(බෙහෙතක්) මතක ශක්තිය වැඩි කරන කුරුඳු

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    (බෙහෙතක්) මතක ශක්තිය වැඩි කරන කුරුඳු

    අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත් එවැනි ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්නට පූළුවන්. ඒ වගේම කුරුඳු මේ ආකාරයට බොහෝ අවස්ථාවන් අත් බෙහෙතක් වශයෙන් යොදා ගැනීමට හැකියාව ලැබෙනවා.


    ං කුරුඳු පොතු කුඩූ කර උණූවතුරට දමා පෙරා සීනි දමා බීමෙන් බඩ පිපූම හා ඔක්කාර ස්වභාවය දුරකර ගැනීමට හැකිය.

    ංවිශේෂයෙන්ම බඩපූරවා දැමීම නැති කරවන ද්‍රව්‍යයක් ලෙස කුරුඳු කා අතරත් ප්‍රකට වන්නේය.

    ංඑසේම මානසික ආතතිය දුරුකර මතක ශක්තිය දියූණූ කරවීමේ හැකියාවද කුරුඳු සතුව පවතී.

    ංබොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මූඛයේ ඇතිවන දුර්ගන්ධය. කුරුඳු පොතු කටෙි දමා සැපීමෙන් දුර්ගන්ධය වළක්වා ගැනීමට ද හැකියාව ලැබෙයි.

    ංකුරුඳු පොතු ඇල් වතුරෙන් අඹරා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍රකර රෙදි කැබැල්ලක තවරා නළල මත දැමීමෙන් හිසරදය සූවකර ගැනීමට හැකිය.

    ංකුරුඳු පොතු සිහින්ව කුඩූකර දෙහි ඇඹූලෙන් අඹරාගෙන රාත්‍රී නින්දට පෙර කුරුලෑ ඇති ස්ථානවල පමණක් ආලේප කරන්න. මෙය කුරුලෑ සූවවීමට හොඳ අත් බෙහෙතකි.

    කුරුඳු මගින් නිවසේදී ලබාගත හැකි ප්‍රයෝජන රාශියකි. ඒ වගේම අත් බෙහෙත් ලෙස ද කුරුඳු එවැනි අවස්ථාවලදී භාවිත කළ හැකියි.


    ආයූර්වේද වෛද්‍ය ප්‍රියංගනී අල්විස්

    bump එකක්වත් දාගෙන යන්න කොල්ලනේ අනිත් අයටත් බලන්න please
     
    Last edited: