අවුරැදු 5+ කෑවා... දැන් නවත්තලා ඉන්නේ...
දවසට නෝමල් විට 10 - 12ක් විතර කෑවා.. පස්සේ නවත්තන්නම ඕනා වුණා.. (ලුක් එක යන නිසා)
ඊට පස්සේ මුලින්ම,
බුලත් කොලේ අයින් කලා.. පුවක් කෑල්ලකට හුණු පෝඩ්ඩක් ගාලා පොඩි දුන්කොල කෑල්ලකින් ඔතලා කෑවා සති දෙකක් වගේ... හැම වෙලේම නෙමේ විටක් කන්නම ඕනා කියලා සික් වෙන වෙලාවට... දවසට 6ක් 7ක් වගේ... ( මෙහෙම කද්දි කට රතු වෙන්නේ නෑ... කෑවද කියලා හොයන්නත් බෑ )
පස්සේ, හුණු දුන්කොළ දෙක අයින් කරලා නිකන් පුවක් කෑල්ලක් කෑවා ඕනමයි තියලා හිතෙන වෙලාවට... මෙහෙමත් සතියක් වගේ කෑවේ.. දවසට 4ක් 5ක්....
දැන් ඔක්කෝම සති 3ක් 4ක් වෙලානේ දත් ටික නිකන්ම සුදු වෙලා සුපිරියටම... (අස්සේ තියෙන කහට තියෙනවා ඉතින් ලාවට.. පිට පැත්තේ නෑ)
දැන් දත් ටික පට්ට නිසා ගිහින් ඩොකෙක්ගෙන් සුද්ද කරගනින්.. බය වෙන්න එපා සල්ලි අපරාදේ වෙන්නේ නෑ... ආයේ කන්න ඕනා වෙන්නෙම නෑ.....
අමතරව...,
අම්බෝ විට කන කාලේ විටක් කටේ දාගන්නේ නැතුව කිසි වැඩක් කරන්න හිතෙන්නේ නෑ... එහෙමයි කියලා විටක් කෑවට පස්සේ වැඩක් කරන්න ඇඟට පණත් නෑ වගේ...
දවල්ට නිදි මතයි.. රෑට නිදිමත නෑ....
ලොකුම අවුල ලුක්එක යන එක... කොච්චර හොඳට දත් මැද්දා වුණත්, සුදුවට තිබ්බා උණත්... දැක්ක ගමන් කියන්න පුළුවන් මූ විට කන එකෙක් කියලා.... හදිස්සිය කොහේ හරි යන්න උනොත් චාටර්... ගියත් කිසි කික් එකක් නෑ.. පස්ස ගහලා කොන් වෙලා ඉන්න වෙන්නේ...
ගේමක් නෑ කරලා බලපන් මෙහෙම,
01 දැනටමත් නෝර්මල් විටක් කකානේ මේක උඹ කියවන්නේ..
02 දත් මැඳපන් සුපිරියට.. පිටින් තියෙන කහට බැදිච්චා සූරලා දාපිය කම්බියකින් හරි (විට කන උඹට මොන එනමලේද බං.. සූරපන්)
03 දැන් සික් එකක් ආවොත් කන්නම ඕනා කියලා පුවක් කෑල්ලකුයි දුන්කොල කෑල්ලකුයි විතරක් කාපන්..
04 සතියක් ඔහොම යද්දි අයින් කරපන් දුන්කොලෙත්... පුවක් කෑල්ලක් විතරක් කාපන්...
05 මේ වෙද්දිම උඹට තේරිලා/ දැනිලා ඉවරයි උඹටම වෙලා තියෙන වෙනස... දැන් පුවක් කෑල්ලත් කන එක නවත්තලා දත් සුද්ද කර ගනින්..
06 මාසෙකින් ඇවිල්ලා මට තැන්කස් කරලා යමං...!!!