බෙහෙත් සඳහා clinical trials අවශ්‍ය ඇයි?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේ දවස් වල ගොඩ දෙනෙක් කතා වෙන දෙයක් වෙච්ච,
    • බෙහෙත් හදන්න මෙච්චර කල් යන්නේ ඇයි ?
    • තියෙනවා කියපු බෙහෙත්, එන්න මෙච්චර කල් යන්නේ ඇයි ?
    • තියෙනවා කියපු සමහර බෙහෙත් ඇයි බාවිතය අවේ නැත්තේ?
    වගේ ප්‍රශ්නවලට, එක උත්තරයක් වෙන clinical trials සම්බන්දව හොඳ උදාහරණයක් දෙන්න හිතුව.

    ( මේක මම දාන්නේ යමක් කියවා, තර්ක කරලා තේරුම් ගන්න කැමති අයට මිස, මිත්‍යාව අවිද්‍යාව පසුපස යන අයට නෙවේ කියලත් කියන්න ඕන.)

    මේකට සම්බන්ද වෙන බෙහෙතේ නම තමයි, Thalidomide.

    මේ බෙහෙත මුලින්ම market එකට එන්නේ ජර්මනියේ. 1957 දී වගේ එන බෙහෙත බෙහෙත් තුන්ඩුවක් නැතුව වුනත් ගන්න පුළුවන්.
    මේක හදපු කොම්පැනිය මේක market කරන්නේ කිසිවෙකුට කිසිම හානියක් නැති බෙහෙතක් කියල. ඒ අය කියන්නේ මේ බෙහෙත, කුඩා ළමුන්ට, ගැබිණි මවු වරුන්ට වුනත් හොඳයි කියල.
    එකට සාක්කියක් විදියට කියන්නේ, මේ බෙහෙත කොච්චර දුන්නත් මීයෙක් වත් මැරෙන්නේ නැ කියල.
    මේ දවස් වල දැන් වගේ clinical trials තදට බැලුවෙත් නැහැ. හරියට කරලත් නැහැ.

    මේ බෙහෙත ගොඩක් ම පාවිච්චි වුනේ, නින්ද යන්න ගන්න බෙහෙතක් විදියට. මොකද යුද්ද කාල ඉවර වුන ගමන් වගේ නිසා මිනිස්සුන්ට නින්ද වගේ දේවල් ලොකු ප්‍රශ්න වුණා. ඒ වගේම මානසික ආතතියට, වේදනාවන්ටත් මේක බවිත වුණා.
    නිතර නිතර මේ බෙහෙත විකුණුනා වගේම, මේක ඇස්පිරින් තරම් ම විකිනෙන බෙහෙතක් වුණා.

    ඔන්න ඔය අස්සේ මේකේ තියෙන තව ප්‍රයෝජනයක් අහු වුණා, එක තමයි ප්‍රෙග්නන්ට් අයට එන morning sickness එකට බෙහෙතක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේක බිව්වම වමනය ගතිය අඩු වෙනවා කියන එක.
    ඉතින් දැන් මේක ප්‍රෙග්නන්ට් අයටත් දෙන්න ගත්ත.

    මෙහම මේ බෙහෙත පාවිච්චි වෙනකොට, William McBride කියන ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයාත් (obstetrician කෙනෙක්) Widukind Lenz කියන ජර්මානු වෛද්‍යවරයාත් (paediatrician කෙනෙක්) වෙන වෙනම නිරීක්ෂණය කරනවා මේ බෙහෙත ගනිපු අම්මලාට හම්බවෙන ළමයින් ගේ වෙනසක්.
    ඒ තමයි මේ ළමයින්ගේ අත් පා හරියට හැදිලා නෑ කියන එක. (phocomelia, amelia, syndactyly කියන තත්ත්ව )
    ඊට අමතරව ඒ ළමයින්ගේ අන්නස්‍රෝතය, ග්‍රහණිය, ගුදය වගේ ඉන්ද්‍රයනුත් හරියට හැදිලා නැ වගේම හර්දයෙත් ප්‍රශ්න තියෙනවා කියල පස්සේ නිරීක්ෂණය වෙනවා.

    මේ ඉන්නේ එහෙම වෙච්ච ළමයි.

    400wm
    GettyImages_50674351_helix.jpg


    මෙහෙම වෙච්ච ගොඩක් ළමයි (~40%) පලවෙනි අවුරුද්ද ඇතුලත මැරුණ.

    මෙහෙම වෙනකොට තමයි හැමෝගෙම ඇස් ඇරුනේ. ජර්මනියේ සහ අනිකුත් රට වල මේ බෙහෙත වහාම තහනම් කලා.

    මේවා මෙහෙම වෙද්දී ඇමෙරිකාවට මේක ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ.
    මොකද මේ බෙහෙත ඇමෙරිකාවට ආවට එක අවේ පරීක්ෂා කරන්න විතරයි. market එකට අවේ නැහැ.

    මේකට හේතුව වුනේ Frances Kelsey කියන වෛද්‍යවරිය (a Phasician and a Pharmacologist) මේ වෛද්‍යවරිය තමයි FDA එකේ මේ drug එකට අනුමැතිය ගන්න දාල තිබුනේ. මෙයාට මේකේ කොස්සක් දැනිච්ච නිසා මේකට අනුමැතිය දීල නැහැ. එයාට තේරිලා තියෙනවා, මේ බෙහෙත ගැන හරිහමන් දත්ත මොකුත් නැ කියල. මෙයාට ඉහල නිලදාරීන් ගෙන් ලොකු බලපෑම් එද්දී, බෙහෙත හදන company එකෙන් ලොකු බලපෑම් එද්දිත්, එයානිර්භීතව කෙලින් හිටපු නිසා ඇමෙරිකාව මේකෙන් බේරුනා.

    ඒක නිසා1962 දී John F Kennedy ජනාදිපති සම්මානෙකුත් දෙනවා.
    Frances_Oldham_Kelsey_and_John_F._Kennedy.jpg

    දැන් කොහොම හරි මේ වගේ ප්‍රශ්න නිසා බෙහෙතක් එකපාර වෙළඳපොළට දන්නේ නැහැ. clinical trials කරලා ඉවර වෙලා තමයි දාන්නේ.

    එකෙත් steps 5ක් තියෙනෝ.
    මුලින්ම preclical studies - ඒ කියන්නේ සත්තුන්ට දීල බලනවා, හානිකර දේවල් මොනවද කියල

    phase 1 - සෞක්‍ය සම්පන්න කිහිප දෙනෙකුට දීල බලනවා side effects මොනවද කියල
    phase 2 - රෝගය තියෙන අය 200 කට වගේ දීල බලනවා මේ බෙහෙතෙන් රෝගයට දෙයක් වෙනවද කියල. ඊට අමතරව ආරක්ශිතද කියල බලනවා.
    phase 3 - රෝගය තියෙන අය 2000 කට වගේ දීල බලනවා මේ බෙහෙතෙන් රෝගයට දෙයක් වෙනවද කියල. ඊට අමතරව ආරක්ශිතද කියල බලනවා. මගහැරුණ side effects එහෙම.
    දැන් පුළුවන් බෙහෙත් වෙළඳපොළට දන්නා. හැබැයි තවම ඉවර නැහැ.
    phase 4 - market එකට දුන්නට පස්සෙත් ඇතිවෙන අතුරු අබාද ගැන ඇහැ ගහගෙන ඉන්නේ.

    ඔය කොතැනක හරි ප්‍රශ්නයක් අවොත් බෙහෙත අයින් කරනවා.

    මේක නිසා තමයි කිසිම දෙයක් අවාට ගියාට දෙන්න හොඳ නැත්තේ, සමහර විට නරක ප්‍රථිපල එන්නේ අවුරුදු ගානකින් වෙන්නත් පුළුවන්.

    ඉතින් මෙච්චර type කලේ මේ දේවල් ගැන පොඩි හරි අවබෝදයක් දෙන්න. සාර්ථක ඇති කියල හිතනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,644
    113
    ඕං දැන් එකෙක් දුහගෙන එයි අවුරුදු දෙදාස් පංසීයක් ට්‍රයිඩ් ඇන්ඩ් ටෙස්ටඩ් බේත් එක්ක බලද්දි ඕව මොනාද කියාගෙන

    මෙහෙම වෙනකොට තමයි හැමෝගෙම ඇස් ඇරුනේ. ජර්මනියේ සහ අනිකුත් රට වල මේ බෙහෙත වහාම තහනම් කලා.

    ප්‍රෙග්නන්ට් අයට ඇරෙන්න අනිත් අයට prescribe කරන්න තහනම් නෑ නේද?
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    TFS Machn! Aasai Scientifically wedagath dewal kiyawannath! Meke inna un baagayakma Jothishya kaaraya kiyala hithenwa welaawakata daana thread ekka!
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ප්‍රෙග්නන්ට් අයට ඇරෙන්න අනිත් අයට prescribe කරන්න තහනම් නෑ නේද?
    මුලදි බෙහෙත සම්පූර්ණයෙන්ම තහනම් කලා,
    මේ ප්‍රශ්න නිසා.
    දැන් මේ බෙහෙත පාවිච්චි වෙන්නේ ප්‍රධාන ලෙඩ 2 කට විතරයි.
    1 multiple myeloma (පිළිකාවක්)
    2 erythema nodosum leprosum (ලාදුරු වල එන තත්වයක්)
    මීට අමතරව තව ලෙඩ කිහිපයකට භාවිතා කරන්න පුළුවන්. එත් හරිම අඩුවෙන් තමයී.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    TFS මචෝ..
    කොවිඩ් වලට බේතක් හොයාගත්තත් හරියට මාකට්එකට එන්න අවුරුදු 2ක්වත් යනව ඇති..
    අලුතෙන් ම බෙහෙතක් හොයා ගත්තොත්, එක market එකට එන්න ගොඩක් කල් යනවා. හැබැයි, තියෙන බෙහෙතක් ම, covid වලට effective කියල හොයා ගත්තොත් (ඒ කියන්නේ දැනට වෙන ලෙඩකට පාවිච්චි කරන බෙහෙතක covid 19 වලට එරෙහි effects තියෙනවා කියන එක) එච්චර කල් යන්නේ නැහැ. මොකද දැනටමත්, එකේ දෙන්න ඕන ප්‍රමාණය, side effects profile එක වගේ දේවල් දන්නා නිසා.
    එතකොට අපිට ඕන වෙන්නේ ඒ drug එකේ covid 19 වලට efficacy එක ගැන පරීක්ෂණ කරන්න විතරයි.
    අනිත් එක සමහර ලෙඩ වලට බෙහෙත් ඕනෑම නැහැ, treatment කියන්නේ බෙහෙත් විතරක් ම නෙවෙයි.
    උදාහරණයක් විදියට infulenza virus එකට බෙහෙත් දුන්නට, අපි dengue වලට බෙහෙත් දෙන්නේ නැහැ, කරන්නේ රෝගියා හොදට monitor කරලා, රෝගියාගේ ඇඟ ඇතුලේ වෙන වෙනස් කම් සකස් කිරීම හා ඉදිරියට වෙන්න තියෙන වෙනස් කම් predict කරලා එකට රෝගියා සහ අපි සුදානම් වෙන / කරන එක විතරයි.
    දැන් dengue නිසා ලෙඩ්ඩු මැරෙන්නේ නැතිම තරම්. කලාතුරකින් ලෙඩෙක් තමයි ICU දන්නෙත්.
    සමහර ගොඩ වෙදකම් කරලා, හොදටම අමාරු වෙලා එන ලෙඩ්ඩු පවා, කිසි ගින්නක් නැතුව ගොඩ දාන්න පුළුවන්. එකේ ප්‍රශ්නේ තියෙන්නේ, ගොඩක් ම අමාරු වෙනකම් ගොඩ වෙදකම් කරාම රෝගියාට වෙන හානි ටික සහ අපිට ඒවා අපහු තිබුන තත්වෙට ගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙන එක විතරයි.
     

    iOnline

    Member
    Dec 1, 2017
    17
    9
    3
    "Our Association has done an in-depth survey of research literature looking for such
    credible trial evidence regarding the drug Sudarshana. Though there were few animal
    studies showing some physio-chemical properties of the drug, there were no data
    from human trials.
    Hence as Clinical Pharmacologists we find it difficult to agree with the statement
    issued by the State Minister of Production, Supply and Regulation of Pharmaceuticals,
    who was a professor of pharmacology himself, recommending the use of Sudarshana
    in state hospitals. Further, such recommendation can only increase the sales of the
    drug with no proof of efficacy or safety, and encourage self-medication with possible
    harmful effects as well."
    FB_IMG_1604338480762.jpg
     
    • Like
    Reactions: mr.sgthilina