බුදු_දහමට_ඇදී_එති

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බුදු_දහමට_ඇදී_එති

    බලහත්කාර ප‍්‍රචාරයක් නෑ, බි‍්‍රතාන්‍ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති

    budda-fix.png


    බුදු දහම ඇදහීමට යොමුවී සිටින බි‍්‍රතාන්‍ය හමුදාවල භටයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කීපය තුළ දී ශීඝ‍්‍ර ලෙස වැඩිවී ඇතැයි ලන්ඩන් ඬේලිමේල් පුවත්පත කියයි.

    2005 වසරේදී බෞද්ධ වත් පිළිවෙත් පුරන බි‍්‍රතාන්‍ය හමුදාවල කාන්තා සහ පිරිමි භටයන්ගේ සංඛ්‍යාව 200 කට සීමා වී තිබූ අතර එය මේ වන විට 3,800 දක්වා වැඩි වී ඇති බව එම පුවත්පත පවසයි. මේ පිරිසෙන් 2,800 ක්ම නේපාලයේ උපන් ගුර්කා ජන වර්ගයට අයත්වූවෝ වෙති. අනෙක් දහසකගෙන් යුතු පිරිස හමුදා සේවයට එක්වීමෙන් අනතුරුව බුදු දහම කෙරෙහි යොමුවූ බි‍්‍රතාන්‍ය ජාතිකයෝ වෙති.

    හමුදා සේවයේ දී අත්විඳින මානසික පීඩනයෙන් මිදීමට බුදු දහම උපකාරවීම හමුදා භට පිරිස් මෙසේ බුදු දහම කෙරෙහි යොමු වීමට හේතුවී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආධ්‍යාත්මික නායකයන් පවසන බව ඬේලිමේල් පුවත්පත කියයි.

    බි‍්‍රතාන්‍ය හමුදා භට කණ්ඩායම් සඳහා බෞද්ධ උපදේශනය සිදු කරන සුනිල් කාරියකරවන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

    ‘‘යම් දෙයක් පිළිබඳව නොයෙක් ආකාරයෙන් විමසා බැලීමට බෞද්ධ දර්ශනය ඉඩ සලසනවා. හමුදාව තුළ කටයුතු කරන විට මානසික පීඩනය වර්ධනය වෙනවා. මෙවැනි මානසික ආතතීන්ගෙන් මිදීමට බුදු දහම ඉවහල් වන බව හමුදා භටයන් අවබෝධ කරගෙන තිබෙනවා. එහිදී ඔවුනට තමන්ට කැමැති අයුරින් ආගමානුකූලව ජීවත් වෙන්න පුළුවන්’’

    දෙදහස් පන්සිය වසරකට ඉහත ජීවත් වූ බුදුරජාණන් වහන්සේ යමක් බලයෙන් කිරීම අනුමත නැතැයි සඳහන් කළ කාරියකරවන මහතා යුද්ධය යනු අවසාන වශයෙන් තෝරාගත හැකි නරකම විකල්පය බව ද සඳහන් කළේය.

    2005 වසරේ දී ප‍්‍රථම වරට බි‍්‍රතාන්‍ය සන්නද්ධ හමුදාවලට බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ සීක් උපදේශකයන් අනුයුක්ත කෙරිණි.


    Source
     
    • Like
    Reactions: HondaMPLG