තෝමස්ගේ බිරින්දෑ ඔහුට නිතර ම කරදර කළා. හිරිහැර කළා. කනක් ඇහිල්ලේ ඉන්න දුන්නෙ නෑ. තෝමස් මොනවා කළත් වදක බාරිට කරන්නට ඕන තරමි චෝදනා තිබුණා. මැසිවිලි කියන එක, බනින එක, අවලාද නගන එක වදකබාරීගේ ස්වභාවය.
ගෑනිගේ බර-බරේ, කරදරේ දරාගන්න බැරි නිසාම තෝමස් උදේ රැයින් නැගිටලා වත්ත පහළට ගියා. බිරින්දෑ මොනවා හරි කන්නට ගෙනත් දුන්නොත් බිම බලාගෙන කනවා. ඊට පස්සේ කැත්ත හරි උදැල්ල හරි අතට ගන්නවා. කතාවක් බහක් නැතිව වැඩ. බිරින්දෑ බැනගෙන බැනගෙන යනවා. හති වැටෙනකම් බැනලා ගෙදර යනවා. තෝමස් කළුවර වැටෙනකම් වත්තට වෙලා ඉන්නවා. ඊට පස්සේ තවත් පැයක් දෙකක් ටවුම පැත්තට ගිහින් ඉඳලා හීනියට අඩියකුත් ගහලා ගෙදර එනවා. අඹුවට නින්ද යනතෙක් චෝදනාවලට සවන් දෙනවා. ඒක තමයි දෙමහල්ලන්ගේ දවසේ චරියාව.
දවසක් හැන්දෑවෙ අසල්වැසියෙක් තෝමස් මුණ ගැහෙන්න ආවා.
”අනේ තෝමස් අයියේ. මායියගෙ මාමා මැරිලා. අපි ගමේ යනවා. හත් දොහේ දානෙත් ඉවර වෙලා තමයි එන්න වෙන්නේ. එතකං බූරුවා බඩගින්නෙ තියන්න බෑ නෙ. අනේ, බෑ නො කියා මේකාව බලාගන්න. ඒ හැටි කරදරයක් වෙන්න දෙයක් නෑ. ටිකක් සැර නම් තමා. එහෙම වුණාට ඌ ඕන දෙයක් කනවා. අපි ඉන්න වෙලාවෙ ම උගේ බෙල්ල අතගාලා තණකොළ ටිකක් දුන්නා ම හීලෑ වෙනවා.”
තෝමස් බූරුවාට තණකොළ දුන්නා. වතුර දුන්නා. එදා ගොම්මන් වෙලාව වෙනකොට සතා හීලෑ කර ගත්තා. කන්න දේවල් ළං කරලා වත්තෙ ම බැඳලා එළියට බැස්සා.
පහුවදා තමයි වැඩේ පත්තු වුණේ. තෝමස්ගේ බිරින්දෑ දවල් කෑම එක අරන් එනකොට බුරුවෙක් ඉන්නවා වත්තේ. ගෑනි පරළ වුණා. මහ සද්දෙන් කෑ ගැහුවා. බූරුවාටත් බැන්නා.
බූරුවාට කේන්ති ගියා. ළං වෙනකම් ඉඳලා දුන්නා පාරක්. වැදුණා ඔළුවට. උන්දැ මැරිලා වැටුණා.
අවමංගල්‍ය කටයතු කෙරෙන අවස්ථාවේ දී ගමේ හිටපු හැම දෙනා ම තෝමස් ගාවට ඇවිත් කණගාටුව ප්‍රකාශ කළා. තෝමස් කතාබහ අඩු මිනිහෙක් නෙ. උත්තර දුන්නෙ හිස සැලීමෙන්.
පල්ලියේ ෆාදර් තෝමස්ගේ ඔළුව වැනිල්ලේ ස්වභාවයේ විශේෂත්වයක් දැක්කා. අන්තිමට ආචාර කරපු මනුස්සයත් ඈත් මෑත් වනතුරු බලා සිට තෝමස් ළඟට ආවා.
”තෝමස් උන්නැහෙ. මෙච්චර වෙලා මං බලාගෙන හිටියා. ගෑනු කෙනෙක් ඔහේ ළඟට ඇවිත් හීන් සීරුවේ මොනව හරි කිව්වා ම, අනුමත කරන්න වගේ ඔළුව උඩට පහළට වැනුවා.”
”මෙහෙමනෙ පියතුමනි, ඒ ගොල්ලො ඔක්කොම කිව්වෙ, ‘ඈන් හරි ම හොඳයි,’ ‘එයාගෙ ඇඳුම ලස්සන යි,’ ‘මෙච්චර ඉක්මනට අපි දලා ගිය එක දුකයි.’ ඒ වගේ දේවල්. ඉතින් මං ඔව් කිව්වා.”
”එතකොට පිරිමි කට්ටියට ඔළුව දෙපැත්තට වනලා ‘නෑ’, ‘බෑ’ වගේ නෙ උත්තර දුන්නෙ?”
”හැමෝ ම බූරුවා ඉල්ලුවා නොවැ. මං බෑ කිව්වා.”
Copied from fb