බේරගැනීම හා දෂ්ට කිරීම
බොහෝ දෙනා පුරුදු කරන්නෙ දෂ්ට කරන්න, පලිගන්න..හිතේ තියෙන්නෙ ඒ වගේම "පොතේ" තියෙන්නෙත් ද්වේශය වෛරය..ඒක සාධාරණීකරණය කරන්න රටේ නැති දේවල් කියයි.
කීයෙන් කී දෙනාද බේරගන්න ඉදිරිපත් වෙන්නෙ..කරුණාව, මෛත්රිය පෙරදැඩි කරගෙන..
ස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.
"මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"
"දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."

ෂේප් ෂේප්