ලෝකෙම ඉන්න මිනිස්සු නොබොන, බොන හා බේබද්දෝ කියන කාණ්ඩ 3ට වැටෙනවා!
ඕකෙන් බේබද්දෝ කියන කොට්ඨාශය ගැන කතා කරලා වැඩක් නැහැ... උන් ඉන්නෙම බොන සිහියෙන්! උදේ පාන්දරින්ම දාගන්න ඕනේ... 'පදම' නැත්නම් වෙවුලනවා, මෙලෝ මලදානයක් කරන්න බැහැ... කිසිම කල්පණාවක් නැහැ!! උන් කල්පණා කරන්නේ බොන්නේ කොහොමද කියල විතරයි!!! සත්තු මරාගෙන කනවා, හොරකම් කරලා, මිනිස්සු මරල හරි සල්ලි හොයාගෙන බොනවා, පදම වැඩි උනාම ගෑනු පස්සේ යනවා... කාණුවල බුදිය ගන්නවා... අන්න ඒ වගේ එවුන්ට තමයි ඔය mensoft කාරයාගේ 'බණ' අදාළ!!!
හැබැයි ඉතින් එහෙම බේබද්දන්ට ඔය විදියට කියල නෙවෙයි, ඕව මාගල් size එකට print කරලා, දවස ගානේ එක එක කැව්වුවත් වැඩක් වෙන්නේ නැහැ!!!
ධර්මයේ කියවෙන්නේ 'අක්ක දුත්තෝ... සුරා දුත්තෝ...' මොකද්ද කියල එකක්! ස්ත්රී දූර්ථ (ස්ත්රී ලෝලී), සුරා දූර්ථ (බේබදු) කියල... අන්න එහෙම උන්ට කියල තියන කතාවල් තමයි මේ මුන් අල්ලාගෙන 'හප හප' ඉන්නේ!!! බොන එකා බොන වෙලාවට bite එකට මොනවා හරි හපනවා! ඒක හැපුව, එතනින් ඉවරයි!! මේ mensoft කාරය වගේ එවුන් බොන එක / බොන එකේ ආදීනව, bite එකට අරගෙන හැමතිස්සෙම හප හපා ඉන්නවා!!! ඒක බොනවට වඩා බරපතල case එකක්!!! මුන් ලෝකෙට පරකාසේ ගැහුවට වලකජ්ජ ගහපු ගමන් කෙලවෙනවා!!!
දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට හීනි අඩියක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, මොලේ කලපණා කරලා හැමදේම හරි ආකාරව කරන, කිසි දේකට කිසිම ඇබ්බැහි වීමක් නැති එවුන්, ඉඳල හිටලා යාලුවෝ යාලුවෝ එකතුවෙලා පොඩි 'සාජ්ජයක්' දැම්මට, ඒ කිසි එකකින් උන්ගේ සිහිය විකල් වෙන්නේ නැත්නම්, උන් සිහිය විකල් වෙලා ප්රාණ ඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරු කීම වගේ ඒවා 'මලාට' කරන්නේ නැත්නම්, වචනයෙන් හා සිතෙන් වෙන අකුසල් සිදුකරගන්නෙත් නැත්නම්, උන් කොච්චර බිව්වා කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!!! උන් බොනඑක බලාගෙන ඉන්න බැරි mensoft වගේ මුස්පේන්තුවෝ කුලප්පුවෙලා දැඟලුවට ප්රශ්ණයක් කරගන්න ඕනෙම නැහැ!!! ඉඳල හිටලා පොඩ්ඩක් බිව්වත්, ධර්මය අහල, ධාරණය කරගෙන, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් අවබෝධ කරගන්න කෙනා අනිවාර්යයෙන් මාර්ග ඵල ලබනවා!!! මේ... මුං කරන බොන එක ගැන කියව කියව ඉන්න එක, ධර්මය දන්නෙත් නැති, ධර්මය දකින්නෙත් නැති, කාලකන්නින්ගේ වැඩක්!!!
ඒත් මෙතන තියන වැදගත්ම දේ මේකයි!!! 'සන්සාරෝඝන් මහබ්භයන්' කියල කිව්වේ සංසාර ගමන භයානක හන්ද නේ... මේ වෙනකම් ඉන්නෙත් ඒ සංසාර අනතුරේ නම්, බීලා, ජොලි කර කර ඉඳලා, බැහැ!!! තමන්ව බේරගන්න කාටවත්ම බැහැ!!! ඉතින් බොන එකා බිබී, නොබොන එකා නොබී, ධර්මයෙන් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න!!! ධර්මයයි වැදගත්!!! තමන්ගේ ගැන බලාගන්නේ නැතුව, අනික් එවුන් බොන එක ගැන බල බල ඉන්න එකා අනිවාර්යයෙන් වලේ!!!