බුරි සදාචාරය

deepaldas

Well-known member
  • බුරි සදාචාරය

    south-actresses-in-half-sarees-hot-pics-5.jpg


    බස්නාහිර පළාත් මහ ඇමැතිතුමා බුරියට නල්ලමලේ නීතියක් ගෙනත් තිබුණා. ඒ හින්දා බුරි සදාචාරය පසු විපරමට තබා බුරියේ විත්තිය ලියන්න මට හිතුණා.
    ම්ම්... මේ කියන්නෙ ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ... එක බමුණු තාත්තෙක් තමන්ගේ දෝණියැන්දට මෙන්න මෙහෙම අවවාදයක් දුන්නා.


    නාබිය නොදක්වා - සළු ඇඳ බොලට දක්වා
    නොපොව තන සක්වා - සිනා නොමසෙන් දසන් දක්වා

    සමහරවිට මේ බමුණු තාත්තා මහ ඇමැතිතුමාට දුරින් නෑයො වෙනවාත් ඇති. බමුණු සමාජය කාන්තා නිදහස ළිප්බොක්කට තල්ලු කළා කියලයි අපේ විශ්වාසය. එතනින් එහාට බුරිය පොඩ්ඩක් පෙන්න ගත්තා කියලා අපට ලැබෙන නිදහස මොකක්ද කියලත් හිතෙනවා තමයි.
    සුභාෂිතය කතුවරයා බුරිය ගැන අමුතු කතාවක් කියලා තිබුණා.


    නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
    උතුම් මුව නැබෙහි තැබි බඹ නැණ විකල
    විනම් මෙමට මහබඹු පදවි යම් කළ
    තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල

    කස්තුරි කියන්නෙ බොහෝම වටින ඔෟෂධයක්නෙ. ඒතරම්ම කස්තුරි දුර්ලභයි. කතාවක් තියෙනවා හිමාලයේ ඉන්න මුවන්ගේ නාභියේ මේ කස්තුරි තියෙනවා කියලා.:shocked::shocked: කස්තුරි ගන්න නම් මුවා මරන්න ඕනෙ. අම්මපා මහා බ්‍රහ්මයට පිස්සුද? මට ඔය මහබඹු පට්ටම ලැබුණා නම් කස්තුරි තියන්නේ බොරු කියන උන්ගේ දිව මුල. ඔන්න ඔහොමයි සුභාෂිතය කතුවරයා කිව්වේ. එතනදී බුරිය, ලිංගික සංසර්ගයට නිර්දේශිත උපාංගයක් වුණේ නෑ:no::no:.
    දැන් අපේ රාහුල හාමුදුරුවො ඉන්නවනෙ. උන්වහන්සේ කාන්තාවගෙ බුරිය නෙමෙයි පයෝධරවල ඉඳලම මහ ඉහළින් වර්ණනා කළා. අද වගේ නම් සංඝ සමාජයම ගිනිගන්න වැඩක්.:lol:


    බුරිය කිව්වෙ පුංචි එවුන්ගෙ පෙකනියට. මාස නමයකට ආසන්න කාලයක් පොඩි එකා අම්මා එක්ක හැම ගනුදෙනුවක්ම කළේ වැදෑමහ හරහා. දරුවෙක් ඉපදෙනවා කියන්නෙ හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකේ ඉතාම සරල සංක්‍ෂිප්තය තමයි වැදෑමහ කපලා වෙන් කරනවා කියන එක. ක්‍ෂීරපායී කොයි සතාටත් මේ නිසා බුරියක් තියෙනවා. ඒක තමයි කොයි එකාගෙත් උප්පත්ති ලකුණ. පැටියා කාලෙදී අම්මා ඔය බුරියෙ හැඩේ ගැන පවා උනන්දු වෙනවා. උඩට නෙරලා ආවොත් කාසියක් තියලා බඳිනවා කියලත් මං අහලා තියෙනවා. බුරිය උඩට නෙරලා ආවම ඒක සමහරවිට හර්නියා තත්ත්වයක් විදියටත් අඳුනගන්න පුළුවන්. එහෙම වෙන්නෙ කාන්තාවන්ට. ඒක නෙමෙයිනේ වැඩේ. අපිට ජාතකේ පෙන්නන්න තියෙන බුරියට සළු පිළි අන්දන එකනෙ.:)


    ඒක වෙච්චි විදියත් කතා කරලා තේරුමක් නෑ. බුරියට වැඩිම අසාධාරණය වුණේ විරුද්ධ ලිංගිකයන්ගෙන්. උන්ට ඒක අම්මගෙ පෙකනිවැල කපපු ලකුණ විදියට පෙනුණෙ නෑ. අනිත් අතට අපිත් ඉතින් නිකන් හිටියෙ නෑනෙ. කරාබුවක් එහෙම දාලා බුරි ඉතිහාසයට අලුත් හැඩයක් දෙන්න ට්‍රයි කළා. අවසානයේ බුරිය කන් පෙත්තකට, දෙතොලට වඩා අරුමෝසම් විදියට පේන්න ගත්තා. අන්න එතකොට තමයි බස්නාහිර පළාත් මහ ඇමැතිතුමාට බුරියට සළු පිළි අන්දන්න සිද්ධ වුණේ.:lol::lol::lol:
    බුරි සදාචාරය ඉස්කෝලෙට ආවම ඒක කෙළින්ම බලපෑවෙ මිහිකත නලවාලා... පාසල වෙත යන ගුරු ලියන්ට. සාරි අඳිනවා නම් බුරිය වහන්න අමාරුයි.:eek::eek: මං මේ කියන්නෙ බඩ එළියට නෙරලා වයස හතළිහක් පනහක් වෙච්ච වැඩිහිටි ගුරුවරියන් ගැන නෙමෙයි. තරුණ ගුරුවරියක් නම් ඉතිං ඇඟ හැඩට පේන්න සාරිය ඇන්දාම බුරියත් ළාවට පේනවා. පන්තියෙ ටීචර්ව අඳින්න කියලා එක වසරේ දරුවෙක්ට කිව්වත් සාරිය අන්දලා හරියට බඩට පහළින් ඩොට් එකක් තියන්න ඒ නොදරුවටත් මතකෙට එනවා. එහෙම තමයි සාරියයි බුරියයි ගුරුවරියයි ඔළුවට එන්නෙ. ඉතින් මාර වැඩක්නෙ. දැන් මොකක්ද අවුල? දරුවා බුරිය ඇන්දම අවුල්ද? බුරිය පෙනුණම අවුල්ද? බුරිය ඉවසගන්න බැරි දරුවට ගුරුවරියක් කොහොමද ප්‍රජනන පාඩම කියා දෙන්නෙ?:lol::lol: හා කියන්න බලන්න රාහුල හාමුදුරුවන්ගේ මෙන්න මේ කවිය කියාදෙන්න බුරි සදාචාරය ඇතුළෙ පුළුවන්ද කියලා...? කවිය මුල පද දෙක මෙන්න.:frown::frown:


    වෙසඟන තුඟු තනයුග යුත් කොකුමගර
    පිස එන මද පවන් වැද විල් ලිහිණි සර
    :lol::lol:

    Katrina+unseen+hot+photo+(5).jpg

    බුරියට සළු පිළි ඇඳගත්ත මිස් මේ කවිය තේරුම් කරන්නෙ කොහොමද? මෙන්න මෙහෙමයි 'ඔන්න ළමයි වෛශ්‍යාංගනාවන් කියලා ගැහැනු විශේෂයක් ඉස්සර ඉඳලා තියෙනවා. එයාලගේ පපුවෙ ගාපු කොකුමගර හුළගේ පාවෙලා ඇවිත් ඇඟේ වදිනවා'
    මෙහෙම කිව්වම රාහුල හාමුදුරුවන්ගේ චිත්තරූපෙත් අපරාදෙන.:P:P හාමුදුරුවන්ට ඕන වුණේ නිදාගෙන ඉන්න සැළලිහිණියව ප්‍රබෝධමත්ව නැගිට්ටවන්න. ඒකට හාමුදුරුවෝ භාවිත කරන්නෙ මාර උපක්‍රමයක්. ඒක හංගලා මේ කවිය කියාදීලා අහවල් එකක්ද?:angry::angry: වෛශ්‍යාංගනාවෝ කියන්නෙ කවුද? එයාලා ඉන්නෙ උඩුකය නිරුවත්ව. තුඟු තන කියන්නෙ මොනවද? උසට මහතට වැඩුණු පියයුරු. ඒවයෙ ආලේප කරලා තියෙන්නෙ කොකුමගර. අන්න එහෙව් ඇල්ගෙවිලියො ඉන්නවා කිව්වම වැලක වනලා තියෙන සරමක් වුණත් නැඟිටලා බලනවනේ. කොහොමද රාහුල හාමුදුරුවන්ගෙ ටි්‍රක්ස්?:confused:
    අපි කියන්නෙ බුරියට සළු පිළි අන්දනවා නම් මේ වගේ පට්ට ශෘංගාරාත්මක පාඩම් පෙළ පොතෙන් ඉවත් කරන්න ඕනෙ. නැත්නම් බුරිය දරාගන්න පුළුවන් තැනට දරුවන්ගෙ ඔළු හදන්න ඕනෙ.:yes::yes::yes:

    වාසනා සුරංගිකා විතානගේ

    මව්බිම පත්තරෙන් ඔව් ඔව් පොටො ටික මම දැම්මේ
     
    • Like
    Reactions: arsehole-froce

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුරිය වහල සාරි අදින්න කියල අද්යාපන ඇමති නියෝග කරන රටක බජට් එක ගැන කවර කතාද බන් ..

    හයියෝ සිරි ලංකා / සින්හ්ලු :(:dull:
     

    deepaldas

    Well-known member
  • මරුසිරා;19331586 said:
    බුරිය වහල සාරි අදින්න කියල අද්යාපන ඇමති නියෝග කරන රටක බජට් එක ගැන කවර කතාද බන් ..

    හයියෝ සිරි ලංකා / සින්හ්ලු :(:dull:

    ow bn mokadda bn me wenne munta wada prabakaran hodai wage