බූට්_කාපු_සුද්දා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    බූට්_කාපු_සුද්දා

    අන්තර්ජාල පෙම්වතිය එන තුරු දින දහයක් ගුවන්තොටුපලේ

    Screenshot_2016-08-02-22-18-14.jpg

    විරහා වේදනාව නිසා හට ගත් කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කළ ඕලන්ද ජාතිකයකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ.

    හතළිස් එක් හැවිරිදි ඇලෙක්සැන්ඩර් පීටර් කර්ක් ඕලන්දයේ සිට චීනයේ හුනන් පළාත වෙත පියාසර කරන්නේ අන්තර්ජාලය හරහා දැන හැඳින ගත් සැන්ග් නමැති සිය පෙම්වතිය හමු වීමේ බලාපොරොත්තුවෙනි.

    ඔහු පිළිගැනීමට ඇය ගුවන් තොටුපල වෙත නොපැමිණියත් ඇලෙක්සැන්ඩර් දින දහයක් චැන්ග්ෂා ගුවන් තොටුපලේ රැඳී සිටියේ ඇය කොයි මොහොතක හෝ එහි එතැයි යන විශ්වාසයෙනි.

    මීට මාස දෙකකට ඉහතදී අන්තර්ජාල හරහා විසි හය හැවිරිදි සැන්ග් දැන හැඳින ගත් බව සිය ආදර අන්දරය පිළිබඳ අදහස් දක්වමින් ඇලෙක්සැන්ඩර් චීන මාධ්‍යයට පවසා තිබේ.

    ගුවන් තොටුපල වෙත පැමිණි ඔහුගේ බලාපොරොත්තු සුන් වුවත් ගුවන් තොටුපල හැර යෑම ප්‍රතික්ෂේප කරමින් දින දහයක් එහි රැඳී සිටි ඔහු කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කෙරුණු බව 'හුනන්' රූපවාහිනි සේවය වාර්තා කළේය.

    ඉහත කී වාර්තාව පළ වී දිනකට පසු සැන්ග් නමැති තරුණිය 'හුනන්' රූපවාහිනී සේවය අමතා තිබේ.
    ඔහු සැබෑ ලෙස චීනයට පැමිණෙතැයි තමා විශ්වාස නොකළ බව ඇය එහිදී පවසා ඇත.

    Screenshot_2016-08-02-22-18-21.jpg

    'එක දවසක් ඔහු එකපාරටම ගුවන් ටිකට් පතක ඡායාරූපයක් එව්වා. ඉන් පසු ඔහු මට කතා කළේ නැහැ'

    ඔහු ගුවන් තොටුපල වෙත ළඟා වන අවස්ථාවේ ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සඳහා තමා වෙනත් පළාතකට ගොස් සිටි බවත් එම අවස්ථාවේ සිය දුරකථනය ක්‍රියා විරහිත කොට තිබූ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.:rofl:


    Screenshot_2016-08-02-22-18-26.jpg


    BBC​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    26 කෙල්ලෙක් මුට ලව් කරයිද මොට්ට සුද්දෙක්.