බුදු_දහම_හා_නවීන_විද්‍යාව

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බුදු_දහම_හා_නවීන_විද්‍යාව

    බුදු දහම හා නවීන විද්‍යාව



    Buddha18.jpg



    බුදු දහම හා නවීන විද්‍යාව බුදු දහමත් නවීන විද්‍යාවත් සංන්සන්දනාත්මක ලෙස විග්‍රහ කොට සමාන බව දක්විමට වත්මන් යුගයේ බොහෝ විද්වතුන් පෙළඹී සිටින බව පෙනේ. තරඟකාරිත්වයන් පස්කමි සැපතට ලෝලත්වයන් සහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි මානසිකත්වයන් ඇති කෙරෙන නවීන විද්‍යාවන් සදා සැනසුම ගෙන දෙමින් නිවන් සුවය සලසන බුදු දහමක් කිසිදා සම නොවන බව හේතු එලවාදීබව විග්‍රහ කල හැකිය. “තථාගතස්ස වේදිනෝ ධම්ම විනයෝ විවමෝ විරෝචති නපටිචිජන්නෝ” යන ඉගැන්වීමට අනුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇති ධර්ම විනය විවෘත කරන විට හා විචේචනය කරන විට තව තවත් බබළයි.විචේචනය නොකරනතාක් නොබබළයි සදහන් වේ. බුදු දහම මිනිසාට ස්වාමීත්වය හිමිකර දී ඇති මානව කෙන්ද්‍රීය දර්ශනයකි.

    එය මිනිස් සමාජයේ හිතසුව පිනිස හේතු වන්නකි. අද ඇතැමි රටවල දේවවාදී ආගම් අහිබවා නවීන විද්‍යාත්මක ඉගැන්වීමි ඉදිරියට ගොස් ඇත.ඒ කෙරෙහි මිනිසාගේ නැඹුරුව කෙසේද කිවහොත් තම ආගම ද අතහැර නවීන විද්‍යාව ඇදහීමට පෙළඹී සිටී.නමුත් බුදු දහම දභිබවා යාමට හෝ ඒ වෙන ළඟා වීමට හෝ තවම නවීන විද්‍යාවට හැකියාව ලැබී නැත. බුදුරදුන් දෙසු ධර්මය ආචාර විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක දර්ශනික හා විද්‍යාත්මක පදනමකින් යුතු දහමකි. විද්‍යාත්මක පදනමකින් යුතු වන්නේ වත්මන් විද්‍යාඥයින් කරන අර්ථ කථනයන්ට වඩා පුඵල් අර්ථයකිනි.

    මිනිසාගේ බාහිර දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවට ද බුදු සමය මග හෙළි කොට ඇත.බුදු සමයේ විද්‍යාත්මක පදනම මානව හිතවාදිගුණයෙන් යුතු වන අතර නවීන විද්‍යාත්මක නිපදවීම් තුළ මානව හිතවාදී ගුණයක් නැත.නවීන විද්‍යාව තුළින් බාහිර අංශයේ හෞතික දියුණුව පමණක් දැකිය හැකිය. බුදු දහම අනුව අධ්‍යාත්මික දියුණුවෙන් තොරව ලබන සියඵ හෞතික සම්පත් විනාශ වේ. “යං කිංචි සමුධය ධමිමං සබ්බංතං නිරොධ ධමිමං” යන දේශනාවෙන් එය පැහැදිළි වේ. බුදුරාජනන් වහන්සේ විසින් දීර්ඝ නිකායේ අග්ගඤ්ඤි සුත්‍රයේ දක්වා ඇති විශ්වයේ සමිභවය පිළිබද විග්‍රහය ද නවින විද්‍යාඥයින්ගේ අවධනායට යොමු වී ඇත.සමස්ත විශ්වයේ ක්‍රියාවලියම බුදුරදුන් විසින් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පුනර්භවය ත්‍රී ලක්ෂණය යන සංකල්පය මගින් විග්‍රහ කරනු ලැබීය.

    සමත හා විදර්ශන භාවනා මගින් සිත දියුනු කර ගැනීමෙන් පංචාභිහද්‍ර අෂ්ට සමාපත්ති ලැබිය හැකිය. ඒ තුළින් බුද්ධ ශ්‍රාවක පිරිස විශ්වයේ ක්‍රියාවලිය නුවණින් දත්සේක.සිතෙහි පවතින කෙළෙසුන් ක්‍රම ක්‍රමයෙන් දුරු කිරිමෙන් සෝවාන් සකෘද්‍රගාමී අනාගාමී අරහත් මාර්ග එලයන්ට පත්ව විභවයේ යථාර්ථය නුවණින් දකින මග බුදු සමයෙන් විවරණය වේ. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් සුඵ පිරිසකට තාවකාලික සුවයකුත් විශාල පිරිසකට අයහපතක් උදා කරමින් විවිධ පරික්ෂණ හා අත් හදා බැලීම් කරන අයුරු දැකිය හැකිය ඇතැමි සොයා ගැනිමි හමුවේ විද්‍යාත්මක කරුණු බුදු දහම හා සැසදෙන බවත් ඇතම් කරුණු නොසැසදෙන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.වැඩි දුර පරික්ෂණ හා නිරික්ෂණ කිරීමේදි බුදු දහමේ කරුණු සනාථ වු අවස්ථා කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ.ඉන් අපට පැහැදිලි වන්නේ නවීන විද්‍යාව නමින් දිනෙන් දින දියුණුවන්නේ බුදු දහම බවයි.ඒ බව ලෝකවාසීන්ට නුදුරු අනාගතයේදී වැටහෙනු ඇත.නවීන විද්‍යාවේ දියුණුව නිසා වත්මන් මිනිසාට වන්ද්‍ර සුර්ය ග්‍රහ තාරකා චක්‍රාවාට ආදිය තරණය කිරීමටත් එහි ස්වරූපය කැමරාගත කිරිමටත් හැකියාව ලැබී ඇත.

    ඇතැමි ලෝක භ්‍රමණය වන අයුරුත් සොයා ගැනිම නවින විදයාවේ හාස්කම් ලෙස දැක්වුවද බුදුරදුන් දේශනා කොට ඇති තරම් ලෝක පිළිබද තොරතුරු සොයා ගැනීමට තවම විදයාඥයින්ට හැකියාව ලැබී නැත. අංගුන්තර නිකායේ ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ බුදුරදුන් දේශිත ‍ලෝක විසි දෙදහසක් ගැන සදහන් වේ.විශ්වයේ තරම සිතිමට අපහසු බවත් අචින්ත්‍ය බවත් දේශනා කොට ඇත.එහිදි බුදුරදුන් ආනන්ද තෙරුන් අමතා “යාවතා ආනන්ද චන්දිම සුරියා පරිහරන්ති දිසාහන්ති විරෝචනාතාව සහස්සධා ලෝතෝ ”(ආනන්දය හිරු සදු දිසා ආලෝකවත් කරමින් යම්තාක් පරිභ්‍රමණය වන්නේද එය සහස්සධා ලෝක ධාතුවයි) තවද සහස්සි නම් ලෝක ධාතුවේ හිරු සහසක් සදු දහසක් ආදි වශයෙන් එහි ස්වරූපය දක්වා ඇත.

    නමුත් නවින විද්‍යාඥයින්ට තවම හැකිවී ඇත්තේ ඉන් ග්‍රහලෝක කිහිපයක් පමණක් සොයා ගැනිමටයි. නවීන විද්‍යාවේ දියුණුව නිසා එක් පැත්තකින් හිරු සඳු තරණය කරද්දි තවත් පැත්තකින් හිරු සදු තරණය කරද්දී තවත් පැත්තකින් වෛරය ක්‍රෝධය පළිගැනිම හා මිනිස් සංහතියේ විනාශයට හේතුවන බෝමිබ තුවක්කු ආදී අවි ආයුධ ද දියුණුවෙමින් පවති. අධ්‍යාපනය ආහාරපාන ඇදුමි පැළදුමි ගමන් බිමන් ආදිය පවා අද කෘතිම තත්වයට පත්ව තිබේ. අව්, වැසි, ගංගා, ඇළ දොළ වනාන්තර ආදී සොබා දහමේ අසිරියද විනාශ වෙමින් පවතී.නුදුරු අනාගතයේ මේවා නිසා මිනිසාට විදිමට සිදුවන දුර්විපාක වැළැක්විය නොහැකි බව අද විද්‍යාඥයෝම පිළිගනිති.ඇට්ලාන්ටික් සාගරය විනාශ කිරීමෙන් හා ඕසොන් ස්ථරය විනාශ වීමෙන් මුඵ මහත් විශ්වයටම සිදුවන හානිය සුඵ පටු නොවේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාය දිනෙන් දින ඉහළ යාම නිසා තරුණ ජීවිත අද උමතු ජීවිත බවට පත්ව ඇත. මිනිසා එදා ගත සිත වෙහෙස කළ ක්‍රියා අද රොබො යන්ත්‍රයට භාර දීමෙන් මිනිසා කිසිදු හැකියාවකින් තොර නිකමුන් බවට පත්වී තිබේ.

    නවීන විද්‍යාවේ හාස්කම් ලෙසින් නිපදවා ඇති ශිතකරණ පරිගණක රේඩියෝ රූපවාහිනී විදුලි පංකා මගින් පිටවන වායුව හා කිරණ මිනිසාටත් වායුගෝලයටත් අහිතකර ප්‍රතිඵල ගෙන දී ඇති බව අද විද්‍යාඥයෝ පිළිගනිති. පෙර නොවු පිළිකා ලෙඩ රෝග හා අබාධ වලට හේතුව ද නවීන විද්‍යාත්මක විපර්යාශයන්හි අනිටු විපාක විය හැකිය. මෙලෙස මිනිසා අසීමිත ලෙස භෞතිකත්වයට නැඹුරු වීමෙන් සිදුවනුයේ අනාගතයේ විෂ වායුවෙන් පිරි ලොවක කොන්ක්‍රීට් ගොඩවල් වලින් යුතු පරිසරයක් දුක්ඛිත ජිවිත ගතකිරිම නොවේද ? පෙර දැහැමින් සෙමෙන් රට පාලනය කළ චක්‍රවර්ති රජවරුන්ගේ පාලන සමයේදි මිනිසා යුද බියෙන් හා ලෙඩ රෝග වලින් තොරව මානව දයාවෙන් යුතුව දැහැමි ජිවිත ගත කළ අයුරු වංශ කථා වලින් පැහැදිලි වේ.

    බුදු දහමට අනුව නවීන විද්‍යාව යනු පර්යේෂණාගාර තුළ දි අවිද්‍යාවෙන් යුතුව කරන අවද්‍යාත්මක හැදෑරීමකි.ඉන් තණ්හාව ආශාව හට ගෙන තව තවත් ජාති ජරා මරණ දුක්ම රැස් කරයි.බුදු දහම පුද්ගලයාගේ අවිදයාව දුරුකරණ විදයාව හෙවත් නුවණැස පාදන උතුමි දහමකි.මෙලොව සුව මෙන්ම ‍ සුවද ඒ තුළ පවති. එය කිසිසෙත් තණ්හාවෙන් හැ අවිදයාවෙන් යුතු නවින විද්‍යාව හා නොසැසදේ. මේ අනුව අනාථව අසරණව මොහයේ ගිලුණු විද්‍යාව අදහන්නන් කෙදිනක හෝ බුදු සමයෙන් මානව දයාව කරුණාව ඉල්ලා හඩ වැටෙනු ඇත.

    [URL="http://www.danuma.lk]විතාරන්දෙණිය වජිරවංශ හිමි[/URL]
     
    Last edited:
    • Like
    Reactions: sumedha456

    jrwarlord13

    Member
    Sep 7, 2010
    190
    2
    0
    Mcn Siraaavata... hamoma uthsaha kranne bududahamai, Vidyavai samana kranna.. bt 1ka kavadavath kranna ba...
    mkada science Bududahama langin vath thiyanna ba.
    Dannavada a ai kiyala.
    homosepiyan kiyanne Latin bhashaven Deviyan visin mavana lada kiyana 1kata... Bt Me padanama uda indan... bududahamata kittu venna ba... thava examples thiyenava... bt vla na. menna meka nisa kavadaavath lan venna vath ba.....
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    Mcn Siraaavata... hamoma uthsaha kranne bududahamai, Vidyavai samana kranna.. bt 1ka kavadavath kranna ba...
    mkada science Bududahama langin vath thiyanna ba.
    Dannavada a ai kiyala.
    homosepiyan kiyanne Latin bhashaven Deviyan visin mavana lada kiyana 1kata... Bt Me padanama uda indan... bududahamata kittu venna ba... thava examples thiyenava... bt vla na. menna meka nisa kavadaavath lan venna vath ba.....

    Aniwarenma machan uba kiyapu kathawa attha
    :yes::yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Mcn Siraaavata... hamoma uthsaha kranne bududahamai, Vidyavai samana kranna.. bt 1ka kavadavath kranna ba...
    mkada science Bududahama langin vath thiyanna ba.
    Dannavada a ai kiyala.
    homosepiyan kiyanne Latin bhashaven Deviyan visin mavana lada kiyana 1kata... Bt Me padanama uda indan... bududahamata kittu venna ba... thava examples thiyenava... bt vla na. menna meka nisa kavadaavath lan venna vath ba.....
    :yes::yes::yes:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    nice post bro........i very much like ur all post.......i always collect some knowledge after reading ur post......maxx work.keep it......