ධර්මාවබෝධය කල කෙනා ඉන්නේ හරිම සැහැල්ලුවෙන්!!! අවබෝධකල කෙනාට සංඥාව තමන්ගේ වසඟයෙහි පවත්වන්න පුළුවන්!!! ඔය බව කිව්වෙත් බුදුරජාණන්වහන්සේයි... මම නෙවෙයි! තමන් හරි නම්, ඕව තමන්ටත් ඔය විදියටම තේරෙන්න, දැනෙන්න, සිද්ධවෙන්න ඕනේ!!! අන්න ඒවායින් තමයි තමන් හරියට වැඩේ කරගත්තද? නැද්ද? කියන එක දැනගන්න තියෙන්නේ... මම අන්න එහෙම validate කරලා බලපු හැම එකම tally උනා!!! අන්න ඒකයි මෙහෙම බය නැතුව එලියට බැස්සේ!!! කොයි ලෝකෙන්, කවුරු ආවත් මට කිසි ප්‍රශ්ණයක් නැහැ!!! මගේ එකම පදනම බුදුරජාණන්වහන්සෙයි, බුද්ධ වචනයයි (ධර්මය) විතරයි!!! අනික් මූලිකම කරුණ, උඹල හුඟදෙනෙකුට නැති එක, 'ශ්‍රද්ධාව' මට උපරිමයෙන්ම තියනවා!!! පූරුවේ පිණට, මට පරම පිවිතුරු බුද්ධ දේශනා ඒ විදියටම තෝරලා දෙන්න ගුරු හිමියන්වත් මුණගැසුනා!!! මම බුදුහාමුදුරුවෝ කියන ඒවා එහෙමපිටින් ගිල්ලා විතරයි... බුදුහාමුදුරුවෝ කියන ඒවා ඇත්තද, බොරුද, වෙන්න පුලුවන්ද, sureද කියල 'තමන්ගේ බුද්ධියෙන් විමසන්න' වගේ අතිපඬිතකම් කරන්න ගියේ නැහැ!!! මට බුදුරජාණන්වහන්සේව අනික් හෑම සියලු දේටම වඩා විශ්වාසයි!!!
සංඥාව තමන්ගේ වසඟයෙහි පවත්වනවා කියන්නේ සංඥා ආයතන 6න්ම එන ඕනෙම සංඥාවක්, ඕනේ නම් මනසිකාර කරලා ඇතුලට ගන්න (allow) පුළුවන්! ඕනේ නැත්නම් මනසිකාර නොකර අතහැරලා දාන්න (deny) පුළුවන්! එන ඕනෙම සංඥාවක් ඒ විදියටම ගන්නත් (in-phase) පුළුවන්! නැත්නම් වෙනස් හැටියට ගන්නත් (delayed, phase shifted or inverted) පුළුවන්! ඇත්තටම නම් නැති (fake) සංඥාවක්/සංඥා කිහිපයක් තියනවා කියල (emulated) ගන්නත් පුළුවන්! කොටින්ම කියනවනම් හිතට වහල්වීමක්, හිත අරමුණුවල බැසගැනීමක් 'අජ්ජෝසාය චිත්තං' නැහැ!!! total control එක තියෙන්නේ තමන්ගේ අතේ!!!
ඇත්තටම ඔය 'හිත' කියල අල්ලගන්න තියෙන්නෙත් අර 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන සංසිද්ධියෙන් ඇතිවෙච්ච ඵලය තමයි!!! සත්වයා කියල කියන්නේ ඒකටයි!!! කෙනෙකුගෙන් කෙනෙකුට අනන්‍යතාවය තියෙන්නේ ඒකෙයි!!! තම තමන් පුරුදු පුහුණු කරගත්තු ඒවා, දියුණුකරගත් කුසලතා, විපාක වලට ගොදුරුකරවන චේතනා (කර්ම) ඇතිකරන මතකයන් සේරම තියෙන්නේ ඔතන තමයි!!! පන්චුපාදානස්කන්ධයම ඔච්චරයි!!!
මේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන, එකක් උපකාරයෙන් අනික පවතින, 'ප්‍රතිපෝෂණ' ක්‍රියාවලියේ නැත්නම් feed-back loop එකේ ගතිය තමයි දෙකම සම තත්වයේ තිබුනොත් (unity gain or gain=1) මේක කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ!!! සදාකාලිකයි!!! ඒකයි සත්වයාගේ සංසාර ගමනට කෙළවරක් නැත්තේ!!!පටන්ගත්තු තැනක් හොයන්නත් බැහැ... එච්චර දුර ඈත කාලෙක ඉඳලයි පැවතගෙන එන්නේ. මේ loop එක technically නම් 'විද්‍යුතය සහ විද්‍යුත්චුම්බකත්වය' කියන අන්‍යෝන්‍ය සම්බන්ධයි!!!
ඊළඟට මේ, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' සංසිද්ධියේ අනික් භයානකම ලක්ෂණය තමයි එකක් සුළුවශයෙන් හෝ වැඩි කලොත් (gain>1), මේක ඉවරයක් නැතුව වැඩිවෙනවා!!! අනික එහෙම වෙන්නෙත් විදුලි වේගෙන්... වැඩිවන ප්‍රමාණය හිතා ගන්නවත් බැහැ... අනන්තයටම යනවා... බුදුරජාණන්වහන්සේ හිත බැසගත්තොත් විඥාණය පැළවෙනවා, විඥාණය පැළවෙන දෙයක්, කිව්වේ ඒකයි!!! එහෙම හැදෙන්න ගත්තම බාහිරින් කරන මොනම දේකින් වත් මේක නවත්වන්නබැහැ!!! මොනම ක්‍රමේකින්වත් නවත්වන්න බැහැ!!! සත්වයා සකස්වෙලා තියෙන්නෙම, සත්වයාගේ ස්වභාවයම තියෙන්නේ, ඔය විඥාණය පැළවෙන අතටයි!!! ඉතින් නිකම් හිටියත් සංසාර පැවැත්මට මිසක් මෙයින් නිදහස් වීමට කවදාවත් ඉඩක් ලැබෙන්නේ නැහැ!!!
මේ සංසිද්ධියේ තියන, අපිට සංසාර දුකින් නිදහස්වීමට උපකාරවෙන අනික් ප්‍රධාන ලක්ෂණය තමයි, මේකෙන් එකක් සුළුවශයෙන් හෝ අඩුකරලා (gain<1) පවත්වාගෙන යන්න පුළුවන් නම්, ක්‍රියාකාරිත්වය අඩුවෙලා අඩුවෙලා යනවා. කොයි වෙලාවක හරි මේක නැත්තටම නැතිකරලා දාන්න පුළුවන්!!! බින්දුවටම අඩු උනාම, ශුන්‍ය උනාම, loop එක කැඩෙනවා (break apart). එතනින් එහාට ආයේ එම loop එකම ගොඩනැගීමක් කවදාවත් සිද්ධ වෙන්නේ නෑ!!! සත්වයා සම්බන්ධයෙන් නම්, මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාකාරීත්වයක් නිරුද්ධ කළා කියන්නේ එම සත්වයා, එයාගේ අනන්‍ය තාවය, එයාගේ සංසාර ගමන, සියලු මතකයන් ඔක්කොම එතැනින්ම ඉවරයි!!! ආයේ එහෙම කෙනෙක් නෑ!!! කොහෙවත් නෑ!!! ඉවරයි!!!