේ හිත එකග කරගන්න හොඳ භාවනාවක් හොයාගන්නයි. මම අහලා තියනවා ඔය කසීන භාවනා කියල එකක්. ඒක හොඳද?

    මම කතා කරලා බලපු හුඟ දෙනෙකුගේ ප්‍රශ්නය ඕකම තමයි! හිත දුවනවා... ඒත් මම ඔය දුවන එක ගැන දැනගෙන උන්නේ නැහැ. මොකද මට එහෙම අවුලක් තිබුනේ නැතිහන්ද. මම හිතින් සුමාන ගණන් තිස්සේ කල්පණා කරකර circuit designs කළා කියල කිව්වේ... එහෙම උනේ මම පටන්ගන්න කොටම ධ්‍යාන මට්ටම් වලින් පටන් අරන් තියෙන්නේ... (අර... කිඹුලා මට 'කින්ඩියත්' දාලත් තිබුනේ ඕක කිව්වම). ඒත් පස්සෙයි තේරුනේ අපි මේ 'වැඩර්ල' වගේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වට, හුඟක් අයට මූලික අවශ්‍යතාවයන් වත් සම්පූර්ණ නැහැ! ඒකමයි මේ සසරදුකින් නිදහස්වීමේ වැඩපිළිවලට තියන ප්‍රධාන බාධාව. ඒත් මලෝ, ඔය ප්‍රශ්නය විසඳගන්න ඕනේ තමන්මයි. හැබැයි ඒකට වැරදි පිළිවෙත් වල යෙදුනොත් ප්‍රශ්නය විසඳ ගන්නවා වෙනුවට නැති ප්‍රශ්ණ හැදෙනවා. හිත සංසිඳුව ගන්න කියල ඔය පින්තුර දිහාව බලන් ඉන්න එක, කසිණ කතන්දර වලට නම් යන්න තිය හිතන්නවත් එපා!! වැඩේ එහෙම්පිටින්ම ඇනිලා, මානසික රෝගියෙක් වෙලා තමයි නවතින්න වෙන්නේ!!!

    ඔයාටයි, ඔය ප්‍රශ්ණයම තියන හැමෝටමයි තියන හොඳම, සාර්ථකම, නිවැරදිම පිළිවෙල ආනාපානසති භාවනාව විතරයි!! කොච්චර අමාරු උනත් try කරලා කරලා, ඒකෙන්ම ගොඩවෙන්න ඕන. මුලින් හෙණ අමාරු වෙයි, ඒත් ටිකෙන් ටික දියුණුව ලැබෙනවාම තමයි. බයනැතුව, පස්සගහන්නේ නැතුව දිගින් දිගටම ඒකෙම යෙදෙන්න. වෙන විකාර වැඩ මොකකට වත් යන්න එපා!

    මම, මට තෝරලා දෙන්න පුළුවන් විදියට ඔය භාවනා කතාන්දරය ගැන thread එකේ මීට කලින් ලියල ඇති... බලන්න! technically, ටිකෙන් ටික හිත දුවන range එක පොඩිකරගෙන පොඩිකරගෙන ඇවිත් (narrow down) stable කරගන්න විදිය මම කිව්වා. හරියට 'Q factor' එක සම්බන්ධයෙන් 'Q peak' කරනවා වගේ දෙයක්... බලන්න, උවමනාවෙන් බැලුවොත් නොතේරෙන්න විදියක් නැහැ! ඔය ක්‍රමය 100% සාර්ථකයි. try කරලා කරලා තිතටම කරගත්තොත් ආයේ මගේ වැඩ ගැනත් කට අරගෙන බලන් ඉන්න, හූල්ලන්න ඕනේ වෙන එකක් නැහැ!! මොකද ඕනෙම කෙනෙකුට උත්සහ කලොත් හිත දියුණුකරගෙන ඒකෙන් වැඩගන්න කිසිම බැරිකමක් නැහැ! කාගෙන්වත් තහනමකුත් නැහැ!! ඒත් එකෙක්වත් ඒක නොකරන එකයි, ඒ වෙනුවෙන් උනන්දු නොවෙන එකයි තමයි upset එක. කාගේද වැරැද්ද??