බෙදුණු යුගයේ මතක

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හමුදා නිල ඇඳුම්

    බසයට නැගුණු තුවක්කුවකින් සන්නද්ධ වී සිටි අයකු
    ‘එංජිම නවත්තපං යැ’යි රියදුරාට කීවේය.


    Praba-1.jpg


    ‘කිට්ටු’ සමඟ කිට්ටුවෙන්...

    ‘මේක නතර කළොත් ස්ටාට් කරන්න අමාරුයි. ඒ හින්දා බැහැ මහත්තයෝ යැ’යි රියදුරුගේ මුවින් නික්මිණි.
    ඒ සමඟම රයිපලයේ බඳ රියදුරාගේ හිසමතට පතිත විය. රියදුරු සිය අසුන අසල ම ඇද වැටුණේ ය. පසුව බසයේ මගීන් දෙසට හැරුණු සන්නද්ධ පුද්ගලයා,
    ‘දෙමළ මුස්ලිම් එවුන් ඉන්නවානම් බැහැපල්ලා යැ’යි ගුගුලේ ය.
    ලද සැනින් බසයේ සිටි හතර දෙනෙකු හෝ පස්දෙනෙකු බසයෙන් බිමට බැස්සේ ය.
    ‘බස් එක තල්ලු කරපල්ලා යැ’යි තවත් ආයුධ අතට ගෙන සිටි එකෙක් බැසගත් පිරිසට කෑ ගැසුවේය. බසයෙන් බැසගත් පිරිස බසය තල්ලු කරන්නට උත්සාහ කළහ. එහෙත් බසය අඩියක්වත් ඉදිරියට ගත නොහැකි විය.
    ඒ සමඟම කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තයා තම තුවක්කුව ගෙන දෑත බදා මඟියකුට ගැසුවේය. ඔහු එතැනම ඇද වැටුණි. පසුව බස්රථය තල්ලු කරගන්නට බැරිවූ ඉතිරි පිරිසට වෙඩිතැබූහ. ඔවුහු වෙඩිකා එකා පිට එකා මැරී වැටුනහ.
    මේ අතර බසයට නැගගත් තවත් පිරිසක් බසයේ සිටි මඟීන්ගේ ඇඳුම් මලු සෝදිසි කරන්නට විය. මල්ලක් දෙකක් විවෘත කරන විට ඒවායේ හමුදාවන්හි නිල ඇඳුම් තිබෙන බව දුටු ත‍්‍රස්තයෝ දත්මිටි කමින් ඒවා එළියට විසිකරන්නට විය.
    පසුව බසය තුළදීම බසයේ සිටි මගීන් සියල්ලට ම වෙඩි වරුසාවක් මුදාහැරියේ ය. මගීන් එකාපිට එකා මැරී වැටෙද්දී හිසට පහර කෑ රියදුරා බිම වැටී සිටිමින්ම මේ සියල්ල බලා ගෙන සිටියේ ය.
    ත‍්‍රස්තයෝ සිතා සිටියේ රියදුරා මිය ගොස් ඇති බව යැයි පෙනෙන්නට තිබුණි. මේ අතර තරමක නිහැඩියාවක් පැවතිණි. මියගිය පිරිසට මැදිවී බසයේ අසුනක් යට සිරවී සිටි කොන්දොස්තරවරයා ත‍්‍රස්තයන් ගියාදැයි බැලීමට හිස එසවීය. එය දුටු අසල සිටි ත‍්‍රස්තයෙක් කොන්දොස්තරවරයාගේ හිස පසාරුකරගෙන යන්නට වෙඩි තැබුවේය.
    මේ වන විට බසයේ මගීන් ද කිහිප දෙනෙකු ද තුවාල ලබා එම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියේ ය. කෙදිරිගාන මගීන් දුටු ත‍්‍රස්තයෝ ඔවුන්ගේ හිස පසාරු කරගෙන යන්නට වෙඩි තබා බසයෙන් බැස ගියහ.
    එහෙත් තවත් බස්රථයේ පණබේරාගත්තවූන් සිටිනවාදැයි ත‍්‍රස්තයන්ට සැකයක් තිබුණි. ඒ අනුව උන් නැවතත් බසයට නැග්ගහ. ඒ වන විට තවත් මගීන් කිහිප දෙනෙකු සිහිය ලැබ කෙදිරිගාමින් සිටියහ. මෙය දුටු ඝාතකයෝ ඔවුන්ගේ ද හිසට
    වෙඩි තබා මරාදැමූහ.

    Praba2.jpg


    කුඩා දරුවන් දෙදෙනකු ද මරා දමා තිබූ අයුරු...

    මේ සමඟම තවත් ලොරියක් මේ මාර්ගයේ ම ඉදිරියට පැමිණෙමින් තිබුණි. වහා කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තවාදීහු ලොරිය නතර කරනමෙන් සංඥා කළහ. මේ සිටින්නේ ආරක්ෂක හමුදා සාමාජිකයන් යැයි විශ්වාස කර රියදුරා ද වහාම ලොරිය නතර කළේය.
    නවත්වනවාත් සමඟම රියදුරාට පිරිස ගැන සැක සිතිණි. ඔහු වහාම ලොරිය නැවතත් ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළේය. ඒ සමඟම කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තවාදී හු ලොරිය දෙසට වෙඩි වරුසාවක් මුදා හලහ.
    ලොරියේ රියදුරු සුක්කානම මතම මැරී වැටුණේ ය. සෙසු පිරිස ද සිටි තැන්වලම මරුමුවට පත්විය. මෙලෙස ත‍්‍රස්තයෝ බස් රථයක සහ ලොරියක සිටි මගීන් මරාදැමූහ.
    පසුව එම ස්ථානයට පැමිණි බස්රථ දෙකක් සහ ලොරි රථයක් නැවැත් වූ ඝාතකයන් එහි සිටි පිරිස ද කුරිරු ලෙස ඝාතනය කෙළේය. මියගිය අයගේ සිරුරු අස්සේ සැඟවී කිහිප දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් විය.
    මේ පිටුපස සිටියේ එල්.ටී.ටී.යේ පුලේන්ද්‍රන් බව වර්තා වේ. මේ අනුව එදින කොළඹ බලා එමින් තිබූ බස්රථ තුනක හා ලොරි දෙකක සිටි මගීන් 126ක් කොටි ත‍්‍රස්තයන් විසින් ඝාතනය කළහ.
    තවත් සිය ගණනක් පිරිස තුවාල ලබා දිවි ගලවා ගත්හ. මෙහි දී ඝාතනය වූ පිරිසෙන් 75 දෙනෙකුම සිංහල අලුත් අවුරුද්දට නිවාඩු බලා නිවෙස් කරා යමින් සිටි හමුදා භටයන් විය.
    අහිංසක සිවිල් වැසියන් සහ නිරායුධ හමුදා සෙබලුන් ඉලක්ක කරගනිමින් මේ ප‍්‍රහාරය සිදුවන විට ශ‍්‍රී ලංකා රජය මගින් සිංහල අළුත් අවුරුදු සමය වෙනුවෙන් සටන් විරාමයක් ප‍්‍රකාශ කර තිබිණි.
    ඒ සමඟම 1987 වර්ෂය ආරම්භයේ සිට ම සිදුවීම් ගණනාවක් දකුණේ දේශපාලනය සහ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් අතර සිදුවෙමින් පැවැතිණි.
    1987 ජනවාරි මස පළමුවෙනිදා සිට එල්. ටී. ටී. ඊ. ය යාපනයේ සිවිල් පාලනය සියතට ගත් බව ප‍්‍රකාශ කෙළේය. ඒ අනුව ඔවුන්ගේ ‘කොටි පොලීසිය’ යාපන නගරයේ වාහන හසුරවන්නට විය.
    ‘කොටි පොලීසිය පළමුවෙන් ම කරලියට ආවේ එදින ය. උදා වූ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය පියවර කිහිපයක් ගත්තේ ය. පළමුවෙන් ම යාපනයට තෙල් යැවීම සීමා කෙළේය.
    ඒ සමඟ ම යාපනය කොටින්ගෙන් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් ද දියත් කළහ. හමුදා කඳවුරු 17ක සෙබළුන් මෙහි දී මෙහෙයුමට සහභාගි වූ අතර ගුවන් හමුදාවෙන් ද සුවිශාල සහයක් පාබල සේනාංක වෙත ලැබුණි. මේ නිසා ආරක්ෂක හමුදාවන්හි ගමන වේගවත් විය.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වතුර බවුසරයේ බෝම්බය

    ඉදිරිගමන වැලැක්වීම සඳහා එල්. ටී. ටී. ඊ. ය විශාල උත්සාහයක් දැරුවේය. විශේෂයෙන් ම දෙසැම්බර් මාසය වනතුරු ඉන්දියාවේ සිටි ප‍්‍රභාකරන් ජනවාරියේ ලංකාවට පැමිණ සිටියහ. මේ අනුව ප‍්‍රභාකරන්ගේ ද අනුදැනුම ඇතිව පෙබරවාරි 14 වෙනිදින නවත්කුලි හමුදා කඳවුරට පහරදීමට එල්. ටී. ටී. ඊ. ය සැලසුම් කෙළේය.



    Praba3.jpg
    බස් රථය තුළ පිරිසක් මරා දමා තිබූ අයුරු...

    මේ කඳවුර එල්. ටී. ටී. ඊ. යට විශාල කරදයක් වී තිබුණි. හමුදා කඳවුරට පහරදීම සඳහා එල්. ටී. ටී. ඊ. ය අළුත් ම උපක‍්‍රමයක් භාවිතා කළේය. ඒ ජල බවුසරයක් භාවිතයට ගැනීම ය.
    හමුදා කඳවුර අසල පිහිටි ඇන්ඩී‍්‍රස් සමාගමට අයත් වතුර බවුසරයකින් නවත්කුලි හමුදාකඳවුරට ජලය සැපයීම සිදුවිණි. කඳවුරට වතුර ගෙනඒම සඳහා මේ ජල බවුසරය සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයට යායුතුව තිබුණි.
    එදින ද ජලය පුරවාගත් බවුසරය සවස 4.00 ට පමණ කඳවුර බලා පිටත් වූයේ ය. මේ බවුසරය අතර මඟ දී කොටින් විසින් පැහැරගනු ලැබීය. පසුව බවුසරය තුළ බෝම්බය සවි කළහ.
    සැලසුමට අනුව නියමිතව තිබුණේ ජල බවුසරයේ ජලය එක්තරා මට්ටමකට පහළ වැටෙන විට බෝම්බය පුපුරායාමටය. එහෙත් බෝම්බය සවිකිරීමේ දී ත‍්‍රස්තවාදීන් අනපේක්ෂිත සිදුවීමක් සිදුවිය.
    එනම් බෝම්බය සවිකර ටික වේලාවක් ගතවත් ම බවුසරයේ ජලය කාන්දුවීමට පටන් ගැනීම ය. ඒ සමඟම වහා කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තවාදීන් බවුසරය අලුත් වැඩියාව සඳහා කයිතඩියිහි පිහිටි අතුරු මාර්ගයකට ගෙනයන ලදී.
    එහෙත් කොටි අපේක්ෂා කළ පරිදි ජල කාන්දුව වලකා ගැනීමට ඔවුනට නොහැකි විය. ඒ අතර බෝම්බය පුපුරා යාමට නියමිත ජලමට්ටමට ජලය කාන්දු විය. මේ සමඟම බෝම්බය පුපුරා ගියේ ය.
    එහි දී එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් දහ දෙනෙකු මිය ගියහ. කූගන් කර්ඩල්ස් සහ වාසු යන ජ්‍යෙෂ්ඨ කොටි නායකයන් ද මිය ගිය පිරිස අතර විය. මේ පිපිරීමෙන් අසළ නිවෙස්හි වාසය කළ සිවිල් වැසියන් 40ක් පමණ ද මිය ගියහ.
    මේ අතර එළැඹි මාර්තුවේ දී එල්. ටී. ටී. ඊ. යේ ප‍්‍රබල නායකයාවූ කිට්ටුට මාරාන්තික බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රභාකරන් ඉන්දියාවේ සිටින අවධියේ යාපනය නායකත්වය දැරුවේ කිට්ටුය.
    එකල ඔහු විජය කුමාරතුංග, වින්සන්ට් පෙරේරා, යොහාන් දේවානන්ද පියතුමා සමඟ සබඳතා තිබුණේය. මේ නිසා ම කිට්ටු සහ ඔහුගේ දෙවෙනියා රහීම්ට දකුණේ ජනතාව අතර ප‍්‍රසිද්ධියක් ලැබී තිබුණේය.
    ඒ සමඟ ම සාම සාකච්ඡා පිළිබඳව ද යම් උනන්දුවක් තිබුණු බව පෙනුණි. ප‍්‍රභාකරන් ඉන්දියාවේ සිටි මෙකල ඔහු උතුරේ ද ජනප‍්‍රිය වෙමින් තිබුණි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ‘කිට්ටු’ට මාරාන්තික ප‍්‍රහාරයක්


    කෙසේවුව 1987 මාර්තු 31 වෙනි දින කිට්ටු සිය ආරක්ෂක භටයන් සමඟින් මිට්ෂුබිසි ලාන්සර් රථයකින් යාපනය නගරයේ දෙවෙනි හරස් වීදිය ඔස්සේ යමින් සිටියේ ය. රථය වංගුවක් වෙත ළඟාවත්ම වාහනයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය.
    ඒ සමඟම කිට්ටු බෝම්බ ප‍්‍රහාරයකට ලක්විය. බෝම්බය පුපුරාගිය අතර කිට්ටුගේ දකුණු කකුල බරපතළ ලෙස තුවාල විය. එහි දී ඔහුගේ දකුණු කකුල දණහිසට පහළින් කපා දැමීමට සිදුවිය.
    සිදුවීම සම්බන්ධයෙන් මේ සමඟම අත්ඩංගුවේ සිටි 70ක පමණ පිරිසක් එල්. ටී. ටී. ඊ. විසින් ඝාතනය කරන ලදී. මේ වෙඩි තැබීම සිදු කරන ලද්දේ අරුණ නැමැති කිට්ටුගේ හිතවතෙකි.
    කිට්ටු ඉලක්ක කරගෙන පුපුරාගිය ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවේ ආරක්ෂක අංශ වගකිවයුතු බව එල්. ටී. ටී. ඊ. ය ප‍්‍රකාශ කෙළේය. එහෙත් බොහෝ දෙනෙකුගේ මතය වූයේ මෙය එල්. ටී. ටී. ඊ. යේ ම තවත් අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් බව ය.
    මෙවැනි පසුබිමක අපෙ‍්‍ර්ල් මාසය උදාවිය. මේ සමඟම සටන් විරාමයක් ඇති කිරීම රජයේ උත්සාහය විය. සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතා ද සටන් විරාමයක් ඇති කරන මෙන් ඉල්ලා සිටියේය.
    මේ අනුව රජය විසින් අප‍්‍රියෙල් 11 සිට 19 දක්වා ඒක පාර්ශවීය සටන් විරාමයක් ලෙස ප‍්‍රකාශ කරන ලදී. එල්. ටී. ටී. ඊ. ය කිතුල්ඔටුව ප‍්‍රදේශයේ දී ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූයේ අවුරුදු කාලය නිමිත්තෙන් දියත් කළ මේ සටන් විරාමය කි‍්‍රයාත්මක වනවිට ය.