මචංලා, ඔයාලා දන්නවනේ සමහර ලෙඩ තියෙනවා ලේසියෙන් හොඳ කරගන්න බැරි. ඔය වගේ ලෙඩවලට 100% සුව කරනවා, නිට්ටාවටම හොඳ කරනවා කියලා, හරියට නමක් ගමක්වත් නැතුව, සමහර වෙලාවට මොකක් හරි නමක් දාගෙන බෙහෙත් වගේ දේවල් Facebook එකේ promote කරන posts ඕන තරම් දකින්න තියෙනවා...
මම දන්නවා ගොඩක් අය මේ ගැන දැනුවත් කියලා.
මම මේ වගේ posts ගොඩක් කාලයක් තිස්සේ analyse කරලා තියෙනවා. බැලූ බැල්මට fake accounts කියලා හිතෙන ඒවා විතරක් නෙවෙයි, හොඳට පාවිච්චි කරන real Facebook profiles වලිනුත් මට හොඳ වුණා, 100% recommend කරනවා, හොඳම බෙහෙත වගේ comments වැටෙනවා.
මේක වෙන්නේ කොහොමද කියලා මට හරියටම තේරුණේ මීට අවුරුදු කිහිපයකට කලින්.
කොළඹ වැඩකට ගිහින් ඉන්න වෙලාවක මේ වගේ වැඩ කරන මුදලාලි කෙනෙක් අහම්බෙන් මට හම්බ වුණා. මිනිහා කිව්වා ඕනම product එකකට real profiles 1,000කින් වුණත්, අපිට ඕන විදිහේ comments සහ likes අරන් දෙන්න පුළුවන් කියලා. ඒකට වෙනම packages පවා තියෙනවා කිව්වා.මම ඇහුවා, එහෙම comments සහ likes දාන මිනිස්සුන්ට මොනවද දෙන්නේ කියලා.
එතකොට මිනිහා කිව්වේ reload cards වල ඉඳන් mobile phones වගේ දේවල් දක්වා තෑගි දෙනවා කියලා. ඒ වැඩවලට සම්බන්ධ වෙන අය අතර ඉගෙනගන්න අය සහ ගෙවල්වල ඉන්න ගැහැණු අය ගොඩක් ඉන්නවා කියලත් කිව්වා.එයාලට targets දෙනවා. ඒ target එක cover කරන්න comments, likes වගේ දේවල් දාන්න වෙනවා කියලයි මිනිහා මට විස්තර කළේ.ඒ නිසා Facebook එකේ real profile එකකින් ..මට මේ බෙහෙතෙන් හොඳ වුණා කියලා comment එකක් තිබුණා කියන එකෙන්ම ඒක ඇත්ත අත්දැකීමක් කියලා විශ්වාස කරන්න එපා. Profile එක real වුණාට comment එක genuine ද කියන එක වෙනම කතාවක්...
බලන්න මචං මේ වගේ වැඩ බෙහෙත් වලටත් කරලා හම්බ කරනවා කියන්නෙ එ මිනිස්සු නම් වෙන්නෙ බැ.....