බේරගැනීම හා දෂ්ට කිරීම

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බේරගැනීම හා දෂ්ට කිරීම

ස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්‍ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්‍රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.

"මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"

"දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."

බොහෝ දෙනා පුරුදු කරන්නෙ දෂ්ට කරන්න, පලිගන්න..හිතේ තියෙන්නෙ ඒ වගේම "පොතේ" තියෙන්නෙත් ද්වේශය වෛරය..ඒක සාධාරණීකරණය කරන්න රටේ නැති දේවල් කියයි.:sorry:

කීයෙන් කී දෙනාද බේරගන්න ඉදිරිපත් වෙන්නෙ..කරුණාව, මෛත්‍රිය පෙරදැඩි කරගෙන..:rolleyes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහෝ දෙනා පුරුදු කරන්නෙ දෂ්ට කරන්න, පලිගන්න..හිතේ තියෙන්නෙ ඒ වගේම "පොතේ" තියෙන්නෙත් ද්වේශය වෛරය..ඒක සාධාරණීකරණය කරන්න රටේ නැති දේවල් කියයි.:sorry:

කීයෙන් කී දෙනාද බේරගන්න ඉදිරිපත් වෙන්නෙ..කරුණාව, මෛත්‍රිය පෙරදැඩි කරගෙන..:rolleyes:

හා හා එලුවො, චන්ද කැඩෙයි...:shocked:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මට හිතෙන්නෙ අපිත් සළායතන භාවිතය හරිහැටි කරන්නෙ නෑ කියල. වෙලාවකට අපිත් රැල්ලට අහු වෙලා ගහගෙන යනවා.
මම ටයිප් කරමින් හිටියා පාතේගම සුමනරතන හිමියන්ගෙ එව බලව කියන ලිපිය. ඒත් ලිපිය හුඟක් දිගයි. කෙටියෙන් කිව්වොත්, ඒ ලිපියෙන් පැහැදිලි කරනවා කුමකින් කුමක් බලන්න කියලද මේ කියන්නෙ කියන එක. ඉන්ද්‍රිය හයෙන් බඹයක් පමණ වූ මේ සිරුර තුළ පවතින ලෝකය දෙසයි බලන්නට ඕනෙ. එතනදි කියනවා ජීවිත කාලය පුරාම බැහැරින් සත්‍යය අවබෝධ කිරීමට තැත් කිරීම වැරදි ක්‍රමයක් බව. ඒකට කියනව දිට්ට්ඨි සමනුපස්සනාව කියල. මේ මිත්‍යාදෘෂ්ටිකයන් බලන විදිහ.
ඊළඟට විස්තර කරනවා ඥාන සමනුපස්සනාව- ප්‍රඥාවෙන් දැකීම. ප්‍රඥාවෙන්. නිවන් සුව පිණිස, මේ බඹයක් පමණ වූ ලෝකය දෙස බැලීම.

මේ සංඥා සහිත සිත සහිත බඹයක් වූ ලෝකය දිනිය හැකි සඥා නිරෝධ කරන ප්‍රඥාවත්, සංඥා තහවුරු කරන හෙවත් ආත්ම දෘෂ්ටිය වපුරුවන ඉන්ද්‍රිය ඥානයත් අතර ඇති වෙනස කුමක්ද? ඉන්ද්‍රිය ඥානය තුළ ඇති මූලිකම පදනම ලෝභ, ද්වේෂ, මෝහ සහිත බවයි. එහි දෙවනි ලක්ෂණය එහිම සිට බැලීමයි. එහිම සිට බැලීම යනු ඇසෙන් ඇස් බැලීමයි; සිතෙන් සිත බැලීමයි. ඇසෙන් බොහෝ දේ බැලුවද ඇසෙන් අඑස බැලිය නොහැක. මේ අනුව එහි තුන්වන ලක්ෂණය මේ අයුරින් තමා දෙස බැලීමට නොහැකි බවයි. ඒ නිසාම බැහැරින් බලයි.

ප්‍රඥාවේ මූලිකම ලක්ෂණය නොඇලී, නොගැටී, නොමුළා වී බැලීමයි. එයින් යමක ඇති යථා ස්වභාවය දැකිය හැකියි. ප්‍රඥාවේ දෙවන ලක්ෂණය එහි සිට නොව, ඉන් බැහැරව යමක් දෙස බැලීමයි. (හරියට කන්දක් මුදුනෙ සිට ඉන් පහළ බලනවා වගේ) විදර්ශනා නම් කඳු මුදුනට නැගලා, සම්මුති ව්‍යවහාරය ඉක්මවලා සියල්ලේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි. (සියල්ල කිව්වෙ, රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ) මෙතනදි කියනවා මේ සියල්ල, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණයන්ගෙන් යුක්ත බව, එය කිසිවකුගේ මෙහෙයවීමකින් හෝ වෙනත් බලයකින් සිදු නොවන බව තේරුම් ගත යුතුයි කියල- එහි වූ යථාර්තය එයයි.

තව දුරටත් මේ ලිපිය ගලා යනවා. මේ ටිකත් මට නැවත නැවත කියවන්න ඕනෙ. සිත නිසල වෙලාවක ඒ ඔස්සේ සිත මෙහෙයවා බලන්න ඕනෙ.

එව බලව; ඒහි පස්සිකෝ~
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඇත්තටම කිව්වොත් ආයතන හයෙන් නේද..ඔව්..සත්‍ය සත්‍ය හැටියට අවබෝධ කරගන්න ඕනි.:yes: