බූරුවාගේ ආදර්ශය

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    බූරුවාගේ ආදර්ශය

    බූරුවාගේ ආදර්ශය

    එක්තරා ගොවියෙකුට අයත් බූරුවෙක් හදිස්සියේම පාළු ළිඳකට වැටුණි.බූරුවා ඌට පුළුවන් ශක්තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය.පැය ගණනක් තිස්සේ කෑගැසූ බූරුවා ගොඩගැනීම සඳහා ගොවියා වෑයම් කළ නමුත් උත්සාහය සඵල නොවීය.

    තමා දැරූ වෑයම් සියල්ලම අසාර්ථක වීම නිසා මොහොතක් කල්පනාවේ යෙදුණු ගොවියා මෙම බූරුවා තරමක් මහලු නිසාද පාළු ළිදේ දිය සිඳී ගොස් තිබුණ නිසාද බූරුවා ගොඩ ගැනීම එතරම් ප්‍රයෝජනයක් ගෙන දෙන ක්‍රියාවක් නොවන බවට තීරණය කළේය.ඒ අනුව සතා ගොඩ ගැනීමේ අදහස අත්හැර දැමීය. :sorry:

    ඉන්පසුව මෙම ගොවියා තම අසල්වැසියන් වෙත ඉල්ලීමක් කළේය.එනම් මෙම පාළු ළිද බූරුවාද සමගම වසා දැමීමට උදව් කරන ලෙසය.ගොවියාගේ ඉල්ලීමට අනුව අසල්වැසියෝ එක්වී විවිධ අපද්‍රව්‍ය ළිඳ තුළට දමමින් ළිඳ ගොඩ කරන්නට වුහ. :no:

    සිදුවන්නට යන්නේ කුමක්දැයි තේරුම් ගත් බූරුවා පළමුවෙන්ම කළේ මහා බියකරු හඬින් කෑගැසීමය.එයින් පලක් නොවූයෙන් ඉන්පසුව සියලුම අසල්වැසියන් බලවත් විශ්මයට පත් කරමින් නිශ්ශබ්දව සිට ප්‍රීතිය පළ කරන්නාක් වැනි හඬක් නඟන්නට විය. :rofl:

    image.jpg

    අසල්වැසියන් සමඟ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ළිඳ තුළට දැමීමෙන් පසුව තම අදහස සඵල වූ බව සිතූ ගොවියා ළිද තුළට එබී බැලුවේය.එහෙත් අපවිත්‍ර දෑ නිසා ළිඳ තරමක් හෝ ගොඩවී ඇතැයි සිතූ ඔහු ළිද තුළ සිදුවී ඇති දෙය දැක ගල් ගැසුණි.

    ළිඳ තුළට හෙලූ සෑම කැළි කසළ සියල්ලක්ම පළමුව බූරුවාගේ පිටට වැටුණු අතර ඌ කළේ පිට දෙපසට හොලවා එම කැලි කසළ ළිඳ පතුලටම වැටෙන්නට සලස්වා ඒ මත නැගීසිටීමය.
    ගොවියාගේ අසල්වැසියන් ළිඳ තුළට අපද්‍රව්‍ය හා කැළි කසළ හෙළීම අඛණ්ඩවම කරගෙන ගිය අතර බූරුවාද කළේ ඒ අපද්‍රව්‍ය මත නැඟී පියවරෙන් පියවර ඉහළට ඒමය.වැඩි දිනක් ගත නොවීය.ක්‍රමයෙන් ඉහළට නැගගත් බූරුවා එක් දිනක සියලු දෙනාම විශ්මයට පත් කරමින් ළිං ගැට්ටෙන් එළියට පැන ප්‍රීතියෙන් ඉවතට දිව ගියේය. :rofl:

    යහපත් දිවියක් ගෙවන ඔබ මත කැළි කසළ හෙළීමට බොහෝ අය බලා සිටිති. ළිඳ තුළ සිදුවූ සියුම් උපක‍්‍රමයක් ලෙස ඔබද කළ යුතුව ඇත්තේ කැළි කසළවලින් ඉවත් වී ඒවා ගසා දමා පියවරෙන් පියවර ඉදිරියට යෑමය.

    සෑම ආපදාවක්ම ඉදිරි ජයග්‍රාහක පියවරක් බවට පත්කර ගත හැකියි.උවමනා වන්නේ ළිදෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලුම බාධා මැඬගෙන ඉදිරියට යන්නෙමි යන අධිෂ්ඨානය පමණි.ඔබට සිදු වන්නේ කුමක්ද යන්න එතරම් වැදගත් නැත.වඩාත්ම වැදගත් වන්නේ ඔබ විසින් ඒ අනූව ගන්නා ක්‍රියා මාර්ගයය. :cool:

    (23-09-2013 “The Island” හි පළවූ The Fable of the Farmer’s Donkey ලිපියේ පරිවර්තනයකි.):P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳ ආදර්ශයක්. අපේ ජීවිතේට එන දුක,ශෝකය,බාධක වගේ හැම negative දෙයක්ම සැප,සතුට,ජයග්‍රහන බවට පෙරලගන්න පුලුවන් අපිටමයි.
     
    • Like
    Reactions: ksndhr

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    හොඳ ආදර්ශයක්. අපේ ජීවිතේට එන දුක,ශෝකය,බාධක වගේ හැම negative දෙයක්ම සැප,සතුට,ජයග්‍රහන බවට පෙරලගන්න පුලුවන් අපිටමයි.

    :yes:
     
    :cool:



    :confused:

    ඔය කියල තියෙන්නේ කෑම දැම්ම කියල.:P
    අපද්‍රව්ය නේ දාලා තියෙන්නේ.. බූරුවොත් ජරාව කනවද බන්??? අනික වතුර දාලා නැනේ..

    (මම මේකෙන් ගන්න තියන ආදර්ශය ගන්නේ නැතුව වෙන එව්වා හොයනවද මන්දා? )
     
    • Like
    Reactions: ksndhr

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි, දැන් උඹලා ඔක්කොම ලිං වලට පැනපල්ලා. අපි ඇවිත් කුණු දාන්නං. :P
     
    • Like
    Reactions: ksndhr

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කුණු ලොරියක් එකපාර හැලුවොත් බඩුම තමයි
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    හොඳ ආදර්ශයක්.

    :yes:


    :cool:

    අපොයි;15804795 said:
    අපද්‍රව්ය නේ දාලා තියෙන්නේ.. බූරුවොත් ජරාව කනවද බන්??? අනික වතුර දාලා නැනේ..

    (මම මේකෙන් ගන්න තියන ආදර්ශය ගන්නේ නැතුව වෙන එව්වා හොයනවද මන්දා? )

    උඹටත් ඕන නැති එකක් නෑ..මම හිතන්නෙ උන් කනව. :cool:

    හරි, දැන් උඹලා ඔක්කොම ලිං වලට පැනපල්ලා. අපි ඇවිත් කුණු දාන්නං. :P

    :lol: