බෙකම්ට and මහින්ද රාජපක්‌ෂ
ලොවක් බලා සිටින බෙකම්ගේ පාදයේ විශ්මිත රංගනයට පසුගියදා මාස හයකට නිවාඩු ලැබිණි. ඒ ඉතාලියේ ඒ. සී. මිලාන් කණ්‌ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී බෙකම්ගේ පාදයක ඇකිලිස් කණ්‌ඩරාව ඉරී යැමෙන් පසු ප්‍රංශයේදී කළ සැත්කමක් අනතුරුව ඔහුට මාස හයක කාලයක් පාපන්දු පිටියෙන් ඉවත්ව සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබීමෙනි.
අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් බෙකම්ට ලබන ජුනි මස දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියද අහිමිවීමේ මග විවර ව්ය. එය ඔහුගේ ප්‍රතිවාදීන්ට සැනසුම් සුසුමක් විය. එංගලන්ත පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලි 4 ක් නියෝජනය කිරීමේ දුර්ලභ වාර්තාවද පෙනී පෙනී බෙකම්ගෙන් ඈත් විය.
එහෙත්, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඔහුට ශ්‍රී ලංකාවට පැමිණ තමාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ගන්නා ලෙස ආරාධනා කළේය.
වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රංශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ බෙකම්ගේ ආබාධය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් දින තුනකින් සුව කළ හැකි බවයි.
එලියන්ත වයිට් මහතා මීට පෙර සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්භීර් සහ අශීස් නේරාගේ ආබාධයන් දින කිහිපයකින් සුව කළේය.