බෙංගාල බොක්කේ අජීර්ණය දරුණු වෙයි...!!!

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,656
    959
    113
    Mawanella Town
    th_rain-animated-animation-rain-smiley.gif
    වහින එක හොදයි නමුත් හෙට නැති වෙයි T20 Match නේද??
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපිට අපේ දේ වටිනව යකෝ :rofl::lol:

    එහෙනම් උනබට පවුරක් හදාගෙන ඒකෙ ලැගලා බෙංගාල බොක්කට හබල් ගාපන් :lol::lol::rofl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එහෙනම් උනබට පවුරක් හදාගෙන ඒකෙ ලැගලා බෙංගාල බොක්කට හබල් ගාපන් :lol::lol::rofl:

    හබල් ගාන්න ඕනෙ නැහැ
    ඔන්න ලංකාවට එනවලු :baffled:

    බෙංගාල බොක්කේ ඇතිවූ දැඩි පීඩන අවපාතය ප්‍රබල නොවූ සුළි කුණාටුවක් ලෙස අද රාත්‍රී මුලතිව් දෙසින් දිවයිනට ඇතුළු වී උතුරු ප්‍රදේශ හරහා ඉන්දියාව දෙසට ගමන්කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සවස 4.00 පමණ වනවිට මුලතිව් වෙරළට කිලෝමීටර 150 ක් දක්වා සමීපවී තිබූ මෙම පීඩන අවපාතය ප්‍රභල සුළි කුණාටුවක් දක්වා වර්ධනය නොවන බැවින් සුළගේ උපරිම වේගය කිලෝ මීටර 80 ක් පමණ වනු ඇතැයි ද නැගෙනහිර, උතුර, උතුරු මැද හා වයඹ පළාත් වලට මිලිමීටර 150 ට වැඩි අධික වැසි ඇති වේයැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සියළුම පදේශවලට මහ වැසි ඇතිවන බව ද ඇතැම් වැසි මිලි මීටර 100 ඉක්මවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
    මුලතිව් සිට යාපනය ඔස්සේ මඩකලපුව දක්වා මුහුදු තීරය දැඩි සුළං සහිත රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක කටයුතු වලින් ඈත්ව සිටින ලෙස ද නිවෙස් වල සිටියද අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    -lankadeepa-
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දැනට ශ්‍රී ලංකාවට කිලෝ මීටර සියයක් ඈතින් වර්ධනය වී ඇති සුළි කුණාටුව අඟහරුවාදා අළුයම දෙකට පමණ කිලිනොච්චිය හා මුලතිව් අතර මුහුදු පදේශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි ගමන් මග අනුව එය උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට යනු ඇති බවත් ඇතැම්විට ගොඩබිමදී එහි ප්‍රබලත්වය තවදුරටත් තුනී වී යාමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කුච්චවේලී සිට යාපනය දක්වා පවුල් 4000 ක් පමණ ආරක්ෂක ස්ථානවලට ගැනීමට ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන ඇත.

    -lankadeepa-
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    906336152cyclone-L.jpg


    ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති "නීලම්" Neelam සුළි කුනා‍ටුව නැගෙනහිර වෙරළට Km 100ක් ඈතින් ස්ථානගතව ඇත....
    අවධානම තව දුරටත්.......