මේක මම ගත්තේ technically, tri state logic වල high state, low state ඇරුණම ඉතුරුවෙන, high impedance state එකයි! නැත්නම් floating state කියලත් ගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ තත්වය ගැන කතා කරන්න විදියක් නැහැ... කියන්න පෙවන්න 'මානයක්' නැහැ!! තියනව කියන්නත් බැහැ... නැහැ කියන්නත් බැහැ... මහා 'බම්බු' අවස්ථාවක්!! ඒකයි floating කියන්නේ... වෙන ඊට සම්බන්ධවෙන මොනවා හරි signal levels අනුව high යනවා, low යනවා!! හැබැයි ඒ signals වලට මොකක් වත් බලපෑමක් කරන්නෙත් නැහැ!! ඒ signal හන්ද device එකට කිසිමදෙයක් වෙන්නෙත් නැහැ!!
රහතුන්වහන්සේත් අන්න ඒ වගේමයි!!! උන්වහන්සේටත් ඕනේ තැනක, ඕනේ දෙයක් කාලබීල, ඕනේ දෙයක් ඇඳගෙන, ඕනේ විදියකට, ඉන්න පුලුවන්!!! හැබැයි උන්වහන්සේ බාහිරින් එන මොනම දෙයක් අනුව වත් සැලෙන්නේ නැහැ!!! (අටලෝදහමින් කම්පා වෙන්නේ නැහැ කියල තියෙන්නේ... අන්න ඒක!) උන්වහන්සේ ඒ කිසිම දේකට බලපෑම් ඇතිකරන්නෙත් නැහැ!!! ඔන්න ඔහේ ඕනේ දෙයක් වෙච්චාවේ... කියල බලන් ඉන්නව විතරයි!!! හැබැයි ඕනේ නම් ගහකට නැගල පොල් කඩන්න, එහෙමත් නැත්නම් stage එකකට නැගල සින්දුවක් කියන්න ඕනේ කියල එයාට හිතුනොත්, කරන්නත් පුළුවන්!!! පැත්තකට වෙලා පැලෙන්න අඬන්න, නැත්නම් හැක්... හැක්... ගාල හයියෙන් හිනාවෙන්න ඕනේ කියල හිතුනොත් ඒකත් කරන්න පුළුවන්!!! එහෙම කළා කියල ලබපු අවබෝධය නැතිවෙන්නේ නැහැ!!! ආයේ ඉපදෙන්නේවත්, සංසාර ගමන දික්වෙන්නේ වත් නැහැ!!! සාමාන්‍ය මනුස්සයෙක් වගේම, සාමාන්‍ය මහජනතාව අතරේම හිටියත්, තමන්ගේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම් ජීවත් වෙලා පිරිණිවන් පානවා!!! එච්චරයි!
මේ... ඒක නෙවෙයි වැඩේ!! දැන් පූර්ණ උපේක්ෂාවට පත් උනාම බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියට නම්, කතන්දරේ ඉවර උනාට, බොලයි එකා කියනවා නේ උපේක්ෂාවත් අතහරින්න ඕනේ කියල!!! ඒ කියන්නේ 'කෙනෙක් ඉඳල' උපේක්ෂාව අල්ලගෙන ඉන්න ඕනේ නේ නේද?? (නැත්නම් අතහරිනවා කියන්නේ... මොකාද අතහරින්නේ?? නිකම්ම නිකම් කුණුහරප කතාවක් වෙනවනේ එතකොට??) දැන් උඹලගේ මේ කතාවේ තේරුම නම්, නිවණ / අරහත්වය වගේ බරපතල දේවල් ගැන කොච්චර උඩ පැන පැන, මහා සද්දෙන් කෑගැහුවත්, කරලා තියෙන්නේ එහෙම්පිටින්ම බොරුවක්!!! 'සක්ඛායදිට්ඨිය' ගෙඩිය පිටින්ම තියාගෙන, 'මම' එහෙම්මම තියාගෙනයි උඹල මේ ණිවන් දකින්න යන්නේ!!!
ගොනෝ, උඹලගේ ගුරාට අනුව මම රහත්වෙලා නැහැ කියල ඔප්පුකරල පෙන්වලා, ඇහැකුත් ගහල, බොහොම සන්තෝසෙන් ගියාට, තෝ දන්නවද බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට අනුව නම්, ඇත්තටම නම්, බොලයි එකා වැරදියි!!! තොට රහත්වෙන්න ලැබෙන්නෙත් නැහැ ඔහොම ගිහිල්ල නම්!!!
ඕකට හේතුව තමයි බුද්ධ දේශනාවල් නියම ආකාරයෙන්ම ධාරණය කරගෙන, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් අවබෝධ කරගන්න මහන්සි ගන්නවා වෙනුවට, 'අරය' එහෙම කියනවනම් මම මෙහෙම ටිකක් වෙනස් කරලා කියන්න ඕනේ... මම මේ මේ විදියට කිව්වොත් මටත් ලොකු පිරිසක් එකතුකරගන්න පුළුවන් වෙයි... කියල එක එක 'රටා දාල' තමන්ට හිතෙන හිතෙන ආකාරයට ධර්මය කියන්න / තෝරන්න යාම!!! උනුත් කැලේ යනවා!!! උන්ගේ ගෝලයොත් කැලේ යනවා!!! මලේ උඹට ගුරාගෙම සරණයි!!!
.....................................................
සප්ත බෝජ්ජන්ඝ ධර්ම කියාදුන්නේ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ තව කාටවත් තෝරන්න තියල, බාගෙට කරපු වැඩ මොකුත්ම නැහැ!!! පරිපූර්ණ වශයෙන්ම තෝරලා දීලා තියෙනවා!!! පාලි තේරෙන්නේ නැහැ නේ... අන්න ඒක හන්ද විශ්වාසවන්තව ශ්‍රී සද්ධර්මය තෝරලා කියල දෙන, අපේ හමුදුරුවොන්ගේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හමුදුරුවොන්ගේ දේශනා අහල බලන්න!!! ඊළඟට බෝජ්ජන්ඝ ධර්ම හැටියට කිව්වත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට කිව්වත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැටියට කිව්වත්, ඒ ඔක්කොම වචන විතරයි!!! වචන පාඩම් කරලා, කියව කියව ඉඳල වැඩක් නැහැ!! ඒ සේරගෙන්ම අදහස් කරන්නේ තම තමන් ප්‍රයෝගිකව කලයුතු වැඩපිළිවෙල නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන්, විස්තර කරලා, බෙදලා වෙන්කරලා, දැක්වීමක් තමයි!! අන්න ඒ විදියට කරන්න තියෙන ප්‍රයෝගික දේ තමයි, මේ තම තමන්ගේම ශරීර, ඒවා ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක, සහසුද්ධෙන්ම දැනගන්න, අවබෝධකරගන්න එක!!! මගේ guidance එක තියෙන්නේ කෙලින්ම අන්න ඒ කාර්යයට!!!