බුන්දල ජාතික වනෝද්‍යානය
හෙක්ටයාර 6200 ක භූමි වපසරියකින් සමන්විත වූ බුන්දල ජාතික වනෝද්‍යානයට හම්බන්තොට සිට ළඟාවීමට අතිශය පහසු ය. බුන්දල දී දැකගත හැකි සත්ව ජීවිතය අත්විදීමට ඔබත් අන්වර්යේන්ම නැරබිය යුතුය
හස්තීන් මෙන්ම තිත් මුවන්ද, වල් ඌරන් ද සුලභව දක්නට හැකි බුන්දල හිවලෙක් හෝ කිඹුලෙක් දැක ගැනීමට පවා ඔබ එතරම් වෙහෙස මහන්සියක් දැරිය යුතු නැත. කෙසේ වෙතත් ක්‍ෂීරපායි ගනයට අයත් විශාල සතුන් මිනිසුනට මුහුණ දීමටත් මිනිසුන් සමඟ හැසිරීමටත් අතිශය ලැජ්ජාශීලී භාවයක් දක්වනු ලබයි.

ජලජ පක්ෂීන්බුන්දල වූ කලී ජලජ පක්‍ෂීන්ට පාරාදීසියකි. දළ සංඛ්‍යා ලේඛනයන්ට අනුගතව ජලජ පක්‍ෂීන් වර්ග 18 ක් පමණ මෙම ප‍්‍රදේශයේදී දැක ගත හැක.සංචාරක කුරුල්ලන්ට කදිම නවාතැනක් වන බුන්දල බොහෝ සංචාරක කුරුලු රෑන් අතර සුප‍්‍රසිද්ධ ස්ථානයකි. සිසිර කාලය උදාවන විට ජලජ පක්‍ෂීන් රෑන් පිටින් නිල් අහස් කුස් තරණය කරමින් බොහෝ මඟක් ගෙවා විත් බුන්දල නැංගුරම් ලති. මෙකී නඩයේ අතිශය වර්ණවත් රණ හංසයන් වශයෙන් නම් දරා ඇති පොනිකොප්ටරස් රෑධර් බුන්දලට පැමිණිමෙන් අති විශාල වාසියක් අත්වන බව කුරුළු විශේෂඥයෝ පවසති. කෙසේ වෙතත් මෙම කාලය ඇතුලත පන් දහසකට අධික කුරුල්ලන් ප‍්‍රමාණයක් බුන්දලට සංචාරය කරන බව සොයා ගෙන තිබේ.රණ හංසයන් සතුව ගොඩනඟන ලද කුරුළු කූඩු පවා තිබීම අතිශය සුන්දර හා විස්මිත කාරණාවකි. නමුත් ඔවුන්ගේ ස්වකීය පරපුර බිහිකිරීමේ හැකියාව සහ දක්‍ෂතාවය පවතින්නේ කණගාටුදායක තත්ත්වයකය. සංඛ්‍යාලේඛනයන්ට අනුගතව තම වර්ගයා බෝ කිරීම පිළිබඳව කිසිදු ආකාරයක සාර්ථකත්වයකට මේ තෙක්ම ඔවුන් සමත් වී නැත.බුන්දල වූ කලී තාරාවන් උදෙසා ද කදිම නවාතැන්පොළකි. සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ මෙකී සංචාරක තාරාවන් බුන්දලට පැමිණෙන්නේ දින දසුනක් අහල පහළක තිබුණාක් මෙනි. අඩුම තරමේ දින දර්ශනයක සේයාවක් වත් ඔවුන් ළඟ රහසේ හෝ තිබෙනවා විය හැක. ගැහනි හෙවත් අනාස් කුවෙර්තුඩුලා මෙලෙස සුලභ වශයෙන් දැකිය හැකි තාරා විශේෂයකි.
වෙරළ ආශ‍්‍රිත පක්‍ෂීන් මධ්‍යම ආසියානු ආකාසය හරහා බුන්දලටද ළඟා වෙති. සිසිර කාලයට නවාතැන්පළක් ලෙසින් ඔවුන් බුන්දල සලකනු ලබයි. ප‍්‍රධාන වශයෙන් මෙකී සැපත් වීම් අගෝස්තු හා සැප්තැම්බර් මාස ද්විත්වය අතර සිදුවේ. ජුනි මාසයේ මුල් කාල වකවානුව තුළත් ස්වකීය සුන්දර මුහුණු බුන්දලට පෙන්වනු ලබන වෙරළ ආශ‍්‍රිත පක්‍ෂීන් තම පැමිණීම හෙවත් තම තෝරාගැනීම ගැන බොහෝ සංතෝෂ වනු දක්නට ලැබේ.ප‍්‍රමුඛ ලෙසින්් කළු වලිගයක් සහිත ගොඩ්විට්, පැසිපික් ගෝල්ඩන් ප්ලෝවර්, ග්රේ ප්ලෝවර්, කර්ලෙව් සැන්ඩ්පයිපර්..... ආදීන් බුන්දලදී දැක ගැනීමට හැකිතත්වයක් ලැබේ. මෙකී ජලයේ හැසිරෙන සත්වයන් බොහෝ සංඛ්‍යාවක් බුන්දලදී ඔබට දැකගත හැකි වන අතර සුවිශේෂයෙන්ම ඔවුන් සංක‍්‍රමනය වන්නා වූ කාල වපසරිය ඇතුළාන්තයේ බුන්දලට යහපත් වුවහොත් සිත් සේ ඔබට ඔවුන් දැක ගත හැකි වනු ඇත.
මොනරුඅතිශය මනස්කාන්ත මොනරු විශේෂයක් ද ඔබට බුන්දලදී දැක ගත හැකි වනු ඇත. පල්ලේ මල්ලාල නැමැති ප‍්‍රදේශය තුලට ඔබට ඔබේ වාහනය රැගෙනම ඇතුල් විය හැක. ප‍්‍රධාන මාර්ගයේ සිට මිනිත්තු පහළොවක දුරින් පිහිටා ඇති මෙකී ප‍්‍රදේශය තුළදී සිසිර කාලයේ පැමිණෙන පක්‍ෂීන් අතිවිශාල ප‍්‍රමාණයක් ඔබට දැක ගත හැකිවනු ඇත. විශේෂයෙන්ම මහා වර්ෂාවකින් අවසන මෙකී පක්‍ෂීන්ව ඔබට දැක බලා ගැනීමට හැකි වනු ඇත. නමුත් මෙකී පක්‍ෂීන් බලන්නටදෝ අලි ඇතුන්ද මෙකී ප‍්‍රදේශයට ඉඳහිට කඩා වැදීම සිරිතකි. ඔබ මෙහි යාමට බලාපොරොත්තුවක් ඇත්නම් මෙකී අලි ඇතුන්ගෙන් මඳක් ප‍්‍රවේසම්වීම අතිශය වැදගත් කාරණාවකි.ජලජ පක්‍ෂීන් ඔබට දැකගත හැකි තවත් ප‍්‍රදේශයකි උඩ මලල ප‍්‍රධාන මාර්ගයේ සිට පැය භාගයක දුරින් පිහිටා ඇති මෙකී ප‍්‍රදේශයේ අති විශාල ප‍්‍රමාණයක් සංක‍්‍රමණික පක්‍ෂීන් නැංගුරම් ලා ගෙන සිටිති.අතිශය වර්ණවත් රණ හංසයන් වසන්තය අහවර වීමත් සමඟම මෘදු රස්තියාදුවක් ද ගසා තම නිවහන් බලා පිටත්වීමට සුදානම් වෙති. උඩ මලල ප‍්‍රදේශය තුළ හස්ති රාජයන් සහ ගවකුලයේ කෙරුම්කාරයන්ද නිරන්තරයෙන් සැරිසැරීම සුලබය.බුන්දල වන උද්‍යානය වූ කලී දැනට ලංකාව තුළ දක්නට ඇති අතිශය වටිනා සතුන් බොහෝ ප‍්‍රමාණයක් ජිවත් වන ප‍්‍රදේශයකි.

හොද පොස්ට් එකක් කියලා හිතනවානම් comment රේප් එකක් දුන්නට කමක් නැහැ
onna copy paste nam neme
Last edited: