බුර්කාව - කාන්තා හිංසනයෙන් ත‍්‍රස්තවාදයට

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බුර්කාව - කාන්තා හිංසනයෙන් ත‍්‍රස්තවාදයට

    බුර්කාව - කාන්තා හිංසනයෙන් ත‍්‍රස්තවාදයට
    ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව, අත්‍යවශ්‍ය කොටස් හැරුණු කොට කිසිදු ශරීර කොටසක් නිරාවරණය නොවන පරිදි සහ ශෝභන ලෙස, ඇඳුම් ඇඳිය යුතු බවට කුරානය නියෝග කරයි. මේ පොදු නියෝගය හැර, කාන්තාවන්ටම වෙන්වූ ඇඳුම් පිළිබඳ වෙනත් නීතියක් කුරානයේ නැත. මේ සම්බන්ධයෙන් බුර්කාව, හිජාබය හෝ වේලය සම්බන්ධ විශේෂ නීති කුරානයේ අඩංගු නොවේ.
    බුර්කාවේ ආරම්භය ගැන වාර්තා වන්නේ 10 වැනි සියවසේ පර්සියාවෙනි. එය ක‍්‍රමයෙන් අරාබිකරයට ව්‍යාප්ත වූ අතර පසුව ඇෆ්ගනිස්ථානයේ හා පකිස්ථානයේ පැතිරුණි.
    නිකාබය ජනප‍්‍රිය කරන ලද්දේ අරාබියේ වහාබින්ගේ පාසල්වලිනි. වෙනමම අනන්‍යතාවකින් යුතු සුන්නි ඉස්ලාම් මූලධර්මවාදී දියොබැන්ඩිස් කණ්ඩායම් දකුණු ආසියාකරයට බුර්කාව හඳුන්වාදුන්හ.
    1996 වසරේ තලිබාන් ත‍්‍රස්තයින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගත් පසු, ඇෆ්ගන් කාන්තාවන් අනිවාර්යයෙන්ම බුර්කාව ඇඳිය යුතු බවට නීතියක් පැනවිණි. ඒ වන තෙක්ම මුස්ලිම් ලෝකයේ මේ ඇඳුම එතරම් ජනප‍්‍රිය නොවිණි.
    වහාබ්වාදයේ නැගිටීම හා දියෝබන්ධිවරුන්ගේ ක‍්‍රියාකාරකම් නිසා අප‍්‍රිකාවද ඇතුළුව ලොව සෙසු කලාපවලටද බුර්කාව සංක‍්‍රමණය විණි. දශක දෙකතුනකට පෙර බටහිර අප‍්‍රිකානු කාන්තාවන් බුර්කා ඇන්දේ කලාතුරකිනි. දශක කිහිපයකින් බුර්කාවේ ආදිනව වටහාගත් අප‍්‍රිකානු රටවල් කිහිපයකම දැන් එය තහනම් ඇඳුමකි. එම තහංචිවලට එරෙහි මහජන උද්ඝෝෂණ නැගුණේ නැත.
    බුර්කාවට ඉස්ලාමයේ පිළිගත් අර්ථ නිරූපණයක් නැත. අන්තවාදීන්ගේ වුවමනාව නිසා ප‍්‍රචලිත වූ එය සංස්කෘතිකාංගයක් යැයි සිතන තරමට ප‍්‍රචලිත විය. ඇත්ත වශයෙන්ම එය කාන්තා හිංසනයේම කොටසක් පමණි. ඒ ගැන අවබෝධ කරගන්නට බුර්කාවෙන් වැසුණු කාන්තාවන්ගේ වේදනාවන්ට සවන්දිය යුතුය. එය පහසු කටයුත්තක් නොවන්නේ අන්තවාදීන් මුස්ලිම් සමාජයට කරන බලපෑම සුළුපටු එකක් නොවන හෙයිනි.
    (ඡුායාරූපවල දැක්වෙන්නේ 60 දශකයේ සහ අද කාලයේ ඇෆ්ගන් කාන්තාවන්ය.)
    - නාරද කරුණාතිලක
    y0EE1f4.jpg

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙටියෙන් කියනවා නම් අන්තවාදය ඉස්ලාමය ආක්‍රමණය කර ඇත..:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.
    පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
    එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.
    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙ හරියට වැලි කුනාටු.... එකයි බුකර් අදින්නෙ

    එතකොට පිරිමිත් අන්දිනවද බුර්ක ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.
    පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
    එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.
    මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.

    The Burka has to banned - no question about it. Also all SriLankans have access to the education system, no matter what the ethnicity or the religion is. There's no reason to have islamic schools or sharia universities.